සොඳුරු පේරාදෙනි සරසවියට පෑයූ තාරකාවක අන්දරය කොටස් වශයෙන් පල වන නව කතාවක් ලෙසින්...

https://www.facebook.com/sarasavisamaga

Monday, June 30, 2014

12. දොලොස් වන කොටස : ආයාචනා






11. එකොලොස්වන කොටස: මෙවන් පුතෙකු ලද මාතාවක්................


ඊළඟ දවසේ දිවා ආහාරය සඳහා නවක සිසු සිසුවියන් වෛද්‍ය පීට කැන්ටිමට පැමිණෙද්දී, දෙවින්ද ද ඔහුගේ පුරුදු ඇඳී පුටුවේ වාඩි වී සිටියේය.

එදින ඔහු පාඩම් කරමින් සිටියේ ඖශදවේදයයි.

ඔවුන් හට ඖශදවේදය හෙවත් Pharmacology ඉගැන්වූයේ සුරුබුහුටි  රූමත් ආචාර්යවරියකි.

සුරුබුහුටි කම නිසාම සිසුන් ඇයට නම දමා තිබුනේ බට්ටි කියාය. උගන්නන්නේ Pharmacology නිසාම ඇය ගේ නම පාන්බට්ටි කියා පරිනාමය වීමට වැඩි කලක් ගත නොවීය.

ඖශදවේදයට දැක්වූ දක්ශතාවය නිසාම දෙවින්ද පාන්බට්ටි ගේ අවධානය දිනා සිටියාය.

තම ප්‍රියතම විශයක් වූ Pharmacology වලට අධි සම්මාන සාමර්තයක් ලබාගැනීම දෙවින්ද ගේ බලාපොරොත්තුවක් විය.



එනතුරු ඔහු බලා සිටී”… දුර දීම දේවින්දව දුටු  සඳුනි තාරුකා ගේ කනට කෙදිරුවේය

වදේමයි“… සඳුනි ට තරහ මුහුණක් පෙන්වූ තාරුකා, පවු, දේවින්ද අයියා අදත් අපිව පරිස්සම් කරන්නයි ඇවිත් ඉන්නේ යි සිතුවාය

අඬ ගසන්නට ද ප්‍රථම, නුවර කඩයේ දැරියෝ සය දෙනාම ඔහු ලඟට විත් විහිළුකාර ජෙෂ්ටයන් විසින් උගන්වා තිබූ පරිදි ජෙෂ්ට උත්තමයාට සුබ දිවා ආහාරයක් වේවායි සුභ පතනවා දේවින්ද ඉවසා සිටියේ සිනාවකිනි.

දේවින්ද දුටු පළමු වර කෙල්ලට සිතුනේ ඔහු හැන්ඩ්සම් නැහැ කියාය. දැන් සිතෙන්නේ ජෙෂ්ට උත්තමයා හිනා වෙනකොට හරි ලස්සනයි කියාය.

ඔය ලස්සනට හිනා වෙන්නේ…. තාරුකා මීට පෙර කොල්ලෙක් හිනා වෙනවා දැක නැතිවා වාගේය.

අද දැරියන් ගේ මුහුණු වල එතරම් බියක්, චකිතයක් නොපෙනේ.
දේවින්දට හිතෙනා විදියට අතුරු ආන්තරාවකට ලක් නොවී කෑම ගැනීමේ හොඳම මග ඔහු ළඟ වාඩි වීම බව දැරියන් සය දෙනාම තීරණය කරගෙන ය.

ආපන ශාලාවට දකුනු පසින් වූ කාන්තා පොදු කාමරයට අල්ලා සාදා ඇති ජල කරාම වලින් අත සෝදාගෙන පැමිනි ගැහැනු ලමෝ දේවින්ද ඉදිරියේ සීරුවෙන් සිටී.....

ජේශ්ට උත්තමයාගේ අවසරයකින් තොරව වාඩි වීමේ ආනන්තරිය පාප කර්මය කිරීමට ඔවුන් සූදානම් නැත...

දෙවින්ද තමා ලඟ වූ මේසයේ තබා තිබූ Lawrance's Pharmacology පොත සහ සටහන් ලියූ පොත ඇඳි පුටුවට ගත්තේය

වාඩි වෙලා කෑම පටන් ගනිල්ලා යනුවෙන් විධාන දුන් ඔහු ද ටික වෙලාවකට පෙර කැන්ටිමෙන් ලබාගත් කෑම පිගාන අතට ගත්තේය.



