16. දහසය වන කොටස : අතීත කතාවක් http://sarasavisamaga.blogspot.com/2014/07/16.html
මෙතෙක්
දේවින්ද ගේ අවධානයට ලක් වී
සිටිය නැති ගෑනු ළමයෙක් නිතර
නිතර ඔහු ගේ ළඟ ගැවසීමට පටන්
ගත්ත බව ඔහුට දැනුනේ වාර විබාග
ප්‍රතිපල ලැබී දින කීපයක් ගත
වූ පසුවය..
ඇය දේවින්ද
ගේ බැච් මේට් කෙනෙකු වූ නිර්මලාය.
ඇය
මෙසේ තමා ලඟ ගැවසෙන්නේ කුමන
හේතුවකට දැයි දෙවින්දට තේරුනේ
නැත.
සැම දෙනාටම
ආචාරසීලිව සලකන දෙවින්ද,
නිර්මලා
ගේ හදිසි සමීපවීම මැදිහත්
සිතින් ඉවසුවේය.
මුලදී
කරදරයක් ලෙස දැනුනද,
ඇගේ
මායම් හැට හත ටික ටික දිග
ඇරෙද්දී කොල්ලා දැපනේ වැටුනේය.
දේවින්ද
මාර්ගයෙන්ම ඔහු ගේ කොළඹ
මිතුරු මිතුරියන් දැන
හඳුනා ගත් නිර්මලා ටික දිනකින්
ම ඔවුන්ගේද සමීප මිතුරියක්
වූවාය.
කොල්ලා
ඉන්නා සෑම තැනම ගැවසෙන්නට එම
අලුත් මිතුරුකම් නිර්මලාට
මහත් සේ උපකාර වුයේය.
නිර්මලා
මොනරාගලටත් සැතපුම් ගණනාවක්
ඈතින් තිබු ගමක පදිංචිකාරියකි.
ගාල්ලේ
උපන්නෙකු වූ ඇගේ පියා කච්චේරියේ
ලිපිකරුවෙකු වීය.
නොහොබිනා
කම් වලට නම් දරා සිටි
ඔහු ගේ නොමනා සම්බන්දකම්
කීපයක් ම ගමේ අයගේ අතටම අසු
වූ හෙයින් තම ජීවිතය බේරා
ගැනීම සඳහා ඔහු ගාල්ලෙන්
මොනරාගලට මාරු වී ආවේය.
බුත්තල නගරයට එහායින් පිහිටි ගලපිට ආර
නමැති කුඩා ගමේ පදිංචි වූ ඔහු
මොනරාගල කච්චේරියේ ලිපිකරුවෙකු
ලෙස තමාට තිබූ නිල බලය අනිසි
ලෙස පාවිච්චි කරමින්,
ප්‍රාදේශීය
දේශපාලකයන්ව රවටා දේශපාලන
බලය තර කර ගනිමින්,
වෙල්ලස්සේ
අසරණ ගැමියන් ගේ ඉඩකඩම්
කොල්ලකමින්,
රජයේ
ඉඩම් බලහත් කාරයෙන් බුක්ති
විඳිමින්,
ආන්ඩුවේ
කැලෑ වල ගස් හොරෙන් කපමින්,
බලපත්
රහිතව මැනික් ගරමින් මහා ජයට
ජීවත් වීය.
රජයේ අනවසර ඉඩම් වල උක් වැවීමත් කුඹුරු කෙරීමත් දිගටම කල ඔහුට විසාල ධනස්කන්දයක් උපයා ගත හැකි විය.
ඒ කාලයේ
නිර්මලා බලාපොරොත්තු වුනේ
තාත්තා ගේ සල්ලි බලෙන් කොළඹ
ජනප්‍රිය උසස් විද්යාලයකට
ඇතුලත් වන්නටය
එහෙත්
ඇගේ කරුමෙට පියා හදිසියේම
ලෙඩ විය.
