සොඳුරු පේරාදෙනි සරසවියට පෑයූ තාරකාවක අන්දරය කොටස් වශයෙන් පල වන නව කතාවක් ලෙසින්...

https://www.facebook.com/sarasavisamaga

Wednesday, June 18, 2014

10. දහ වන කොටස: සතර බඹ විහරනයෙන් එකක්....


 
 
නවක වධ සමයේ දී  සරසවි සිසුන් කියනා හිරිකිත කතා ගැන මනෝජා හොඳින් දන්නේය. ….
ඉතින් ඔයා මොකද්ද කලේ නංගිමනොජාට ආයිත් කෙල්ල ගැන දුකය.
එක වරම කෙල්ල ගේ මුහුණ වෙනස් වී චූටි හිනාවක් මතු වනවා මනෝජා දුටුවාය.
හරිම ඩීසන්ට් සීනියර් අයියා කෙනෙක් අපිව බේරා ගත්තනේ අක්කාදැන් නම් කෙල්ලගේ මුහුණ හරිම සිරියාවන්ත පාටය.
මනෝජාට පුදුමයසරසවියේ  සිසුන් දහස් ගණනකි එහෙත් ඔය කියනා ඩීසන්ට් සීනියර් අයියලා නම් අතේ ඇඟිලි වලින් ගන්න හැකිය.
කවුද මෙයාව බේරාගත්තු “ඩීසන්ට් සීනියර් අයියා”මනෝජා තමාගෙන් ම ඇසුවාය.
ඉතින් ඒ ඩීසන්ට් සීනියර් අයියා ඔයාට එයා ගේ නම කිව්වේ නැද්ද? මනොජාත් අත අරින්නේ නැතිව, පුංචි මුට්ටියක් දමා බැලුවාය.
මුට්ටියට පොලු පාර වැදුනි
ඒ අයියා නම කියනවා තියා අපි එක්ක හරියට කතා කළේවත් නැහැඑයා අනෙක් සීනියර්ස්ලා වගේ කුණුහරුප කිව්වේ නැතුවාම අපට නිකන් මොනොවහරි අඩුයි  අඩුයි  වගේකෙල්ල සිනාසෙන්නීය.
එයා අපිව අර හිරිකිත කතා කිය කියා හිටිය සීනියර් බෝයි ගෙන් බේරාගෙන, එයාගේ නෝට්ස් පාඩම් කර කර හිටියේ
මනෝජා ට දැන් මේ ඩීසන්ට් සීනියර් අයියා කවුද කියා අනුමාන කල හැකියකැන්ටිමේ සිට පාඩම් කරන්නේ අතලොස්සකි.
මම ඒ අයියා ගේ පොතක නම ලියල තිබුනා දැක්කාකෙල්ල රහසින් වගේ  කොඳුරයි
දේවින්ද කියලා.??
කෙහෙල් කැනට  පෙර මනෝජා වැට පැන්නාය.
ඔවු, අක්ක කොහොමද දන්නේ? තාරුකා ඇසුවේ පුදුමයෙනි.
දිලිසෙන ඇස් ඇති කෙල්ලගේ  “හද විල කළඹන පෙම් ජල රේඛාව” කවුද කියා දැන් මනොජාට පැහැදිලිය
*********************
 
 
මනෝජා සහ දෙවින්ද හදාරන පාටමාලාවේ මතක තබා ගත යුතු දේ බොහෝය.
 
මිනිස් සිරුරේ සියලුම අස්ති, මාන්ස පේශි, ස්නායු, දමනි සහ ශිරා ආදිය නිශ්චිත වසයෙන් ම දැන සිටිය යුතුය.
 
එපමනක් ම නොවේ. කුමන මාන්ස පේශිය කුමන අස්තිය සමග බැඳේ ද, එවාට රුධිර සපයුම සිදු වන්නේ කුමන ධමනි වලින් ද, රුධිරය ආපසු හදවත වෙත රැගෙන යන්නේ කුමන ශිරා වලින් ද, ස්නායු සම්බන්දය ලැබෙන්නේ කුමන ස්නායුවෙන්ද ආදී නොයෙකුත් කරුනු හරියටම දැන සිටිය යුතුය.
 
ඊට අමතරව අක්මාව, වකුගඩු, හර්දය වස්තුව, පෙනහැල්ල, මොලය, මොඋත්‍ර ලින්ගික පද්ධතිය, රුදිර සන්සරන පද්ධතිය , ස්නායු පද්ධතිය, අස්ති පද්ධතිය වැනි දේ වල ක්‍රියාකාරකම් සහ ජීව රසායන හැසිරීම දැන ගත යුතුය.
 
මෙවන් තොරතුරු සම්බාරයක් මතක තබා ගැනීමටනම් දිනපතා අධ්යනය කටයුතු නිසි ආකාරයෙන් සිදු කල යුතු ම ය.
 
