සොඳුරු පේරාදෙනි සරසවියට පෑයූ තාරකාවක අන්දරය කොටස් වශයෙන් පල වන නව කතාවක් ලෙසින්...

https://www.facebook.com/sarasavisamaga

Saturday, May 31, 2014

4. සතරවන වන කොටස: අනියම් සම්බන්ධතාවයක්....


තුන් වන කොටස :  http://sarasavisamaga.blogspot.com/2014/05/3.html



පස් වන කොටස : http://sarasavisamaga.blogspot.com/2014/06/5.html





චානක ගමගේ ගේ මුවින් නික්මෙන "සරසවි සාහිත්‍යයයි සරසවි මැට්ටන් විසින් හඳුන්වනු ලබන කුණුහරුප අසා සිටීම දේවින්ද ට මහා පිළිකුලක් විය.

චානක ගමගේ කෙල පෙරමින්, මහා හඬ නගමින්, දැරියන් ඉමහත් අපහසුවට ලක් වෙන අතිශය පොද්ගලික ශාරීරික ක්‍රියාකාරකම් ගැන ප්‍රශ්න නගනවා දේවින්ද බලා සිටියේ කනගාටුවෙනි.

ලජ්ජාවෙන් රතු වූ  දැරියෝ භ්රාන්තියට පත්ව සිටී .

පුංචි මල් කැකුළු වගේ ඉන්න මේ කෙලි පොඩිත්තියන්ට කුණුහරුප කතා කියමින් හිරිකිත දේවල් කරන්නට ඉඩ දිය යුතු  නැත.

සාමාන්‍යයෙන් එක ජෙෂ්ට සිසුවෙකු නවක වධය දෙද්දී වෙනෙකෙකු අත පොවන්නේ නැත. එහෙත් දේවින්ද හොඳහැටි නවක වධය වින්දෙකු බව සැවොම දනී.

එවන් කීර්තියක්ඇති සිසුවෙකුට තව ජෙෂ්ට සිසුවෙකු ගේ නවක වධයට අත පොවත හැකිය. එය සරසවියේ නොලියවුණු නීතියකි.

එවන් නීතියක් තිබ්බත් නැතත් දෙවින්දට කමක් නැත.

ඔහු නවක සිසුවෙකුව සිටියදීම තම කණ්ඩායමේ දැරියන් හට අමානුෂික වධ දෙන්නන්ට විරුද්ධව පෙනී සිටි කෙනෙකි. තම යෙහෙලියන් වෙනුවෙන් පෙනීසිටීමේ වරදට ජෙෂ්ටයන් ගෙන් අමානුශික දඬුවම් විඳි  කෙනෙකි.

පසුගිය වසරේ විද්‍යා පීට නවක සිසු සිසුවියන් පැමිණි කල සිදු වූ දෙයක් දේවින්ද ගේ සිහියට නැගිණි.

විද්‍යා පීට නවක සිසුවියන්  නේවාසිකව සිටියේ විජේවර්ධන සාලාවේය.

සමහර දිනෙක දේවින්ද සහ ඔහුගේ මිතුරෝ රාත්‍රී අහාරය සඳහා විජේවර්ධන සාලා කැන්ටිමට යති

අහාර ගැනීමට ආපන ශාලාවට පැමිනෙන නවක සිසුවියන් හට බරපතල වැඩය...

බොහෝ අවස්තාවල  දේවින්දලා දන්නා හඳුනන විද්‍යා පීට ජෙෂ්ට සිසුන්, අන්න අර ජෙෂ්ට උත්තමයාට කතා කරලා වරෙන්නැයි නවක ශිෂ්‍යාවන් ව ඔවුන් කෑම ගන්නා මේසයට පිටත් කර එවති.

දේවින්ද ගේ මිතුරන්  කෑම ගැනීම අවසන් වන තුරු ම තමන් ලඟට එවූ ගෑනු ළමයින් ට නොයෙක් විකාර කතා කියමින්, තම පිගානේ  ඉඳ හිට මතු වන කරපින්ච්චා කොළ කවමින් විනෝද වෙති....

එහෙත් නවක ශිෂ්‍යාවන් හට කරදර කිරීමට අකමැති වූ දේවින්ද සම්‍යක් ප්‍රයෝගයක් භාවිතා කරන්නට පුරුදු ව සිටියේය.

