සොඳුරු පේරාදෙනි සරසවියට පෑයූ තාරකාවක අන්දරය කොටස් වශයෙන් පල වන නව කතාවක් ලෙසින්...

https://www.facebook.com/sarasavisamaga

Wednesday, June 28, 2017

චොක්ලට් සහ දවටන




දේවින්ද ගේ ජීවිතයේ එක පැත්තක් පමණක් මනෝජා තාරුකා ගේ වසන් කළාය..... 

එක අහල මේ චුටි කෙල්ල මොන හිතයිද දන්නේ නැහැනේ .....
**********************************
උසස් පෙළ විභාගයෙන් පසුව දේවින්දට සිතුනේ ගෙදරට වී ඉන්නවාට වැඩ රස්සාවක් කලොත් හොඳයි කියාය. අම්මා සහ තාත්තා ඔහු ගේ අදහසට කැමති වුනේ, ඔවුන් ද අනුන් ගේ මුදල් නොව, තම දාඩිය මහන්සියෙන් හම්බු කරන දේ අගය කල මිනිසුන් වූ නිසාය.  


දේවින්ද ගේ අම්මා තම දරුවන් සිව් දෙනාම හැදු වැඩුයේ මත් පැන් බිඳක් කටේ නොතියන දුම් පානය නොකරන වැදගත් මිනිස්සු ලෙසය. නාස්‌ති කාරයෙකු නොවුවද, කොල්ලා පුරුදු වී ඉන්නේ අවශ්‍ය විට හොඳින් වියදම් කරන්නටය. පිළිවෙලකට අඳින්න පළඳින්න ය. ඔහු කැමති, ඔහුට ගැලපෙන ඇඳුම් පැලඳුම්, සපත්තු සෙරෙප්පු ආදිය ගානෙන් ද වැඩිය

දරුවා හොර මැර වංචා නොකොට තමාගේ වර වෑයමින් මුදල් උපයා එය අවශ්‍ය වෙලාවට ලොබ නැතිව වියදම් කරගන්නවා නම් තාත්තාත් අම්මාත් කැමතිය. එහෙම පාර්ට් ටයිම් ජොබ් එකක් කළා කියා තම දරුවා අද්යාපන කටයුතු අදාළ කර ගන්නේ නැති බවට දෙදෙනාටම හොඳටම විස්වාසය

පාසල් මිතුරෙකු ගේ පියාට අයිතිව තිබු කොළඹ වූ තරු හෝටලයක රැකියාව සොයාගන්නට කොල්ලාට පුළුවන් විය. හෝටල් කුස්සියේ කිචන් හෙල්පර් කෙනෙකු ලෙස වැඩ පටන් ගත් දේවින්ද සරසවියට ඇතුළු වන විට සිටියේ ෆ්රන්ට් ඔෆිස් එකේය.  

කඩවසම් නොවුවද, චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසරවීමේ හැකියාවත්, කොල්ලගේ ආචාරසීලී පිළිවෙලත්, දැක්කාම ආසා හිතෙනා අධිෂ්ටාන ශීලී ස්වරූපයත් දුටු හෝටල් අයිතිකරුට දේවින්ද හොටල කළමනාකරණයේ යොදවන්නට ඕනා කළේය. එහෙත් දේවින්ද කලේ ෆ්රන්ට් ඔෆිස් රෙසේප්ෂනිස්ට් කෙනෙකු ලෙස දිගටම සේවය කිරීමය

දේවින්දගේ දක්ෂ කම් දන්නා හෝටල් පාලකයෝ නුවර ආවාට පසුත් අවශ්‍ය නම් නිවාඩු දවස් වලට පැමිණ හෝටලයේ වැඩ කිරීමට දේවින්දට අවස්තාව ලබා දුන්නේය. දේශිකා හා පෙමින් බැඳීමට පෙර සති අන්තයට සැම දා ගෙදර එන දේවින්ද හෝටල් රැකියාව දිගටම කළේය. එයින් ඔහුට ලැබෙන මුදල නිසා ගෙදරින් සතයක් වත් අරගන්නේ නැතිව ඉගෙනගැනීමට ඔහුට හැකි විය
 
හෝටලයක වැඩ කරන කෙනෙකු ගෙන් යාලු මිත්‍රයෝ එක එක ඉල්ලීම් කරති. සමහරුන් හෝටලයේ මිනි බාර් එකේ ඇති චූටි බීම බෝතල් ඉල්ලයි. තව සමහරු ඉතිරි වෙන නෙස්කැෆේ සැශේ ඉල්ලයි. තවත් සමහරු ඩිස්කවුන්ට් දමා දෙන්නයි ඉල්ලයි. කිසිම දිනක හෝටලයේ බඩු භාණ්ඩ සාක්කුවේ දමා නොගන්නා දේවින්දට එවැනි ඉල්ලීම් වලට උදවු කල නොහැකිය. ලඟම මිතුරු මිතුරියන්ට හැර අනෙක් අයට ඔහු ගේ හෝටල් රස්සාව ගැන නොකීමට දේවින්ද සිතුවේ ඒ නිසාය

එහෙත් එය දේශිකා ගෙන් හැංගීමට ඔහුට උවමනාවක් නොවීය. යාලු වී දින කීපයකින් ම ඇයට ඔහු ගේ හෝටල් රස්සාව ගැන කීවේ ඒ නිසාය. ඔහු හෝටලයක වැඩ කරනවා යි දැනගත් දා සිට දේශිකා දේවින්දට නොයෙක් ලෙස කරුණු කියා හෝටල් රස්සාවෙන් නතරකර ගැනීමට සමත් වුවාය. එක හේතුවක් වුයේ හෝටලයක වැඩ කරනවා යනු දේශිකා වැනි පුහු ආටෝපයෙන් යුත් අයට පහත් රැකියා වූ නිසාය. දෙවන කරුණ වන්නේ එවිට දෙවින්දව සති අන්තයේත් තම ටියුෂන් මාස්ටර් ලෙස යොදා ගැනීමට නොහැකිවීමය.. දේශිකා අසතුටු කිරීමට අකමැති දෙවින්දත් ඈ උපදෙස් දුන් පරිදි ම හෝටල් රස්සාවට ආයුබෝවන් කීවේය

මුලදී දේශිකා දේවින්ද ගේ හවස පන්තිය සැමදාම කරන්නයි බල කළාය. දැන් දැන් ඇයට දේවින්ද ගේ ඉගැනිල්ල ටිකක් මදි වගේය. චොක්ලට් එක කෑවාට පසු දවටනය කන්නේ මෝඩයෝය. දේශිකා වැනි නුවණැත්තෝ තමාට වැඩක් නැති අය ළඟ තබා ගැනීමට අකමැතිය. එම නිසාම මේ දිනවල හවසට පැමිණ උන්ගන්නැයි දේශිකා දෙවින්දට බල නොකරයි. පල නොකියා පලා බෙදයි. කොල්ලාට එය පුදුම අස්වැසිල්ලකි. දැන් තමා කැමති දෙයක් කිරීමට සවස් කාලය ඉතිරිය.