සිසුවියන් සැම දෙනාම වාගේ තමන් සෑමදාම පාඩම් කරනා බව නොසඟවා පිලිගත්තද බොහෝ සිසුන් තමන් පොත්ගුල්ලන් බව පෙන්වීමට අකමැතිය.
 
ඔවුන් ගේ උපක්‍රමය වූයේ සෑම වේලේම පාඩම් කිරීම ගැන සිසුවියන් සමච්චලයට ලක් කරමින්, කාටත් හොරෙන් මහ රෑ තිස්සේ තම තමන් ගේ කාමරවල නිදි වරමින් පාඩම් කිරීම හෙවත් "සර්ව රාත්‍රික දීම" .
 
දේවින්දට ඔනෑම කෙනෙකු තමන් පොත් ගුල්ලෙක් යැයි සිතුවාට ගනනක් නැත.
 
මහ රෑ තිස්සේ හෝ උදේ පාන්දරම අධ්යනය කටයුතු කිරීමට ඔහු කැමති නැත. නිදහසක් නොමැති පුස්තකාලයේ පාඩම් කටයුතු කිරීමට ද දේවින්ද අකමැතිය.
 
සද්ද බද්ද තිබුනද තමන් ට ඔනෑ පරිදි නිදහසේ පාඩම් කිරීමට කැන්ටිම තෝරා ගත්තේ එහෙයිනි.
 
දෙවින්ද මෙන් කැන්ටිමේ පාඩම් කරන්නේ ඉතාම සුලු සිසුන් පිරිසකි. ඒ බව මනොජා ඇතුලු සියලු සිසු සිසුවියෝ දැන සිටියහ.
ඔය කියන වෙලාවේ කැන්ටින් එකේ පාඩම් කරන්නේ කීප දෙනයි නංගි. ඒ විතරක් නෙවෙයි, අර ඔයා කිව්ව හරිම ඩීසන්ට් සීනියර් අයියලා මෙහෙ ඉන්නේ අතේ ඇඟිලි ගානට
 
දේවින්ද මගේ බැච් මේට්, මම එය ගැන හොදටම දන්නවා නංගි. මනෝජා කියාගෙන කියාගෙන ගියේ මහත් වූ භක්තියකිනි.
මනෝජාත්  දේවින්ද  ලෙසම කොළඹින් පැමිණ  දේවින්දගේ බැච් එකේ ඉගෙන ගන්නා කෙනෙකි.
 
ඔහු තරම් හොඳින් හැසිරෙන, ගෑනු ළමයින් ට නිසි තැන දී ගරු සරු කරනා සරසවි සිසුවෙක් ඇය දැක නැත.
 
ඇයට දේවින්ද ගැන තුබුණේ තම සොහොයුරෙකුට තරමේ කැක්කුමකි.
 
 පුදුමය දේවින්ද මේ පුංචි කෙල්ල හිරිකිත ලෙස  රැග් වෙනවා දැක දැක බේරා නොගත්තානම් ය.
පසුගිය වසරේ දී දේවින්ද විසින් වධයෙන් බේරා ගත ගැහැණු ළමුන් කී දෙනෙක් ඔහු සමග ප්‍රේම සම්බන්ධතා  ගොඩ නගා  ගැනීමට උත්සාහ කලේ දැයි මනෝජා දන්නේය
 
දේවින්ද  ඒ හැම ආයාචනාවක් ම ප්‍රතික්ෂේප කලේ කාගේත් හිත නොරිදෙන අන්දමටය. තවමත් එම දැරියෝ දේවින්ද අයියාට බොහෝ හිතවත් ය.
 
දිලිසෙන ඇස් ඇති මේ චූටි කෙල්ල නම් දෙවින්දට අගේට ගැලපෙන බව මනෝජාට සිතේ....
 
මනෝජා අක්කා දේවින්ද ගැන සඳහන් කරන්නේ මහත් වූ භක්තියකින් බව දැනී තාරුකාට පුදුම සතුටක් ඇතිවිය.
කෙනෙකු ගැන හොඳක් කියනා විට තව කෙනෙකුට අවංකවම සතුටු විය හැකි නම් එය සතර බ්‍රහ්ම විහරනයෙන් එකක් බව තාරුකා අසා ඇත.
සවස, සඳුනි දුන් ප්ලාස්ටරය තම හදවතේ අලවා ගැනීමට  කාල වෙලාව පැමිණ ඇති බව කෙල්ලට හැඟුනි.
************
කාන්තා නේවාසිකාගාරයක කාමර වලට ඇතුලු වීමට සිසුන් හට තහනම් උවද එහි ආපන ශාලාවට පැමින කෑම ගැනීමට හෝ පොදු කාමරය පාවිච්චි කිරීමට ඔනෑම කෙනෙකුට ඉඩ ලැබේ.
 
නවක සිසුවියන් පැමිනි කලට බොහෝ ජෙශ්ට සිසුන් රාත්‍රී කෑම ගන්නේ කාන්තා නේවාසිකාගාරවල පිහිටි ආපන සාලා වලිනි.
 
