සොඳුරු පේරාදෙනි සරසවියට පෑයූ තාරකාවක අන්දරය කොටස් වශයෙන් පල වන නව කතාවක් ලෙසින්...
https://www.facebook.com/sarasavisamaga
https://www.facebook.com/sarasavisamaga
Monday, June 30, 2014
12. දොලොස් වන කොටස : ආයාචනා
11. එකොලොස්වන කොටස: මෙවන් පුතෙකු ලද මාතාවක්................
ඊළඟ දවසේ දිවා ආහාරය සඳහා නවක සිසු සිසුවියන් වෛද්‍ය පීට කැන්ටිමට පැමිණෙද්දී, දෙවින්ද ද ඔහුගේ පුරුදු ඇඳී පුටුවේ වාඩි වී සිටියේය.
එදින ඔහු පාඩම් කරමින් සිටියේ ඖශදවේදයයි.
ඔවුන් හට ඖශදවේදය හෙවත් Pharmacology ඉගැන්වූයේ සුරුබුහුටි රූමත් ආචාර්යවරියකි.
සුරුබුහුටි කම නිසාම සිසුන් ඇයට නම දමා තිබුනේ බට්ටි කියාය. උගන්නන්නේ Pharmacology නිසාම ඇය ගේ නම පාන්බට්ටි කියා පරිනාමය වීමට වැඩි කලක් ගත නොවීය.
ඖශදවේදයට දැක්වූ දක්ශතාවය නිසාම දෙවින්ද පාන්බට්ටි ගේ අවධානය දිනා සිටියාය.
තම ප්‍රියතම විශයක් වූ Pharmacology වලට අධි සම්මාන සාමර්තයක් ලබාගැනීම දෙවින්ද ගේ බලාපොරොත්තුවක් විය.
“ඈ එනතුරු ඔහු බලා සිටී”… දුර දීම දේවින්දව දුටු සඳුනි තාරුකා ගේ කනට කෙදිරුවේය…
“වදේමයි“… සඳුනි ට තරහ මුහුණක් පෙන්වූ තාරුකා, පවු, දේවින්ද අයියා අදත් අපිව පරිස්සම් කරන්නයි ඇවිත් ඉන්නේ යි සිතුවාය.
අඬ ගසන්නට ද ප්‍රථම, නුවර කඩයේ දැරියෝ සය දෙනාම ඔහු ලඟට විත් විහිළුකාර ජෙෂ්ටයන් විසින් උගන්වා තිබූ පරිදි ” ජෙෂ්ට උත්තමයාට සුබ දිවා ආහාරයක් වේවා” යි සුභ පතනවා දේවින්ද ඉවසා සිටියේ සිනාවකිනි.
දේවින්ද දුටු පළමු වර කෙල්ලට සිතුනේ ඔහු හැන්ඩ්සම් නැහැ කියාය. දැන් සිතෙන්නේ ජෙෂ්ට උත්තමයා හිනා වෙනකොට හරි ලස්සනයි කියාය.
ඔය ලස්සනට හිනා වෙන්නේ…. තාරුකා මීට පෙර කොල්ලෙක් හිනා වෙනවා දැක නැතිවා වාගේය.
අද දැරියන් ගේ මුහුණු වල එතරම් බියක්, චකිතයක් නොපෙනේ.
දේවින්දට හිතෙනා විදියට අතුරු ආන්තරාවකට ලක් නොවී කෑම ගැනීමේ හොඳම මග ඔහු ළඟ වාඩි වීම බව දැරියන් සය දෙනාම තීරණය කරගෙන ය.
ආපන ශාලාවට දකුනු පසින් වූ කාන්තා පොදු කාමරයට අල්ලා සාදා ඇති ජල කරාම වලින් අත සෝදාගෙන පැමිනි ගැහැනු ලමෝ දේවින්ද ඉදිරියේ සීරුවෙන් සිටී.....
ජේශ්ට උත්තමයාගේ අවසරයකින් තොරව වාඩි වීමේ ආනන්තරිය පාප කර්මය කිරීමට ඔවුන් සූදානම් නැත...