**************


ලංකාවේ සරසවියක කැන්ටිමේ කෑම වල තත්වය  ගැන පොත් කීපයක් ලිවිය හැකිය. එහි රසය හෝ ගුණාත්මක භාවයක් කියා දෙයක් නැත.

එහෙත් දේවින්ද  වැනි බොහෝ නේවාසික ශිෂ්‍යයන්ගේ ප්‍රධානතම කුසගිනි සතපන්නා වූයේ කැන්ටිමේ මුදලාලි ගේ බතයි!

නිතරම සිනාසෙන බඩා මුදලාලි ගේ අත්ගුනයෙන් නිමවූ වෛද්ය පීට ආපන ශාලාවේ ආහාර  සිසු සිසුවියෝ බුක්ති වින්දේ පැමිනිල්ලකින් තොරවය...

තමන් ගෙවන මුදලට ඊට වඩා හොඳ කෑම වේලක් දෙන්නට බඩා මුදලාලිට බැරි බව ඔවුන් හට හොඳින් තෙරී ඇති නිසාය

දේවින්ද වටා සිටි ඔහු ගේ අලුත් “fan club” එකද ප්‍රථම වතාවට සරසවි කැන්ටින් බත දැක්කේ දේවින්ද ගේ  පිගානෙන් බව සහතිකය.

එය දුටු වහාම දැරිවියන් කීප දෙනෙකුගේම මුහුණ ඇඹුල් වී යනු දේවින්ද දුටුවේය.

තාරුකා ඉඳගෙන තිබුනේ දේවින්ද ලඟින්මය. ඔහුගේ  කැන්ටින් කෑම එක දුටු ගමන් කෙල්ලට හීල්ලුනි.

එහි තිබුනේ බතුත්, මුරුංගා කැබැල්ලකුත්, ඉතා කුඩා මාළු කෑල්ලකුත් පමණය.

තාරුකාට තම උගුර හිරවනවා දැනුනි….

අනේ අපි රසට කත්දී , අපිව පරිස්සම් කරන්න ඇවිත් දේවින්ද අයියා  කන කෑම එකකෙල්ලට පපුව පැලෙන්නට ආවේය.

අනිත් ගනු ළමෝ කෑම කති, එහෙත් තාරුකා කෑමට ගත බත් පිඬ අතේ රඳවාගෙනම ඔහු දිහා බලා ඉන්නවා දේවින්ද දුටුවේය.

තමන් ගේ රස මසවුළු වලින් පිරි කෑම පාර්සලය දෙස බැලූ තාරුකා  යමක් දේවින්ද  හට පවසන්න උත්සාහ කරනවා ඔහුට  දැනුනි.

ඇගේ කෑම බෙදා හදා ගෙන කන්නට ඇය දෑසින් දෙවින්දට  ආරාධනා කරයි!

ඉතා පරෙස්සම්නින් වැඩ කටයුතු කල යුතු වේලාවකි.

මාස කීපයක් සරසවියේ ගතකර වධ කාලය හෙවත් නවක කාලය හමාර වනතුරු, ඔවුන් හා අනෙක් සිසුන් අතර කිසිම මිත්‍ර සම්බන්දයක් හෝ ඇයි හොඳයියක් නැත.

නවක ශිෂ්‍යාවකගෙන් යමක් අරගෙන් තිබී ජෙෂ්ටයයෙකුට අහු උනොත් දේවින්ද  සරසවියේ ඉඳ ඉවරය 




තම කෑම බෙදා හදා ගන්න ලෙස ඈ දෑසින් කල ආරාධනාව, දෑසින්ම ප්‍රතික්ෂේප කල දේවින්ද , ඔහුගේ  කැන්ටින් බත රසවිඳීම ඇරඹුවේය.

 
ඉතින් යා  කැන්ටින් කෑම එක කනවා බල බල මම කන්නේ හොහොමද දේවින්ද අයියා….. කෙල්ලට ආයිත්  හීල්ලුනි.


බත් කටවල් දෙක තුනක් කා ඔහු  ඇය දෙස බලත්දී, තාරුකා  කෑම පසෙකලා පාර්සලය ගුලි කරනා අන්දම දුටුවේය.

මොකද බඩ පිරිලාද, දේවින්ද ඇසුවේ විහිළුවට වඩා වෙන කල හැකි දෙයක් නොවූ හෙයිනි.

ඔයා ඔහොම කත්දී මම මේක කන්නේ කොහොමද දේවින්ද අයියාකෙල්ල බිම බලාගෙන සිතුවාය.