නොමනා
ගති පැවතුම් ඇති නිර්මලා ගේ
පියා පළාතේ තිබු දුස්චරිතය
වපුරන ගුබ්බෑයම් කීපයකම
නිත්‍ය සාමාජිකයෙකුව
සිටියේය.
ඔහු
එම ගුබ්බෑයම් වල සිටි කාන්තාවන්
ගෙන් ලැබූ දායාදය වුයේ භායනක
රෝගයකි .
මුලදී
දෙපයේ හිරි ගතියකින් ආරම්භ
වූ ඔහු ගේ ලෙඩේ නැවතුනේ අත්
පා අඹරවා,
සර්වාන්ගයම
පන නැති වී ඇඳටම එක්තැන්
කිරීමෙනි.
ලෙඩ ඇඳේ
එක්තැන්වූ දා සිට නිර්මලා ගේ
පියා වටා සිටි හිතවතුන් සහ
පිරිවර කෙමෙන් කෙමෙන් ඔහුව
අතහැර ගියෝය.
සුමිතුරු
ප්‍රාදේශීය දේශපාලකයන් හට
ඔහු ව පිලිකුල් විය.
කච්චෙරි
ලිපිකරු තනතුරින්ද වෛද්‍ය
හේතූන් මත අකාලයේ විශ්‍රාම
ගැනීමටද ඔහුට සිදු විය..
අතේ ඇති
සියලු මිල මුදල් කොලඹ පොද්ගලික
රෝහල් වලටද,
එයින්
පලක් නොවූ කල රට පුරා ඇති දේවාල
සහ කපුවන් වෙත පුද කලද නිර්මලා
ගේ පියා ගේ තත්ත්වය සුව අතට
හැරුනේ නැත.
ඔහුට
නැවත ගොඩ ඒමක් නොමැති බව පසක්
කර ගත් අපාය සහායක ව්‍යාපාරික
මිතුරෝ,
නිර්මලා
ගේ පියා බලහත්කාරයෙන් බුක්ති
විඳිමින් සිටි සියලු දේ ඔහුගෙන්
පැහර ගත්හ..
අවසානයේ
ඔහුට ඉතිරි වූයේ ණය ගොඩක්
පමනකි.
තම අධ්‍යාපනය
සඳහා කොළඹ යනු වෙනුවට නිර්මලා
වුයේ මොනරාගල ම ඉන්නටය.
දන්නා
කියා හැමෝම ඇය දිහා දැන් බලන්නේ
මේ අර කරදරකාර ලෙඩා ගේ දුව
කියා බව ඇය දනී.
ඒ
නිසාම ඇයට ගමේ සිටීම අරහන්
ය.
ගමේ සිටියදී
ඇය සිතන්නේ තමා මේ
වෙල්ලස්සේ වැද්දන්ට අයත්
නැති නගරයේ කෙනෙකු කියාය.
එහෙත්
නගරයෙන් ආ සිසු සිසුවියන්
අතරේදී ඔවුන් නිර්මලා ගැන
සිතන්නේ ඇය තමන් ගේ
කෙනෙක් නොවේ කියාය.
ගමටත්
නගරයත් දෙකටම නැති ඇය දැන්
සිතන්නේ විදේශයකට පදිංචියට
ගියොත් හොඳ බවය.
නිර්මලා
ගේ ජීවිතයේ අරමුණ වී තිබුනේ,
මොන
විධියෙන් හෝ ඉහල යාමය.
දුක
දිනා ජය ගැනීමට කෙටි මාර්ග
සෙවූ නිර්මලා ඒ වෙනුවෙන් අම්ම
අප්පා වුවත් කැප කිරීමට
සූදානම්ය.
කුමන
ප්‍රශ්න තිබුනත් පාටමාලාව
නිසි ලෙස හදාරා සෑම විබාගයකින්ම
උසස්ම ලෙස සමත්වීම පීඨයේ
සියලුම සිසු සිසුවියන්ගේ
එකායන ඉලක්කයයි.
