සොඳුරු පේරාදෙනි සරසවියට පෑයූ තාරකාවක අන්දරය කොටස් වශයෙන් පල වන නව කතාවක් ලෙසින්...

https://www.facebook.com/sarasavisamaga

Wednesday, July 16, 2014

15. පහලොස්වන කොටස : දෙවි දෙවතාවුන් වැනි මිනිසුන්....



14. දහ හතරවන කොටස :මගුල් කපුවෙක්
http://sarasavisamaga.blogspot.com/2014/07/14.html







සති අන්තයේ තාරුකා ගෙදර ගියේ චතු සහ මනෝජා අක්කා සමග  බස් රථයෙනි.

තාරුකාව නිවෙසට කැඳවා ගෙන යාම සඳහා රියැදුරු සිරිසේන සමග කාර් එක එවන්නට අම්මා ට උවමනා විය. තාරුකාට අවශ්‍ය වූයේ අනෙකුත් සිසු සිසුවියන් සමග බස් එකේ ගෙදර යෑමටය. එයට අම්මා අකමැති වුවත් තාත්තා කෙල්ලගේ ඉල්ලීමට ඉඩ දුන්නේය

බස් රථයේ හරි අඩකට වඩා සිටියේ සති අන්තයට නිවෙස් බලා යන සරසවි සිසු සිසුවියන්ය. ඒ හේතුව නිසාම එය විනෝද ගමනකට සම වුනේය.

සාමාන්යයෙන් නවක සිසු සිසුවියන් හට ජෙශ්ටයන් සමග එකට ගමන් බිමන් යෑම "නීතියෙන්" තහනම් ය. සමහර ජේශ්ටයො තාරුකා සහ චතූ දෙස රබර් ඇහ දැම්මේ ගෙදර යන ගමනේ නවක සිසුවියන් දෙදෙනාව බ්යිට් වලට ගැනීමටය. එහෙත් මනෝජාත් ඇගේ කන්ඩායම් යෙහෙලියන් වන තුශානි සහ මාධවීත් හරි හරියට තාරුකා සහ චතූ ව වදක උවදුරු වලින් බේරා ගත්තහ.

බස් රියේ සිටි සමහර ජේශ්ට සිසු සිසුවියෝ තාරුකාව හඳුනා ගෙන සිටියේ දෙවින්ද පරිස්සම් කරන කෙල්ල ලෙසය. ඔවුන් හැම දෙනාම තාරුකා වෙත දක්වූයේ සුහද බවකි.
 
*****************************

ගෙදර දී උස්ම නාල්ලා කෙල්ල සරසවි විස්තර පවුලේ අයට කීවාය.

දේවින්ද අයියා යන නම බොහෝ තැන වල දී පාවිච්චි වනවා අම්මට සහ තාත්තාට තේරුණි.

එහෙත් ඔවුන් ඒ ගැන කෙල්ල ගෙන් ඇසුවේ නැත… සරසවි  නවක වධය ගැන තාරුකා ගේ අම්මත් තාත්තාත් හිටියේ බියකිනිකෙල්ල අතුරු ආන්තරාවක් නැතිව සන්තෝසෙන් සිටිනවා නම් එච්චරය..

සඳුදා උදේ කෙල්ලගේ හිතට හොඳ නැහැ වගේය. අද සිට දේවින්ද අයියා  දහවල් ආහාරය සඳහා වෛද්‍ය පීට කැන්ටිමට නොඑන බව කෙල්ල දැනගත්තේ ගිය සිකුරාදාය.

වෙනදාට තමාට කලින් ඇහැරෙන තාරුකා තවම ඇඳටම වෙලා ඉන්නවා දුටු චතු පුදුම විය. ඒ එක්කම ගිය සිකුරාදා සවස කොළඹ යද්දී කෙල්ල දුකින් කියාපු දේ චතු ගේ සිහියට නැගිණි…

මේකිට හොර ලෙඩ.. අද ඉඳන් දේවින්ද අයියා එන්නේ නැහැනේ මෙයාව පරිස්සම් කරන්න …. සිනා සෙමින් තාරුකා ගේ ඇඳ ලඟට ගිය චතු උරිස්සින් සොලොවා කෙල්ලව ඇහැරෙව්වාය.