තාරුකා  ගේ ඇස කුඩා වී ඳීළෙන අන්දම දේවින්ද දුටුවේයඑහෙත් දෙවින්දට  කඳුළු නොපෙන්වීමට ඇය එකවරම බිම බලා ගත්තාය.



සඳුනි හිස එසේව්වේයතාරුකා  ට කන්න බැහැ, හිත පිරිලා යි පැවසූ ඇය ඉක්මනින්ම ආපසු බිම බලාගෙන කෑම කන්නට පටන් ගත්තාය

තාරුකා එවිට  හිස ඔසොවා දේවින්ද  දෙස බැලුවාය.

තවම ඇස් වල කඳුළු තිබේ, එහෙත් මුහුණ පුරා ඒ සුන්දර දඟකාර සිනාව පැතිරී යයි. ඒ දිලිසෙන ඇස්.......

දේවින්ද ගේ  පපුව හෝස් ගා පත්තු වී ගියේය.

කට වහගෙන කාපන්, දේවින්ද සඳුනි ට අණ  කලේ තත්වය පාලනය කර ගන්නටය.

කට වහගෙන කන්නේ කොහොමද ජේස්ට උත්තමයා ” සඳුනි දේවින්ද ගෙන් ඇසුවේ අන්තිම අහිංසක විලසිනි.
 
අනිත් උන් පස් දෙන හඬ ගා සිනාසෙන්නට උනාය.

මදැයි කොලා, දෙවින්දට සිතිනි. මේ කෙල්ලන් ටික ඔහු  මල් මාමාකෙනෙකු ලෙස සිතන බව දැන් පැහැදිලිය.

මෙතැන හිටියා හොඳටම  ඇතිය.

ඉඳුල් නැති අතින් ඔහු ගේ  පොත් පත් ටික එකතු කර ගත් දේවින්ද  සැරසුනේ නවක දැරියන් ටික තනි කර දමා එතනින් බැහැර යාමටය.

දැරියන් ටික ක්ෂණිකව බිය පත් වූ සේය.

මේ සීතල ඉබ්බි ගේ ගොන් කතා නිසා දැන් දේවින්ද අයියා මෙතනින් යන්න යනවා…. තාරුකාට සඳුනි සමග හොඳටම තරහය….


සඳුනි ට ගිනි පත්තු විය.

ජෙෂ්ට උත්තමයා මෙතනින් නැගිට ගියොත් හිරිකිතයෙකු ගේ පිළිකුල් ක්‍රියා වලට මුහුණ දෙන්නට සිදු වීම අනිවාර්යය.

අනේ ජෙෂ්ට උත්තමය මෙතනින් යන්න එපා. ජෙෂ්ට උත්තමයා මෙතනින් ගියොත් අපි ඉවරයිඈ ආයාචනා කලාය.
 
කොල්ලාට ඇත්තටම කේන්ති ගොස් තිබුණිඉතින් මට මොකද, …. කී ඔහු  පුටුවෙන් නැගිට්ටේය.

දැන් නම් තාරුකා ට පිස්සු හැදෙන්නට ඔන්න මෙන්නය.

ඇයට බය හිරිකිතයා පැමිණ වධ දෙවි කියා නොවේදේවින්ද අයියා යන එක ගැනය

දේවින්ද අයියා යන එක උහුලා ගන්නට අමාරු දුකකි

අනේ දේවින්ද අයියා යන්න එපා යි එකපාරටම තාරුකා  ගේ මුවින් පිටවුනේය.

දේවින්ද  හිඳ ගත්තා  නොවේ, ඔහුට  හිඳ ගැනුනි! දේවින්ද අයියා මෙයා මගේ නම දන්නේ කොහොමද

ඔහුට තේරෙන්නේ නැත.

එහෙත් තාරුකා  ගේ ආයාචනයත්, එයට දේවින්ද ගෙන්  පල වූ ප්‍රතිචාරයත් දුටු අනෙක් දැරියෝ එකිනෙකා දෙස මුහුණින් මුහුණ බලාගන්නවා ඔහු දුටුවේය. 

Sunday, June 22, 2014

11. එකොලොස්වන කොටස: මෙවන් පුතෙකු ලද මාතාවක්................




දහ වන කොටස: සතර බඹ විහරනයෙන් එකක්....
http://sarasavisamaga.blogspot.com/2014/06/10.html


කොළඹ ඉපිද එහිම පාසල් ගිය දේවින්ද පේරාදෙණිය සරසවිය ගැන දැන සිටියේ ප්‍රවෘත්ති පත්‍ර වලින්, රූපවාහිනියෙන් සහ සිනමාවෙනි.