ලෝකයාට
පෙනෙන්නට අධ්යාපන කටයුතු ගැන
උනන්දුවක් නොපෙන්වන්නෝද
සැමටම හොරා ගජරාමයට පාඩම්
කරති.
සරසවි
බාසාවෙන්ම කියතොත් "හොඳට
දෙති"
!
දන්නා
කියනා සියලුම වැඩ සහ කිඩ දමාත්
හොඳ ලකුනු ගැනීමට අසමත් වූවෝ,
තමන්
ගැන නොව අනුන් වෙනුවෙන් තම
වෙලාව කැප කලා යයි මග තොට හමුවන
සියලුදෙනාටම පවසති.
කියන්නෝ
කෙසේ කීවත් අසන්නෝ සිහි
බුද්දියෙන් අසා,
විහිලු
කාරයන් ගේ පම්පෝරි බැහර කරති.
එම
හේතුව නිසාම විබාග වලින් උසස්
ලකුනු ගන්නා සිසු සිසුවියන්
කෙරෙහි පීඨයේ සැමගේම සිත්
තුල යම් ගෞරවයක් තිබුනේය.
දේවින්ද
ගැන නිර්මලා කල්පනා කරන්න
පටන් ගත්තේ ඔහු වාර විභාගයේදී
ඉහලම ලකුණු ලබා "බැච්
ටොප්"
කල
පසුවය.
දෙවින්ද
ගේ ලකුනු වල සාමාන්‍ය අගය
හත්තෑපහකට ආසන්න වෙද්දී
නිර්මලාට ලබා ගත හැකි වූ
සාමාන්‍ය අගය දහ හතකි.
ඊලඟ වාර
විබාගය වෙත්දී ලකුනු වැඩි කර
ගැනීම සඳහා වූ කෙටිම ක්‍රමය
තමා අත ලඟම ඇති බව නිර්මලා
දන්නීය
දේවින්ද
ඉගෙන ගෙන ඇත්තේ දිවයිනේ හොඳම
පාසලකය.
තමා
වැනි දුශ්කර පෙදෙස් වල අද්යාපනය
හදාල අයට වැසී තියෙනා උසස්
සමාජයේ දොරවල් දෙවින්දට
සැමවේලේම ඇරිලාය.
ඔහු
ඉතා හොඳින් අද්යාපන කටයුතු
කරයි.
කන්ඩායම්
මිතුරි මිතුරියන් හට පාඩම්
වැඩ වලට උදවු උපකාර කරයි.
දේවින්ද
ගේ මිතුරියක නොවූ නිසා නිර්මලාට
එම උපකාර නොලැබේ.
ඔහු
සමග නිතර නිතර පාඩම් කරනා,
සාකච්චා
කරනා මිතුරු මිතුරියන් හට ද
වාර විබාගයෙන් උසස් ලකුනු
ලැබී තිබේ.
දේවින්ද
ඔහු ගේ මිතුරු මිතුරියන් ගෙන්
ඈත් කර තමාටම අයිති කරගත්තොත්
තමන්ගේ ලකුනු වැඩි කරගත හැකි
අතරම දෙවින්දගේ මිතුරු මිතුරියන්
ගේ ලකුනු අඩු වීමේ හැකියාවක්
ද පවතී..
තමන් ගේ
ලකුනු වැඩි කර ගැනීමෙන් නොනැවතී
අනුන්ගේ ලකුනු අඩු වීමට සැලසීම
නිර්මලා හට ප්‍රීතියකි.
තම අධ්‍යාපනයට
හා සමාජීය ජීවිතයට දේවින්ද
ගෙන් ලද හැකි උපකාර සලකා බැලූ
නිර්මලා කෙසේ හෝ දේවින්ද තම
පෙම්වතා කර ගැනීමට සිතා ගත්තාය.
නිතර නිතර
දෙවින්ද අසලම ගැවසුනු නිර්මලා
ඉඩක් ලද හැම විටම ඔහු ගේ අවධානය
දිනා ගැනීමට සමත් වූවාය.
