දහ වන කොටස: සතර බඹ විහරනයෙන් එකක්....
http://sarasavisamaga.blogspot.com/2014/06/10.html
කොළඹ ඉපිද එහිම පාසල් ගිය දේවින්ද පේරාදෙණිය සරසවිය ගැන දැන සිටියේ ප්‍රවෘත්ති පත්‍ර වලින්, රූපවාහිනියෙන් සහ සිනමාවෙනි.
සුගතපාල සෙනරත් යාපා මහතා අධ්‍යක්ෂණය කල “හන්තානේ කතාව” චිත්‍රපටය නරඹන්නට ඔහුට අවස්තාව ලැබුනේ සාමාන්‍යපෙළ විභාගය ට සූදානම් වන අවධියේය.
එහි සහාය නළුවා වූ අමරසිරි කලන්සූරිය ගේ රඟපෑමට වශී වූ දේවින්ද , කවදා හෝ පේරාදෙණිය සරසවියේ ඉගෙන ගනිමින් එම සුන්දර පරිසරයේ ජීවත් වීම තම ජීවිතයේ සැබෑ කර ගත යුතු සිහිනයක් ලෙස සිතුවේය.
උසස් පෙළ සමත්ව වැඩි දුර අධ්‍යාපනයට පේරාදෙණිය සරසවියට තේරීම ගැන ඔහු වැඩිපුරම සතුටු වූයේ එම නිසාය.
***************
පේරාදෙණි සරසවිය එංගලන්තයේ ඔක්ස්-බ්‍රිජ් සම්ප්‍රදාය හෙවත් ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලීය ක්‍රමයට අනුව මනරම් මහවැලි ගඟ අසබඩ හන්තාන කඳු පාමුල පිහිටි විශාල බිම්කඩක, නුවර යුගයේ ගෘහ නිර්මාන ශිල්පය ගුරු කර ගනිමින් බ්‍රිතාන්‍ය ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ සර් පැට්‍රික් ආබර්කොම්බි විසින් නිර්මාණය කරන ලද්දකි.
සර් පැට්‍රික් ආබර්කොම්බි පෙරලා සිය රටට ගිය පසු ශ්‍රී ලාන්කීය ගෘහ නිර්මාන ශිල්පියෙකු වූ සර් ෂර්ලි ද අල්විස් විසින් නිමා කරන්නට යෙදුනු පේරාදෙනි සරසවියටම ආවේනික අධ්යයන හා අනඅධ්යයන සරසවි ගොඩනැගිලි, පාලම්, මං මාවත් පමණක් නොව මග දෙපස වූ පහන් කණු පවා අපමණ සුන්දර දසුන් මවයි.
කොළඹ ක්‍රමය යටතේ කැනඩා රජය පරිත්‍යාග කල සුවිසල් ක්‍රීඩාගාරය සහ මහඇදුරු සරත්චන්ද්‍ර ගේ මූලිකත්වයෙන් නිම වූ එළිමහන් රංග පීටය හෙවත් “වල“ සරසවි මාතාවගේ කුණ්ඩලාභරණ වැන්න.
මෙවන් අසමසම අවස්ථා සහ පහසුකම් සිසු සිසුවියන් හට ලබා දෙන සරසවියක ඉගෙනීමට පින් කල දේවින්ද ගේ අභිප්‍රාය වූයේ එම සියලු අවස්ථා සහ පහසුකම් වලින් උපරිම ප්‍රයෝජනයක් ගැනීමටයි.
******************
දහයේ දේශනය අවසන් වූ විට බොහෝ සිසු සිසුවියෝ කැන්ටිමට ගොස් තේකක් කාරිය පානයකොට එකොළහට පැවැත්වෙන ඊළඟ දේශනය තෙක් විඩා ගෙවති, කල් මරති, හපන්කම්, මෝඩකම් සහ පුරසාරම් ඇද බාති.
ඊට කලින් කැන්ටිමට ගියොත් පෝලිමේ නොසිට තේකක් මිලට ගත බව දේවින්ද දන්නේය.
දෙවින්දත් මග දී හමු වූ ඔහු ගේ කන්ඩායම් සගයෙකු වූ නිශාන්තත් කෙලින්ම කැන්ටිමට ගියේ එහෙයිනි.
කැන්ටින් කන්ද නැග කහට කෝප්ප දෙකකුත් වියානා රෝල්ස් දෙකකුත් මිලට ගත් දේවින්ද ඒ වනවිටත් කොනේ මේසයක් අල්ලාගෙන, පත්තරයකුත් දිග ඇරගෙන හිටි නිශාන්ත වෙත ගියේය.
