http://sarasavisamaga.blogspot.com/2014/06/12.html
කෑම
අවසානයේ ගැහැණු ළමයින් සය
දෙනා අත සෝදාගෙන පැමිණ නැවත
දේවින්ද ළඟ වාඩිවිය.
අනේ
මන් කියපුදේ දේවින්ද අයියා
ඇහුවානේ...
කෙල්ලගේ
සිතේ මල් පිපිලාය...
දිලිසෙන
ඇස් ඇති කෙල්ල
"දේවින්ද
අයියා"
කියා
ඔහු ඇමතීම ගැන දේවින්ද ගේ සිත
කලබලයට පත් වෙලාය.
එවැනි
වෙලාවට ටිකක් නිවී සැනසිල්ලේ
කල්පනා කල යුතුය.
කුඩා
කල දී ඇත අකුරු නිසි ලෙස ලිවීම
පුරුදුවීමට Crown
කොපි
පොතේ වාක්‍ය පිටපත් කල අයුරු
ඔබට මතකද?
සරසවි
ගිය පසු ද නවකයෙකු නම් කොපි
ලිවීම අත්හැරිය නොහැකිය.
ගෑනු
ළමයින් ටිකට කොපි ලිවීමේ
අභ්‍යාසයක් දුන්නොත්,
ටිකක්
සැනසිල්ලේ සිටිය හැකි බව
දෙවින්දට සිතුනේය.
“කොලයක්
අරගෙන කොපි ලිවීම පටන් ගනිල්ලා”
යි පැවසූ ඔහු සියල්ලන්ටම
කොපි ලිවීමට පළමු වැකියකීමට
කට ගත්තා පමනි.
"මම ජෙෂ්ට උත්තමයා සමග අනියම් සම්බන්දතාවයකට කැමතිය" කියලා විසි පාරක් ලියපන්...... මහ හඬින් එසේ පවසමින් එතැනට කඩා පත් වූයේ දේවින්ද ගේ රූමා වූ අතුලය..
"මම ජෙෂ්ට උත්තමයා සමග අනියම් සම්බන්දතාවයකට කැමතිය" කියලා විසි පාරක් ලියපන්...... මහ හඬින් එසේ පවසමින් එතැනට කඩා පත් වූයේ දේවින්ද ගේ රූමා වූ අතුලය..
දෙවින්ද
පෙරදින රාත්‍රී ආහාර ගත්තේ
අතුල සමගය.
දිවා කාලයේ දී "ඉබි වල" ට සිදු වූ දේ ගැන දැන ගැනීමට අතුලට උවමනාව විය.
ඔහු දේවින්දව වාචික පරීක්ශනයකට ලක් කලේ එහෙයිනි. වසන්ත ගෙන් දැරියන් කඩා ගැනීම සඳහා දෙවින්ද බාවිතා කල අනියම් සම්බන්දතාවය යන වචන භාවිතය අතුලට නැගලා ගියේය. දැරියන් ගේ කොපි ලිවීමේ මාතෘකාව පහල වූයේ එහෙමය.
දිවා කාලයේ දී "ඉබි වල" ට සිදු වූ දේ ගැන දැන ගැනීමට අතුලට උවමනාව විය.
ඔහු දේවින්දව වාචික පරීක්ශනයකට ලක් කලේ එහෙයිනි. වසන්ත ගෙන් දැරියන් කඩා ගැනීම සඳහා දෙවින්ද බාවිතා කල අනියම් සම්බන්දතාවය යන වචන භාවිතය අතුලට නැගලා ගියේය. දැරියන් ගේ කොපි ලිවීමේ මාතෘකාව පහල වූයේ එහෙමය.
දැරියන්
කොපි ලියති....
දේවින්ද
අතුලත් සමග කතා බහ කරමින්
සැනසිල්ලේ කෑම කෑවේය.
කෑමෙන්
පසු අතුල නැවතත් ආ ලෙසින් ම
අතුරුදහන් විය.
පැය
භාගයකට පමණ පසුව ගෑනු ළමුන්ට
ඔවුන්ගේ ප්‍රායෝගික පන්තියට
කාලය ලඟාවිය.
දේවින්ද
කොපි ලියූ කොළ එකතු කර ගත්තේය.
මම
ලිව්ව කොපි හොඳට කියවන්න
දේවින්ද අයියා ....
කෙලින්ම
ඔහුට කියන්න පුළුවන් නම්....
කෙල්ලට
සිතුනේය.
ඔයාට
ගොඩාක් ඉස්තුතියි දේවින්ද
අයියා...