කොල්ලන්
දැලේ දා ගන්නා ක්‍රම සහ විධි
ගැන මනා පුහුණුවක් තිබු
ඇයට ඉතා සුළු කලකින් ම
දේවින්දව ඇයගේ පෙම්වතා කර
ගැනීමට හැකි විය.
මින් පෙර
පෙම්වතියක් ආශ්‍රය කර නොතිබුණු
කොල්ලා නරා වලට ඇද වැටුනේය.
දේවින්ද
ගේ සරසවි ජීවිතයේ කාලකන්නි
පරිච්චේදය ආරම්භ වුයේ එසේය.
*****************************
මුල දී
දේවින්ද ට දැනුනේ තමාට මෙතෙක්
ආගන්තුකව පැවති සුර ලොවක දොර
ඇරුනා කියාය.
සොඳුරු
සරසවි බිමේ ආදරවන්තියක හා
පෙමින් වෙලී සතුටින් අධ්‍යාපන
කටයුතු කරගෙනයාම පෙර පිනකින්
ලැබූ වාසනාවකි.
නිර්මලා
සමග පෙම් සබඳතාවක් ඇරඹීම තම
ප්‍රියතම සිනමා සිත්තම වූ
හන්තානේ කතාව දැකීම නොව එහි
ජීවත්වීමට අවස්තාව ලැබීමකි.
එවන් සිහින
මාලිගා ගොඩ නැගූ කපටිකම් නොදත්
අහින්සක අසරණයාට යන එන මන්
නැති කිරීමට නිර්මලා සමත්
විය.
විනෝද
ගමන් යෑම,
නාට්‍ය
චිත්‍රපටි වැනි දෑ නැරඹීම
ආදිය නිර්මලාට අරහන් ය.
ඒ
තියා හදිසියකදී වත් කන්ඩායමේ
අනෙක් ලමයෙකුට නොදත් දෙයක්
කියාදීම පවා ඇය දේවින්දට තහනම්
කලාය.
.
කුඩා කල
සිටම අන් අයට උපකාර කිරීම,
දත්
දේ නොදත් අයට කියා දීම යුතුකමක්
සේ සලකා ක්‍රියා කල දෙවින්ද
මුලින් මුලින් නිර්මලාට
නොදැනුවත්ව තම කන්ඩායම් සගයන්
හට උදවු කිරීම දිගටම කරගෙන
ගියේය.
කෙලෙස හෝ
එවනි අවස්තා නිර්මලා ගේ කනට
ගියවිට ඇය මහ හඬින් දෝෂාරොපනය
කිරීම මගින් දෙවින්දව පාලනය
කර ගත්තේය.
පිටස්තර
අයට ඇසෙන ලෙස කරන නිර්මලා ගේ
නිර්දය කෑ කෝ ගැසීම් වලට දේවින්ද
ඇත්තටම බය වුනේය.
අවසානයේදී
නිර්මලාගේ කටට බයෙන් අන් අයට
කරනා උදවු උපකාර නැවත්වීමට
දේවින්දට සිදු විය.
අධ්‍යාපන
කටයුතුවලදී නිර්මලා ඉන්නේ
සෑහෙන පිටුපසිනි.
තම
පෙම්වතිය ගැන දුක සිතුනු
දේවින්ද සැමදා සවසට ඈ සිටි
නේවාසිකාගාරයට ගොස් එදින
ඉගෙනගත් දේ ඇයට තේරුම්කර නැවත
කියා දීම පටන් ගත්තේය.
ඇත්තටම
නිර්මලාට දේවින්ද ගෙන් අවශ්‍යව
තිබුනේද එයමය..
නිර්මලාට
දේවින්ද ගේ වැදගත් අවංක ගතිගුණ
වලින් වත්,
ආචාරසීලී
බව වත්,
ආත්ම
විස්වාසය වත්,
අනුන්
වෙනුවෙන් හිත උනුවීම් වත්,
අහින්සකකම්
වත් වැඩක් වුයේ නැත.
