සොඳුරු පේරාදෙනි සරසවියට පෑයූ තාරකාවක අන්දරය කොටස් වශයෙන් පල වන නව කතාවක් ලෙසින්...

https://www.facebook.com/sarasavisamaga

Wednesday, September 10, 2014

19. දහ නව වන කොටස : මල් මාමලාගේ මල් සමය


18. දහ අට වන කොටස : චොක්ලට් සහ දවටන
http://sarasavisamaga.blogspot.com/2014/08/18_17.html



දුනුවිල මහතා සිටියේ තම දියණිය හා තම සොහොයුරිය ගේ දියණිය සමග රග්බි තරඟය නැරඹීම පිණිස බෝගම්බර ක්‍රීඩා පිටියේ ප්‍රධාන ක්‍රීඩාගාරය වෙත ගමන් කරමිනි.

එක්වරම අන්න දේවින්ද අයියා ... කියමින් ගැහැණු ළමුන් දෙදෙනාම ඉදිරියට දුවනවා දැක ඔහු පුදුමයට පත් විය...

ඊළඟ මොහොතේ ඔහු වඩාත් පුදුම වුවේ දැරියන් දෙදෙනා පිරිමි ලමයෙකු ගේ අත් දෙකෙන් අල්ලාගෙන ඇද ගෙන එන විටය...

අප්පච්චි... මේ දේවින්ද අයියා... අර අපිව රැග් එකෙන් බේරා ගත්තා කියල මං කිව්වේ .... සඳුනි කතා කලේ දේවින්ද ගේ අත අත් නොහැරමය..

කොල්ලා කිසිම  චකිතයක් නොදක්වා පෙර දැන සිටි කෙකෙකුට මෙන් හොඳින් සිනා සී ඍජුව සිට ඔහුට ආචාර කරණවා දුනුවිල මහතා බලා සිටියේ විශ්මිතවය. බොහෝ තරුණයයෝ දුනුවිල මහතා ළඟ වැඩ කරති. එහෙත් මෙවන් පෞර්ශත්වයක් හෝ ආත්ම විස්වාසයක් ඇති කොල්ලන් විරලය.


ගුඩ් ඊවිනින්ග් සර්... කියා ආචාර කලාට කොල්ලා දුනුවිල මහතාට අත දික් කලේ නැත. හරි විදියට වැඩිමලුන්ට ට හෝ උසස් අයට ආචාර කරන්නේ එසේය. තම අත දිගු කරන විට කොල්ලගේ අත ඉදිරියට අවා දුනුවිල මහතා දුටුවේය. ඔහු කොල්ලගේ අත ගෙන සොලවා ආචාර කළේය.
දැරියෝ දෙදෙනාම නොනවත්වා දේවින්ද අයියා ඔවුන් බේරාගැනීමට කල කී දෑ කියවයි.

මල මිනී කපා අත සේදීමට භාවිතා කල සබන් කැබැල්ලෙන් මුහුණ සේදීමෙන් දැරියන් බේරා ගැනීමට දේවින්ද කල දේ දුනුවිල  මහතා ඇසුවේ දැන්ය. තම දියණියව  හා ඥාති දියණියව එවන් පිළිකුල් සහගත ක්‍රියාවකින් බේරාගත් මේ කොල්ලාට තමා ණය ගැති බව ඔහුට දැනුනි. ඔහු දෙවින්දට පුතා කියා කතා කලේ ඒ හෙයිනි. වැඩි වෙලා නොගොස් දෙන්න බරටම රග්බි ක්‍රීඩාව ගැන කතාවකය.


සඳුනි ගේ හා තාරුකා ගේ මුහුණු සතුටින් ඔප වෙලාය.

දෙවින්දට සරසවියේදී දැරියන් දෙදෙනා  නවකයන් වුනාට, බෝගම්බර පිටියේ දී ඔවුන් යහළු යෙහෙලියන් ය. ඔහු දැරියන් ඇමතුවේ "නංගී" කියාය. පිලිසදරේ යෙදුනේ කාලයක් දන්නා මිතුරියන් සමග කතා කරණා ලෙසය. කොල්ලාගේ හැටි එහෙමය. ඌට ලොකු කුඩා බේදයක් නැත.


දේවින්ද අයියා තමන් ඔහු ගේ යෙහෙලියන් ලෙස සැලකීම ගැන කෙල්ලන් දෙන්නාටම හරිම ආඩම්බරය. නංගී කියා ඇමතීම ගැන තාරුකාට නම් කියන්නට බැරි තරම් සන්තෝසය.

දැරියන් දෙදෙනාම දේවින්ද සමග තරඟයට මෙන් කතා කරනවාත්, තාරුකා ගේ ඇස දේවින්ද සමග කතා කරනාවිට වඩා වැඩියෙන් දිලිසෙනවාත්  දුනුවිල මහතාට පෙනේ. අපිත් ඔය වයස පැන්නනේ... ඔහුට මද සිනාවක් ගියේය.

