1. සරසවියට “නැව” ඇවිත්!
සරසවි බිමට හිරු රැස් වැටෙන්නට පටන් ගත්තා පමණි. ලා හිරු රැස් එබිකම් කලේ පේරාදෙණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයක් වූ සංගමිත්තා සාලාවේ ඉහල මාලේ වූ කාමරයක ටය. එහි සිටියේ පෙර දින සරසවියට ඇතුලත් වූ දැරියන් දෙදෙනෙකි
ඒ වෙන විටත් තාරුකා අවදි වෙලාය. චතු නම් සිටියේ අඩ නින්දේය
තරකා දන්ත වෛද්‍ය පීටයේ නවක ශිෂ්යාවකි. “චතු,” තාරුකා ගේ පාසල් මිතුරියකි. ඇය උසස් පෙලට කලේ ඉංග්‍රීසි සාහිත්‍යයි. පේරාදෙණිය කලා පීටයෙන් ඉංග්‍රීසි සාහිත්‍යය සඳහා උපාදියක් දිනාගැනීම චතු ගේ අරමුණ විය. එපමනක් නොවේ. සරසවි ජීවිතය හරි විදියට ගත කල යුතු යයි කියමින් තාරුකා මෙන්ම සරසවිය තුලම නේවාසිකව සිටීමට අදිෂ්ටාන කර ගෙන සිටියාය. පාසල් මිතුරියෝ දෙදෙනා එකම කාමරයක නවාතැන් ලබාගත්තේ එහෙයිනි.
පවු .. චතු තාම නිදි… තාරුකා සිතිනි..
ඉංග්‍රීසි සාහිත්‍යය සහ යුරෝපීය භාෂා හදාරන කෙල්ලන්ට තාරුකාට මෙන් මුළු දවස පුරා වැඩ නැත. චතුට තව දවල් වී පීටයට යන්නට හැකිය.
ඇඳ ලගම වූ ජනේලය ඇරී තාරුකා එක්වරම කාමරයට වන් සීත සුලගින් තිගැස්සුනාය. උදෑසන කොළඹට වඩා මහ නුවර කොහොමටත් සීතලය. එහෙත් ඇයට ජනේලය වසන්නට හිත දෙන්නේ නැත.
ජනේලයෙන් එපිට ඈ දුටුවේ ඈතින් පෙනෙනා බාගෙට වලාකුළු වලින් වැසී ගිය හන්තාන කන්දය. හන්තාන කඳු පන්තිය උඩබැලි අතට නිදා ගෙන සිටිනා යෝධයෙකු සිහියට නංවන බව තාරුකාට කීවේ තාත්තාය. තාත්තා පෙරාදෙනි සරසවියේ විද්යා පීට ආදි සිසුවෙකි. මිත්තාවේ උඩුමහලට පෙනෙන්නේ යෝධයාගේ කොටසක් පමණකි.
මීදුම් ගලා කන්දේ… ඉවසන්න බැහැ සීතේ….. කෙල්ලට මිමිනිනි.
තාරුකා ගේ නිවස පිහිටා තිබෙන්නේ නාවලය. ඇය පාසල් ගියේ කොළඹ ඉහලම බාලිකා විද්‍යාලයකටය. පියා බහු ජාතික සමාගමක අද්යක්ෂක වරයෙකි. කොතෙක් සැප සම්පත් තිබුනද කෙල්ල ඉගෙනීම අත හැරියේ නැත. පළමු උත්සාහයෙන්ම ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වී දන්ත වෛද්‍ය පීට ප්‍රවේශය ලැබුවාය. නැවත උසස් පෙළ කරන්නට ඇය කැමති වුයේ නැත. මහනුවර වෙසෙන තම සොහොයුරා ගේ නිවසේ නැවතී සරසවි යන ලෙස තාරුකා ගේ අම්මා ඇයට බල කළේය. තාරුකා අකමැති වූවාය. ඇයට ඔනෑ වූයේ, පේරාදෙණි සරසවියේ නේවාසිකව ඉගෙන ගැනීමටය. පේරාදෙනි සරසවියේම නේවාසිකව සිට ශිල්ප හදාළ තාත්තා කෙල්ලගේ කැමැත්තට ඉඩ දුන්නේය.