එනම් තමන් ඉදිරියේ  විද්‍යා පීට ජෙෂ්ට සිසුන් විසින් එවනා ලද බාලිකාවක් වාඩි වූ සැනින්,
ජෙෂ්ට උත්තමයා එක්ක අනියම් සම්බන්දයක් පවත්වා ගන්නා කැමති නම් හිටපන්, නැත්තනම් පලයන්යයි පැවසීමය.
 
අතිශය බියට පත් වන ගෑනු ළමයින්, මිටින් මුදා හල කිරිල්ලියන් සේ දේවින්ද ගෙන් ඈත් වන්නෝය.. එසේ පවසුව පසුවද රැඳී සිටින්නේ ඉතාමත්ම සුලු සන්ඛ්යාවකි..

මේ අසරණ  දැරියන් සමගත් “අනියම් සබඳතා” පටන්  ගැනීමට කාල වෙලාව එළඹ ඇත. ඔවුන් ඇත්තටම චානක ගමගේ ගේ වදයට අකමැති නම් තමා සමග එනු ඇත.


*********************


හදිසියේම සද්ද බද්ද නැති විය. ජෙෂ්ට සිසුවා තම “තොරණේ විස්තරය” එක්වරම  අවසන් කල බව බිම බලාගෙන හඬමින් සිටි තාරුකාට දැනුනේය.

හිරිකිතයට මොකද මේ හදිස්සියේ වුනේකෙල්ල සිතුවේ  බිම බලාගෙනමය...

ඒ සමගම, වෙනත් ගැඹුරු හඬකින්,
මේ ජෙෂ්ට උත්තමයා එක්ක අනියම් සම්බන්දතාවයක් පවත්වන්න කැමති එවුන් අත උස්සපල්ලායි යමෙකු පවසනවා තාරුකා ට ඇසුනි.

එම වචන වැලේ බරක් පතලක් කෙල්ලට දැනුනේ නැත… හිරිකිතයාගේ පිළිකුල් සහගත කතා අසමින් ඉන්නවාට වඩා ඕනෑම දෙයක් හොඳ බව සිතුන හෙයින්, එක්වරම ඇය අත එසෙව්වාය.

තාරුකා අත ඔසොවනු දුටු ඇගේ යෙහෙලියෝද එක රැළට අත එසේව්වෝය.

තොල් ලෙව කමින් හිරිකිත කතා කී ජෙෂ්ට සිසුවාට වචනයක් වත් නොදොඩාම මායාවකින් මෙන් අලුත් පැමිණි කොල්ලා පසුපස තමන් ඇතුළු යෙහෙලියන් යනවා  කෙල්ලට දැනුනි. 

9 comments:

  1. මීවගෙන් පොතක් ලියන්න පුළුවන් නේද? ඔහොම යන්, ජය වේවා.

    ReplyDelete
    Replies
    1. අනියම් සම්බන්දෙ හොඳ ඔප්ශිඔන් එකක් නේද?

      Delete
    2. ෆුල් ඔප්ශන් ......

      Delete
  2. හොඳ alternative option එකක්.

    කතාව දිගටම කියවන්න එන්නම්.

    ජය වේවා..

    ReplyDelete
  3. නවක් වදයෙන් විය යුත්තේ නවකයාට මෙන්ම වදකයාටද ජීවිතයට යමක් ගත හැකි අර්ථාන්විත දෙයක් මිස මෙවන් හිරිකිත දේවල් නොවේ. තනිකරම මෙවන් සිදුවීම් ගෞරවාන්විත සරසවි නවක වද සංස්කෘතියට මුවා වී කරන පහත් පෙලේ ලිංගික ආශාවන් සපුරාගැනීමක්.

    ReplyDelete
  4. මගේ මතයට අනුව කතා බහ කර දැන හැඳින ගැනීමක් හැර ඔනෑම වර්ගයේ රැගක් පිලිකුල් සහගතව හෙලා දකිය යුතුයි...

    ReplyDelete
  5. කුණුහරුප අහලා නැති උසස් පෙළ කරපු වයසේ ළමයින් ඉන්නවාද?

    ReplyDelete
    Replies
    1. මටත් ඕකම හිතුනා... කොහෙද , මගෙ බඩ ඇතුලෙ ඉන්න ලියන අප්පු ඒක පිලි ගන්නෙම නැහැ නේ....

      Delete