විවේකයේ දී දේවින්ද පහලට  ගොස්, දැරියන්ට අයිස් චොක්ස් දෙකකුත්, දුනුවිල මහතාටත් තමන්ටක් කොකා කෝලා බෝතල දෙකකුත් රැගෙන පැමිණියේය. ඔහු  දුනුවිල මහතාට කොකා කොලා බෝතලයක්  දුන්නේය.


සඳුනිත් තාරුකාත් අයිස් චොක්ස් කති. දැරියන් ගේ සන්තොසය ඔවුන් ගේ මුහුණින් පෙනේ. දැන් කාලේ කැම්පස් කොල්ලන් ගැන මිනිසුන් කියනා කතා අසා ඇති දුනුවිල මහතාට මේ කොල්ලා ගේ ආචාරසීලි ප්‍රසන්න හැසිරීම ගැන පුදුමය.

වැදගත්  කොල්ලෙක්... දුනුවිල මහතා තනියම සිතුවේය.

මහනුවර කණ්ඩායමට ජය අත් වෙමින් තරඟය හමාර විය. කොල්ලා කෙරේ මහත් සේ පැහැදී සිටි දුනුවිල මහතා ට උවමනා උනේ දෙවින්දට  ව තමාගේම මෝටර් රථයෙන් නැවත සරසවියට ඇරලන්නටය. තෑන්ක් යු වෙරි මච් සර්... මම දැන් ආපහු යුනිවර්සිටි එකට නෙවෙයි යන්නේ... මම මෙහෙන්මම මගේ පාර්ට් ටයිම් ජොබ් එකට යනවා...

එවර කොල්ලා දුන් උත්තරයෙන් දුනුවිල  මහතා නොව දැරියන් දෙදෙනාද හොඳටම පුදුමය. දේවින්ද ගේ පාර්ට් ටයිම් ජොබ් ගැන ඔවුන් දැන සිටියේ නැත.

කොල්ලා ඔහු ගේ හෝටල් රස්සාව ගැන දුනුවිල මහතාටත් දැරියන් දෙදෙනාටත් විස්තර කළේ කිසිම වෙනසක් හෝ පැකිලීමක් නැතිවය.

"ඔයා රෑ තිස්සේ නිදි මරාගෙන මහන්සිවෙලා හම්බකරපු සල්ලි වලින් නේද අපිට අයිස් චොක්ස් අරන් දුන්නේ".... තාරුකාට කොල්ලා ගැන දුකය... එහෙත් තව කෙනෙකු වියදම් කරනා තෙක්  සාක්කුවට  අත යවමින් බොරු කරනා මිනිසුන් ගැන දන්නා කෙල්ලට දේවින්ද අයියා ගැන ආඩම්බරයක් ද දැනේ..

එහෙනම් අපි ඔයාව හොටෙල් එකෙන් බස්සනම් කියා දෙවින්දවත් දැරියන් දෙදෙනාවත් තම රථයේ නංවා  ගත් දුනුවිල මහතා කොල්ලාව හෝටල් දොරකඩින් ම බස්වා නැවත රථ මහා පාරට හරවා ගත්තේය.කොල්ලොත් දැකල තියෙනවා.. එත් මේ වගේ කොල්ලෙක් මම මීට ඉස්සේල්ලා දැකලා නැහැ...  දුනුවිල මහතා දැරියන් ට කීවේ දේවින්ද රථයෙන් බැස ගිය පසුවය.

තම පාසල් අද්යාපනයෙන් පසු යුරෝපීය රටක විශ්වවිද්යාලක ඉගෙන ගත් දුනුවිල මහතා ද අතිරේක රැකියාවක් කරමින් ඉගෙන ගත් කෙනෙකි. එම රටවල කොතරම් සල්ලි කාරයෙකු ගේ දරුවෙකු වුවද තම දෙමාපියන් ට අත නොපා තමන් ගේ වියදම උපයා ගැනීම සාමාන්‍ය දෙයක්ය.

එහෙත් ලංකාවේ දී සිදු වන්නේ එහි අනිත් පැත්තය. සරසවි සිසුන් සිතන්නේ ආණ්ඩුව හා දෙමවුපියෝ තමන් ට ණය වී සිටින බවය. ඔවුන් තම සෑම වියදමක් ම ආණ්ඩුවෙන් හෝ දෙමවුපියන් ගෙන් බලාපොරොත්තු වන්නේ ඒ නිසාය.