කෙල්ලට
කියන්නට හොඳටම ඕනෑකම ඇත,
එහෙත්
ඉඩක් නැත...
කෙසේ වුවත් පණිවිඩය හුවමාරු විය.. ඒ කෙල්ල ගේ ඇස් ඔහුට කතා කල හෙයිනි.
කෙසේ වුවත් පණිවිඩය හුවමාරු විය.. ඒ කෙල්ල ගේ ඇස් ඔහුට කතා කල හෙයිනි.
පෙර
දා මෙන්ම,
තාරුකා
ඔහු වෙතින් ඉවතට ගියේ අන්තිමටය.
පෙර
දා මෙන් ම ඈ මද වෙලාවකින් ආපසු
හැරී ඔහු දෙස බලා සිනාවක්
පෑවාය.
ඒ දිලිසෙන ඇස්...
*********************
ඒ දිලිසෙන ඇස්...
*********************
එදා
තාරුකාලාට නියමිතව තිබුනේ
ජයිවරසායනයේ අති ප්‍රසිද්ද
"චූ
ප්‍රැක්ටිකල්"
හෙවත්
මුත්‍රා පරීක්ශනයයි.
පන්තිය
පටන් ගැනීමේදීම සෑම සිසු
සිසුවියෙකුටම ප්ලාස්ටික්
බෝතලය බැගින් ලැබේ.
සියලු
දෙනාම වසිකිලිය වෙත ගොසින්
තම මුත්‍රා ටිකක් එම බෝතලයට
රැගෙන ආ යුතුය.
ඉන්
පසු රසායනාගාරයේදී තම මුත්‍රා
නියැදිය සාමාන්‍ය සාම්පලය
ලෙසින්ද,
පේරාදෙනිය
රෝහලෙන් සපයා දී තිබෙන විවිද
රෝගීන් ගේ මුත්‍රා සාම්පල
ටෙස්ට් සාම්පලය ලෙසද සලකා
සියලු අන්දමේ පරීක්ශන කරමින්
අධ්යයනය කිරීම "චූ ප්‍රැක්ටිකල්"
ලෙසින් ජනප්‍රිය වහරේ පවතී.
ප්ලාස්ටික්
බෝතල අතින්ගෙන වැසිකිලි
පෝලිමේ ඉන්නා නවකයන් හට අසබ්ය
කතා කියමින් ගොන් පාර්ට්
දැමීමත් "චූ ප්‍රැක්ටිකල්" එක
තරම් ම ප්‍රසිද්දය.
ලහි ලහියේ ජයිවරසායන පන්තියට ගිය නුවර කඩේ දැරියන් ප්ලාස්ටික් බෝතල රැගෙන ලජ්ජාවෙන් කාන්තා පොදුකාමරය වෙත පෝලිමේ යනවාත්, චානක ගමගේ
ප්‍රමුක වදකයෝ ඔවුන් පසු පස
ගොසින් විකාර කරනවාත් දේවින්ද
දුටුවේය
...
**************************
දැරියන්
කොපි ලියූ කොළ හය දේවින්ද
අතේය.
සමහර
කොපි ලස්සන වටකුරු අත් අකුරුය.
සමහර
කොපි කැත කුරුමිණි අඩුය.
අන්තිම කොපි කොලය සැමටම වඩා වෙනස්ය. ලස්සන අත් අකුරුය. කොනක "තාරුකා" යි නම ලියා තිබුණි.
අන්තිම කොපි කොලය සැමටම වඩා වෙනස්ය. ලස්සන අත් අකුරුය. කොනක "තාරුකා" යි නම ලියා තිබුණි.
තාරුකා ගේ කොපි කියවන විට පපුව ටිකක් හිර වනවා දේවින්ද ට දැනුනි...
වාක්‍ය
දහනමයක් හරියටම කොපි ලියා
තිබුණි.
විසිවෙනි
වාක්‍යයේ පමනක් "සමග
අනියම් සම්බන්දතාවයකට"
යන
වදන් හැලී තිබුණි.
තාරුකා ලියා තිබුනේ " මම
ජෙෂ්ට උත්තමයාට කැමතිය"
කියාය
.
ඉහල
ගත හුස්ම පහල දමන්නට දෙවින්දට
අමතක වුයේය!
"කන්දෙන්
පාවී ලන්දට බසිනා,
…
රන්
වන් රන් වන් මගේ රන් කිකිලී,
...
රන්
වන් රන් වන් රන් කිකිලී".....
කැන්ටිමේ
ගුවන් විදුලිය සින්දු
කියයි....