සුගතපාල සෙනරත් යාපා මහතා අධ්‍යක්ෂණය  කල හන්තානේ කතාවචිත්‍රපටය නරඹන්නට ඔහුට  අවස්තාව ලැබුනේ සාමාන්‍යපෙළ විභාගය ට සූදානම් වන අවධියේය.

එහි සහාය නළුවා වූ අමරසිරි කලන්සූරිය  ගේ  රඟපෑමට   වශී   වූ දේවින්ද , කවදා හෝ පේරාදෙණිය   සරසවියේ ඉගෙන ගනිමින්  එම  සුන්දර  පරිසරයේ ජීවත්  වීම  තම ජීවිතයේ  සැබෑ  කර  ගත යුතු සිහිනයක් ලෙස සිතුවේය. 

උසස් පෙළ සමත්ව වැඩි දුර අධ්‍යාපනයට පේරාදෙණිය සරසවියට තේරීම ගැන ඔහු  වැඩිපුරම සතුටු වූයේ එම නිසාය.


***************


පේරාදෙණි සරසවිය එංගලන්තයේ ඔක්ස්-බ්‍රිජ්  සම්ප්‍රදාය හෙවත් ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලීය ක්‍රමයට අනුව  මනරම් මහවැලි ගඟ අසබඩ හන්තාන කඳු  පාමුල පිහිටි විශාල බිම්කඩක, නුවර යුගයේ ගෘහ නිර්මාන ශිල්පය ගුරු කර ගනිමින් බ්‍රිතාන්‍ය ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ සර් පැට්‍රික් ආබර්කොම්බි විසින් නිර්මාණය කරන ලද්දකි.

සර් පැට්‍රික් ආබර්කොම්බි  පෙරලා සිය රටට ගිය පසු   ශ්‍රී ලාන්කීය ගෘහ නිර්මාන ශිල්පියෙකු වූ සර් ෂර්ලි ද අල්විස් විසින් නිමා කරන්නට යෙදුනු පේරාදෙනි සරසවියටම ආවේනික  අධ්යයන හා අනඅධ්යයන  සරසවි  ගොඩනැගිලි, පාලම්, මං මාවත් පමණක් නොව මග දෙපස වූ පහන් කණු පවා අපමණ සුන්දර දසුන් මවයි.

කොළඹ ක්‍රමය යටතේ කැනඩා රජය පරිත්‍යාග කල සුවිසල් ක්‍රීඩාගාරය සහ මහඇදුරු සරත්චන්ද්‍ර ගේ මූලිකත්වයෙන් නිම වූ එළිමහන් රංග පීටය හෙවත් වල සරසවි මාතාවගේ කුණ්ඩලාභරණ වැන්න.

මෙවන් අසමසම  අවස්ථා සහ පහසුකම් සිසු සිසුවියන් හට ලබා දෙන සරසවියක ඉගෙනීමට පින් කල දේවින්ද  ගේ අභිප්‍රාය වූයේ එම සියලු අවස්ථා සහ පහසුකම් වලින් උපරිම ප්‍රයෝජනයක් ගැනීමටයි.
 
 
******************
 
 
වෙලාව උදේ නවයයි හතලිස් පහ පමණ විය.

දහයේ දේශනය අවසන් වූ විට බොහෝ සිසු සිසුවියෝ කැන්ටිමට ගොස් තේකක් කාරිය පානයකොට එකොළහට පැවැත්වෙන ඊළඟ දේශනය තෙක් විඩා ගෙවති, කල් මරති, හපන්කම්, මෝඩකම් සහ පුරසාරම් ඇද බාති.

ඊට කලින් කැන්ටිමට ගියොත් පෝලිමේ නොසිට තේකක් මිලට ගත බව දේවින්ද දන්නේය.
 
දෙවින්දත් මග දී හමු වූ ඔහු ගේ කන්ඩායම් සගයෙකු වූ  නිශාන්තත් කෙලින්ම කැන්ටිමට ගියේ එහෙයිනි.

කැන්ටින් කන්ද නැග කහට කෝප්ප දෙකකුත් වියානා රෝල්ස් දෙකකුත් මිලට ගත් දේවින්ද  ඒ වනවිටත් කොනේ මේසයක් අල්ලාගෙන, පත්තරයකුත් දිග ඇරගෙන හිටි නිශාන්ත වෙත ගියේය.