නිශාන්ත කියන්නේ අපූරුම චරිතයකි.
සරසවීයේ මෙවැනි හිත හොඳ, විහිලුවක් කරමින් සැමවිටම හිනාවී සිටින සිසුන් අති දුර්ලභය. ඔහු දේවින්ද ගේ ලඟම හිත මිතුරෙකි.
නිශාන්ත ගේ ප්‍රසන්න ගති පවතුම් නිසාම දේවින්ද ඔහු ගේ අනෙක් කන්ඩායම් සගයන්ට වඩා නිශාන්තට ප්‍රිය කලේය
සෑම දෙයක්ම විහිලුවකට හරවා ගන්නා නිශාන්ත වියානා රෝල්ස් වලට කියන්නේ ක්‍රොකඩයිල් බන්ස් කියාය. ක්‍රොකඩයිල් බන්ස් කමින්, කහට තේ බොමින්, පත්තර කියවමින් ඔවුන් දෙදෙනා පැය කාලක් පමණ ගෙවන්නට ඇත.
*****************
වෙලාව උදෑසන දහය පසුවිය. දේශනය හමාරවී නවක පෝලිම කැන්ටින් කන්ද නැඟ එයි.
නුවර කඩේ දැරිවියන් හය දෙනා ද හෙමින් හෙමින් කන්ද නැඟ කැන්ටිමට ආවේය.
ඔවුන් දුරින් තිබූ රවුම් මේසයක වාඩි වනවා දෙවින්ද දුටුවේය.
පුරුදු පරිදි, බිම බලාගෙන, සද්ද බද්ද නැතිව, සාන්ත දාන්ත තීන්ත කුප්පි!
පළමුව දෙවින්දව දැක්කේ සීතල ඉබ්බී හෙවත් සඳුනිය.
අර බලපන්, උදේම කුමාරයා වගේ… ඇය තාරුකා ගේ අතින් අදිමින් දෙවින්දව පෙන්නුවාය.
අනපේක්ෂිතව දෙවින්දව දුටු තාරුකා ගේ සිතේ සිහින් සතුටක් මතු වී ආවාය….
ආයි.. ආයි… කෙල්ලගේ ඉහේ මල් පිපුනා.. දේවින්ද ළඟ සිටි අනෙක් ජෙෂ්ට සිසුවා ඔවුන්ට අඬ ගසන බව දුටුවාම සඳුනි තාරුකා ට රහස් කීවාය.
නිශාන්ත වදකයෙකු නොවේ.... ඔහු නවක සිසු සිසුවියන් හට ගොන් පාර්ට් හෙවත් විහිලු කිරීමට ප්‍රිය කලේය. කොපමන ගොන් පර්ට් දැමූවත් නිශාන්ත කිසිම දිනක නවකයන්ට කුනුහරුප කියනවාවත් තර්ජනය කරනවා වත් දේවින්ද අසා නැත. නවක සිසු සිසුවියෝ නිශාන්ත සමග කල් ගෙවීමට ඉතාම මනාපය.
නිශාන්ත ලඟට කැඳාවගත් නුවර කඩේ ගැහැණු ළමුන් ට ක්‍රොකඩයිල් බන්ස් ගැන විස්තර කෙරුවේය…
ජෙෂ්ටයන් ගෙන් නිතර කුණුහරුප අසනා නුවර කඩේ සිසුවියන් හට නිශාන්ත ගේ විහිළු කතා අසා ඉල ඇදෙනකම් සිනාය.
එවරද දේවින්ද සිනා සෙමින් බලා සිටියා මිස කුනුහරුප කියමින්, තර්ජනය කරමින් තමා ඇතුළු දැරියන් සය දෙනාව නොවෙහසූ බව තාරුකා ට තේරුණේය.
අනෙක් ජෙෂ්ට උත්තමයා වුවත් විහිළු තහළු කළා මිස කුණුහරප හෝ හිරිකිත කතා කීවේ නැත.
දෙවින්දට කිසිවෙක් රැග් කරන්න එපා කීවේ නැත. ගෑනු ළමුන්ට කුණුහරුප හෝ හිරිකිත කතා කියන්න එපා ද කීවේ නැත. එහෙත් අපමණ අවස්ථා තිබියදී, ඔහු එවැනි බාල දේ කියා පහත් වින්දනයක් ලබා ගත්තේ නැත.