ගෙදරින් මුදල් ඉල්ලීමට ඇති අකමැත්තත්, අලුත පටන් ගත් දේශිකා ගේ පල නොකියා පලා බෙදිල්ලත් නිසා කොල්ලා තමා සමග කොළඹ හෝටලයේ වැඩ කල මිතුරෙකු මගින් මහනුවර වූ හෝටලයක ෆ්රන්ට් ඔෆිස් රැකියාවක් නැවත සොයා ගත්තේය.
හොටල වල රස්සා ස්වභාවය එසේය. ටුවරිස්ට් සීසන් එකට බර වැඩය. බොහෝ සේවකයෝ ඕනෑ වෙයි. ඕෆ් සීසන් එකට එතරම් සේවකයෝ ඕනෑ නැත. ඒ නිසාම පාර්ට් ටයිම් කරන්නට කැමති දක්ෂ හොටල සේවකයන්ට රැකියා සොයා ගැනීම හරිම පහසුය

සති අන්තයේ හා නිවාඩු දිනවල රෑ කාලයේ වැඩ කිරීමට කවුරුත් කැමති නැත. දේවින්දට එය ගානක් නැත. එහෙත් එම රැකියාව ගැන සරසවියේ කාටවත් නොදන්වීමට ඔහු වග බලාගත්තේය.
*******************************

Wednesday, September 10, 2014

19. දහ නව වන කොටස : මල් මාමලාගේ මල් සමය


18. දහ අට වන කොටස : චොක්ලට් සහ දවටන
http://sarasavisamaga.blogspot.com/2014/08/18_17.html



දුනුවිල මහතා සිටියේ තම දියණිය හා තම සොහොයුරිය ගේ දියණිය සමග රග්බි තරඟය නැරඹීම පිණිස බෝගම්බර ක්‍රීඩා පිටියේ ප්‍රධාන ක්‍රීඩාගාරය වෙත ගමන් කරමිනි.

එක්වරම අන්න දේවින්ද අයියා ... කියමින් ගැහැණු ළමුන් දෙදෙනාම ඉදිරියට දුවනවා දැක ඔහු පුදුමයට පත් විය...

ඊළඟ මොහොතේ ඔහු වඩාත් පුදුම වුවේ දැරියන් දෙදෙනා පිරිමි ලමයෙකු ගේ අත් දෙකෙන් අල්ලාගෙන ඇද ගෙන එන විටය...

අප්පච්චි... මේ දේවින්ද අයියා... අර අපිව රැග් එකෙන් බේරා ගත්තා කියල මං කිව්වේ .... සඳුනි කතා කලේ දේවින්ද ගේ අත අත් නොහැරමය..

කොල්ලා කිසිම  චකිතයක් නොදක්වා පෙර දැන සිටි කෙකෙකුට මෙන් හොඳින් සිනා සී ඍජුව සිට ඔහුට ආචාර කරණවා දුනුවිල මහතා බලා සිටියේ විශ්මිතවය. බොහෝ තරුණයයෝ දුනුවිල මහතා ළඟ වැඩ කරති. එහෙත් මෙවන් පෞර්ශත්වයක් හෝ ආත්ම විස්වාසයක් ඇති කොල්ලන් විරලය.


ගුඩ් ඊවිනින්ග් සර්... කියා ආචාර කලාට කොල්ලා දුනුවිල මහතාට අත දික් කලේ නැත. හරි විදියට වැඩිමලුන්ට ට හෝ උසස් අයට ආචාර කරන්නේ එසේය. තම අත දිගු කරන විට කොල්ලගේ අත ඉදිරියට අවා දුනුවිල මහතා දුටුවේය. ඔහු කොල්ලගේ අත ගෙන සොලවා ආචාර කළේය.
දැරියෝ දෙදෙනාම නොනවත්වා දේවින්ද අයියා ඔවුන් බේරාගැනීමට කල කී දෑ කියවයි.

මල මිනී කපා අත සේදීමට භාවිතා කල සබන් කැබැල්ලෙන් මුහුණ සේදීමෙන් දැරියන් බේරා ගැනීමට දේවින්ද කල දේ දුනුවිල  මහතා ඇසුවේ දැන්ය. තම දියණියව  හා ඥාති දියණියව එවන් පිළිකුල් සහගත ක්‍රියාවකින් බේරාගත් මේ කොල්ලාට තමා ණය ගැති බව ඔහුට දැනුනි. ඔහු දෙවින්දට පුතා කියා කතා කලේ ඒ හෙයිනි. වැඩි වෙලා නොගොස් දෙන්න බරටම රග්බි ක්‍රීඩාව ගැන කතාවකය.


සඳුනි ගේ හා තාරුකා ගේ මුහුණු සතුටින් ඔප වෙලාය.

දෙවින්දට සරසවියේදී දැරියන් දෙදෙනා  නවකයන් වුනාට, බෝගම්බර පිටියේ දී ඔවුන් යහළු යෙහෙලියන් ය. ඔහු දැරියන් ඇමතුවේ "නංගී" කියාය. පිලිසදරේ යෙදුනේ කාලයක් දන්නා මිතුරියන් සමග කතා කරණා ලෙසය. කොල්ලාගේ හැටි එහෙමය. ඌට ලොකු කුඩා බේදයක් නැත.


දේවින්ද අයියා තමන් ඔහු ගේ යෙහෙලියන් ලෙස සැලකීම ගැන කෙල්ලන් දෙන්නාටම හරිම ආඩම්බරය. නංගී කියා ඇමතීම ගැන තාරුකාට නම් කියන්නට බැරි තරම් සන්තෝසය.

දැරියන් දෙදෙනාම දේවින්ද සමග තරඟයට මෙන් කතා කරනවාත්, තාරුකා ගේ ඇස දේවින්ද සමග කතා කරනාවිට වඩා වැඩියෙන් දිලිසෙනවාත්  දුනුවිල මහතාට පෙනේ. අපිත් ඔය වයස පැන්නනේ... ඔහුට මද සිනාවක් ගියේය.

විවේකයේ දී දේවින්ද පහලට  ගොස්, දැරියන්ට අයිස් චොක්ස් දෙකකුත්, දුනුවිල මහතාටත් තමන්ටක් කොකා කෝලා බෝතල දෙකකුත් රැගෙන පැමිණියේය. ඔහු  දුනුවිල මහතාට කොකා කොලා බෝතලයක්  දුන්නේය.


සඳුනිත් තාරුකාත් අයිස් චොක්ස් කති. දැරියන් ගේ සන්තොසය ඔවුන් ගේ මුහුණින් පෙනේ. දැන් කාලේ කැම්පස් කොල්ලන් ගැන මිනිසුන් කියනා කතා අසා ඇති දුනුවිල මහතාට මේ කොල්ලා ගේ ආචාරසීලි ප්‍රසන්න හැසිරීම ගැන පුදුමය.

වැදගත්  කොල්ලෙක්... දුනුවිල මහතා තනියම සිතුවේය.

මහනුවර කණ්ඩායමට ජය අත් වෙමින් තරඟය හමාර විය. කොල්ලා කෙරේ මහත් සේ පැහැදී සිටි දුනුවිල මහතා ට උවමනා උනේ දෙවින්දට  ව තමාගේම මෝටර් රථයෙන් නැවත සරසවියට ඇරලන්නටය. තෑන්ක් යු වෙරි මච් සර්... මම දැන් ආපහු යුනිවර්සිටි එකට නෙවෙයි යන්නේ... මම මෙහෙන්මම මගේ පාර්ට් ටයිම් ජොබ් එකට යනවා...

එවර කොල්ලා දුන් උත්තරයෙන් දුනුවිල  මහතා නොව දැරියන් දෙදෙනාද හොඳටම පුදුමය. දේවින්ද ගේ පාර්ට් ටයිම් ජොබ් ගැන ඔවුන් දැන සිටියේ නැත.

කොල්ලා ඔහු ගේ හෝටල් රස්සාව ගැන දුනුවිල මහතාටත් දැරියන් දෙදෙනාටත් විස්තර කළේ කිසිම වෙනසක් හෝ පැකිලීමක් නැතිවය.

"ඔයා රෑ තිස්සේ නිදි මරාගෙන මහන්සිවෙලා හම්බකරපු සල්ලි වලින් නේද අපිට අයිස් චොක්ස් අරන් දුන්නේ".... තාරුකාට කොල්ලා ගැන දුකය... එහෙත් තව කෙනෙකු වියදම් කරනා තෙක්  සාක්කුවට  අත යවමින් බොරු කරනා මිනිසුන් ගැන දන්නා කෙල්ලට දේවින්ද අයියා ගැන ආඩම්බරයක් ද දැනේ..

