සොඳුරු පේරාදෙනි සරසවියට පෑයූ තාරකාවක අන්දරය කොටස් වශයෙන් පල වන නව කතාවක් ලෙසින්...

https://www.facebook.com/sarasavisamaga

Monday, June 2, 2014

6. සය වන කොටස: ඉබි වලක කතාවක්…



හත් වන කොටසට : http://sarasavisamaga.blogspot.com/2014/06/7.html

පස් වන කොටසට : http://sarasavisamaga.blogspot.com/2014/06/5.html



දේවින්ද පෝලිමේ ගොස් කෑම පිඟානක් ද රැගෙන ඉඳගන්නට තැනක් සොයමින් වට පිට බලනා තම කාමර සගයා වූ අතුල ව දුටුවේය. තමා සමග එක වන්නැයි අතුලට ට අතින් සන් කල ඔහු, සැනසුම් සුසුමක් හෙලීය.
 
ජෙෂ්ට උත්තමයා තමා ඇතුළු  තම යෙලියන්ට රැග් කරනු වෙනුවට අතක් වනා කොහේදෝ යන තව ජේස්ට උත්තමයෙකු ගෙන්න ගත්තාට තාරුකා ගේ හිතට හරි නැත.
 
ඇයි, තනියම වධ දෙන්න ලැජ්ජද… කෙල්ලට පහල වන්නේ නොමනා සිතිවිලිමය. … මේ මොන විකාරයක් ද… එයා ලජ්ජා වුනත් නැතත් මට මොකද…… මමත් හිතන දේවල්…
 
අතුල මේසයේ ඉඳ ගත් වහාම ගෑනු ළමයින් ගෙන් ප්‍රශ්න කිරීම අරඹනු ලැබුවේය. නම, ගම, පාසල ඇතුළු බොහෝ දේ විමසින, උත්තර ද ලැබුණි.
 
සරසවි සම්ප්‍රදායක් වන "නවක නම් තැබීම" ආසන්නය
 
තමාගේ බත් පතේ වූ කරපිංචා වලින් ගෑනු ළමුන් ට සංග්‍රහ කිරීම පටන්ගත් ඔහු, හැමදෙනා ගෙන් විස්තරද විමසනවා තාරුකා බලා හිටියාය.
 
එක දැරියක් අත වූ ෆයිල් කවරයක ලස්සන ඉබි පැටියෙකු ගේ ස්ටිකරයක් අලවා තිබුණි. එය “ෆ්රෑන්ක්ලින්” නම් ඉබි පැටියා  වූ ළමා කාටූන් චරිතයකි. ඉබ්බා දුටු අතුල ගේ මුවට නැගුනේ අමුතුම සිනාවකි.
 
නම් තැබීමට අත්‍යාවශ්‍ය නිදාන කතාවක් ලැබී තිබේ... ඒ ඉබ්බෙකි...
 
මේක තමා “ඉබි වල” … නම් තැබීමේ සුභ මුහුර්තය එළඹ ඇත…
 
එතන සිටි පැහැපත් ම දැරිය ඇමතු  ඔහු, අද ඉඳලා උඹගේ නම “කිරි ඉබ්බි” යයි කීවේය.
 
කරුමෙට සඳුනි ගේ ෆ්‍රැන්ක්ලින් ස්ටිකර් එක  ජේස්ට උත්තමයා දැක්කේ, … දැන් ඉතින් අපි ඔක්කොම ඉබ්බියෝ… සෞම්‍යා කිරි ඉබ්බි, හරි ලස්සනයි.. කෙල්ලට බිම බලාගෙනම  සිනාය.
 
පළමුව නම් ලැබීම ගැන හෝ ලැබුණු නම ගැන හෝ  සතුටට පත් වූ කිරි ඉබ්බිය සිනා පානු දේවින්ද දුටුවේය.
 
හා හා, ඔය හිනාව කපල සාක්කුවේ දාගනින්, අතුල විධාන දුන්නේය.
දැරිය නැවතත් “නෝ සිනා නෝ කතා”  වූවාය.
 
එතැන් පටන් නම් තැබීම නැගලා ගියේය.
 
පාටින් අඩුම දැරිය “ගල් ඉබ්බි” විය. අතුල දෙස හොරැහින් බැලූ දැරිය “සීතල ඉබ්බි” වූවාය.
 
සඳුනි ජෙෂ්ට උත්තමයා දෙස ඇස් කොනින් බලනවා ඔහු දැක ඇත….
 
සීතල ඉබ්බි, හොරෙන් බලනවට හොඳ වැඩේ … හිටපන්කෝ ගෙදර ගිහින් නැන්දටයි මාමටයි කියනකම්…… තාරුකාට හොඳටම හිනාය.
 
අතුල ගේ CID වර්ගයේ හාරා ඇවිස්සීමේ ප්‍රතිපලයක් ලෙස තමන් හට ආදරවන්තයෙකු සිටිනවා යයි කීමට තරම් නිර්භීත වූ  දැරියන් දෙදෙනෙකු ඒ අතර විය.
 
ඉන් එක දැරියක ගේ ආදරවන්තයා පිට රටක ඉගෙන ගනිමින් සිටි හෙයින් ඒ දැරිය “රට ඉබ්බි” විය. ආදරවන්තයා මෙරට සිටි දැරිය “ලෝකල් ඉබ්බි” ලෙස නම් ලැබුවාය.
 