තාරු… අද ෆැකල්ටි යන්නේ නැද්ද? ….ම්ම්ම්ම් අද යන්න බැහැ වගේ චතු…

පිස්සු නැතිව රෙඩි වෙයන් තාරු… කී චතු කෙල්ල ඇඟ මැලි කමින් අවදිවනවා දැක… අද අරය එන්නේ නැති නිසාද … කියා සමච්චලයට ඇසුවාය.චතු ට පහරක් එල්ල කරමින් තාරුකා නාන කාමරය දෙසට පියමැන්නාය…. අපිට කොයින්ද දේවින්ද අයියලා… චතු ගේ හඬ ඈතින් ඇසේ…


වන සිව්පාවන් වැනි මිනිසුන් මැද…
දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත…
ඒ දේවතාවන්, දිව්‍යාංගනාවන්…
මනු ලෝ තලයේ වාසනාවන්….


උදෙන්ම නාන කාමරයට ආ මනොජාට ඇසුණේ වතුර මල යට හිඳ තාරුකා සිහින් හඬින් මුමුණන ගීයයි…
වැඩේ සෑහෙන්න බරපතලයි වගේ….. මනෝජා ට සිහින් සිනාවක් ආවාය.





***************************



එදා දේවින්ද දිවා අහාරය විවේකයට කැන්ටිමට ආවේ නැත. ඒ වෙනුවට ඔහු ගියේ මාර්ස් සාලාවේ කැන්ටිමටය.

දහවල් කෑම වෙලාවේදී  කැන්ටිමට ආ කෙල්ලට වෙනදා දේවින්ද අයියා ඉන්නා තැන දෙස කිහිප වරක් ම බැලුණි. රවුම් මේසයක හිඳ යෙහෙලියන් සමග කෑම ගන්නා විට තාරුකා ගේ  ඇස් වල කඳුළුය.
 
කොල්ලා නැතිව පාලුයි නේද තාරු… සඳුනි පැවසුවේ ඔලොක්කුවට නොවේ… හැගුම් බරවය…
අනේ ඔව් සඳු.. පුදුම කොල්ලෙක්… අපිව කොච්චර හොඳට බලා ගත්තද… කිරි ඉබ්බී කියයි….
 
අනෙක් දැරියන් ටික ද ඔහු නැති පාලුවෙනි. ඔවුනුත් ඔහුට හොඳටම ආදරේය.
 
නවක සිසුවියන් පමණක් සිටි එම මේසයට අනෙක් ජෙෂ්ට ශිෂ්‍යයන් කරදර කිරීමට පැමිණියේ නැති බව කෙල්ලෝ ටික තේරුම් ගත්හ. බලපන් සඳු … අද අපි දේවින්ද අයිය නැතුවත් VIP ට්‍රීට්මන්ට් වගේ.. එකෙක්වත් එන්නේ නැහැ අපට පාට් දාන්න  …..රට ඉබ්බී කියයි…
 
මෙතෙක් දවස් දේවින්ද ළඟ තියාගෙන පරෙස්සම් කල දැරියන්ට අනෙක් ජෙෂ්ටයන් අතක් ඔසොවන්නේ නැති බව තාරුකාට දැන් පැහැදිලිය…
කෙල්ල ගේ සිතට ආවේ දේවින්ද අයියා ගැන මහත් භක්තියකි….
 
****************


මාර්ස් සාලාවේ කැන්ටිමේ සිටි දේවින්දටද පාලුය. කෙල්ලන් ටික නොදැක සිටීම මෙතරම් පාළුවක් ගෙන දෙයි යැයි ඔහුට මින් පෙර සිතුනේ නැත.


