15. පහලොස්වන කොටස : දෙවි දෙවතාවුන් වැනි මිනිසුන්.... http://sarasavisamaga.blogspot.com/2014/07/15.html
අද
පසුබිම් සංගීතයට මොකද වෙලා
තියෙන්නේ...
මනෝජා
තනිවම සිතුවේ තාරුකා ගේ වතුර
මලේ සද්දය පමණක් ඇසුණු නිසාය.
සින්දු
නැත.
කෙල්ල
කැඩෑවර් දැකල බය වෙලා වත්
ද....?
මනෝජා
තාරුකා ගේ කාමරයට යන විට චතු
එහි ආවා පමණි.
දෙදෙනාටම
තාරුකා හඬා ඇති බව පැහැදිලි
විය.
මොකද
තාරු....
චතු
දිව විත් තාරුකාව බදා ගත්තේ
බියෙනි.
තාරුකා
මහා හැඳින් ඇඩුවාය.
කෙල්ල
ගේ හිතේ හයිය දන්නා චතු පුදුමයට
පත් විය...
මේ
ලේසියට පාසුවට අඬනා කෙල්ලෙක්
නොවේ.
මොකද
නංගි...
ඔයා
ට කැඩෑවර් කපල අප්සෙට් ද?
මනෝජා
ඇසුවේ කෙල්ල ගේ අතක් අල්ලාගනිමිනි.
තාරුකාට
කතා කිරීමට හැකි උනේ තවත්
විනාඩි ගණනක් ඇඩුවා ට පසුවය.
කෙල්ල
සබන් කැබැල්ලේ කතාව චතු ටත්
මනොජාටත් කීවේ හඬමින් මය.
දේවින්ද
අයියා තමා සහ තම යෙහෙලියන්
වෙනුවෙන් දක්වන දයාව දරාගැනීමට
කෙල්ලට අමාරුය.
මනෝජා
ගේ මුහුණේ නැගුනේ බැරෑරුම්
පෙනුමකි.
නංගි,
මම
ඔයාට අපේ රැගින් කාලේ සිද්ද
වෙච්ච කතාවක් කියන්නම්...
මනෝජා
කීවේ කෙල්ල ගේ අතින් අල්ලාගත්
ගමන්මය.
අපි
ඉස් ඉස්සෙල්ලාම ඩිසෙක්ෂන්
රූම් එකට ගිය දවසේ ඔය වගේම
අපේ බැච් එකේ ගර්ල්ස් ලා ට
මිනී කපලා අත සෝදන්න පාවිච්චි
කරපු සබන් වලින් මූණ සෝදන්න
කියලා සීනියර්ස්ලා බල කළා.
ගර්ල්ස්
ලා කීප දෙනෙකුට වමනෙත් ගියා...
ඉතින්
අක්කා...
මොකද
වුනේ...
ඔය
දේවින්ද එක පාරටම සබන් ගාන්න
බල කරපු සීනියර්ස්ලාට එහෙම
බල කරන්න එපා කියලා රණ්ඩු
උනානේ.....
ඉතීන්..
දැන්
චතුටත් කතාව අසනාකම් ඉන්න
බැරිය..
ඉතින්...
ඉතින්
අපිට මූනේ සබන් ගාන්න නම්
උනේ නැහැ ...
අපි
බේරුනා...
එත්
කොල්ලා ඒක නිසා හොඳටම
රැග් උනා...
ජෙෂ්ට
උත්තමයන්ට අකීකරු උනා කියලා....
පහුවෙනිදා
ලෙක්චර්ස් ආවේ දන ගාගෙන වගේ...
ඇඟ
හොඳටම තුවාල වෙලා...
එත්
ඌට ගානක් වත් නැහැ...
ආයේ
කීප සැරයක් ම සීනියර්ස්ලා
එක්ක පැටලුන බැච් මෙට්ස් ල
පරිස්සම් කරන්න ගිහිල්ලා...
පවු...
