සොඳුරු පේරාදෙනි සරසවියට පෑයූ තාරකාවක අන්දරය කොටස් වශයෙන් පල වන නව කතාවක් ලෙසින්...

https://www.facebook.com/sarasavisamaga

Sunday, June 8, 2014

8. අට වන කොටස: තුවාලයක් සහ ප්ලාස්ටරයක්

 
 
හත් වන කොටස: ඒ දිලිසෙන ඇස්… http://sarasavisamaga.blogspot.com/2014/06/7.html
 
 
 
භාවනාවට අවතීරණ වන්නේයැයි ඇගවීමට බිම බලා ගන්නා විට චූටි සිනහවක ලකුණු තාරුකා ගේ  මුහුණේ දිස් විය.
 
ඔහු තවත් විනාඩියක් පමණ  ඇය  දෙසම බලා සිටියේය. ඇය පැහැපත්, සිහින්සුන්දර මුහුණක් ඇති ගැහැණු ළමයෙකිදේවින්ද ඇයට වඩා ඉතා ලස්සන ගෑනු ළමයින් සරසවියේදී දැක තිබේ. එහෙත් තාරුකා ගේ දිදුලන ඇස දෙක ඔහු ගේ හද සසල කළේය. තාරකා වගේම දිලිසෙන ඇස්, දේවින්ද තමාටම කියා ගත්තේය
 
නැවතත් ඈ දේවින්ද දෙස හිස ඔසොවා බැලුවාය. එවර ඇගේ ඇස් කෙලින් ම ඔහු  ඇස් මත පතිත විය. නිකන් ම නොවේ, මනරම් සිනාවකුත් සමගය.
 
විනාඩි කීපයකට පෙර බියෙන් වෙවුල වවුලා ගැහි ගැහී සිටි ගෑනු ළමයා දැන් දේවින්ද දිහා බලාගෙන සිනාසෙන්නීය!
 
ජෙෂ්ට උත්තමයා ලෙස එතෙක් දේවින්ද  පැළඳ සිටි රෞද්ර වෙස්මුහුණ ගැලවීගෙන යනු ඔහුට දැනිණ.
 
හරිනම් එවිට දේවින්ද  කල යුතුව තිබුනේ සරසවි සම්ප්‍රදාය රැකීමට ජීවිතය උවත් පූජා කිරීමට සැරසුණු, වැදගත් ජෙෂ්ටයෙකු ලෙස තාරුකා ගේ මවු තුමිය ගව්රවයෙන්  මතක් කර දීමයි.
 
එහෙත් දේවින්ද  එසේ කලේ නැත. එසේ කිරීමට ඔහුට සිත් දුන්නේ නැත. එයට හේතු කීපයක් ම තිබුණි.
 
නවක සිසු සිසුවියන්ට වධ හිංසා කිරීම දේවින්දට  අපුල දෙයක් විය.
 
ගෑනු ළමුන්ට නොමනා විහිළු කිරීමත් බැණ අඩගැසීමත් ඔහු  එතරම් ප්‍රිය කල දෙයක් නොවේ.
 
සහෝදරයන්ම තිදෙනෙක් ඇති සහෝදරියන් නැති පවුලක උපන් දේවින්ද හට ගෑනු ළමුන් සමග පැවතියේ දුර ආශ්‍රයක් පමණි. එම නිසාම දෝ ඔහු කිසිම දිනක ගෑනු ළමයෙකුට හෝ කාන්තාවකට නරක කතාවක් කියා බැණ නැත.
 
එහෙයින් ඔහු දිහා මන්දස්මිතයකින් යුතුව බලා සිටින මේ සුන්දර කෙල්ලට මොන සිතකින් බනින්නද?
 
දිගින් දිගටම දේවින්ද දිහා බලා සිටිමින් ඔහු  අපහසුතාවකට පත් කරන්නට තාරුකා ට  හැකියාවක් තිබුණි.
 
විශේෂයෙන්ම ඇය එසේ දේවින්ද  දිහා බලා සිටිනවා අනෙක් කෙල්ලන් දැක්කොත් අලි ජන්ජාලයකි. දේවින්ද  වසන්ත ද වඩා ඇඹලයෙකු ලෙසට ඔවුන් සිතනු ඇත.
 
එහෙත් දේවින්ද දෙස බලාගෙන සිටි දිලිසෙන ඇස් ඇති ගෑනු ළමයාට එසේ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති සේය. තාරුකා නැවතත් බිම බලාගත්තාය.
 
තත්පර විස්සක් තිහක් පමණ එක එල්ලේ දේවින්ද ගේ ඇස් දෙස බලා සිටි තාරුකා දැක්කේ දයාවයකරුණාවයදයාව සහ කරුණාව කියන්නේ කෙල්ලට කඳුළු ගෙන දෙන කාරණාය.
 