මොකද.. පාළුද… යමු ද ඩිසෙක්ෂන්  රූම් පැත්තේ? දේවින්ද ගේ සිත කියවූ  අතුල ඔලොක්කුවට අසයි.
අතුල ගේ හැටි එහෙමය. ඔහු දෙවින්දට සහෝදරයෙකුට මෙන් ආදරේය. එහෙත් කට ඇරියොත් කියන්නේ හිනා යන විහිළු කතාය.


දැරියන් ගේ කාය ව්‍යච්චේද ප්‍රායෝගික පන්තිය ගැන දේවින්දට මතක් වුයේ ඒ වෙලේය.
 
අද නවකයන් හාපුරා කියා කැඩෑවර් කැපීමට පටන් ගන්න දවසයි..
කාය ව්‍යච්චේද රසායනාගාරයේ ට්‍රොලි වල බෙහෙත් කවා කල් තියා ගත හැකි පරිදි සූදානම් කල මල මිනී තබා තිබේ. ඒවාට  කියන්නේ කැඩෑවර්   කියාය.
ප්‍රථම දිනයේ දී  ශිෂ්‍ය ශියාවන් කීප දෙනෙකුට එක කැඩෑවරය බැගින් ලැබේ. එතැන් පටන්, එම කැඩෑවරය පරෙස්සම් කර ගනිමින් එදිනෙදා ට නියමිත පේශිය හෝ උපාංගය කපා ඉගෙනගැනීම සිසු සිසුවියන් සතු කාරියකි.


පළමු දවසේ දී ජෙෂ්ටයෝ බයෙන් සැකයෙන් කැඩෑවර් බලමින් ඉන්නා නවකයන් ට නොයෙක් වද හිංසා කරයි. කෙල්ලන්ට දෙන ජනප්‍රියම වධය වන්නේ සිසුන් කැඩෑවර් කැපුවාට පසු අත සෝදන්න  ගන්නා සබන් කැටය ගාමින් මුහුණ සේදවීමයි.


තමන් ගේ නවක කාලයේ සිදු වූ සිද්දියක් නිසා දෙවින්දට මෙය හොඳින් ම මතකයේ තිබුනේය.


ඉක්මනින් කෑම කෑ අවසන් කල දේවින්ද කැන්ටිමෙන් සන්ලයිට් කෑල්ලක් මිලට ගත්තේය. තම කාමරයට ගෙනගොස් එය දෙකට කැපූ දේවින්ද එක කැබැල්ලක් කොලයක ඔතා සාක්කුවේ දමා ගෙන වෛද්‍ය පීටය බලා පිටත් විය..


දිවා ආහාරය අවසන් වූ වහාම මල මිනී කැපීම සඳහා කාය ව්‍යච්චේද සාලාවට යෑමට සිදුවීම බොහෝ නවක සිසු සිසුවියන් හට බලවත් අප්‍රියාවක් ගෙනදුන් කාරනාවකි.
 
තාරුකා අනෙක් දැරියන් මෙන් කාය ව්‍යච්චේද සාලාවට යාමට බිය වුයේ නැත. ඒ වෙනුවට  ඇය ගේ සිත පුරා පැතිරී ගියේ අනාගත වෛද්‍ය වරුන් ගේ අද්‍යාපනය වෙනුවෙන් තම දේහය පරිත්‍යාග කල මිනිසුන් ගැන මහත් භක්තියකි.
 
වෙන රටවල කාය ව්‍යච්චේදයට ගන්නේ කාත් කවුරුත් නැතිව මල ගිය “අන් ක්ලේම්ඩ් බොඩීස්” ය.
අපේ රටේ මිනිස්සු වෛද්‍ය පීට වලට පැමිණ තමා මිය ගියාට පසු තම සිරුර කාය ව්‍යච්චේදයට ලබා දෙන ලෙස ලියා අත්සන් කරති. ඔවුන් මියගිය පසු දූ දරුවෝ අවසන් කටයුතු වලට පසු දේහය වෛද්‍ය පීටයට බාර දෙති.