එහෙනම් අපි ඔයාව හොටෙල් එකෙන් බස්සනම් කියා දෙවින්දවත් දැරියන් දෙදෙනාවත් තම රථයේ නංවා  ගත් දුනුවිල මහතා කොල්ලාව හෝටල් දොරකඩින් ම බස්වා නැවත රථ මහා පාරට හරවා ගත්තේය.කොල්ලොත් දැකල තියෙනවා.. එත් මේ වගේ කොල්ලෙක් මම මීට ඉස්සේල්ලා දැකලා නැහැ...  දුනුවිල මහතා දැරියන් ට කීවේ දේවින්ද රථයෙන් බැස ගිය පසුවය.

තම පාසල් අද්යාපනයෙන් පසු යුරෝපීය රටක විශ්වවිද්යාලක ඉගෙන ගත් දුනුවිල මහතා ද අතිරේක රැකියාවක් කරමින් ඉගෙන ගත් කෙනෙකි. එම රටවල කොතරම් සල්ලි කාරයෙකු ගේ දරුවෙකු වුවද තම දෙමාපියන් ට අත නොපා තමන් ගේ වියදම උපයා ගැනීම සාමාන්‍ය දෙයක්ය.

එහෙත් ලංකාවේ දී සිදු වන්නේ එහි අනිත් පැත්තය. සරසවි සිසුන් සිතන්නේ ආණ්ඩුව හා දෙමවුපියෝ තමන් ට ණය වී සිටින බවය. ඔවුන් තම සෑම වියදමක් ම ආණ්ඩුවෙන් හෝ දෙමවුපියන් ගෙන් බලාපොරොත්තු වන්නේ ඒ නිසාය.


නැවත ගෙදර යන තෙක් ම දුනුවිල මහතා දේවින්ද රැකියාවක් කරමින් ම ඉගෙන ගැනීමේ වෑයම ප්‍රසංසා කළේය. තම පියා කෙනෙකු ගැන එසේ මෙසේ හොඳක් නොකියන බව දන්නා සඳුනි, මේක නම් මහා පුදුමයක් කියා සිතුවාය.

තාරුකා ගේ හිත හොඳටම පිරිලාය. තමා පෙම් කරනා කොල්ලා ගැන හොඳ කියනවා අසන්නට කැමති නැත්තේ කොයි කෙල්ලද..?

******************************

ඊළඟට පැමිණියේ සරසවියේ මල් සමයයි.

ඒ කියන්නේ මල් මාමලා ගේ කාලයයි. පළමු සති දෙක තුනේ දී රැග් එකට අහු වී, "ලොවම එපාවී, ලොවම කලකිරී" ඉන්නා නවක දැරියන් හට "දයාබර වචන" කියමින් කඳුළු පිසින්නට එන්නේ මල් මාමලා ය.

කලින් සති දෙකේදී එක පීටයක දැරියන් හට කුණුහරුප සහ හිරිකිත කතා කරමින් දෙවොල් නැටූ පිරිසම වෙනත් පීටයක දැරියන් වෙත පැමිණ අවංක අහින්සක පෙම්වතා ගේ චරිතය රඟපාමින් ආදරය ඉල්ලති.

රුදුරු වදකයන් ගේ අමානුශික හිංසා හමුවේ මානසිකව වැටී ඉන්නා කෙල්ලෝ තම අතට අසු වන පරඬැලා වුව ද අල්ලා ගන්නේය. තමා අල්ලා ගත්තේ ඇත්තටම පරඬැල් බව තේරෙනකොට කෝච්චිය ගිහින් හමාරය.

එම දිනවල දේවින්ද වැඩි එලි පහලියට බැස්සේ නැත. ඉඳ හිට  දස වධ දෙන්න පැමිණෙන ජෙෂ්ටයන් ගෙන් සාලාවේ නවක ශිෂ්‍යයන් බේරා ගත්තා හැර මල් මාමලාගේ වැඩ වලට අත පෙවීමට කොල්ලා කැමති නැත.

තාරුකා ට නම් ඒ දිනවල ඕවර් ටයිම් වගේය. දවසට මල් මාමලා දෙදෙනෙකු වත් ඇය ගේ ආදරය පතා එයි.

උදයට මිත්තාවේ සිට වෛද්‍ය පීටයට ගමන් කරනා විට හිල්ඩා ඔබේසේකර සාලාව අසලින් එක මල් මාමා කෙනෙකු සෙට් වෙයි. එතැන් සිට විජයවර්දන සාලාව පමණ වන තෙක් එක එක විකාර කතා කියමින් එන මල් මාමා හරියටම මාර්ස් වංගුවේදී, නංගී ඔයා මට කැමති දැයි අසයි. මොන පිස්සුද යන ප්‍රති උත්තරය ලබා පසු බසින මල් මාමා සිතන්නේ, ගියොත් වචනයයි, ආවොත් කෙල්ලයි, කියාය.

මුල දී කෙල්ල මල් මාමලා ව දේවින්ද අයියා සමග සිතෙන් සසඳයිපසුව ඈ සැසඳීම නැවැත්තුවේ කිසිම මාමා කෙනෙකු දේවින්ද අයියා ගේ මාපටැඟිල්ලක් වත් නොවටිනා බව තේරුණු නිසාය.



Sunday, August 17, 2014

18. දහ අට වන කොටස : චොක්ලට් සහ දවටන



 17. දහ හත් වන කොටස: ඩෙබර කෙල්ලකට පෙම් බැඳ....

http://sarasavisamaga.blogspot.com/2014/08/17.html

දේවින්ද ගේ ජීවිතයේ එක පැත්තක් පමණක් මනෝජා තාරුකා ගේ වසන් කළාය.....

එක අහල මේ චුටි කෙල්ල මොන හිතයිද දන්නේ නැහැනේ .....

**********************************

මනෝජා තාරුකා ගෙන් වසන් කලේ දෙවින්ද ඉගෙන ගන්නා ගමන් ම අර්ද කාලීන රැකියාවක නියුතුවීමයි...

උසස් පෙළ විභාගයෙන් පසුව දේවින්දට සිතුනේ ගෙදරට වී ඉන්නවාට වඩා රස්සාවක් කලොත් හොඳයි කියායඅම්මා සහ තාත්තා  ඔහු ගේ අදහසට කැමති වුනේ, ඔවුන් ද අනුන් ගේ මුදල් නොව, තම දාඩිය මහන්සියෙන් හම්බු කරන දේ අගය කල මිනිසුන් වූ නිසාය.

දේවින්ද ගේ අම්මා තම දරුවන් සිව් දෙනාම හැදු වැඩුයේ මත් පැන් බිඳක් කටේ නොතියන දුම් පානය නොකරන වැදගත් මිනිස්සු ලෙසය. නාස්‌ති කාරයෙකු  නොවුවද, කොල්ලා පුරුදු වී ඉන්නේ අවශ්‍ය විට හොඳින් වියදම් කරන්නටයපිළිවෙලකට අඳින්න  පළඳින්න ය.

ඔහු කැමති, ඔහුට ගැලපෙන "සන්නාමික" (branded) ඇඳුම් මිලෙන්  ද වැඩිය. කොල්ල හොර මැර වංචා නොකොට තමාගේ වර වෑයමින් මුදල් උපයා එය අවශ්‍ය වෙලාවට ලෝබ නැතිව වියදම් කරගන්නවා නම් තාත්තාත් අම්මාත් කැමතිය. එහෙම පාර්ට් "ටයිම් ජොබ්" එකක් කළා කියා තම දරුවා අද්යාපන කටයුතු අඩාල කර ගන්නේ නැති බවට දෙදෙනාටම හොඳටම විස්වාසය.