මම මොන ඉබ්බි වෙයි ද දන්නේ නැහැ … එම සිතිවිල්ල ආ පසු තාරුකා ගේ සිනාව නතර විය..
 
අවසානයේ ඉතිරි වූ දැරිය ගේ  නම කුමක් දැයි ඇසුවේ දෙවින්දමය.
 
තමා ගේ නම ඇසුවේ, මෙතෙක් නිශ්ශබ්දව සිටි හිරිකිතයා ගෙන් ඔවුන් බේරා ගත ජේස්ට උත්තමයා බව තාරුකා දුටුවාය.
 
මේ වගේ  කෙනෙකුට උත්තමයා කියා ඇත්තටම කීවත් කමක් නැහැ… ඇය සිහින ලෝකයේය…
 
හිස එසෙවූ දැරිය කෙලින් ම දේවින්ද ගේ දෑස් දෙස බලා “තාරුකා” කියා සෙමෙන්  කීවාය… 
 
දිලිසෙන ඇස් දෙකක්, ඒ එක්වරම දේවින්ද ගේ සිතට නැගුනු සිතිවිල්ලය. තාරුකා වගේම ඇස් දෙකත් දිලිසෙනවා …. ඔහුට සිතුනි.
 
අද ඉඳන් නම තාරුකා ඉබ්බි, කැමතිද? ජේස්ට උත්තමයා අසයි.
 
කැමතියි … තාරුකා ඔහු දෙස බලාගෙනම කීවාය…
 
සිනහවක සේයාවක් ඔහු ඇය හේ මුහුණේ දුටුවේය. ඔහු කියනා කරනා දෙයකට තමාට අකමැති වීමට හැකියාවක් නොහැකි බව හදිසියේම සිතුන තාරුකා තැති ගත්තාය.
 
කිසිම දිනෙක කොල්ලෙකුට පෙම් කීරීමට තබා කොල්ලෙකු ගැන කිසිම අන්දමේ හැගීමක් මින් පෙර අත්දැක නොතිබූ  තාරුකා ජේස්ට උත්තමයා ගැන තම සිතේ එක්වරම පහලවූ හැගීම ගැන පුදුම විය. මට මේ මොනවද වෙන්න යන්නේ??

11 comments:

  1. කතාව රහට ගලාගෙන යනවා.

    ReplyDelete
  2. පට්ට කතාව මචං, ජය. සින්ඩිකේටර් වල එල්ලියන්. එතකොට තව කියවන්න අය එයි. මේක උබේ කතාවද මචං. :D

    ReplyDelete
    Replies
    1. කතාව අගය කිරීම ගැන සතුටුයි... ඊමේලයකින් දන්වූ පසු, මාතලන් මහතා මගේ බ්ලොගය ඔහු ගේ සින්ඩියේ එල්ලීමට කරුනාවන්ත විය ......අනෙක් සින්ඩි වලට ඇතුලත් කිරීමේ ක්‍රම මා නොදනිමි...

      Delete
    2. මෙන්න සිංඩි ටිකක්. මේවට ගිහින් බලන්න. ඔයාට වැඩේ අල්ලගන්න පුලුවන් ඇතුලට ගියාම. මටත් මේ සිංඩි ටික දුන්නෙ අටම්පහුර.

      ඔයත් බ්ලොග් රෝලක් දාගන්න ඔයාගෙ බ්ලොග් එකේ. අනිත් අයත් ඔයාගෙ බ්ලොග් එක රෝලට දාගනී එතකොට. මගේ බ්ලොග් රෝලට මං ඔයාව ඇඩ්කරල තියෙන්නෙ.

      http://maathalangesindiya.blogspot.com/


      http://syndi.lankeeya.lk/


      http://blogs.sinhalabloggers.com/

      http://geek.lk/


      http://syndi.lankeeya.lk/

      http://www.sinhalabloggers.com/


      http://sindiya.com/


      http://www.kottu.org/


      http://blogs.geegain.com/


      http://lankablogs.org/


      http://maathalangesindiya.blogspot.com/


      http://www.hathmaluwa.org/


      http://www.ekathuwa.com/



      http://api-apita.blogspot.com/

      http://ad.einfolk.com/


      http://sindilanka.blogspot.com/

      http://nohimsithuwili.blogspot.com/

      http://avakashaya.blogspot.com/


      http://k-matha.blogspot.com/


      http://i-am-a-blog-reader.blogspot.com/


      http://helayeithihasaya.blogspot.com/



      http://ambagaha.blogspot.ca/

      ඔය ලින්ක් වලට ගිහින් එතන තියන අයැදුම් පත පුරවලා අරින්න , එතකොට ගොඩ දෙනෙක් ඔයාව දකිනවා

      Delete
    3. උත්සාහ කරමි..තැන්කූ

      Delete
  3. කොටස් සේරම කියෙව්වා . කතාව සුගමව ගලාගෙන යනවා .ජය !! (මාතලන් තමයි පාර කිව්වේ )

    ReplyDelete
    Replies
    1. ඉස්තුති.... මම ඔබෙ කතා කියවනවා.... අක්බාර් පාලමෙන් වෙන් වෙලා අපි එක කාලෙම පේරා ඉන්න ඇති....මගේ බ්ලොගයේ ප්‍රදාන පින්තූරෙත් අක්බාර් පාලම තමා.....

      Delete
  4. තාරුකා ඉබ්බි - so obvious නේද?

    ReplyDelete
  5. හොඳ කතාව . ඉතුරු ටික පස්සේ කියවන්න තියා ගත්ත .

    ReplyDelete