ඒ අතින් අපේ රටේ මිනිස්සු කොපමණ කරුණාවන්ත ද.. කොපමණ හොඳද? …. තාරුකා සිතුවේ කාය ව්‍යච්චේද සාලාවට යන අතරතුරේය.


අන්න අන්න කියා සඳුනි තමා අතින් අදිනවා තාරුකාට දැනුනි… හිස හැරවූ කෙල්ල ගල් විය. කාය ව්‍යච්චේද සාලාවේ දැන්වීම් පුවරුව අසල සිටියේ දේවින්ද අයියාය.


දේවින්ද අයියා දකිනා හැම විටම සිතට  නැගෙනා අසීමිත සතුට තාරුකා අත්වින්දාය….


දැරියන් දුටු දේවින්ද මද සිනාවක් පා අති සාමාන්‍ය දෙයක් කරනා මෙන්  කුඩා ගුලියක් තාරුකා අතට පත් කරමින්, නොනැවතී ඇවිද ගියේය.


තත්පරයකට ඔහු ගේ ඇඟිලි තුඩු කෙල්ල ගේ අත්ලේ ගෑවිණි.


දෙවින්දගේත් තාරුකාගේත් අත් ගෑවුනේ ප්‍රථම වරටය. තමන් ට කරන්ට් වදිනවා කෙල්ලට දැනුනි.
මේ හුවමාරුව දැක්කේ තාරුකා ගේ යෙහෙලියන් පමණය.
කෝ බලන්න කොල්ලා ඉස් ඉස්සෙල්ලාම මොනවාද දුන්නේ කියලා…. සඳුනි දේවින්ද දුන් ගුලිය කෙල්ල ගෙන ඩැහැ  ගත්තාය
එයට  විරුද්ධ වීමට තාරුකාට නොහැකි විය.. ඇය තාමත් ගල් ගැසිලාය…
චොක්ලට් වෙන්න ඇති… ගල් ඉබ්බී සඳුනිට පන්දම් අල්ලන්නීය.


තාරුකා තවමත් වූ දේ කුමක් දැයි අදහා ගත නොහැකිව බලා සිටිද්දීම සඳුනි දේවින්ද දුන් ගුලිය  විවුර්ත කළාය.


කෙල්ලන් ගේ මුහුණු ඇඹුල් වනවා තාරුකා දැක්කාය. එහි වුයේ කුඩා  සබන් කැබැල්ලකි.
තාරුකාටම සබන්  කැබැල්ල ආපසු දුන් කෙල්ලෝ මහ හඬින් සිනා සෙන්නට වුවේය…
වයිට් චොක්ලට් ද දන්නේ නැහැ තාරු… සඳුනි කෙල්ලව මඩවයි ….
අඩු තරමින් ලක්ස් කෑල්ලක් වත් දුන්නනම්..නේද තාරු… ගල් ඉබ්බියද එකතු වෙයි…


කෙල්ල දේවින්ද දුන් සබන් කැබැල්ල තමා අතේ ගුලි කර ගත්තාය.
දේවින්ද මේ හදිසියේ පැමිණ සබන් කැබැල්ලක් දී ආපසු ගියේ ඇයි දැයි කෙල්ල දන්නේ නැත… ඇය දන්නේ එකම එක දෙයකි… මේ දේවින්ද අයියා පළමුවෙන්ම ඇයට දුන් දෙයයි… එය ආදරයෙන් රැකගැනීම ඇය ගේ යුතුකමයි.


සිසු සිසුවියෝ කාය ව්‍යච්චේද සාලාවට ඇතුළු විය. සැර බෙහෙත් ගඳ නාසය කඩාගෙන  යයි… සමහර ළමුන් ට එය ඉවසා සිටීමට ඉතා අපහසු වගේය.