ඒ වෙනුවට හිරිකිත කතා කියනා අප්‍රසන්න පුද්ගලයකුගෙන් මින් පෙර දැන ඇඳුනුම් කමක් නැති බියපත් ව සිටි ගෑනු ළමයින් ටිකක් බේරා ගන්නට ඔහු හේ සිත උණු උනේය.
හැමෝටම එහෙම හිත උනුවන්නේ නැත. හිත උණු උනද, තව කෙනෙකුව බේරා ගැනීමට ඉදිරිපත් වන්නේද නැති බව තාරුකා දන්නීය.
හොඳ අම්මා කෙනෙක් හොඳට හදපු දරුවෙක් සරසවි නොව අපායට ගියද තම ගති ගුණ වෙනස් කරගන්නේ නැත…
“මෙවන් පුතෙකු ලද මාතාවක් නිවුණේ වෙයි”… තාරුකාට මතක් වුනේ ශාන්තව ගමන් කරනා සිද්ධාර්ථ කුමාරයා දුටු කිසා ගෝතමිය ගැයූ නිබ්බුත පදය.
ඊයේ රෑ මනෝජා අක්කා කියු දේ ඇත්තය. බය නැතිව කෙල්ලක් දේවින්ද සමග තනි පංගලමේ ඕනෑම තැනක යැවිය හැකිය.
කෙල්ල ගේ සිත ආඩම්බරයකින් පිරුණි.
තම ජීවිතයේ ප්‍රථම වරට ඊයේ දුටු මේ පිරිමි ළමයා ගේ හොඳ ගුණ ගැන තමා ආඩම්බර වන්නේ මන්දැයි තාරුකාටත් නිනව්වක් නැත.
එදින රාත්‍රියේත් මනෝජා තාරුකා ගේ කාමරටයට පැමිණියේ කෑම ගැනීමට ඇයව කැඳවාගෙන යාමටය.
දවල් වරුවේ සිදු වූ දා මනොජාට කියනාතුරු කෙල්ලට නිවනක් නැත.
හා හා....
ReplyDeleteහී.....................................
දන්නැති දේවලුත් අද කොටසින්දැනගත්ත..
ඊළග එකත් දාමු...
අනේද කියන්නේ
Deleteකතාවෙ ඇතුලටම සරසවියෙ විස්තර ටිකකුත් දැම්මෙක හොඳයි. ඒ වගේ දේවල නිතර එකතුකරන්න.
ReplyDeleteසුන්දර පේරාදෙනි සරසවිය ගැන තව විස්තර ගොඩාක් මග එනවෝ...
Deleteහොඳයි. හැබැයි අදනං අකුරු ව්‍යාකරණ එහෙම පොඩ්ඩක් අවුල් වගේ මගෙ ඇඟට තේරුණා.හොයල බලන්නකො.ජය!!!
ReplyDeleteටිකක් නෙවෙයි ගොඩාක් අඩුපාඩු තියෙනවා.... ඒවා අඩු කර ගන්න උත්සාහ කරන්නම්.... ස්තුතී
Deleteඅමරසිරි කළංසූරිය නිසා ෆිල්ම්ස් බලන්න එකතුවුන පරපුරක් හිටියා.
ReplyDeleteකිඹුලා බනිස්වලට සමහරු කිව්වේ වියන් රෝල් කියලා. ඒ ඇත්තටම VIENNESE ROLLS/BREAD හදන එකට ටිකක් සමාන එකකින් හදන නිසා වෙන්න ඇති. කටේ හුරුවට වෙන්න ඇති වියන් රෝල් කියන්න ඇත්තේ.
කතාවේ චරිතවලටම සීමා නොවී, පරිසරය හා තවත් දේ එකතුකලාම තවත් කියවීමකට සීමා නොවී වෙන මාවත් විවර වෙන බව මගේ පෞද්ගලික හැඟීමයි. ඔහොම යන්!!
ඔවු... කතාවේ චරිත වලට අමතරව තවත් බොහෝ දෑ ගන කතා කිරීම මගේ අරමුනයි.... ඔබගේ විශේශ ක්ශේශ්තරය ගැන ද කතාවෙ තියෙනවා... මම ඒ ගැන දන්නේ ඉතාම අඩුවෙන් නිසා ඔබගේ අදහස් යොජනා සහ විවේචන බලාපොරොත්තුවෙනවා.... ස්තූතියි..
Delete