නිශාන්ත කියන්නේ අපූරුම චරිතයකි.

සරසවීයේ මෙවැනි හිත හොඳ, විහිලුවක් කරමින්  සැමවිටම හිනාවී සිටින සිසුන් අති දුර්ලභය. ඔහු දේවින්ද ගේ ලඟම හිත මිතුරෙකි.

නිශාන්ත ගේ ප්‍රසන්න ගති පවතුම් නිසාම දේවින්ද ඔහු ගේ අනෙක් කන්ඩායම් සගයන්ට වඩා නිශාන්තට ප්‍රිය කලේය

සෑම දෙයක්ම විහිලුවකට හරවා ගන්නා නිශාන්ත වියානා රෝල්ස් වලට කියන්නේ ක්‍රොකඩයිල්  බන්ස් කියායක්‍රොකඩයිල්  බන්ස් කමින්, කහට තේ බොමින්, පත්තර කියවමින් ඔවුන් දෙදෙනා පැය කාලක් පමණ ගෙවන්නට ඇත.


*****************


වෙලාව උදෑසන දහය පසුවිය. දේශනය හමාරවී නවක පෝලිම කැන්ටින් කන්ද නැඟ එයි.

නුවර කඩේ දැරිවියන් හය දෙනා ද හෙමින් හෙමින් කන්ද නැඟ කැන්ටිමට ආවේය.

ඔවුන් දුරින් තිබූ රවුම් මේසයක වාඩි වනවා දෙවින්ද දුටුවේය.

පුරුදු පරිදි, බිම බලාගෙන, සද්ද බද්ද නැතිව, සාන්ත දාන්ත තීන්ත කුප්පි!

පළමුව දෙවින්දව දැක්කේ සීතල ඉබ්බී හෙවත් සඳුනිය.  

අර බලපන්, උදේම කුමාරයා වගේඇය තාරුකා ගේ අතින් අදිමින් දෙවින්දව පෙන්නුවාය.

අනපේක්ෂිතව දෙවින්දව දුටු තාරුකා ගේ සිතේ සිහින් සතුටක් මතු වී ආවාය….

ආයි.. ආයි… කෙල්ලගේ ඉහේ මල් පිපුනා.. දේවින්ද ළඟ සිටි අනෙක් ජෙෂ්ට සිසුවා ඔවුන්ට අඬ ගසන බව දුටුවාම සඳුනි තාරුකා ට රහස් කීවාය.

නිශාන්ත වදකයෙකු නොවේ.... ඔහු නවක සිසු සිසුවියන් හට ගොන් පාර්ට් හෙවත් විහිලු කිරීමට ප්‍රිය කලේය. කොපමන ගොන් පර්ට් දැමූවත් නිශාන්ත කිසිම දිනක නවකයන්ට කුනුහරුප කියනවාවත් තර්ජනය කරනවා වත් දේවින්ද අසා නැත.  නවක සිසු සිසුවියෝ නිශාන්ත සමග කල් ගෙවීමට ඉතාම මනාපය.

නිශාන්ත ලඟට කැඳාවගත් නුවර කඩේ   ගැහැණු ළමුන් ට ක්‍රොකඩයිල් බන්ස් ගැන විස්තර කෙරුවේය

ජෙෂ්ටයන් ගෙන් නිතර කුණුහරුප අසනා නුවර කඩේ සිසුවියන් හට   නිශාන්ත  ගේ විහිළු කතා  අසා ඉල ඇදෙනකම් සිනාය.

එවරද දේවින්ද සිනා සෙමින් බලා සිටියා මිස කුනුහරුප කියමින්, තර්ජනය කරමින්  තමා ඇතුළු දැරියන් සය දෙනාව නොවෙහසූ බව තාරුකා ට තේරුණේය.

අනෙක් ජෙෂ්ට උත්තමයා වුවත් විහිළු තහළු කළා  මිස කුණුහරප හෝ හිරිකිත කතා කීවේ නැත.

දෙවින්දට කිසිවෙක් රැග් කරන්න එපා කීවේ නැත. ගෑනු ළමුන්ට කුණුහරුප හෝ හිරිකිත කතා කියන්න එපා ද කීවේ නැත. එහෙත් අපමණ අවස්ථා තිබියදී, ඔහු එවැනි බාල  දේ කියා පහත් වින්දනයක් ලබා ගත්තේ නැත.