තම මිතුරෙකු ගේ පියාට අයිති, කොළඹ වූ තරු පන්තියේ හෝටලයක රැකියාව සොයාගන්නට කොල්ලාට පුළුවන් විය. හෝටල් ආධුනික සේවකයෙකු ලෙස වැඩ පටන් ගත්  දේවින්ද සරසවියට ඇතුළු වන විට වැඩ කරමින් සිටියේ ෆ්රන්ට් ඔෆිස් එකේය.

කඩවසම් නොවුවද, චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසරවීමේ හැකියාවත්, කොල්ලගේ  ආචාරසීලී පිළිවෙලත්, දැක්කාම ආසා හිතෙනා අධිෂ්ටාන ශීලී ස්වරූපයත්  දුටු හෝටල් අයිතිකරුට  දේවින්ද හොටල කළමනාකරණයේ යොදවන්නට ඕනා කළේය. එහෙත් දේවින්ද කලේ ෆ්රන්ට් ඔෆිස් රෙසේප්ෂනිස්ට් කෙනෙකු ලෙස දිගටම සේවය කිරීමය.

දේවින්ද ගේ දක්ෂ කම් දන්නා හෝටල් පාලකයෝ නුවර ආවාට පසුත් අවශ්‍ය නම් නිවාඩු දවස් වලට පැමිණ හෝටලයේ වැඩ කිරීමට ඔහුට අවස්තාව ලබා දුන්නේය.

නිර්මලා හා පෙමින් බැඳීමට පෙර  සති අන්තයට සැම දා ගෙදර එන දේවින්ද හෝටල් රැකියාව දිගටම කළේය. එයින් ඔහුට ලැබෙන මුදල නිසා ගෙදරින් සතයක් වත් අරගන්නේ නැතිව ඉගෙනගැනීමට ඔහුට හැකි විය.

**************************

හෝටලයක වැඩ කරන කෙනෙකු ගෙන් යාලු මිත්‍රයෝ එක එක ඉල්ලීම් කරතිසමහරුන් හෝටල් කාමර වල තිබෙනා මිනි බාර් එකේ ඇති චූටි බීම බෝතල් රැගෙන එන ලෙස ඉල්ලයි. තව සමහරු ඉතිරි වෙන නෙස්කැෆේ  සැශේ ඉල්ලයි. තවත් සමහරු ඩිස්කවුන්ට් දමා දෙන්නයි ඉල්ලයි.

කිසිම දිනක හෝටලයේ බඩු භාණ්ඩ  සාක්කුවේ දමා නොගන්නා දේවින්දට එවැනි ඉල්ලීම් වලට උදවු කල නොහැකිය. ලඟම මිතුරු මිතුරියන්ට හැර අනෙක් අයට ඔහු ගේ හෝටල් රස්සාව ගැන නොකීමට දේවින්ද සිතුවේ ඒ නිසාය.

එහෙත් එය නිර්මලා ගෙන් හැංගීමට  ඔහුට උවමනාවක්  නොවීය. යාලු වී දින කීපයකින් ම ඇයට ඔහු ගේ හෝටල් රස්සාව ගැන කීවේ ඒ නිසාය.

ඔහු හෝටලයක වැඩ කරනවා යි දැනගත් දා සිට නිර්මලා දේවින්දට නොයෙක් ලෙස කරුණු කියා හෝටල් රස්සාවෙන් නතරකර ගැනීමට සමත් වුවාය.

එක හේතුවක් වුයේ  හෝටලයක වැඩ කරනවා යනු නිර්මලා වැනි පුහු ආටෝපයෙන්  යුත් අයට පහත් රැකියා වූ නිසාය. දෙවන කරුණ වන්නේ එවිට දෙවින්දව සති අන්තයේත් තම ටියුෂන් මාස්ටර් ලෙස යොදා ගැනීමට නොහැකිවීමය..

නිර්මලා අසතුටු කිරීමට අකමැති දෙවින්දත් ඈ උපදෙස් දුන් පරිදි ම හෝටල් රස්සාවට ආයුබෝවන් කීවේය.

මුලදී නිර්මලා දේවින්ද ගේ හවස පන්තිය සැමදාම කරන්නයි බල කළාය. දැන් දැන් ඇයට දේවින්ද ගේ ඉගැනිල්ල ටිකක් මදි වගේය.

චොක්ලට් එක කෑවාට පසු එය ඔතා තිබූ දවටනය කන්නේ මෝඩයෝය.

නිර්මලා වැනි නුවණැත්තෝ තමාට වැඩක් නැති අය ළඟ තබා ගැනීමට අකමැතිය. එම නිසාම මේ දිනවල හවසට පැමිණ උන්ගන්නැයි නිර්මලා දෙවින්දට බල නොකරයි. බැරිවෙලාවත් ඔහු ඈ දකින්නට ගියොත් ඔහු ව ආපසු හරවා යවයි... නැතිනම් විනාඩි දෙකතුනක් කතා කර පාඩම් කිරීමට ඇති බව කියා ඇය නැවත ඇගේ කාමරයට යයි. පල නොකියා පලා බෙදයි.

මුලදී එම කුඩම්මාගේ සැලකිල්ල දේවින්ද ගේ හදවත පැලෙන තරමට වේදනා ගෙනදුන්නේය. නමුත් පහු පහු වන විට නිර්මලා ගෙන් ඈත් ව සිටීම කොල්ලාට පුදුම අස්වැසිල්ලක් ගෙන දීමට පටන් ගත්තේය. දැන් දේවින්ද ට තමා කැමති දෙයක් කිරීමට සවස් කාලය ඉතිරිය.

ගෙදරින් මුදල් ඉල්ලීමට ඇති අකමැත්තත්, අලුත පටන් ගත් නිර්මලා ගේ පල නොකියා පලා බෙදිල්ලත් නිසා කොල්ලා තමා සමග කොළඹ හෝටලයේ වැඩ කල මිතුරෙකු  මගින් මහනුවර වූ හෝටලයක ෆ්රන්ට් ඔෆිස් රැකියාවක් නැවත සොයා ගත්තේය.

සති අන්තයේ හා නිවාඩු දිනවල රෑ කාලයේ වැඩ කිරීමට කවුරුත් කැමති නැත. දේවින්දට එය ගානක් නැත. එහෙත් එම රැකියාව ගැන සරසවියේ කාටවත් නොදන්වීමට ඔහු වග බලාගත්තේය.

*******************************

දේවින්ද රග්බි ලෝලියෙකි. ඔහුගේ නිවස තිබෙනා තිඹිරිගස්යාය පැත්තේ කොල්ලෝ සවසට සෙල්ලම් කරන්නේ ක්‍රිකට් නොවේ, රග්බි . දේවින්ද රග්බි ක්‍රීඩා කරන්නේ කුඩා කල සිටය. රග්බි කියන්නේ අමුතුම  ක්‍රීඩාවකි... මුලින් ම නරබන්නෙකුට එය පලකට නැති දරුණු  සෙල්ලමක් කියා පෙනේ. හැබැයි දින කීපයක් එක දිගට නැරඹුවොත් ඉවරය. එතැන් සිට සැමදාටම  රග්බි ලෝලියෙක් වන්නේය. වැරදිලාවත් එක දිනක් හෝ රග්බි ක්‍රීඩා කලොත් සැමදා එයත් සමග බැඳෙන්නේය

සරසවි පැමිණි මුල් කාලයේදී දේවින්ද ක්‍රීඩා පිටියට සවසට ආදී එන සරසවි කාර්ය මණ්ඩලයේ දරුවන් සමග ටැප් රගර් ක්‍රීඩා කළේය. ටැප් රගර් වල දී විරුද්ද පිලේ ක්‍රීඩකයන් ව බිම වැටී තුවාල වන ලෙස ටැකල් කිරීම සිදු නොවේ. ඒ වෙනුවට අතින් පුංචි තට්ටුවක් දැම්මාම පන්දුව අත හරිය යුතුය.

දේවින්දව මුලින්ම සරසවි කාර්ය මණ්ඩලයේ දරුවන් සමග ක්‍රීඩා කිරීමට කැඳවා ගෙන ගියේ වරුණ අයියාය.