සාලාවේ පේලියට කැඩෑවර් තබා තිබුනේය. මල සිරුරු නරක් නොවන ලෙස බෙහෙත් ගල්වා පිලියෙල කරද්දී එවායේ පියවි ස්වරූපය වෙනස්වී සම සහ මාන්ශ පේශී ඇට කටු වලටම ඇලී විකෘති පෙනුමක් ඇති වේ. ඕනෑම කෙනෙකුට එම දර්ශනය පළමු වරට දුටුවාම  සිතට එන්නේ කම්පනයකි.


ඕක ටිකක් කල් යනකොට පුරුදු වෙයි… . තාරුකා සඳුනි ට කීවාය.


එදා ව්‍යච්චේද ප්‍රායෝගික පන්තිය පන්තිය බාරව සිටියේ ජෙෂ්ට කතිකාචාරිනී නීටා ජයසිංහ  මහත්මියයි.
ඉතා කරුණාවන්ත කාන්තාවක් වූ ඇය මුල් පැය භාගය ගත කලේ කම්පනයට පත් ව සිටිනා නවක සිසු සිසුවියන් යථා තත්වයට පත් කිරීමටය.
ඉන් පසු ඇය එක එක කන්ඩායමට කැඩෑවරය බැගින් බෙදා දී, එදා කල යුතු ක්‍රියාකාරකම පැහැදිලි කර පිටව ගියාය.


නවකයෝ  කාය ව්‍යච්චේදය පටන් ගත්තහ.


කැඩෑවරය බාරගෙන එය කපා කොටා අද්‍යයනය කරනා කණ්ඩායම හඳුන්වන්නේ "බොඩි ග්රූප්" කියාය. සෑම කැඩෑවරයක්ම ට්‍රොලියක තබා ඇත. ට්‍රොලිය ලඟම කපා කොටා ඉවත දමන මාන්ස පේශී ආදිය දැමීම සඳහා වෙන් වූ බාල්දියකි. ට්‍රොලිය වටා රවුමට බොඩි ග්‍රූප් එකේ සිසු සිසුවියන් හට පැනවූ ආසනය.


තාරුකා සහ ඇය ගේ යෙහෙලියෝ එකම බොඩි ග්රූප් එකට වැටුණි. ඔවුන්ට ලැබුණු කැඩෑවරය වටා හිඳ ගෑනු ළමෝ එදාට නියමිත අත් පත්‍රිකාව කියවුවෝය. එදින සිදු කල යුතු කැපුම් සහ හඳුනාගත යුතු ශරීර කොටස අත් පත්‍රිකාවේ සඳහන් වේ.


ටික වෙලාවකට පසු ජෙෂ්ටයෝ පැමිණ නවකයන්  හට රැග් කිරීම පටන් ගත්හ. ලස්සන, හොඳට ඇඳ පැළඳ පෙනුමකට සිටි කෙල්ලන් ටික අත සෝදන සින්ක් එක වෙත ගෙනගිය ජෙෂ්ටයෝ මල මිනී කපා අත සොදගන්නට පාවිච්චි කල සබන් ගා මුහුණ සෝදා ගන්නට අණ කළහ.


ගෙදර දී නියුට්‍රොජිනා ෆෙෂල් වොෂ් ගා මුහුණ සෝදන දැරියන් හට  මාස කීපයක් පරණ මල මිනී කපා අත සෝදන්නට පාවිච්චි කල සබන් ගා මුහුණ සොදන්නයි කීම  ඉතාම හිරිකිත ක්‍රියාවකි. නවක ශිෂ්‍යාවකට වෛද්‍ය පීටයේ දී ලැබෙන අමානුෂිකම වධයකි .


පළමුව සබන් කැටය අතට ගත් දැරිය වහා එය බිම දමා ඔක්කාරය කරමින් සාලාවෙන් පිටතට දිව ගියේය.
අසරණ දැරියන්  කීප දෙනෙකු යටි සිතින් ජෙෂ්ටයන් ගේ අම්මලාට සාප කරමින් මල මිනී කපා අත සොදගන්නට පාවිච්චි කල සබන් ගා මුහුණ සෝදා ගන්නවා තාරුකා  දුටුවාය.