ඒ වෙනුවට හිරිකිත කතා කියනා අප්‍රසන්න පුද්ගලයකුගෙන් මින් පෙර දැන ඇඳුනුම් කමක් නැති බියපත් ව සිටි ගෑනු ළමයින් ටිකක් බේරා ගන්නට ඔහු හේ සිත උණු උනේය.

හැමෝටම එහෙම හිත උනුවන්නේ නැත. හිත උණු උනද, තව කෙනෙකුව බේරා ගැනීමට ඉදිරිපත් වන්නේද නැති බව තාරුකා දන්නීය.

හොඳ අම්මා කෙනෙක් හොඳට හදපු දරුවෙක් සරසවි නොව අපායට ගියද තම ගති ගුණ වෙනස් කරගන්නේ නැත

මෙවන් පුතෙකු ලද මාතාවක් නිවුණේ  වෙයි”…  තාරුකාට මතක් වුනේ ශාන්තව ගමන් කරනා සිද්ධාර්ථ කුමාරයා  දුටු කිසා ගෝතමිය ගැයූ නිබ්බුත පදය

ඊයේ රෑ මනෝජා අක්කා කියු දේ ඇත්තය. බය නැතිව කෙල්ලක් දේවින්ද සමග තනි පංගලමේ ඕනෑම තැනක යැවිය හැකිය.

කෙල්ල ගේ සිත ආඩම්බරයකින් පිරුණි.

තම ජීවිතයේ ප්‍රථම වරට ඊයේ දුටු මේ පිරිමි ළමයා  ගේ හොඳ ගුණ ගැන තමා ආඩම්බර වන්නේ මන්දැයි තාරුකාටත් නිනව්වක් නැත.

එදින රාත්‍රියේත් මනෝජා තාරුකා ගේ කාමරටයට පැමිණියේ කෑම ගැනීමට ඇයව කැඳවාගෙන  යාමටය

දවල් වරුවේ සිදු වූ දා මනොජාට කියනාතුරු කෙල්ලට නිවනක් නැත.

Wednesday, June 18, 2014

10. දහ වන කොටස: සතර බඹ විහරනයෙන් එකක්....


 
 
නවක වධ සමයේ දී  සරසවි සිසුන් කියනා හිරිකිත කතා ගැන මනෝජා හොඳින් දන්නේය. ….
ඉතින් ඔයා මොකද්ද කලේ නංගිමනොජාට ආයිත් කෙල්ල ගැන දුකය.
එක වරම කෙල්ල ගේ මුහුණ වෙනස් වී චූටි හිනාවක් මතු වනවා මනෝජා දුටුවාය.
හරිම ඩීසන්ට් සීනියර් අයියා කෙනෙක් අපිව බේරා ගත්තනේ අක්කාදැන් නම් කෙල්ලගේ මුහුණ හරිම සිරියාවන්ත පාටය.
මනෝජාට පුදුමයසරසවියේ  සිසුන් දහස් ගණනකි එහෙත් ඔය කියනා ඩීසන්ට් සීනියර් අයියලා නම් අතේ ඇඟිලි වලින් ගන්න හැකිය.
කවුද මෙයාව බේරාගත්තු “ඩීසන්ට් සීනියර් අයියා”මනෝජා තමාගෙන් ම ඇසුවාය.
ඉතින් ඒ ඩීසන්ට් සීනියර් අයියා ඔයාට එයා ගේ නම කිව්වේ නැද්ද? මනොජාත් අත අරින්නේ නැතිව, පුංචි මුට්ටියක් දමා බැලුවාය.
මුට්ටියට පොලු පාර වැදුනි
ඒ අයියා නම කියනවා තියා අපි එක්ක හරියට කතා කළේවත් නැහැඑයා අනෙක් සීනියර්ස්ලා වගේ කුණුහරුප කිව්වේ නැතුවාම අපට නිකන් මොනොවහරි අඩුයි  අඩුයි  වගේකෙල්ල සිනාසෙන්නීය.
එයා අපිව අර හිරිකිත කතා කිය කියා හිටිය සීනියර් බෝයි ගෙන් බේරාගෙන, එයාගේ නෝට්ස් පාඩම් කර කර හිටියේ
මනෝජා ට දැන් මේ ඩීසන්ට් සීනියර් අයියා කවුද කියා අනුමාන කල හැකියකැන්ටිමේ සිට පාඩම් කරන්නේ අතලොස්සකි.
මම ඒ අයියා ගේ පොතක නම ලියල තිබුනා දැක්කාකෙල්ල රහසින් වගේ  කොඳුරයි
දේවින්ද කියලා.??
කෙහෙල් කැනට  පෙර මනෝජා වැට පැන්නාය.
ඔවු, අක්ක කොහොමද දන්නේ? තාරුකා ඇසුවේ පුදුමයෙනි.
දිලිසෙන ඇස් ඇති කෙල්ලගේ  “හද විල කළඹන පෙම් ජල රේඛාව” කවුද කියා දැන් මනොජාට පැහැදිලිය
*********************
 
 
මනෝජා සහ දෙවින්ද හදාරන පාටමාලාවේ මතක තබා ගත යුතු දේ බොහෝය.
 