වරුණ මොල්ලිගොඩ දේවින්ද ගේ ම පාසලින් පැමිණ දන්ත  වෛද්‍ය විද්‍යා පීටයේ ඉගෙන ගන්නා හතරවන වසරේ සරසවි ශිෂ්‍යයෙකි. ඉගෙනීමට ඉතා දක්ෂයෙකි. සැම වසරකම කණ්ඩායම් ප්‍රථමයා හෙවත් බැච් ටොප් වන්නේ වරුණය.

ඔහු තම මල්ලියෙකුට මෙන් දෙවින්දට ආදරේය. දේවින්ද නවකයෙකුව පැමිණි කාලයේ කොල්ලාට නොතේරන ලෙස දුරින් සිට බොහෝ වධ හිංසා වලින් බෙර ගත් හිත හොඳ මනුස්සයෙකි. රග්බි ලෝලියෙකි.

හවසට හවසට පොඩ්ඩක් ටැප් රගර් සෙල්ලම් කිරීමට පුරුදුව සිටි වරුණ, දෙවින්දවත් ඔහු සමග ගෙනගොස් අනෙක් ක්‍රීඩකයන්ට හඳුන්වා දුන්නේය. අද්යාපන වැඩ කටයුතු බොහෝ නිසාම දැන් දැන් වරුණ ටැප් රගර් සෙල්ලම් කරන්න එන්නේ එහෙමත් දවසකය

සරසවියේ  සේවක මහතුන් ගේ ළමයි ඉගෙන ගන්නේ සරසවි උයන, ගැටඹේ සාන්ත ජෝන් සහ කිංග්ස්වුඩ් වැනි පාසල් වලය. ඔවුන් රග්බි ක්‍රීඩාවට ඉතා ආසය.

ක්‍රීඩාවේ දක්ෂයෙකු වූ දේවින්ද අයියා තමන් සමග ක්‍රීඩා කිරීමට පැමිණීම කුඩා දරුවන් කැමතිය. නිර්මලා සමග පෙම් සබඳතාව අරඹන තෙක්ම දේවින්ද ඔවුන් සමග සවසට ටැප් රගර් ක්‍රීඩා කළේය. නිර්මලා හට පාඩම් කියා දීමට පටන් ගත්තාට පසු එය එහෙම්මම අත හැරී ගියේය.

වර්තමානයේ නිර්මලා පාඩම් කියා දෙන්න කියා බල නොකරන නිසා දේවින්ද නැවත ඔහු ගේ කුඩා මිතුරන් සමග ක්‍රීඩාව පටන් ගත්තේය.                                                                                                   හොඳටම මහන්සි වන තෙක් ටැප් රගර් ක්‍රීඩා කර මාර්ස් සාලාවට ගියාම සෝදා පිරිසිදුවී, රාත්‍රී ආහාරය ගෙන නින්දට යා හැකිය. නැතිනම් රෑ දෙගොඩහරියක් වන තුරුම නිර්මලා කරනා කුඩම්මා ගේ සැලකිලි ගැන සිත සිතා දොම්නස් වෙන්නට සිදු වෙයි.                                                                                                එම සති අන්තය තම මාමා ගේ ගෙදර ගතකිරීමට තාරුකා සිතුවාය. සඳුනි ගෙන් සැමදාම එහි එන්නැයි වදයකි. සෙනසුරාදා තාරුකාත් සඳුනිත් රැග් කතා කියා කියා ඉන්නාවිට සඳුනිගේ පියා වෝල්ටර් දුනුවිල  මහතා එදා සවස බෝගම්බර පිටියේ පැවැත්වෙන  කොළඹ CH කණ්ඩායමත්  මහනුවර කණ්ඩායමත් අතර රග්බි ෆුට්බෝල් තරගය නැරඹීමට කෙල්ලන් දෙදෙනාට අරාධනා කළේය.                                                                                                                                      දුනුවිල මහතා ප්‍රසිද්ද ව්‍යාපාරිකයෙකි. රග්බි ලෝලයෙකි. පාසල් සමයේ මහනුවර ත්‍රිත්ව විදුහල් රග්බි කණ්ඩායමට ක්‍රීඩා කර තිබේ. සඳුනිට  මීට පෙර ඔහුත් සමග රග්බි ෆුට්බෝල් තරග නරඹන්නට ගොස් පුරුදුය                                                                                     තාරුකාද තම පියා සමග බ්‍රැඩ්බි පලිහ රග්බි ෆූට්බෝල් තරඟ නරඹා එම ක්‍රීඩාව ගැන උනන්දුවක් ඇති කර ගත්තියකි. ඇත්තටම ඔවුන් දෙදෙනාම රග්බි ෆුට්බෝල් තරග නරඹන්නට අසා කලෝය.                                 නිර්මලා සමග යාලු වීමට පෙර දෙවින්දත් වරුණත් බෝගම්බර පිටියේ හෝ නිත්තවෙල පිටියේ පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරඟ නරබන්නට පුරුදු  ව සිටියේයහවස ටියුෂන් පන්ති පටන් ගත්තාට පසු දෙවින්දට ක්‍රීඩා තරඟ නැරඹීම අතහැරීමට සිදු විය. හතරවන වසරේ වැඩ අධික කම නිසාම දැන් වරුණ ද මැච් බැලිල්ල අතහැරලාය

සෙනසුරාදා රෑ දෙවින්දට හෝටලයේ නයිට් ශිෆ්ට් එකට යා යුතුය. දැන් නිර්මලා ගෙන් සවසට පැමිණ උගන්නන්යි කියා කරදර නැත. එම නිසා කොල්ලාට තම කැමති දෙයක් හවස් වරුවේ කල හැකිය.

ටිකක් කලින් ගියොත් කැන්ඩි, CH  මැච් එකත් බලන්න පුළුවනි….. දෙවින්දට සිතුනේය.
 
PS: දේවින්ද ගේ හෝටල රස්සාව ගැන ලියා තිබෙන දෑ එතරම් නොගැලපෙන ලෙස ලියා ඇත්නම්  හෝටල පිලිබඳ මහාචාර්ය අරූ මැතිඳුන් ඇතුලු සියල්ලන්ගෙන් ම සමාව අයදිමි...

Wednesday, August 6, 2014

17. දහ හත් වන කොටස: ඩෙබර කෙල්ලකට පෙම් බැඳ....




16. දහසය වන කොටස : අතීත කතාවක්    http://sarasavisamaga.blogspot.com/2014/07/16.html



මෙතෙක් දේවින්ද ගේ අවධානයට ලක් වී සිටිය නැති ගෑනු ළමයෙක් නිතර නිතර ඔහු ගේ ළඟ ගැවසීමට පටන් ගත්ත බව ඔහුට දැනුනේ වාර විබාග ප්‍රතිපල ලැබී දින කීපයක් ගත වූ පසුවය..

ඇය දේවින්ද ගේ බැච් මේට් කෙනෙකු වූ නිර්මලාය. ඇය මෙසේ තමා ලඟ ගැවසෙන්නේ කුමන හේතුවකට දැයි දෙවින්දට තේරුනේ නැත.

සැම දෙනාටම ආචාරසීලිව සලකන දෙවින්ද, නිර්මලා ගේ හදිසි සමීපවීම මැදිහත් සිතින් ඉවසුවේය. මුලදී කරදරයක් ලෙස දැනුනද, ඇගේ මායම් හැට හත ටික ටික දිග ඇරෙද්දී කොල්ලා දැපනේ වැටුනේය.  

දේවින්ද මාර්ගයෙන්ම  ඔහු ගේ කොළඹ මිතුරු මිතුරියන් දැන හඳුනා ගත් නිර්මලා ටික දිනකින් ම ඔවුන්ගේද සමීප මිතුරියක් වූවාය. කොල්ලා ඉන්නා සෑම තැනම ගැවසෙන්නට එම අලුත් මිතුරුකම් නිර්මලාට මහත් සේ උපකාර වුයේය.