දෙවින්ද තමා ලඟ වූ මේසයේ තබා තිබූ Lawrance's Pharmacology පොත සහ සටහන් ලියූ පොත ඇඳි පුටුවට ගත්තේය
වාඩි වෙලා කෑම පටන් ගනිල්ලා යනුවෙන් විධාන දුන් ඔහු ද ටික වෙලාවකට පෙර කැන්ටිමෙන් ලබාගත් කෑම පිගාන අතට ගත්තේය.
**************
ලංකාවේ සරසවියක කැන්ටිමේ කෑම වල තත්වය ගැන පොත් කීපයක් ලිවිය හැකිය. එහි රසය හෝ ගුණාත්මක භාවයක් කියා දෙයක් නැත.
එහෙත් දේවින්ද වැනි බොහෝ නේවාසික ශිෂ්‍යයන්ගේ ප්‍රධානතම කුසගිනි සතපන්නා වූයේ කැන්ටිමේ මුදලාලි ගේ බතයි!
නිතරම සිනාසෙන බඩා මුදලාලි ගේ අත්ගුනයෙන් නිමවූ වෛද්ය පීට ආපන ශාලාවේ ආහාර සිසු සිසුවියෝ බුක්ති වින්දේ පැමිනිල්ලකින් තොරවය...
තමන් ගෙවන මුදලට ඊට වඩා හොඳ කෑම වේලක් දෙන්නට බඩා මුදලාලිට බැරි බව ඔවුන් හට හොඳින් තෙරී ඇති නිසාය
දේවින්ද වටා සිටි ඔහු ගේ අලුත් “fan club” එකද ප්‍රථම වතාවට සරසවි කැන්ටින් බත දැක්කේ දේවින්ද ගේ පිගානෙන් බව සහතිකය.
එය දුටු වහාම දැරිවියන් කීප දෙනෙකුගේම මුහුණ ඇඹුල් වී යනු දේවින්ද දුටුවේය.
තාරුකා ඉඳගෙන තිබුනේ දේවින්ද ලඟින්මය. ඔහුගේ කැන්ටින් කෑම එක දුටු ගමන් කෙල්ලට හීල්ලුනි.
එහි තිබුනේ බතුත්, මුරුංගා කැබැල්ලකුත්, ඉතා කුඩා මාළු කෑල්ලකුත් පමණය.
තාරුකාට තම උගුර හිරවනවා දැනුනි….
අනේ අපි රසට කත්දී , අපිව පරිස්සම් කරන්න ඇවිත් දේවින්ද අයියා කන කෑම එක… කෙල්ලට පපුව පැලෙන්නට ආවේය.
අනිත් ගනු ළමෝ කෑම කති, එහෙත් තාරුකා කෑමට ගත බත් පිඬ අතේ රඳවාගෙනම ඔහු දිහා බලා ඉන්නවා දේවින්ද දුටුවේය.
තමන් ගේ රස මසවුළු වලින් පිරි කෑම පාර්සලය දෙස බැලූ තාරුකා යමක් දේවින්ද හට පවසන්න උත්සාහ කරනවා ඔහුට දැනුනි.
ඇගේ කෑම බෙදා හදා ගෙන කන්නට ඇය දෑසින් දෙවින්දට ආරාධනා කරයි!
ඉතා පරෙස්සම්නින් වැඩ කටයුතු කල යුතු වේලාවකි.
මාස කීපයක් සරසවියේ ගතකර වධ කාලය හෙවත් නවක කාලය හමාර වනතුරු, ඔවුන් හා අනෙක් සිසුන් අතර කිසිම මිත්‍ර සම්බන්දයක් හෝ ඇයි හොඳයියක් නැත.
නවක ශිෂ්‍යාවකගෙන් යමක් අරගෙන් තිබී ජෙෂ්ටයයෙකුට අහු උනොත් දේවින්ද සරසවියේ ඉඳ ඉවරය!