දැන් හැමෝම ඇස් වසාගෙන හිටු  කියාභාවනාවේය. මෙහෙම භාවනා කලොත්  උන්දැලා  ටික  වැඩි වෙලාවක් නොගොහින්ම රහත් වන බව දේවින්ද ට පැහැදිලිය.
 
දැන් භාවනාව නවත්වලා, අද උදේ වලදී ගත්ත notes ටික එලියට ගනිල්ලා යි ජෙෂ්ට උත්තමයා විධාන කරනවා තාරුකාට ඇසුනාය.
 
හැමෝම උදය වරුවේ ලියාගත් සටහන් කියවති.
 
පැය කාලක් පමණ ගත වන්නට ඇත. ජෛව රසායන ප්‍රායෝගික පන්තියට යාමට වෙලාව පැමිණ ඇති බව එක ගැහැණු ළමයෙකු දේවින්ද ට දැනුම් දුන්නාය.
 
අදට අනියම් සම්බන්දය ඔපමනය්පැවසූ දේවින්ද සියල්ලන්ටම රසායනාගාරය වෙත යන්න අවසර දුන්නේය.
 
ගැහැණු ළමෝ හය දෙනාම හෙමින් නැගිට මෙහෙණින් වහන්සේලා සහ දස සිල් උවැසියෝ වඩින ලෙස සීරුවට පෝලිමේ ආපසු යති.
 
එහෙත් එක උවැසියක් පමණක්, මදක් දුර දී ආපසු හැරී දේවින්ද දෙස බලයි. … ඒ දිලිසෙන ඇස්
 
දහවල් කෑම විවේකයෙන් පසු සිදු වූ දේවල් ගැන තාරුකාට වැඩි මතකයක් නැත.
 
බයෝකෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් එකට ගිහින් කල කී දෑ සිහිපත් නොවේ.
 
වැඩ අවසානවී  නිවසට යාමට ප්‍රථම සඳුනි තම මල්ලෙන් තුවාලවලට අලවන ප්ලාස්ටරයක් ගෙන  අතේ තැබුවානම් කෙල්ලට හොඳින් මතකය.
 
මේ මොකටද සඳු ….??
 
අලවගනින්  උඹේ හදවතටඅරයගෙ මල් දුන්නෙන් විද්ද ඊතලයක් වැදිලා හිල් වෙලා වගේසඳුනි කීවේ සිනා සෙමිනි
 

13 comments:

  1. හිහි...
    හිල් වුණ ඉක්මණට ප්ලාස්ටරගහලනං සනීප කරන්න බැරි වෙයි වගේ...
    ඊළග එකත් කියවමුකො

    ReplyDelete
    Replies
    1. මේ මොනව කියනවද....

      Delete
  2. බලමු ඊළඟ එකත්.

    ReplyDelete
    Replies
    1. ඊලඟ එකත් එල කිරි වගේ

      Delete
  3. ඊළග එක බලන්න කලින් මට නම් පහු ගිය ටික බලන්න වෙනවා. ඒ ට්කත් බලලම එන්නම්.

    ReplyDelete
    Replies
    1. බලන්න බලන්න.... ආවාට ඉස්තුති

      Delete
  4. ටොප් ටොප් ඈ,කමෙන්ට් නොකලට මුල ඉඳන් හොයා හොයා බැලුවා.දිගටම ලියන්න හිතං ඉන්නවනං රෝලෙ එල්ලගන්නන්.

    ReplyDelete
    Replies
    1. අද හරි කොමෙන්ට් කලානේ... ....දිගටම ලියමි.... රෝලෙ එල්ලුවොත් මනරම්ය....තැන්කූ වේවා

      Delete
  5. තුවාලේ ප්ලාස්ටරයකින් වහන්න පුළුවන් වෙයිද? දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. නිකන් ප්ලාස්ටර් නෙවෙයි.... ප්ලස්ටෙර් ඔෆ් පැරිස් දැම්මත් බැරි වෙන හැඩයි... දිරි දීම ගැන ඉස්තුති...

      Delete
  6. Eka husmata okkoma kiyewwa pasta.

    ReplyDelete
  7. මට ඉන්නේ සහෝදරියන් දෙදෙනෙක්. ඒ නිසා කෙල්ලෙකුට කවදාවත් බැනල කතා කරලා නැහැ. සහෝදරයෝ විතරක් ඉන්න පවුල් වල අහක යන කෙල්ලන්ට දාන ගර්ජනා වැඩි නේද?

    ReplyDelete