නිර්මලා මොනරාගලටත්  සැතපුම් ගණනාවක් ඈතින් තිබු ගමක පදිංචිකාරියකි. ගාල්ලේ උපන්නෙකු වූ ඇගේ පියා කච්චේරියේ ලිපිකරුවෙකු වීය. නොහොබිනා  කම්  වලට  නම්  දරා  සිටි  ඔහු ගේ නොමනා සම්බන්දකම්  කීපයක් ම ගමේ අයගේ අතටම අසු වූ හෙයින් තම ජීවිතය බේරා ගැනීම සඳහා ඔහු ගාල්ලෙන් මොනරාගලට මාරු වී ආවේය.

බුත්තල නගරයට එහායින් පිහිටි ගලපිට ආර නමැති කුඩා ගමේ පදිංචි වූ ඔහු මොනරාගල කච්චේරියේ ලිපිකරුවෙකු ලෙස තමාට තිබූ නිල බලය අනිසි ලෙස  පාවිච්චි කරමින්, ප්‍රාදේශීය දේශපාලකයන්ව රවටා දේශපාලන බලය තර කර ගනිමින්, වෙල්ලස්සේ අසරණ ගැමියන් ගේ ඉඩකඩම් කොල්ලකමින්, රජයේ ඉඩම් බලහත් කාරයෙන් බුක්ති විඳිමින්, ආන්ඩුවේ කැලෑ වල ගස් හොරෙන් කපමින්, බලපත් රහිතව මැනික් ගරමින් මහා ජයට ජීවත් වීය. රජයේ අනවසර ඉඩම් වල උක් වැවීමත් කුඹුරු කෙරීමත් දිගටම කල ඔහුට විසාල ධනස්කන්දයක් උපයා ගත හැකි විය.

ඒ කාලයේ නිර්මලා බලාපොරොත්තු වුනේ තාත්තා ගේ සල්ලි බලෙන් කොළඹ ජනප්‍රිය උසස් විද්යාලයකට ඇතුලත් වන්නටය

එහෙත් ඇගේ කරුමෙට පියා හදිසියේම ලෙඩ විය. නොමනා ගති පැවතුම් ඇති නිර්මලා ගේ පියා පළාතේ තිබු දුස්චරිතය වපුරන ගුබ්බෑයම් කීපයකම නිත්‍ය සාමාජිකයෙකුව  සිටියේය. ඔහු එම ගුබ්බෑයම් වල සිටි කාන්තාවන් ගෙන් ලැබූ දායාදය වුයේ භායනක රෝගයකි

මුලදී දෙපයේ හිරි ගතියකින් ආරම්භ වූ ඔහු ගේ ලෙඩේ නැවතුනේ අත් පා අඹරවා, සර්වාන්ගයම පන නැති වී ඇඳටම එක්තැන් කිරීමෙනි.

ලෙඩ ඇඳේ එක්තැන්වූ දා සිට නිර්මලා ගේ පියා වටා සිටි හිතවතුන් සහ පිරිවර කෙමෙන් කෙමෙන් ඔහුව අතහැර ගියෝය. සුමිතුරු ප්‍රාදේශීය දේශපාලකයන් හට ඔහු ව පිලිකුල් විය.

කච්චෙරි ලිපිකරු තනතුරින්ද වෛද්‍ය හේතූන් මත අකාලයේ විශ්‍රාම ගැනීමටද ඔහුට සිදු විය..

අතේ ඇති සියලු මිල මුදල් කොලඹ පොද්ගලික රෝහල් වලටද, එයින් පලක් නොවූ කල රට පුරා ඇති දේවාල සහ කපුවන් වෙත පුද කලද නිර්මලා ගේ පියා ගේ තත්ත්වය සුව අතට හැරුනේ නැත. ඔහුට නැවත ගොඩ ඒමක් නොමැති බව පසක් කර ගත් අපාය සහායක ව්‍යාපාරික මිතුරෝ, නිර්මලා ගේ පියා බලහත්කාරයෙන් බුක්ති විඳිමින් සිටි සියලු දේ ඔහුගෙන් පැහර ගත්හ..

අවසානයේ ඔහුට ඉතිරි වූයේ ණය ගොඩක් පමනකි.

තම අධ්‍යාපනය සඳහා කොළඹ යනු වෙනුවට නිර්මලා වුයේ මොනරාගල ම ඉන්නටය. දන්නා කියා හැමෝම ඇය දිහා දැන් බලන්නේ මේ අර කරදරකාර ලෙඩා ගේ දුව කියා බව ඇය දනී. ඒ නිසාම ඇයට ගමේ සිටීම අරහන් ය.

ගමේ සිටියදී ඇය සිතන්නේ තමා මේ වෙල්ලස්සේ වැද්දන්ට අයත් නැති නගරයේ කෙනෙකු කියාය. එහෙත් නගරයෙන් ආ සිසු සිසුවියන් අතරේදී ඔවුන් නිර්මලා ගැන සිතන්නේ ඇය තමන් ගේ කෙනෙක් නොවේ කියාය. ගමටත් නගරයත් දෙකටම නැති ඇය දැන් සිතන්නේ විදේශයකට පදිංචියට ගියොත් හොඳ බවය.

නිර්මලා ගේ ජීවිතයේ අරමුණ වී තිබුනේ, මොන විධියෙන් හෝ ඉහල යාමය. දුක දිනා ජය ගැනීමට කෙටි මාර්ග සෙවූ නිර්මලා ඒ වෙනුවෙන් අම්ම අප්පා වුවත් කැප කිරීමට සූදානම්ය.

කුමන ප්‍රශ්න තිබුනත් පාටමාලාව නිසි ලෙස හදාරා සෑම විබාගයකින්ම උසස්ම ලෙස සමත්වීම පීඨයේ සියලුම සිසු සිසුවියන්ගේ එකායන ඉලක්කයයි. ලෝකයාට පෙනෙන්නට අධ්යාපන කටයුතු ගැන උනන්දුවක් නොපෙන්වන්නෝද සැමටම හොරා ගජරාමයට පාඩම් කරති. සරසවි බාසාවෙන්ම කියතොත් "හොඳට දෙති" !

දන්නා කියනා සියලුම වැඩ සහ කිඩ දමාත් හොඳ ලකුනු ගැනීමට අසමත් වූවෝ, තමන් ගැන නොව අනුන් වෙනුවෙන් තම වෙලාව කැප කලා යයි මග තොට හමුවන සියලුදෙනාටම පවසති. කියන්නෝ කෙසේ කීවත් අසන්නෝ සිහි බුද්දියෙන් අසා, විහිලු කාරයන් ගේ පම්පෝරි බැහර කරති. එම හේතුව නිසාම විබාග වලින් උසස් ලකුනු ගන්නා සිසු සිසුවියන් කෙරෙහි පීඨයේ සැමගේම සිත් තුල යම් ගෞරවයක් තිබුනේය.

දේවින්ද ගැන නිර්මලා කල්පනා කරන්න පටන් ගත්තේ ඔහු වාර විභාගයේදී ඉහලම ලකුණු ලබා "බැච් ටොප්" කල පසුවය. දෙවින්ද ගේ ලකුනු වල සාමාන්‍ය අගය හත්තෑපහකට ආසන්න වෙද්දී නිර්මලාට ලබා ගත හැකි වූ සාමාන්‍ය අගය දහ හතකි.