ඇයට වැදගත්
වුයේ සැමදා සවස ඔහුගෙන්
පාඩම් ඉගැනීමත්,
ඔහු
ලංකාවේ උසස්ම විදුහලේ ආදී
ශිෂ්‍යයෙක් වීමත් ය.
ඈත ගම්මානයකින්
සරසවි පිවිසි ඈ හට සාමාන්‍යයෙන්
වැසී තිබෙන බොහෝ දොරවල් කොළඹ
පිහිටි හොඳම පාසලේ ආදී ශිෂ්‍ය
පෙම්වතෙකු නිසා ඉබේම ඇරෙන බව
නිර්මලා දන්නේය.
අතිශය
ශූර සට කපට කෙල්ලකු වූ නිර්මලා
පළමුව කලේ කණ්ඩායමේ සියල්ලන්
ගේම ආදරයට ලක් වූ දේවින්ද
කේලාම් කියා ඔවුන් සමග තරහ
කරවීමය.
ඔහු
තම සහෝදර සිසු සිසුවියන් සමග
ආරවුල් නොකරගත්තත්,
දේවින්දව
ටිකින් ටික අනෙක් අයගෙන් ඈත්
කිරීමට නිර්මලා සමත් උනේය..
එනමුදු
නිර්මලා හැමෝම සමග සුහදව ඇසුරු
කිරීමට වග බලාගත්තාය.
අන්තිමට
නරක මිනිහා වුයේ දෙවින්දය.
තමා හට නැගිටින්නට අත දී උදවු කරන අය ගේ උරිස්සට පය තබා ඉහල යාම අනුන් ගැන නොතකා ඉක්මනින් දියුනු වන අය ගේ හැටිය.
තමා හට නැගිටින්නට අත දී උදවු කරන අය ගේ උරිස්සට පය තබා ඉහල යාම අනුන් ගැන නොතකා ඉක්මනින් දියුනු වන අය ගේ හැටිය.
ඈත ගමක
වෙසෙන නිසා නිර්මලා ගෙදර යන්නේ
වාර අවසානයේ පමණය .
ලෙඩින්
ඔත්පලව ඇදේ සිටින තාත්තාට
නිර්මලා කැඳවාගෙන යාමට නුවර
එන්නට බැරිය.
එම
නිසා දෙවින්ද ඇයව මගට ඇරලවා
ගෙදර යයි.
කන්ඩායමේ
සැවොම "ලංකා
සවාරිය"
ලෙස
හඳුන්වා සිනාසෙන එම ගමන පටන්
ගන්නේ පාන්දර පහට මහනුවර
"ගුඩ්ස්
ශෙඩ්"
බස්
නැවතුම්පොලිනි.
නිර්මලා
ද කැටුව නුවර එලිය හරහා බණ්ඩාරවෙලට
යන දෙවින්ද ඇයව බණ්ඩාරවෙල දී
මොනරාගල යෑම සඳහා වැල්ලවාය
බස් රථයක නන්ග්වා බන්ඩාරවෙලින්
බදුල්ලේ සිට පැමිනෙන නොම්මර
99
සීග්‍රගාමී
බස් රථයේ නැගී තිඹිරිගස්යායේ
පිහිටි ඔහු ගේ ගෙදර යන්නේය.
උදේ
පහට පටන්ගන්නා "ලංකා
සවාරිය"
අවසන්
වන්නේ රාත්‍රී නවයට පමණය.
දෙවින්ද
ගේ කැප කිරීම් එසේය.
නිර්මලා
සමග ප්‍රේම සම්බඳයක් පටන්
ගනීමට පෙර,
ලද
හැම විටම බසයක එල්ලී තම මිතුරු
මිතුරියන් සමග ගෙදර දිවීමට
පුරුදුව සිටි දේවින්දට,
ඒ
වෙනුවට මුළු වාරයම ඇය සමග ගත
කරන්නට යයි නිර්මලා බල කලාය.