අද පටන්ගන්නේ තාරුකාගේ ජීවිතයේ අලුත් පිටුවකි. දන්ත වෛද්‍යවරියක් වීමේ දිගු ගමනේ මුල් පියවර තබන්නේ අදය. එවැනි සුභ දවසක පළමුවෙන්ම මෙවන් රමණීය දර්ශනයක් දැකීමට ලැබීම ඇගේ සිතට සතුටක් ගෙන ආවේය.
නිදන ඇඳුමට උඩින්, හවුස් කෝට් එකක් දමා ගත ඇය කාමර පේලිය කොනේ පිහිටි නාන කාමරය වෙත හෙමින් හෙමින් පියමැන්නේ ජෙෂ්ට ශිෂ්‍යාවන් අවදි වේ යන සැකයනි..
ඊයේ සවස අම්මා සහ තාත්තා නික්මගිය පසු, තම කාමරයට පැමිණි මිත්තා ශාලාවේ ජෙෂ්ට සිසුවියන් තර්ජන ගර්ජන කරමින් කල කී දෑ දේ තාරුකා ට හොඳහැටි මතකය. කිසිම ජෙෂ්ට ශිෂ්‍ය ශිෂ්‍යාවකට නම කියා කතා කිරීම තහනම් ය. ඇමතිය යුත්තේ ජෙෂ්ට උත්තමයා හෝ ජෙෂ්ට උත්තමී කියාය. ගරු කල යුතුය. ප්‍රශ්නයක් අසූ කල පමණක් කට අරිය යුතුය. කෙටි පිළිතුරු දිය යුතුය. සිනා සීම තහනම්ය. ලස්සන ඇඳුම් ඇඳීම හෝ රබර් සෙරෙප්පු හැර වටිනා පාවහන් පැළඳීම ද තහනම් ය. එකී මෙකී නොකී දහසක් නීතිය.
තාරුකාට එම තානාන්තර, ගරු නම්බු දීම හෝ යටහත් පහත් ලෙස සිටීම සිටීම ගණනක් නැත. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ සිනා නොසිටීමය… තාරුකාට සිනා නොවී සිටීම අපහසු කාරණයකි… එහෙත් ඔව්වත් දේවල්ද කියා කෙල්ලට සිතුනේය. පෙනුමට කුඩාවට සිටියද අයගේ සිත ගොඩාක් හයියය.
අයිස් වගේ සීතල වතුරෙන් ඇඟ සෝදාගෙන නැවත පැමිණෙද්දී ඊයේ නොදැක්ක ජෙෂ්ට උත්තමියක් නාන කාමරය දෙසට පැමිණෙනවා දුටු තාරුකා පසෙකට වී, සුභ උදෑසනක් වේවා ජෙෂ්ට උත්තමිය, යි සුභ පැතුවාය.
නංගි ගේ නම මොකද්ද?
සාමාන්‍යයෙන් ජෙෂ්ට ශිෂ්‍යාවන් නවක ශිෂ්‍යාවන් අමතන්නේ “කුණු ප්රෙශී” කියා බව තාරුකා ඊයේ ඉගෙන ගත්තේය. එහෙත් මේ ජෙෂ්ට උත්තමිය තමාට නංගි කියා අමතයි.
මට තවම නමක් ලැබී නැහැ ජෙෂ්ට උත්තමිය.. දැරිය පිළිතුරු දුන්නේ පුදුමයෙනි…
සරසවියේ, නම් තැබීම තද බල වැඩකි. නැකතට සිද්ද වන දෙයකි. සාමාන්‍යයෙන් එය කරන්නේ ජෙෂ්ට සිසුවෙකි, නම් තැබෙනකම් තවම නමක් ලැබී නැහැ කියා පැවසිය යුතුය.
නංගි, මට ජෙෂ්ට උත්තමිය කියන්න එපා, මගේ නම මනෝජා, ඔයාගේ ඇත්ත නම කියන්න..
තාරුකා, ඇයට සෙමින් කියැවිණි…,
උදෑසනම හමු වූ ජෙෂ්ට ශිෂ්‍යාව ගේ කරුණාවන්තකම නිසා ම ඇගේ දෙනෙත් තෙත් වෙයි. ගහනවා බනිනවා වැනි දේ තාරුකා ට ඉවසන්නට පුළුවන. අවශ්‍ය නම් ගැහුවොත් ගහන්නට උවත් කෙල්ල සූදානම්ය. ඉවසීමට නොහැක්කේ කෙනෙකු විසින් ප්‍රතිඋපකාරයක් ලෙස නැවත කිසි දෙයක් බලාපොරොත්තු නොවී දක්වන දයාවය, කරුණාවය.