ඊලඟ වාර විබාගය වෙත්දී ලකුනු වැඩි කර ගැනීම සඳහා වූ කෙටිම ක්‍රමය තමා අත ලඟම ඇති බව නිර්මලා දන්නීය

දේවින්ද ඉගෙන ගෙන ඇත්තේ දිවයිනේ හොඳම පාසලකය. තමා වැනි දුශ්කර පෙදෙස් වල අද්යාපනය හදාල අයට වැසී තියෙනා උසස් සමාජයේ දොරවල් දෙවින්දට සැමවේලේම ඇරිලාය. ඔහු ඉතා හොඳින් අද්යාපන කටයුතු කරයි. කන්ඩායම් මිතුරි මිතුරියන් හට පාඩම් වැඩ වලට උදවු උපකාර කරයි.

දේවින්ද ගේ මිතුරියක නොවූ නිසා නිර්මලාට එම උපකාර නොලැබේ. ඔහු සමග නිතර නිතර පාඩම් කරනා, සාකච්චා කරනා මිතුරු මිතුරියන් හට ද වාර විබාගයෙන් උසස් ලකුනු ලැබී තිබේ. දේවින්ද ඔහු ගේ මිතුරු මිතුරියන් ගෙන් ඈත් කර තමාටම අයිති කරගත්තොත් තමන්ගේ ලකුනු වැඩි කරගත හැකි අතරම දෙවින්දගේ මිතුරු මිතුරියන් ගේ ලකුනු අඩු වීමේ හැකියාවක් ද පවතී..

තමන් ගේ ලකුනු වැඩි කර ගැනීමෙන් නොනැවතී අනුන්ගේ ලකුනු අඩු වීමට සැලසීම නිර්මලා හට ප්‍රීතියකි.

තම අධ්‍යාපනයට හා සමාජීය ජීවිතයට දේවින්ද ගෙන් ලද හැකි උපකාර සලකා බැලූ නිර්මලා කෙසේ හෝ දේවින්ද තම පෙම්වතා කර ගැනීමට සිතා ගත්තාය.

නිතර නිතර දෙවින්ද අසලම ගැවසුනු නිර්මලා ඉඩක් ලද හැම විටම ඔහු ගේ අවධානය දිනා ගැනීමට සමත් වූවාය. කොල්ලන් දැලේ දා ගන්නා ක්‍රම සහ විධි ගැන මනා පුහුණුවක්  තිබු ඇයට  ඉතා සුළු කලකින් ම දේවින්දව  ඇයගේ පෙම්වතා කර ගැනීමට හැකි විය.

මින් පෙර පෙම්වතියක් ආශ්‍රය කර නොතිබුණු කොල්ලා නරා වලට ඇද වැටුනේයදේවින්ද ගේ සරසවි ජීවිතයේ කාලකන්නි පරිච්චේදය ආරම්භ  වුයේ එසේය.



*****************************



මුල දී දේවින්ද ට දැනුනේ තමාට මෙතෙක් ආගන්තුකව පැවති සුර ලොවක දොර ඇරුනා කියාය.

සොඳුරු සරසවි බිමේ ආදරවන්තියක හා පෙමින් වෙලී සතුටින් අධ්‍යාපන කටයුතු කරගෙනයාම පෙර පිනකින් ලැබූ වාසනාවකි. නිර්මලා සමග පෙම් සබඳතාවක් ඇරඹීම තම ප්‍රියතම සිනමා සිත්තම වූ හන්තානේ කතාව දැකීම නොව එහි ජීවත්වීමට අවස්තාව ලැබීමකි.

එවන් සිහින මාලිගා ගොඩ නැගූ කපටිකම් නොදත් අහින්සක අසරණයාට යන එන මන් නැති කිරීමට නිර්මලා සමත් විය.

විනෝද ගමන් යෑම, නාට්‍ය චිත්‍රපටි වැනි දෑ නැරඹීම ආදිය නිර්මලාට අරහන් ය. ඒ තියා හදිසියකදී වත් කන්ඩායමේ අනෙක් ලමයෙකුට නොදත් දෙයක් කියාදීම පවා ඇය දේවින්දට තහනම් කලාය. .

කුඩා කල සිටම අන් අයට උපකාර කිරීම, දත් දේ නොදත් අයට කියා දීම යුතුකමක් සේ සලකා ක්‍රියා කල දෙවින්ද මුලින් මුලින් නිර්මලාට නොදැනුවත්ව තම කන්ඩායම් සගයන් හට උදවු කිරීම දිගටම කරගෙන ගියේය.

කෙලෙස හෝ එවනි අවස්තා නිර්මලා ගේ කනට ගියවිට ඇය මහ හඬින් දෝෂාරොපනය කිරීම මගින් දෙවින්දව පාලනය කර ගත්තේය. පිටස්තර අයට ඇසෙන ලෙස කරන නිර්මලා ගේ නිර්දය කෑ කෝ ගැසීම් වලට දේවින්ද ඇත්තටම බය වුනේය. අවසානයේදී නිර්මලාගේ කටට බයෙන් අන් අයට කරනා උදවු උපකාර නැවත්වීමට දේවින්දට සිදු විය.

අධ්‍යාපන කටයුතුවලදී නිර්මලා ඉන්නේ සෑහෙන පිටුපසිනි. තම පෙම්වතිය ගැන දුක සිතුනු දේවින්ද සැමදා සවසට ඈ සිටි නේවාසිකාගාරයට ගොස්  එදින ඉගෙනගත් දේ ඇයට තේරුම්කර නැවත කියා දීම පටන් ගත්තේය. ඇත්තටම නිර්මලාට දේවින්ද ගෙන් අවශ්‍යව තිබුනේද එයමය..

නිර්මලාට දේවින්ද ගේ වැදගත් අවංක ගතිගුණ වලින් වත්, ආචාරසීලී බව වත්, ආත්ම විස්වාසය වත්, අනුන් වෙනුවෙන් හිත උනුවීම් වත්, අහින්සකකම් වත් වැඩක් වුයේ නැත.

ඇයට වැදගත් වුයේ සැමදා සවස ඔහුගෙන්  පාඩම් ඉගැනීමත්, ඔහු ලංකාවේ උසස්ම විදුහලේ ආදී ශිෂ්‍යයෙක් වීමත් ය.

ඈත ගම්මානයකින් සරසවි පිවිසි ඈ හට සාමාන්‍යයෙන් වැසී තිබෙන බොහෝ දොරවල් කොළඹ පිහිටි හොඳම පාසලේ ආදී ශිෂ්‍ය පෙම්වතෙකු නිසා ඉබේම ඇරෙන බව නිර්මලා දන්නේය.


අතිශය ශූර සට කපට කෙල්ලකු වූ නිර්මලා පළමුව කලේ කණ්ඩායමේ සියල්ලන් ගේම ආදරයට ලක් වූ දේවින්ද කේලාම් කියා ඔවුන් සමග තරහ කරවීමය. ඔහු තම සහෝදර සිසු සිසුවියන් සමග ආරවුල් නොකරගත්තත්, දේවින්දව ටිකින් ටික අනෙක් අයගෙන් ඈත් කිරීමට නිර්මලා සමත් උනේය..

එනමුදු නිර්මලා හැමෝම සමග සුහදව ඇසුරු කිරීමට වග බලාගත්තායඅන්තිමට නරක මිනිහා වුයේ දෙවින්දය.

තමා හට නැගිටින්නට අත දී උදවු කරන අය  ගේ උරිස්සට පය තබා ඉහල යාම අනුන් ගැන නොතකා ඉක්මනින් දියුනු වන අය ගේ හැටිය.

ඈත ගමක වෙසෙන නිසා නිර්මලා ගෙදර යන්නේ වාර අවසානයේ පමණය . ලෙඩින් ඔත්පලව ඇදේ සිටින තාත්තාට නිර්මලා කැඳවාගෙන යාමට නුවර එන්නට බැරිය. එම නිසා දෙවින්ද ඇයව මගට ඇරලවා ගෙදර යයි.