කොල්ලා
ගේ සති අන්තයට ගෙදර යාම නැවතිණි.
අන්තිමට
ඔහු ට පැරණි මිතුරු මිතුරියන්
නැති විය...
අසරණයා
තනි විය …නිර්මලා පාඩම් කියා
දීම පමණක් ඔහු ට උරුම විය.
එහෙත්
ටිකින් ටික මායම් හැට හතර
ගැලවෙද්දී දේවින්ද තම පෙම්වතිය
ගේ නියම මුහුණ ඔහු දුටුවේය.
ඒ
වනවිට ප්‍රමාද වී වැඩිය.
දෙවින්දව
සම්පූර්ණයෙන් ම ජීවග්‍රහයට
ගැනීමට නිර්මලා සමත් ව සිටියාය.
දේවින්ද
තවමත් සිතා ඉන්නේ අනෙක්
හැම දෙනාම නිර්මලා ගේ හොඳ
පැත්ත මිස නරක පැත්ත නොදන්නා
බවය.
එහෙත්
ඔහු ගේ පැරණි මිතුරු මිතුරියන්
හට නිර්මලා කවුද කියා ටිකින්
ටික පැහැදිලි වන්නට පටන්
ගත්තේය.
මුලින්ම
දේවින්ද ගේ කාමර සගයා වූ අතුල
ට ඔහුගේ මිතුරෙකු මගින් නිර්මලා
ගේ පැරණි පෙම්වතා කියාගන්නා
කෙනෙකු හමු විය.
එම
කොල්ලම නේවාසිකාගාරයට පැමිණ
නිර්මලා හමු වන්නට උත්සාහ
කරනවාත්,
නිර්මලා
ඔහු හමුවීමට පහලට නොපැමිණ,
උඩු
මහලේ වූ ඇය ගේ කාමරයේ සැඟවී
ඉන්නවාත් මනෝජා ඇතුළු ගැහැණු
ළමුන් කිහිපයකටම අසු
වී තිබුණි.
සරසවි
පැමිණි පසු නිර්මලා තමන් ව
අමතක කළ බව ඒ කොල්ලා
කියා තිබුණි.
එහෙත් එම
සිද්ධිය දේවින්ද ට පැවසීමට
කිසි කෙනෙකුට බැරි උනේ එය
සදාචාර සම්මප්පන යැයි නොසිතු
බැවිනි.
තම අම්මගේ
සහ තාත්තගේ ආභාෂය නිසාම
ප්‍රතිපත්ති අගය කරමින් කෙලින්
ජීවිතයක් ගෙවන්නට පුරුදුව
සිටි දේවින්දට කල හැකි දෙයක්
නොවූ නිසා බැඳ ගත්ත බෙරේ ගැසීම
දිගටම කරගෙන ගියේය.
ක්‍රීඩාවට
ඉතා ලැදී දේවින්දට කිසිම
ක්‍රීඩාවකට සහභාගී වීමේ හෝ
නැරඹීමේ වරම් අහිමි වුයේද
හවසට නිර්මලා වෙනුවෙන්
පැවැත්වියයුතු ටියුෂන් පන්තිය
නිසාය.
සමහර දාට
සරසවියේ පවත්වන්නට යෙදෙන
නාට්‍යයකට හෝ සංගීත සන්ද්යාවකට
නොගොසින් ඇයට පාඩම් කියා දෙන්න
එන්නයි නිර්මලා බල කල විට
දේවින්ද ට පිස්සු හැදෙයි..
එහෙත්
කොල්ලා ගෙදර ගිනි පිටතට දුන්නේ
නැත...
කාටත්
නොකියාම,
කොන්ද
කෙලින් තියාගෙනම ඔහු ඒ සියලු
දුක් ගැහැට ඉවසීය.