කෙල්ල ගේ ඇස් පුදුමයට පත් වනවාත් ඊට පසු කඳුලින් තෙත් වනවාත් මනෝජා දුටුවාය.
දිලිසෙන ඇස් දෙකක්, මනෝජා ට සිතිනි.
නංගී, මම ඉන්නේ මේ කාමරේ, ඔයාට මොනවා හරි උදව්වුවක් අවශ්‍ය වුනොත්, ඕනා වෙලාවක මගේ කාමරේට එන්න …..මදක් දුරින් පිහිටි තම කාමරය පෙන්වා මනෝජා නාන කාමරය වෙත නික්ම ගියාය.
උණු උණුවෙන් යමක් උගුරේ හිර වූවා වැනි හැගීමක් තාරුකාට දැනිණි. වැලහින්නියන් මෙන් සැම විටම ඇඟට කඩා පනින්නට බලා සිටිනා ජෙෂ්ට උත්තමියන් අතර මනෝජා වැනි කරුණාවන්ත යුවතියන් ද වීම තාරුකාට අදහාගත නොහැකි සතුටකි. මනෝජා ගේ කාරුණික වදන් පිළිගත් බව හිස වනා පෙන්වමින්, තාරුකා ද ඇගේ කාමරයට ගියේ ඉක්මනින් හැඳ පැළඳ අධ්‍යාපන කටයුතු වලට පිටත් වී යාමටය.
නව කතාවක්ද කෙටි කතාවක්ද? මමද කොහෙද ඉස්සෙල්ලම ආවෙ.
ReplyDeleteවෙරිෆිකේෂන් අයින් කරන්න
This comment has been removed by the author.
Deleteසාදරයෙන් පිලිගනිමි...වෙරිෆිකේෂන් අයින් කරමි
Deleteනවකතාවක් වගේ.... නේද...
ReplyDeleteමංද මට නං ඒමමයි හිතෙන්නෙ...
කමෙන්ට් වෙරිෆිකේෂන් අයින් කරන්න..
ආ තව එකක් ෆලෝවර්ස් ගැජට් එක දාගන්න...එතකොට එන අයට පෝස්ට් දාපුවම එන්න ලේසී...
layout>Add a gadget>More Gadget>Followers
තව එකක් පෝස්ට් එකක් දානකොට ටෙක්ස්ට් බොඩි එකේ මාතෘකාව දාන්නඑපා උඩින් තියෙනවනෙ මාතෘකාව දාන්න තැනක් ඒකෙ දාන්න මොකද එහෙම වුනේ නැත්තං පෝස්ට් එක අන්ටයිටල්ඩ් කියල තමා පෙන්නන්නෙ
Deleteඔබවත් සාදරයෙන් පිලිගනිමි...මොන වගෙ කතාවක් වෙයි දැයි මා වත් තවම නොදනිමි...
Deleteඔන්න කොලා... හරිද මන්දා
Deleteඅදයි ගොඩ වුනේ..
ReplyDeleteසුභ පැතුම්.. දිගටම ලියමු..
ලියමු..ලියමු...
Deleteපළමු කොටස කියෙව්වමි.
ReplyDeleteතව ගොඩාක් කොටස් ඉස්සරහට තියේ...
Deleteලස්සනයි
ReplyDeleteතැන්කූ... දිගටම එන්න....
Deleteඅදයි ආවේ....දැනුයි දන්නේ...හෙමින් කියවාගෙන එන්නම්.
ReplyDeleteඔබටත් තැන්කූ... දිගටම එන්න....
DeleteFloret!
Maru blog eka
ReplyDeleteThanx
Deleteමං කියවන්නේ අද සිටයි.
ReplyDeleteමෙහෙන් ඉඳ ගන්න... මෙහෙන් ඉඳ ගන්න
Deleteසුරුට්ටු ද බොන්නෙ..? බුලත්විට කන්නෙ?
මිත්තා එකට හන්තාන පෙනවද...??
ReplyDelete