තමන්
ගැන හිතන්නේ නැතිව අනුන්ට
උදවු කරන කෙනෙක්...
කෙල්ලට
දැන් හෝ ගා කඳුළු එන්නේය.
වෙන
කොල්ලෝ තමන් රැග් වූ වාඩුව
ගන්නට නවකයන් ට බොහෝ වධ දෙන
බව කෙල්ල අසා තිබුණාය.
එකට
මේ කොල්ලා...
රැග්
වෙන අයව බේරනවා...පුදුම
කොල්ලෙක්...
එකයි
නංගි මම එක දවසක් ඔයාට කිව්වේ
දේවින්ද වගේ කොල්ලෝ මේ යුනිවර්සිටි
එකේ අතේ ඇඟිලි ගානටත් වඩා
අඩුවෙන් ඉන්නේ කියලා …..
මේක
හරි සෙල්ෆිෂ් තැනක් නංගි...
තව
ටික කාලයක් හිටියාම ඔයාට
තේරේවි..
එක
ලකුණක් වැඩියෙන් ගන්න ගහ මරා
ගන්න තැනක් මේ කැම්පස් එක
කියන්නේ....
මේ
වගේ තැනක දේවින්දලා වගේ කොල්ලෝ
හරි අඩුයි නංගි...
චතු
ටත් දැන් මේ අමුතු කොල්ලා ගැන
සිතට එන්නේ භක්තියකි.
එදින
රෑ තාරුකා තම ලේන්සුවේ ඔතා
තිබූ සබන් කෑල්ල එලියට ගෙන
හොඳින් තෙත මාත්තු කර අලුත්
ටිෂු කොලයක එතුවාය.
අම්මා
අරන් දුන් ඔනික්ස් පාශානයෙන් තැනූ ජ්වෙල්රි බොක්ස්
එක විවර කල කෙල්ල සබන් කෑල්ල
එහි දමා පියන වසා නැවත එය තම
ලාච්චුවට දැමුවාය...
ඔයා
දුන්න තෑග්ග මම මගේ ජීවිතේ
වගේ පරිස්සම් කරනවා දේවින්ද
අයියා...
කෙල්ල
සෙමින් මිමිණුවාය.
පවු
තාරු...
..ඇඳේ
දිගාවේ අඩ නින්දේ උන් චතුට
තම මිතුරිය කරන දේ දැක දුක
සිතුණාය.
තාරුකා
බලා සිටියේ මනෝජා අක්කාව
තනියම අල්ලා ගන්නට හැකි වේලාවකි.
කෙල්ලට
තමා ගෙන් අසන්නට වැදගත් දෙයක්
තිබෙනා බව මනෝජාටද තේරී
තිබුණි.
මනෝජා
ගේ කාමරයේ වාසය කරනා මිතුරිය
ගෙදර ගොස් ය.
රෑ
කෑමෙන් පසු මනෝජා තාරුකාව
තම කාමරයට එක්කාගෙන
ගියේ ඒ තාරුකා සමග නිදහසේ කතා කිරීමටය.
පොඩි
ඕපාදූප කතා දෙක තුනකින් පසු
කෙල්ල මනෝජා ගෙන් මෙතුවක්
වෙලා අසන්නට සිටි ප්රශ්නය
ඇසුවාය..
දේවින්ද
අයියට අක්කා කෙනෙක් ....
තාරුකා
හොර ගල් අහුලයි...
අක්කා
කෙනෙක් නම් ඔයා ඉන්නේ....
කෙල්ල
ගේ හදවත මොහොතකට නැවතුණි...
නල්ල
අක්කා.....
පවු...........
කොල්ලව
නැති කළා...
…
තාරුකාට
ප්රශ්නය ඉවර කිරීමටවත් නොදී
මනෝජා කීවේ දැඩි නොපහන් කමකින්
බව කෙල්ලට තෙරුනාය...