මිනිස් සිරුරේ සියලුම අස්ති, මාන්ස පේශි, ස්නායු, දමනි සහ ශිරා ආදිය නිශ්චිත වසයෙන් ම දැන සිටිය යුතුය.
 
එපමනක් ම නොවේ. කුමන මාන්ස පේශිය කුමන අස්තිය සමග බැඳේ ද, එවාට රුධිර සපයුම සිදු වන්නේ කුමන ධමනි වලින් ද, රුධිරය ආපසු හදවත වෙත රැගෙන යන්නේ කුමන ශිරා වලින් ද, ස්නායු සම්බන්දය ලැබෙන්නේ කුමන ස්නායුවෙන්ද ආදී නොයෙකුත් කරුනු හරියටම දැන සිටිය යුතුය.
 
ඊට අමතරව අක්මාව, වකුගඩු, හර්දය වස්තුව, පෙනහැල්ල, මොලය, මොඋත්‍ර ලින්ගික පද්ධතිය, රුදිර සන්සරන පද්ධතිය , ස්නායු පද්ධතිය, අස්ති පද්ධතිය වැනි දේ වල ක්‍රියාකාරකම් සහ ජීව රසායන හැසිරීම දැන ගත යුතුය.
 
මෙවන් තොරතුරු සම්බාරයක් මතක තබා ගැනීමටනම් දිනපතා අධ්යනය කටයුතු නිසි ආකාරයෙන් සිදු කල යුතු ම ය.
 
සිසුවියන් සැම දෙනාම වාගේ තමන් සෑමදාම පාඩම් කරනා බව නොසඟවා පිලිගත්තද බොහෝ සිසුන් තමන් පොත්ගුල්ලන් බව පෙන්වීමට අකමැතිය.
 
ඔවුන් ගේ උපක්‍රමය වූයේ සෑම වේලේම පාඩම් කිරීම ගැන සිසුවියන් සමච්චලයට ලක් කරමින්, කාටත් හොරෙන් මහ රෑ තිස්සේ තම තමන් ගේ කාමරවල නිදි වරමින් පාඩම් කිරීම හෙවත් "සර්ව රාත්‍රික දීම" .
 
දේවින්දට ඔනෑම කෙනෙකු තමන් පොත් ගුල්ලෙක් යැයි සිතුවාට ගනනක් නැත.
 
මහ රෑ තිස්සේ හෝ උදේ පාන්දරම අධ්යනය කටයුතු කිරීමට ඔහු කැමති නැත. නිදහසක් නොමැති පුස්තකාලයේ පාඩම් කටයුතු කිරීමට ද දේවින්ද අකමැතිය.
 
සද්ද බද්ද තිබුනද තමන් ට ඔනෑ පරිදි නිදහසේ පාඩම් කිරීමට කැන්ටිම තෝරා ගත්තේ එහෙයිනි.
 
දෙවින්ද මෙන් කැන්ටිමේ පාඩම් කරන්නේ ඉතාම සුලු සිසුන් පිරිසකි. ඒ බව මනොජා ඇතුලු සියලු සිසු සිසුවියෝ දැන සිටියහ.
ඔය කියන වෙලාවේ කැන්ටින් එකේ පාඩම් කරන්නේ කීප දෙනයි නංගි. ඒ විතරක් නෙවෙයි, අර ඔයා කිව්ව හරිම ඩීසන්ට් සීනියර් අයියලා මෙහෙ ඉන්නේ අතේ ඇඟිලි ගානට
 
දේවින්ද මගේ බැච් මේට්, මම එය ගැන හොදටම දන්නවා නංගි. මනෝජා කියාගෙන කියාගෙන ගියේ මහත් වූ භක්තියකිනි.
මනෝජාත්  දේවින්ද  ලෙසම කොළඹින් පැමිණ  දේවින්දගේ බැච් එකේ ඉගෙන ගන්නා කෙනෙකි.
 