කන්ඩායමේ සැවොම "ලංකා සවාරිය" ලෙස හඳුන්වා සිනාසෙන එම ගමන පටන් ගන්නේ පාන්දර පහට මහනුවර "ගුඩ්ස් ශෙඩ්" බස් නැවතුම්පොලිනි.
නිර්මලා ද කැටුව නුවර එලිය හරහා බණ්ඩාරවෙලට යන දෙවින්ද ඇයව බණ්ඩාරවෙල දී මොනරාගල යෑම සඳහා වැල්ලවාය බස් රථයක නන්ග්වා බන්ඩාරවෙලින් බදුල්ලේ සිට පැමිනෙන නොම්මර 99 සීග්‍රගාමී බස් රථයේ  නැගී තිඹිරිගස්යායේ පිහිටි ඔහු ගේ ගෙදර යන්නේය. උදේ පහට පටන්ගන්නා "ලංකා සවාරිය" අවසන් වන්නේ රාත්‍රී නවයට පමණය. දෙවින්ද ගේ කැප කිරීම් එසේය.

නිර්මලා සමග ප්‍රේම සම්බඳයක් පටන් ගනීමට පෙර, ලද හැම විටම බසයක එල්ලී තම මිතුරු මිතුරියන් සමග ගෙදර දිවීමට පුරුදුව සිටි දේවින්දට, ඒ වෙනුවට මුළු වාරයම ඇය සමග ගත කරන්නට යයි නිර්මලා බල කලාය.

කොල්ලා ගේ සති අන්තයට ගෙදර යාම නැවතිණි. අන්තිමට ඔහු ට පැරණි මිතුරු මිතුරියන් නැති විය... අසරණයා තනි විය …නිර්මලා පාඩම් කියා දීම පමණක් ඔහු ට උරුම විය.

එහෙත් ටිකින් ටික මායම් හැට හතර ගැලවෙද්දී දේවින්ද තම පෙම්වතිය ගේ නියම මුහුණ ඔහු දුටුවේය. ඒ වනවිට ප්‍රමාද වී වැඩිය. දෙවින්දව සම්පූර්ණයෙන් ම ජීවග්‍රහයට ගැනීමට නිර්මලා සමත් ව සිටියාය.

දේවින්ද තවමත් සිතා ඉන්නේ  අනෙක් හැම දෙනාම නිර්මලා ගේ හොඳ පැත්ත මිස නරක පැත්ත නොදන්නා බවය. එහෙත් ඔහු ගේ පැරණි මිතුරු මිතුරියන් හට නිර්මලා කවුද කියා ටිකින් ටික පැහැදිලි වන්නට පටන් ගත්තේය.

මුලින්ම දේවින්ද ගේ කාමර සගයා වූ අතුල ට ඔහුගේ මිතුරෙකු මගින් නිර්මලා ගේ පැරණි පෙම්වතා කියාගන්නා කෙනෙකු හමු විය. එම කොල්ලම නේවාසිකාගාරයට පැමිණ නිර්මලා හමු වන්නට උත්සාහ කරනවාත්, නිර්මලා ඔහු හමුවීමට පහලට නොපැමිණ, උඩු මහලේ වූ ඇය ගේ කාමරයේ සැඟවී ඉන්නවාත් මනෝජා ඇතුළු ගැහැණු ළමුන් කිහිපයකටම අසු වී තිබුණි. සරසවි පැමිණි පසු නිර්මලා තමන් ව අමතක කළ  බව ඒ කොල්ලා කියා තිබුණි.

එහෙත් එම සිද්ධිය දේවින්ද ට පැවසීමට කිසි  කෙනෙකුට බැරි උනේ එය  සදාචාර සම්මප්පන යැයි නොසිතු  බැවිනි.  

තම අම්මගේ සහ තාත්තගේ ආභාෂය නිසාම ප්‍රතිපත්ති අගය කරමින් කෙලින් ජීවිතයක් ගෙවන්නට පුරුදුව සිටි දේවින්දට කල හැකි දෙයක් නොවූ නිසා බැඳ ගත්ත බෙරේ ගැසීම දිගටම කරගෙන ගියේය. ක්‍රීඩාවට ඉතා ලැදී දේවින්දට කිසිම ක්‍රීඩාවකට සහභාගී වීමේ හෝ නැරඹීමේ වරම් අහිමි වුයේද හවසට නිර්මලා වෙනුවෙන් පැවැත්වියයුතු ටියුෂන් පන්තිය නිසාය.

සමහර දාට සරසවියේ පවත්වන්නට යෙදෙන නාට්‍යයකට  හෝ සංගීත සන්ද්යාවකට නොගොසින් ඇයට පාඩම් කියා දෙන්න එන්නයි නිර්මලා බල කල විට දේවින්ද ට පිස්සු හැදෙයි..

එහෙත් කොල්ලා ගෙදර ගිනි පිටතට දුන්නේ නැත... කාටත් නොකියාම, කොන්ද කෙලින් තියාගෙනම ඔහු ඒ සියලු දුක් ගැහැට ඉවසීය.

මේ අතරතුර දේවින්දට පෙම්වතියක් ඉන්නා බව දැන දැනම සරසවි  ශිෂ්‍යාවන් බොහෝ දෙනෙකු ඔහු ගේ සෙනෙහස පතා ආවෝය. විශේෂයෙන් ම ඔහු නවක වදයෙන් බේරාගත් දැරියෝ බොහෝ දෙනා ඔහුට පෙම් කලහ. එහෙත් කෙලින් වැඩකරන කොල්ලෙකු වූ දේවින්දට කලේ හෙමින් සීරුවේ කෙල්ලන් ගේ හිත  නොරිදවා, ඔවුන් ගේ සෙනෙහස ප්‍රතික්ෂේප කිරීමයි

වසර අවසාන විබාගයේ දේවින්ද වැඩිම විශිශ්ට සම්මාන සමග කන්ඩායම් ප්‍රතමයා වෙද්දී, දෙවනියා වූයේ ඊට පෙර කන්ඩායමේ පහලම සිටි නිර්මලාය. ඊලඟ වසරේ පලමු වාර විබාගයේ ප්‍රථමයා වූයේ නිර්මලාය.

දේවින්ද නිසාම තම අධ්‍යාපන  තත්ත්වය නංවා  ගත්  නිර්මලා ට දැන්දැන් ඔහු ගෙන් ගන්නට උපකාරයක් නැත. දැන්  ඈ දෙවින්දව තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැත.

තම හැගීම් පිටතට නොපෙන්නන කොල්ලා ඒවා සියල්ල කාගෙන මොකුත් සිදු නොවුවා සේ සිටී. ඒ බව මනෝජා ඇතුළු මිතුරු මිතුරියන්ටද දැනේ. ඔවුන් සියල්ලෝම දෙවින්දට සිදු වූ මේ අපලය ගැන එක සේ දුක් වෙති.



********************************


මනෝජා ගේ කතාව ඇසු තාරුකාට හෝ ගාලා ඇඩුනි. හොඳ මන්නුස්සයින්ට වෙන්නේ මෙවැනි දේවල් මය. නරක කරන්නන්ට හොඳින් හරි යයි...

මේ යන විදියට දෙවින්දට අනාගතයේ මොන මොන දේවල් වෙන්නට පුළුවන් දැයි කෙල්ලට දුකය. එහෙත් මොන දේ උනත් දේවින්ද අයියාව අත හරින්නට කෙල්ල සූදානම් නැත.

මොන දේ වුනත්, මම ඔයා ළඟ ඉන්නවා දේවින්ද අයියා... කෙල්ල තමාටම කියා ගත්තාය.

දිලිසෙන ඇස් ඇති මේ කෙල්ලගේ හිතේ දේවින්ද ගැන අප්‍රමාන සෙනෙහසක් ගොඩ නැගී ඇති බව මනොජාට පැහැදිලිය.

මගේ  සුදු නංගියා පුළුවන් නම් ඔයා දේවින්දව ඔය අපායෙන්  බේරාගන්න... තාරුකා ගේ කර වටා අතක් යවමින් මනෝජා  සිතුවාය.