තම කෑම බෙදා හදා ගන්න ලෙස ඈ දෑසින් කල ආරාධනාව, දෑසින්ම ප්‍රතික්ෂේප කල දේවින්ද , ඔහුගේ කැන්ටින් බත රසවිඳීම ඇරඹුවේය.
ඉතින් ඔයා කැන්ටින් කෑම එක කනවා බල බල මම කන්නේ හොහොමද දේවින්ද අයියා….. කෙල්ලට ආයිත් හීල්ලුනි.
බත් කටවල් දෙක තුනක් කා ඔහු ඇය දෙස බලත්දී, තාරුකා කෑම පසෙකලා පාර්සලය ගුලි කරනා අන්දම දුටුවේය.
මොකද බඩ පිරිලාද, දේවින්ද ඇසුවේ විහිළුවට වඩා වෙන කල හැකි දෙයක් නොවූ හෙයිනි.
ඔයා ඔහොම කත්දී මම මේක කන්නේ කොහොමද දේවින්ද අයියා… කෙල්ල බිම බලාගෙන සිතුවාය.
තාරුකා ගේ ඇස කුඩා වී ඳීළෙන අන්දම දේවින්ද දුටුවේය. එහෙත් දෙවින්දට කඳුළු නොපෙන්වීමට ඇය එකවරම බිම බලා ගත්තාය.
සඳුනි හිස එසේව්වේය. තාරුකා ට කන්න බැහැ, හිත පිරිලා යි පැවසූ ඇය ඉක්මනින්ම ආපසු බිම බලාගෙන කෑම කන්නට පටන් ගත්තාය.
තාරුකා එවිට හිස ඔසොවා දේවින්ද දෙස බැලුවාය.
තවම ඇස් වල කඳුළු තිබේ, එහෙත් මුහුණ පුරා ඒ සුන්දර දඟකාර සිනාව පැතිරී යයි. ඒ දිලිසෙන ඇස්.......
දේවින්ද ගේ පපුව හෝස් ගා පත්තු වී ගියේය.
කට වහගෙන කාපන්, දේවින්ද සඳුනි ට අණ කලේ තත්වය පාලනය කර ගන්නටය.
“කට වහගෙන කන්නේ කොහොමද ජේස්ට උත්තමයා ” සඳුනි දේවින්ද ගෙන් ඇසුවේ අන්තිම අහිංසක විලසිනි.
අනිත් උන් පස් දෙන හඬ ගා සිනාසෙන්නට උනාය.
මදැයි කොලා, දෙවින්දට සිතිනි. මේ කෙල්ලන් ටික ඔහු “මල් මාමා” කෙනෙකු ලෙස සිතන බව දැන් පැහැදිලිය.
මෙතැන හිටියා හොඳටම ඇතිය.
ඉඳුල් නැති අතින් ඔහු ගේ පොත් පත් ටික එකතු කර ගත් දේවින්ද සැරසුනේ නවක දැරියන් ටික තනි කර දමා එතනින් බැහැර යාමටය.
දැරියන් ටික ක්ෂණිකව බිය පත් වූ සේය.
මේ සීතල ඉබ්බි ගේ ගොන් කතා නිසා දැන් දේවින්ද අයියා මෙතනින් යන්න යනවා…. තාරුකාට සඳුනි සමග හොඳටම තරහය….
සඳුනි ට ගිනි පත්තු විය.
ජෙෂ්ට උත්තමයා මෙතනින් නැගිට ගියොත් හිරිකිතයෙකු ගේ පිළිකුල් ක්‍රියා වලට මුහුණ දෙන්නට සිදු වීම අනිවාර්යය.
“අනේ ජෙෂ්ට උත්තමය මෙතනින් යන්න එපා. ජෙෂ්ට උත්තමයා මෙතනින් ගියොත් අපි ඉවරයි” ඈ ආයාචනා කලාය.
කොල්ලාට ඇත්තටම කේන්ති ගොස් තිබුණි… ඉතින් මට මොකද, …. කී ඔහු පුටුවෙන් නැගිට්ටේය.