එසේ රාත්‍රී ආහාර සඳහා පැමිනෙන සිසුන් ගෙන් බොහොමයක් ම නොම්මර එකේ වදකයෝ ය.


මනෝජා තාරුකාව ද රැගෙන පහල මාලේ වූ ආපන ශාලාවට ගියේ රාත්‍රී ආහාරයටය. කෙල්ල තනියම ඇරියොත්, කෙල හලමින් ආපන  සාලාව බදු ගෙන සිටිනා වධකයන් ගෙන් බේරුමක් වන්නේ නැත.
රාත්‍රී අහර ගන්න විටද දෙන්නා කතා  කලේ දේවින්ද ගැනය. තව සති දෙක තුනක දී පැවැත්වෙන වාර විභාගය ගැන තාරුකා දැන ගත්තේ මනෝජාගෙනි.
ඉතින් දේවින්ද  අයියා එක්සෑම් එක පාස් වෙයිද  අක්කා.. කෙල්ල අසන්නේ මදක් බය වෙලා බව මනෝජා ට තේරිණි
සරසවියේදී විභාගයක් අසමත් වූ සැවොම දුක් වෙති. එහෙත් අනෙකෙකු විභාගයකින් අසමත් උන බව අසා දුක් වන්නෝ විරලය. අනුන් ගේ කරදරයක දී දුක හිතෙන්නේ එහෙමත් කෙනෙකුටය
දේවින්ද කියන්නේ අපේ බැච් එකේ හොඳටම ලකුණු ගන්න කොල්ලා නංගි.. එයාට ඔය එක්සෑම් එක කජු කනවා  වගේමනෝජා කීවේ මහත් ගර්වයෙනි.
කෙල්ලගේ මුහුණේ නැවත පුංචි ලයිට් පත්තු වුනා මනෝජා දැක්කාය.
දිලිසෙන ඇස්............................


18 comments:

  1. ඒ දිලිසෙන ඇස් ආයෙමත්...
    අපූරුයි...
    ඊළග කොටසත් දාන්ඩෝ....
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔවු.....
      ඒ දිලිසෙන ඇස් තමා ඇස්!

      Delete
  2. Replies
    1. පොඩ්ඩක් ඉවසන්ඩෝ

      Delete
  3. කතාව හරි අපූරුවට ගලාගෙන යනවා. උගත් නූගත් කියල බේදයක් නෑ නේද. සමාජෙ කොතනත් නරුමයෝ ඉන්නවා. වැඩියෙන් ඉන්නෙත් උන්.

    ReplyDelete
    Replies
    1. ඔව්... නරුමයන් ට ජයවේවා!!

      Delete
  4. //ඇයට දේවින්ද ගැන තුබුණේ තම සොහොයුරෙකුට තරමේ කැක්කුමකි.// මේ ටික කියවනකම් මම හිතුවෙ මේක සමකෝණී ත්‍රිකෝණයක් වේවි කියලා.

    ReplyDelete
    Replies
    1. අහා..... ඔබ රැවටිලා.... මනොජා එදත් අදත් දෙවින්දට එයාගේම සහොදරයෙකුට වගේ ආදරෙයි

      Delete
  5. ඔහොම යන්..ඔහොම යන්...

    ReplyDelete
    Replies
    1. ඔහොම යන්.....ඔහොම යන්....මානිවත්ත අභික්කම.... නොනැවතී ඉදිරියට...

      Delete
  6. සෝයි අනේ... ^_^

    ReplyDelete
  7. අලංකාරයි.ඔබ වචනයෙන් චිත්‍ර අඳිනවා.කතාව මම කොහොම වර්ණනා කරන්නද?සුබ පැතුම් ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. හද පත්ලෙන්ම ඔබට ස්තූතියි...

      Delete
  8. පේරාදෙණිය වගේ කැම්පස් එකක රැග් එක කන්නත් ආසයි... අනේ මන්දා.... අපේ ඒවයෙ නැති අමුතුම සුන්දරත්වයක් මෙහේ තියෙනව.. ඒව විඳින්න වෙන්නෙ මේ වගේ තැනකින් තමයි...

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි..................
      පේරාදෙනි විශ්වවිද්යාලයේ සුන්දරත්වය විඳින්න රැග කන්නවත් දෙන්නවත් අවශ්ය නැහ.... ඔබේ උපාදි පාටමාලා කාලයතුලම අලුත් අලුත් සුන්දරතාවයන් අත්විත්ඳන්න හොඳම තැන පේරා තමා...

      Delete
  9. සිදුවීම් එක්ක එතනට වෙලා ලියන කතාවක් වගේ. නිස්කලංකව ගලාගෙන යන රටාව මරු!!

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි සුන්දර කතා කරුවෙකුගෙන් ලැබුන මේ ප්‍රතිචාරය මට බොහෝ වටිනවා...

      Delete