දවල් කෑ දේ  කුස තුල  නලියනවා තාරුකාට දනුනාය. ඉක්බිතිව  පැමිණියේ ඇය ගේ වාරයයි.


මහ හදිසියකින් පැමිණ දේවින්ද අයියා අලුත් සබන් කෑල්ලක් තමා අතට පත් කලේ අයි දැයි කෙල්ලට හොඳහැටි වැටහුනේ  එවිටය….


තමා ගැන මේ ලෙස සිතමින් කරදර වන කොල්ලා ගැන සිතනා විට උනන්නේ උණු කඳුළුය.
ජෙෂ්ටයන් හිතන්නේ කෙල්ල මිනී කපා අත සොදගන්නට පාවිච්චි කල සබන් ගාගන්න කැතේ හඬනවා කියාය.


ඔයා මා හින්දා මෙච්චර කරදර වෙනවා මට දරා ගන්නා බැහැ දේවින්ද අයියා… කෙල්ල සිතුවේ අතේ ගුලි කර ගෙන සිටි සබන් කෑල්ල ඔතා තිබූ කොලයෙන් එලියට ගන්නා අතරය.


ජෙෂ්ටයන් ට නොපෙනෙන සාලාවේ තිබු පාවිච්චි කල සබන් කෑල්ල වෙනුවට දේවින්ද දුන් සබන් කෑල්ල මාරු කල  ඇය මුහුණ සේදීමට පටන් ගත්තාය. ජෙෂ්ටයන් දත් මැදගෙන බලා සිටියේ තාරුකා අප්පිරියාවෙන් හඬනවා දකින්නටය… ඒ වෙනුවට කෙල්ල විනාඩියක් පමණ මුළු මුහුණම වැසෙන පරිදි සබන් ආලේප කරයි…


උඹට පිස්සුද යකෝ… ජෙෂ්ටයෝ තාරුකා ගෙන් අසති…  ඔන්න ඔය සබන් ගෑවිල්ල නවත්තාපන්.. නැත්තං උඹ මුළු ඇගේම  සබන් ගාගනී…


ලක්ස් කෑල්ලක් ගා ගෙන මුහුණ සෝදා ගත්තාටත් වඩා කෙල්ලට සනීපය.
එවර නම් ඒ ලස්සන ඇස් දෙක දිලිසුනේ කඳුළු නිසාය.


තමන් ගේ සිතේ පහල වන හැගීම්  ගැන කෙල්ලට තේරෙන්නේ නැත. ඇය දේවින්ද අයියාට ආදරෙයි කියා නැත. ආදරෙයි කියා සිතාවත් නැත. දේවින්ද අයියා ගේ හිතේ ඇය ගැන ඇත්තේ මොන වගේ හැගීමක් ද කියා කෙල්ල දන්නේ නැතඇය දන්නේ එක දෙයක් පමණි. දේවින්ද අයියා වෙනුවෙන් තමාට ඕනෑම දෙයක් කල හැකි බව පමණය.


තාරුකා දේවින්ද දුන් අලුත් සබන් කැබැල්ලෙන් මුහුණ සෝදනවා අනෙක් දැරියන් ද දුටුවෝය. දේවින්ද අයියා හදිසියේම කොහෙන්දෝ සිට පැමිණ  සබන් කැබැල්ලක් දුන් හේතුව දැරියන් ට තේරුණි.
තාරුකා ඇගේ සබන් කෑල්ල අනෙක් දැරියන් ගේ පාවිච්චියට  දුන්නාය. වැඩි කලබලයක් නැතිව ඔවුන් ද තාරුකා දුන් අලුත් සබන් කැටය ගා මුහුණ සෝදා ගත්තේ යටි සිතින් දේවින්ද ට පින් දෙමිනි…


අන්තිමට සබන් ගෑවේ සඳුනිය. ඇයටත් මේ අමුතුම කොල්ලා ගැන පුදුමය. ඔහු මුලින් ම චොක්ලට් එකක් නොදීම ගැන තමා කී කතා මතක් වී ලජ්ජා වුවාය.