දැන් නම් තාරුකා ට පිස්සු හැදෙන්නට ඔන්න මෙන්නය.
ඇයට බය හිරිකිතයා පැමිණ වධ දෙවි කියා නොවේ… දේවින්ද අයියා යන එක ගැනය…
දේවින්ද අයියා යන එක උහුලා ගන්නට අමාරු දුකකි…
අනේ දේවින්ද අයියා …යන්න එපා යි එකපාරටම තාරුකා ගේ මුවින් පිටවුනේය.
දේවින්ද හිඳ ගත්තා නොවේ, ඔහුට හිඳ ගැනුනි! දේවින්ද අයියා … මෙයා මගේ නම දන්නේ කොහොමද…
ඔහුට තේරෙන්නේ නැත.
එහෙත් තාරුකා ගේ ආයාචනයත්, එයට දේවින්ද ගෙන් පල වූ ප්‍රතිචාරයත් දුටු අනෙක් දැරියෝ එකිනෙකා දෙස මුහුණින් මුහුණ බලාගන්නවා ඔහු දුටුවේය.
Subscribe to:
Post Comments (Atom)
හුටා...
ReplyDeleteඔය තියෙන්නෙ...
දැං ඉතිං වළදපන්කො...
ඔහැක්
අද කොටසත් පට්ටයෝ...
කතාව ඇතුලට සරසවි උපසංස්කෘතියත් බද්ධ වෙන එක ගැන නං කියන්න වචන නෑ...
ජයවේවා
තැන්කූ වෙවා... ඔබ තුමා මෙහි FB පිටුවට ගිහින් Like එකක් දුන්නද? දුන්නෙ නැත්නම් Like එකක් දෙන්නේනම් බොහොම පින් ය..
Deletehttps://www.facebook.com/sarasavisamaga
ලයාන්විතයි.හැගීම් දනවන සුළුයි.අකුරු සහ ව්‍යාකරණ වැරදි දෙකතුන හදන්න.ජයවේවා!!
ReplyDeleteඔබ තුමාටත් බොහොම තන්කූ වේවා!
Deleteohoma yan ohoma yan :-))
ReplyDeleteරසවින්ඳාට ගී පොතටත් බොහොම ස්තූතියි
Deletehttps://www.facebook.com/sarasavisamaga
නියමයි ඈ..
ReplyDeleteඊළඟ කෑල්ලට ත් එන්නම්කෝ.
බොහොම ස්තූතියි
Delete10, 11, 12 කොටස් තුන එක හුස්මට කියව්වා. මමත් මේ කතාවට ඇබ්බැහි වීගෙනයි එන්නේ
ReplyDeleteඅපි බඩු සප්ලයි කරන්නම්... ඔබ තුමා පමන දැන පාවිච්චි කරන්න...
Deleteඅපොයි කැන්ටිමේ කෑම එක, මාත් අවුරුදු හතරක්ම කෑවා..
ReplyDeleteඑත් එක කාපු මුල දවසේ නම් හිතුනේ එළවලු මදි උනාට රහයි කියල, එත් සතියෙන් රහ තේරෙනව..
හැබැයි ඒ කෑම එකට පුරුදු උනාට පස්සේ ඕන කඩේකින් ඕන ජරාවක් කන්න පුළුවන් දෙයියනේ කියල පුංචි බඩේ අමාරුවක් වත් හැදෙන් නැතුව..
so true
Deleteආචාර්ය මන්ඩලයේ ඉන්නකොටත් අපි කීප දෙනෙක් ඉඳලා හිටලා ඔය කැන්ටිමට ගොඩවෙලා කෑමවේලක් හෝ තේකක් බීමේ පුරුද්දක් තිබුනා.
Deleteපරක්කුවුනත් ඇවිත් කියවන්නේ ආසාවෙන්. මමත් ඔය කොළඹ මෙඩිකල් කොලෙජ් එකේ බ්ලොම් එකේ නම් අනන්තවත් බත ගිලලා තියෙනවා.
ReplyDelete