නැවත ගෙදර යන තෙක් ම දුනුවිල මහතා දේවින්ද රැකියාවක් කරමින් ම ඉගෙන ගැනීමේ වෑයම ප්‍රසංසා කළේය. තම පියා කෙනෙකු ගැන එසේ මෙසේ හොඳක් නොකියන බව දන්නා සඳුනි, මේක නම් මහා පුදුමයක් කියා සිතුවාය.

තාරුකා ගේ හිත හොඳටම පිරිලාය. තමා පෙම් කරනා කොල්ලා ගැන හොඳ කියනවා අසන්නට කැමති නැත්තේ කොයි කෙල්ලද..?

******************************

ඊළඟට පැමිණියේ සරසවියේ මල් සමයයි.

ඒ කියන්නේ මල් මාමලා ගේ කාලයයි. පළමු සති දෙක තුනේ දී රැග් එකට අහු වී, "ලොවම එපාවී, ලොවම කලකිරී" ඉන්නා නවක දැරියන් හට "දයාබර වචන" කියමින් කඳුළු පිසින්නට එන්නේ මල් මාමලා ය.

කලින් සති දෙකේදී එක පීටයක දැරියන් හට කුණුහරුප සහ හිරිකිත කතා කරමින් දෙවොල් නැටූ පිරිසම වෙනත් පීටයක දැරියන් වෙත පැමිණ අවංක අහින්සක පෙම්වතා ගේ චරිතය රඟපාමින් ආදරය ඉල්ලති.

රුදුරු වදකයන් ගේ අමානුශික හිංසා හමුවේ මානසිකව වැටී ඉන්නා කෙල්ලෝ තම අතට අසු වන පරඬැලා වුව ද අල්ලා ගන්නේය. තමා අල්ලා ගත්තේ ඇත්තටම පරඬැල් බව තේරෙනකොට කෝච්චිය ගිහින් හමාරය.

එම දිනවල දේවින්ද වැඩි එලි පහලියට බැස්සේ නැත. ඉඳ හිට  දස වධ දෙන්න පැමිණෙන ජෙෂ්ටයන් ගෙන් සාලාවේ නවක ශිෂ්‍යයන් බේරා ගත්තා හැර මල් මාමලාගේ වැඩ වලට අත පෙවීමට කොල්ලා කැමති නැත.

තාරුකා ට නම් ඒ දිනවල ඕවර් ටයිම් වගේය. දවසට මල් මාමලා දෙදෙනෙකු වත් ඇය ගේ ආදරය පතා එයි.

උදයට මිත්තාවේ සිට වෛද්‍ය පීටයට ගමන් කරනා විට හිල්ඩා ඔබේසේකර සාලාව අසලින් එක මල් මාමා කෙනෙකු සෙට් වෙයි. එතැන් සිට විජයවර්දන සාලාව පමණ වන තෙක් එක එක විකාර කතා කියමින් එන මල් මාමා හරියටම මාර්ස් වංගුවේදී, නංගී ඔයා මට කැමති දැයි අසයි. මොන පිස්සුද යන ප්‍රති උත්තරය ලබා පසු බසින මල් මාමා සිතන්නේ, ගියොත් වචනයයි, ආවොත් කෙල්ලයි, කියාය.

මුල දී කෙල්ල මල් මාමලා ව දේවින්ද අයියා සමග සිතෙන් සසඳයිපසුව ඈ සැසඳීම නැවැත්තුවේ කිසිම මාමා කෙනෙකු දේවින්ද අයියා ගේ මාපටැඟිල්ලක් වත් නොවටිනා බව තේරුණු නිසාය.



10 comments:

  1. ඉස්සරෝම
    යකෝ අවාරෙට පොල් වැටෙනව වගේ දාන්න එපා මනුස්සයො ආසාවෙන් කියවන කතාවකට මෙහෙම වෙද්දි මළ පයිනව..

    අනික තමා කතාව කොයි තරං හොද වුණත් ලස්සන වුණත් යන්නෙ අර මුල මුල තිබ්බ හොද ශෛලියෙන් බැහැර වෙලා සුජිවපොසන්නාරච්චි මොඩල් එකට...
    ඒක නං හොද ලකුණක් නෙවී...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ............

      Delete
  2. ටිකක් පරක්කු උනා නේද?අදත් හොඳයි හැබැයි වැඩියම බොළඳ කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. එසේය මහරජ!

      Delete
    2. මටත් හිතෙනවා බොළඳ ගතිය වැඩියි කියලා

      Delete
  3. මුල ඉදල කියවන්න ඕනෙ බං .......

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා මගේ "පැනි බේරෙන මල් කතාව" කියවීමට පටන් ගැනීම මට ආඩම්බරයකි....

      Delete
  4. me blog eka update krnwda ? nedda ?

    ReplyDelete
  5. හොඳට ලියාගෙන යන කතාවක්. පොතක් වශයෙන් පල කරන්න හොඳයි.

    ReplyDelete