මේ අතරතුර
දේවින්දට පෙම්වතියක් ඉන්නා
බව දැන දැනම සරසවි ශිෂ්‍යාවන්
බොහෝ දෙනෙකු ඔහු ගේ සෙනෙහස
පතා ආවෝය.
විශේෂයෙන්
ම ඔහු නවක වදයෙන් බේරාගත්
දැරියෝ බොහෝ දෙනා ඔහුට පෙම්
කලහ.
එහෙත්
කෙලින් වැඩකරන කොල්ලෙකු වූ
දේවින්දට කලේ හෙමින් සීරුවේ
කෙල්ලන් ගේ හිත නොරිදවා,
ඔවුන්
ගේ සෙනෙහස ප්‍රතික්ෂේප කිරීමයි.
වසර අවසාන
විබාගයේ දේවින්ද වැඩිම විශිශ්ට
සම්මාන සමග කන්ඩායම් ප්‍රතමයා
වෙද්දී,
දෙවනියා
වූයේ ඊට පෙර කන්ඩායමේ පහලම
සිටි නිර්මලාය.
ඊලඟ
වසරේ පලමු වාර විබාගයේ ප්‍රථමයා
වූයේ නිර්මලාය.
දේවින්ද
නිසාම තම අධ්‍යාපන තත්ත්වය
නංවා ගත් නිර්මලා ට දැන්දැන්
ඔහු ගෙන් ගන්නට උපකාරයක් නැත.
දැන්
ඈ දෙවින්දව තුට්ටුවකටවත්
මායිම් කරන්නේ නැත.
තම හැගීම්
පිටතට නොපෙන්නන කොල්ලා ඒවා
සියල්ල කාගෙන මොකුත් සිදු
නොවුවා සේ සිටී.
ඒ
බව මනෝජා ඇතුළු මිතුරු මිතුරියන්ටද
දැනේ.
ඔවුන්
සියල්ලෝම දෙවින්දට සිදු වූ
මේ අපලය ගැන එක සේ දුක් වෙති.
********************************
මනෝජා ගේ
කතාව ඇසු තාරුකාට හෝ ගාලා
ඇඩුනි.
හොඳ
මන්නුස්සයින්ට වෙන්නේ මෙවැනි
දේවල් මය.
නරක
කරන්නන්ට හොඳින් හරි යයි...
මේ යන
විදියට දෙවින්දට අනාගතයේ මොන
මොන දේවල් වෙන්නට පුළුවන්
දැයි කෙල්ලට දුකය.
එහෙත්
මොන දේ උනත් දේවින්ද අයියාව
අත හරින්නට කෙල්ල සූදානම්
නැත.
මොන දේ
වුනත්,
මම
ඔයා ළඟ ඉන්නවා දේවින්ද අයියා...
කෙල්ල
තමාටම කියා ගත්තාය.
දිලිසෙන
ඇස් ඇති මේ කෙල්ලගේ හිතේ දේවින්ද
ගැන අප්‍රමාන සෙනෙහසක් ගොඩ
නැගී ඇති බව මනොජාට පැහැදිලිය.
මගේ
සුදු නංගියා පුළුවන් නම් ඔයා
දේවින්දව ඔය අපායෙන්
බේරාගන්න...
තාරුකා
ගේ කර වටා අතක් යවමින් මනෝජා
සිතුවාය.
හම්මේ...
ReplyDeleteබලා ගියාම නිර්මලා කියන්නෙ කුණු කූඩයක් නෙව...
නිර් නැතිව මළ විතරක් කීවනං හරිම ශෝක්...
ඕ යේස්...
හිහික්...
පට්ට ඈ...
හැබැයි මේ වගේ අවාරෙ පොල් වට්ටන එකට නං මගෙ කිසිම මනාපයක් නෑ
සත්‍ය වශයෙන් ම කතාවෙ එක්තරා කොටසකදී දෙවින්ද ගේ මිතුරෙක් වූ අතුල නිර්මලා ව "මලා" ලෙස හඳුන්වනවා....