එතැන්
සිට පැයක පමණ කාලයක් මනෝජා
දේවින්ද ගේ ආදර කතාව තාරුකාට
කීවාය.
දේවින්ද
කොලඹ ඉපදී එහිම හැදී වැඩුනෙකි.
පිරිමි දරුවන් ම හතරදෙනෙකුගෙන් සැදුනු පවුලක දෙවැනියාය. ඔහු
ගේ පියා ආණ්ඩුවේ ලිපිකරුවෙකි.
දේවින්ද
ගේ අම්මා,
තාත්තා
ගේ තනි පඩියෙන් පිරිමි
දරුවන් හතර දෙනෙකු හැදුවේ
අන්තිම අමාරුවෙනි.
ඔවුන්
හට අග හිඟ කමින් අඩු නැත.
එහෙත්
කුඩා කල සිටම අම්මා තම දරුවන්
ට කියා දුන්නේ සල්ලි හම්බ
කරන්න පුළුවන්,
නැති
වෙච්ච ආත්ම ගව්රවය හම්බ කරන්න
බැහැ කියාය.
අම්මා
සහ තාත්තා හැම විටම දරුවන් ට
කියා දුන්නේ අවංක කමේ වටිනාකමය.
තනිව
නැගිටීමට ඉවහල් වන ආත්ම ශක්තිය
ගැනය.
හිතට
එකඟව ජීවත් වන විදියය.
අහල
පහල කිසිම කෙනෙකු තමන් හැදු
කොල්ලන් හතර දෙනා ගැන නරකට
වචනයක් වත් කතා නොකරන බව දේවින්ද
ගේ මව දනී.
ඇයට
තම පුතුන් ගෙන් ඕනැත් මිල
මුදල් නොව කාගෙන්වත් කතාවක්
අහගන්නේ නැතිව ජීවත් වීම
පමණය.
නැති
බැරි කම් නොබලා කොල්ලා ඉගෙන
ගත්තේය.
කොළඹ
ප්‍රධානම පිරිමි විද්‍යාලයක
අධ්‍යාපනය හදාල දෙවින්ද ප්‍රථම
උත්සාහයෙන්ම උසස් පෙළ ජීව
විද්‍යා අංශයෙන් දන්ත වෛද්‍ය
පීටයට ඇතුලත්වීමේ වරම්
ලබාගත්තේය.
එපමණක්
නොව දන්ත වෛද්‍ය පීටයට ඇතුලුවීම
සඳහා දිවයිනෙන්ම වැඩිම ලකුණු
ලැබූ සිසුවා ලෙස මහපොළ කුසලතා
ශිෂ්‍යත්වයක් ද දිනාගතේය.
දන්ත
වෛද්‍ය පීටයේ දී ද ප්‍රථම වසර
කණ්ඩායම් ප්‍රථමයා වුනේ ද
දෙවින්දය.
අම්මටත්
තාත්තාත් කොල්ලා ගැන ගොඩාක්
ආඩම්බරය.
නවකයෙක්
ව සරසවි පැමිණි දින සිට,
පෙම්වතියන්
නිසා තම ජීවිතය සංකූලතාවයට
පත් කර ගත් සිසුවන් බොහෝ දෙනෙකු
ගැන ජෙෂ්ට සිසුවෝ දෙවින්දලාට
දෙසා වදාළහ.
එක්කෝ
විරහ වේදනාය.
තමන්
කැමති දෙය නොව තම ආදරවන්තිය
කැමති දෙයම කිරීමට සිදුවූ
අවාසනාවන්තයෝය.
ක්‍රීඩාවකට,
නාට්‍යයකට,
සංගීත
සැන්දාවකට සහභාගී වීමට තම
පෙම්වතියගෙන් "අවසර
"
ලබා
ගතයුතු වූ "ගෑනු
බාලයෝ"
ය.
නැත්නම්
සැමදා සවස තම පෙම්වතිය සමග
ගතකිරීමට ඇගේ නේවාසිකාගාරය
වෙත පැමිණීමට අණ ලැබූ
"සදා
නාදන් "
ලා
ය.