පවු, කොල්ලා දුවගෙන ඇවිත් තියෙන්නේ  අපිව මතක් වෙලා… සඳුනි සබන් කැබැල්ල නැවත තාරුකා අතට දෙමින් සිතුවාය.


තාරුකාට දැන් මේ සබන් කැබැල්ල මැණිකකට වැඩියෙන් වටින්නේය.
ඔයා මට ඉස් ඉස්සෙල්ලාම දුන්නු තෑග්ග මම  මගේ පණ වගේ පරිස්සම් කරනවා දේවින්ද අයියා … කෙල්ල එසේ සිතුවේ සබන් කැබැල්ල තම ලේන්සුවේ ඔතා ගන්නා අතරය.



19 comments:

  1. දේවින්ද අයියා කලින්ම ප්ලෑන් කරන බුවෙක් නේ..හැක්..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්...... මේක ඇත්ත වශයෙන් මෙ සිද්ද වෙච්ච දෙයක් කියලා ඔබ තුමා දන්නවද?

      Delete
    2. ආ ඒකත් එහෙමද////

      Delete
  2. හිහි...
    දේවින්ද අය්යා තමා අය්යා...
    හිකිස්...
    ඒත් මේ අවාරෙට වැටෙන පොල් වගේ කතා ව දාන එකට නං මං මනාප නැ

    ReplyDelete
    Replies
    1. කොටස් අතර තව දින පරතරයක් තියන්න ඔනෙද?

      Delete
    2. පිස්සු කියවනවද.තව ඉක්මනින් දාපං..ඉක්මනින් ....

      Delete
    3. ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද?

      Delete
    4. මගේ පෞද්ගලික අදහස නම් කාලයක් දීලා ලියන්න කියන එකයි. හැබැයි උඹ මහා කාලයක් දෙන්න එපා. ඒක උඹ තීරනය කරපන්. මමත් දැන් ලොකු කාලයක් අරන් සමර් එක රස විඳිනවා. යමක් ලිව්වේ නැහැ. බ්ලොග කියන්නේ ජීවිතයේ කොටසක් මිස ජීවිතයම නොවේ කියලා හිතෙනවා පොඩි කාලයක් අරන් ලියන කොට. හැබැයි නොකඩවා ලිවීමයි...පැයෙන් පැයට ලියන එකයි දෙකක්. උඹ ලියපු දේ සහ කියවන අය දෙන අදහස් එක්ක ආදරනීය රමනයක යෙදියන්. රමණය රසවත් වෙන්නේ කියවන්නා සහ ලියන්නා දෙදෙනාම ලබන තෘප්තිය මතයි. ඉල්ලපු පමනින් දීමත්, දීපු පමනින් කියවීමත්..දෙදෙනාම තෘප්තිමත් වෙන අනුරාගික රමණයක් වෙන්නේ නැහැ. මෙඩිකල් කොලෙජ් ගැන මම පස්සේ ලියන්නම්. මම දොස්තර නෙමෙයි. කොන්දොස්තර කෙනෙක්.

      Delete
    5. හිස නමා ඔබේ උපදෙස් අගය කරමි..... පහල කොමෙන්ටුවේ තවදුරටත් එම උපදෙස් ගැන කතා කරමි....

      Delete
  3. කියන්න දෙයක් නෑ ලයාන්විතයි.ගීතයක් අහනවා වගේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ දිරිගන්වනසුලු කොමෙන්ටුවට තැන්කූ වේවා!!

      Delete
    2. @කුරුටු ගෑ ගී පොත +++++++++++++++

      Delete
  4. Replies
    1. During our time it was called cadaver queen., not miss cadaver..... no tharuka was not judged as the cadaver queen!