Delete"බයි ද වේ" මහේශ් මහත්තයෝ... අද හවස මම ඔබ තුමා ගේ ගම් පලාතේ (දේවාලෙගම ) මල ගෙදරකට සහබාගී වෙනවා....
Deleteඅදයි මේක සැට් උනේ මුල ඉඳන්ම එන්නම්කෝ බලන්න .......
ReplyDeleteවෙල්කම් එකේ හොඳ එකෙන් ම එකක් ලොක්කා වෙනුවෙන්...
Deleteමෙක කොටස් වශයෙන් යන කතාවක් නේ කලින් කොටස් දෙකක් කියෙව්වා මතකයි,කොම උනත් කතා භාෂාව රසයි ,මගේ ගම ගැනත් කියවිලා නොවෑ හැක් ....මගේ යාළුවෙක් ඉන්නවා ඔය දේවින්දයා වගේම කෙල්ලක් නිසා කටු කන මෙක ඌට පෙන්නන්නම ඕන කතාවක් ....
ReplyDeleteකන කලටා කටු මිහිරියි මී සේ......
Deleteනිර්මලා නම තියෙන හැම එකීම මෙහෙමද මන්දා.
ReplyDeleteමටත් හිතෙන්නේ එහෙම තමා.....
Delete//තමා හට නැගිටින්නට අත දී උදවු කරන අය ගේ උරිස්සට පය තබා ඉහල යාම අනුන් ගැන නොතකා ඉක්මනින් දියුනු වන අය ගේ හැටිය.//
ReplyDeleteමචන්..මට ඉතින් කැම්පස් යන්න ලැබුනේ නැහැනේ..හැබැයි ඉතින් රස්සාව කරන තැන ඔය උඩින් කියල තියෙන ජාතියේ අය කීප ද්දෙනෙක්ම ඉන්නවා..
මහා වර්චස් ඩයල් ටිකක්..පුදුම කරුමයක්..
ඔන්න ඕකට තමා සිරි ලන්කාවේ ජාතික සලකුන කියා කියන්නේ විභීශන දෙය්යියනේ......
Deleteඅපෝ අපේ ඉස්කෝලෙත් හිටියා බං නිර්මලා නම තියෙන ඔය වගේම විකාරයක්.. කතා කරලා වැඩක් නෑ..
ReplyDeleteඑහෙනම් ශුවර් එකටම නමේ වැරැද්දක්.... අපේ අහුබුදු ලොක්ක හිටියානම් අහ ගන්න තිබුනා.....
Deleteකොල්ල පව් බං.අන්තිමේ බේරගන්නව නේද?
ReplyDelete"They lived happily ever after" තමා හැලප තුමෝ...........
DeleteGodak aasawen kiyawanne.. harima lassanai!! Ilaga kotasa ikmanata daanna puluwanda tikak wadipura..?
ReplyDeleteකතාව අගයකිරීම ගැන බොහොම ස්තූතියි.... පුලුවන් නම් දන්න කියන අයට මේ ගැන පොඩි පබිලිසිටි එකකුත් දෙන්න...
DeleteM..ada thmi mn me kathawa kiyawanna patangatte...peradeniya ccampus 1ka kiyanne mge jeewithe mta laba ganna bari una lassana heena walinuth lassanama heenayak... eth adatath me campus 1ka gana mge hithe thiyena adaraya nathi wela na poddakwath....me kathawa mn mula Iidan me wenakanma 1ka digatama kiyawagena giya...me kathawa kiyawaddi eke inna katha naikawa tharuka thula mn jeewath una wage hageemak danuna... peradeniya campus
ReplyDeletejeewithe amihiri mathakayan samahara ayata thibunath mta pena widiyata ajeewithe sundari...abiyogath ekka gala yana mta
widinna tharam wasanawak nathi una a
jeewitheta mn adarei....godak...
Godak lassanata meka liyala thiyenawa....hamadamt me wage lassanata lianna labenna kiyala prarthana karanawa mn.....
Thanx Chathu.
Delete