නාදන්
යනු,
කාන්තා
නේවාසිකාගාරයක් වූ රාමනාදන්
සාලාවයි.
සැමදා
සවසට නාදන් යන සිසුවෝ “සදා
නාදන්” යන නම්බු නාමය
ලබති.
ජෙෂ්ට
සිසුන් පෙන්වා දුන් පරිදි
සරසවි ආදරවන්තයෙකු ගේ අවාසනා
සහගත ඉරණම අත් විදින්නට
දේවින්ද තුල කැමැත්තක්
නොවිණි. ඒ
වෙනුවට කැමති තැනක කැමති
වෙලාවට යන්නට එන්නට,
තමා කැමති ක්‍රීඩාවක් කරන්නට, පාඩම්
කිරීමේ හෝ නොකිරීමේ නිදහස
අත් විදින්නට ඉඩ සලසන
තනිකඩ සරසවි ජීවිතයක් ගෙවා
දමන්නට ඔහු සිතා සිටියේය.
එකල
ඔහු ගෙදර සිට සරසවි
පැමිණෙන්නේ මනෝජා,
සංජීව,
තුෂානි,
මාලතී,
අනෝමා,
ශාන්ති,
ශාමිනී,
චන්දන
සහ දුෂ්මන්ත වැනි ඔහු ගේ
කණ්ඩායමේ යහළු යෙහෙලියන්
සමගයි.
පිටකොටුවේ
මධ්‍යම බස් නවතුම්පොලින්
මහනුවර බසයට ගොඩ වන කට්ටිය
සරසවි එන්නේ සිනා සාගරයක්
මැදය.
කිසි
දෙයක් වැඩි ගණනකට ගන්නේ නැතිව,
කාටත්
උදවු කරමින් සැහැල්ලුවෙන්
සිටිනා දේවින්ද ට හැමෝම කැමතිය.
එම
තත්වය වෙනස් වුනේ පළමු
වාර විභාගය අවසන දේවින්ද වැඩිම
ලකුණු ලබා ගැනීමෙන් පසුවය.
(Y)
ReplyDelete>_<
Deleteරසවත්බව වෙනදා මෙන්මය.ඊළඟ කොටස එනතුරු බලා හිඳිමි.
ReplyDeleteප්‍රසන්සාවට ස්තූතියි.....අනිවා ඊලඟ කොටස වෙලාවට පැමිනේ...
Deleteසරසවි වල දේවින්දලා ඇත්තටම ඉන්නවද? එහෙම උන්ට ඉන්න දෙනවද?
ReplyDeleteඉන්නවා... ඒ වගේ අයට බලපෑම් කරන්න අනෙක් කස්ටිය බයයි....
Deleteඅදයි මේක කියවන්න සෙට් උනේ හරියටම.. දැන් ඉතින් නිදහසේ අනික්වත් කියවලා ඉන්න එපැයි..
ReplyDeleteනැතුව නැතුව..... අනිත් කොටසුත් කියවලා හොඳයිද කියලා කියන්නකෝ...
Deleteහ්ම්...
ReplyDeleteදැං දේවින්ද ගැනත් කියවන්න පුලුවං වෙයි වගේ...
දාමු දාමු... අනිත් එකත් ඉක්මණටම
ලඟ ලඟම එනෝ...
Deleteදේවින්ද හොඳ කොල්ලෙක්...සදා නාදන් මරු වචනේ.
ReplyDeleteඔවු අරූ තුමා.... දේවින්ද අන්තිම හොඳ කොල්ලෙක්.....
Deleteසදා නාදන් ලා ගොන්මන් වෙලාවට ගෑනු දරුවෙකු ගේ අතින් අල්ලගෙන මිත්තා එක පිටිපස්සෙ තියෙන "හා පිට්ටනියට" ඇදෙනවා දැකීම සුන්දර දසුනක්...