      Delete
  5. මම උඹව කියවන්නේ සියුම් රසයන් උද්දීපනය කරගනිමින්. මචෝ...උඹ මධ්‍යස්තව කියවන්නා වෙත ලඟා වෙන්නෙක්. උඹේ හැකියාව කවුරු කීවත් ගෝල්ඩන් එග්ස් තත්වයට යන්න දෙන්න එපා. මම කියන්නේ ආදරෙන්. ඒ නිසා වරදවා තේරුම් ගන්න එපා ප්ලීස්. කතාව ලියලා ඉවරකිරීමේ උවමනාවක් මටත් තියෙනවා. හැබැයි එහෙම ලිව්වොත් මම ලියන දේ සහ උඹලා කියවන දේ අතර මංමුලා වෙලා..ඔව් ස්තූතියි...ඇත්ත තමයි ..පට්ට..වගේ වචන කිහිපයක අතරමං වෙනවා. එහෙම වුනු අය ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අරු, මා කවදත් ඔබගේ උපදෙස්, අදහස් යෝජනා හො චෝදනා සලකන්නේ මට ලැබෙනා වටිනා ත්‍යාගයන් ලෙසයි.

      මම ඔබගේ කතාව කියවන්නේ බොහොම ආසාවෙන්. එම කතාව ඔබට හැර වෙන කාටවත් ලියන්න බරි බව මගෙ විස්වාසයයි. එයට හේතුව ඔබ ලියන්නේ ඔබේම අත්දැකීම් නිසාමයි.

      මෙහි දී ඔබ මට දුන්නු උපදෙස් මම ඉතාම අගේ කරනවා. මගේ කතාවේ සාර්තකත්වයට ඔබ දුන්නු උපදෙස් බොහොම වැදගත් ලෙස බලපාන බව මට තේරුනා.
      රන් බිත්තර දැමූ පාත්තයා නොවී "ඉහගෙන කෑමක්" කරන්න මම උත්සාහ කරන්නම්.
      ඇත්තටම මම මේ කතාව ලියා අවසානයි. එහෙත් එය නැවත නැවත කියවමින් අඩුපාඩු සකස් කරමින් ඔබේ සහ ඔබ වැනි සාර්තක ලියන්නන් ගේ යෝජනා වලට සවන් දෙමින් වඩා හොඳ කතාවක් බවට පත් කිරීමට මම බලාපොරොත්තුවනවා.

      ඔබට පෙර කොමෙන්ටුව දැමූ "Unknown" ලියා තියෙන්නේ මට අමතකව තිබූ කැඩෑවර් ක්වීන් ගැනයි. ඇත්තටම ඔහු ගේ එම මතක් කිරීමෙන් පසු මා කැඩෑවර් ක්වීන් ගැනත් මාගේ කතාවට අලුතින් එක් කරන්න අදහස් කලා. ඔබේ උපදෙස් ලෙසම මේ "ලියා අහවර වූ" කතාවත් තවදුරටත් පරිනාමය වේවි.

      තව කොටස් කීපයකට පසු මා නොදන්න සත්කාරක සේවාවේ (hospitality trade) යමක් කතාවට ඇතුලත් කරනවා. එහි දී ඔබ ගේ උපදෙස් සහ විවේචන ලබුනොත් මා එය ඉතා අගේ කරනවා.

      Delete
  6. පළවෙනියට ම සබන් කෑල්ලක්... ඔයකාලේ කියන්නේ ඉතින් අතේ සතේ නෑනේ... මං නම් මුලින් ම දුන්නේ රුපියල් 50 ක විතර තෑග්ගක් ද කොහොද??? ඒත් එදා හැටියට කෑම 3 ක්.. ඒ කියන්නේ දවසක්.... අපි පවු නේද ඒ කාලේ....................... දැන්නම් ඒ කෙනාට ම දවසක ෂොපින් යන්න වියදම 15,000ත් පනින වෙලාවත් තියෙනවා. එදා ඒ රුපියල් 50 ට අරන් දුන්න දේ තරම් අද අරන් දේවල් දැනෙන්නැත්තේ ඇයි???????

    ReplyDelete
    Replies
    1. කාලය මැවු වෙනසක මහිමේ...

      Delete