ඔහු තරම් හොඳින් හැසිරෙන, ගෑනු ළමයින් ට නිසි තැන දී ගරු සරු කරනා සරසවි සිසුවෙක් ඇය දැක නැත.
 
ඇයට දේවින්ද ගැන තුබුණේ තම සොහොයුරෙකුට තරමේ කැක්කුමකි.
 
 පුදුමය දේවින්ද මේ පුංචි කෙල්ල හිරිකිත ලෙස  රැග් වෙනවා දැක දැක බේරා නොගත්තානම් ය.
පසුගිය වසරේ දී දේවින්ද විසින් වධයෙන් බේරා ගත ගැහැණු ළමුන් කී දෙනෙක් ඔහු සමග ප්‍රේම සම්බන්ධතා  ගොඩ නගා  ගැනීමට උත්සාහ කලේ දැයි මනෝජා දන්නේය
 
දේවින්ද  ඒ හැම ආයාචනාවක් ම ප්‍රතික්ෂේප කලේ කාගේත් හිත නොරිදෙන අන්දමටය. තවමත් එම දැරියෝ දේවින්ද අයියාට බොහෝ හිතවත් ය.
 
දිලිසෙන ඇස් ඇති මේ චූටි කෙල්ල නම් දෙවින්දට අගේට ගැලපෙන බව මනෝජාට සිතේ....
 
මනෝජා අක්කා දේවින්ද ගැන සඳහන් කරන්නේ මහත් වූ භක්තියකින් බව දැනී තාරුකාට පුදුම සතුටක් ඇතිවිය.
කෙනෙකු ගැන හොඳක් කියනා විට තව කෙනෙකුට අවංකවම සතුටු විය හැකි නම් එය සතර බ්‍රහ්ම විහරනයෙන් එකක් බව තාරුකා අසා ඇත.
සවස, සඳුනි දුන් ප්ලාස්ටරය තම හදවතේ අලවා ගැනීමට  කාල වෙලාව පැමිණ ඇති බව කෙල්ලට හැඟුනි.
************
කාන්තා නේවාසිකාගාරයක කාමර වලට ඇතුලු වීමට සිසුන් හට තහනම් උවද එහි ආපන ශාලාවට පැමින කෑම ගැනීමට හෝ පොදු කාමරය පාවිච්චි කිරීමට ඔනෑම කෙනෙකුට ඉඩ ලැබේ.
 
නවක සිසුවියන් පැමිනි කලට බොහෝ ජෙශ්ට සිසුන් රාත්‍රී කෑම ගන්නේ කාන්තා නේවාසිකාගාරවල පිහිටි ආපන සාලා වලිනි.
 
එසේ රාත්‍රී ආහාර සඳහා පැමිනෙන සිසුන් ගෙන් බොහොමයක් ම නොම්මර එකේ වදකයෝ ය.


මනෝජා තාරුකාව ද රැගෙන පහල මාලේ වූ ආපන ශාලාවට ගියේ රාත්‍රී ආහාරයටය. කෙල්ල තනියම ඇරියොත්, කෙල හලමින් ආපන  සාලාව බදු ගෙන සිටිනා වධකයන් ගෙන් බේරුමක් වන්නේ නැත.
රාත්‍රී අහර ගන්න විටද දෙන්නා කතා  කලේ දේවින්ද ගැනය. තව සති දෙක තුනක දී පැවැත්වෙන වාර විභාගය ගැන තාරුකා දැන ගත්තේ මනෝජාගෙනි.
ඉතින් දේවින්ද  අයියා එක්සෑම් එක පාස් වෙයිද  අක්කා.. කෙල්ල අසන්නේ මදක් බය වෙලා බව මනෝජා ට තේරිණි
සරසවියේදී විභාගයක් අසමත් වූ සැවොම දුක් වෙති. එහෙත් අනෙකෙකු විභාගයකින් අසමත් උන බව අසා දුක් වන්නෝ විරලය. අනුන් ගේ කරදරයක දී දුක හිතෙන්නේ එහෙමත් කෙනෙකුටය
දේවින්ද කියන්නේ අපේ බැච් එකේ හොඳටම ලකුණු ගන්න කොල්ලා නංගි.. එයාට ඔය එක්සෑම් එක කජු කනවා  වගේමනෝජා කීවේ මහත් ගර්වයෙනි.
කෙල්ලගේ මුහුණේ නැවත පුංචි ලයිට් පත්තු වුනා මනෝජා දැක්කාය.
දිලිසෙන ඇස්............................