සොඳුරු පේරාදෙනි සරසවියට පෑයූ තාරකාවක අන්දරය කොටස් වශයෙන් පල වන නව කතාවක් ලෙසින්...

https://www.facebook.com/sarasavisamaga

Friday, June 13, 2014

9. නවවන කොටස: හද විල කළඹන පෙම් ජල රේඛා …

 
 
 
 
තාරුකා කාමරයට එන විටත් චතු පොතක් කියවමින් සිටියාය. චතුට දවසේ විස්තරය කියනාකම් ඇය ට ඉවසිල්ලක් නැත.
 
තමා ආදරය කරන කොල්ලා හෝ කෙල්ල ගේ විස්තර  තම හොඳම මිතුරා හෝ මිතුරිය සමග කතා බස් කිරීමතරම් මිහිරි දෙයක් තව නැත. ආදරයේ හැටි එහෙමය. තාරුකා එය තාම දන්නේ නැත.
 
එපමණක් නොව කොල්ලෙකුට තමා ආදරය කරන බව වත් ඈ තවම  දන්නේ නැත.
 
තාරුකා හුස්මක් කටක් නොගෙන කොමෙන්ට්‍රිය දෙන විට චතු අසා සිටියේ කටත් ඇරගෙනය.
 
කෙල්ලට ඇඟ පත සෝදා ගැනීමට මතක් වුයේ චතු ට සිද්ධිය රසකර කීවාට පසුවය.
 
**************
 
තාරුකා ඈත සිටම බිම බලාගෙනම හෙමින් හෙමින් නාන කාමරයට එනවා මනෝජා දැක්කාය.
 
තාරුකාට අද කොහොමද දන්නේ නැහැපැලෙන්න රැග් වෙන්න ඇතිපස්සේ කාමරේට ගිහින් කතා කරන්න ඔනෑ…. මනෝජාට මේ දිලිසෙන ඇස් ඇති කෙල්ල ගැන දුකය.
 
ටික වෙලාවකට පසු, ජල මලක් විවෘත වන ශබ්දය සමග සිහින් එහෙත් ඉතා කන්කළු හඬකින් ගැයෙන ගීයක් නාන කාමරයෙන් ඇදී ආවේය... 
 
හද විල කළඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා …..
දෑසේ තවරා ආදර රේඛා ……
ඔබ රුව  සිහිනෙන් හද ඇඳී රේඛා….
 
 
මනෝජා විශ්මයට පත් වුවාය.
 
මේ නම් පුදුම කෙල්ලෙකී. අනෙක් දැරියන් ආපසු මිත්තාවට ආවේ අඩාගෙනය. මැය ගී ගයමින් දිය නායි.
 
මනෝජා ගේ මුවට සිනාවක් නැගුනේය. පස්සේ කාමරේට ගිහින් අහමුකෝ කාගේ රුවද මේ සිහිනෙන් හදේ ඇඳුනේ කියලා….
 
*******
 
කොහොමද නංගි අද දවස මනෝජා තාරුකාගේ කාමරයට ආවේ දොරට තට්ටුවකුත් දමමිනි
 
දවස හොඳයි අක්කාඔක්කොම ලෙක්චර්ස් වලට හිටිය…  බ්යෝකෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් එකත් කළා
 
කෙල්ල පැවසුවේ මද සිනා නගමිනි
 
හිනා වෙච්චි ගමන්මයිමනොජාට සිතුණාය
 
රැග් උනේ නැහැ?
 
රැග් නම් හොදට උනේකවදාවත් අහල නැති වචන අද ඉගෙනගත්තකෙල්ල සිනාසෙයි.
 
ඔයා ඇඬුවේ එහෙම නැද්ද? මනෝජා ට විස්තර දැන ගන්නට ඕනෑය.
 
බනිනකොට නම් මට පොඩ්ඩක් වත් ගානක් නැහැ අක්කා..
 
එත්
 
එත් මොකද නංගිමොනවාද උනේ..
 
එක සීනියර් බෝයි කෙනෙක් හරිම හිරිකිත කතා ටිකක් කිව්වනේඑතකොට නම් මට අඩුණා අක්කා
 
නවක වධ සමයේ දී  සරසවි සිසුන් කියනා හිරිකිත කතා ගැන මනෝජා හොඳින් දන්නේය. ….
 
ඉතින් ඔයා මොකද්ද කලේ නංගිමනොජාට ආයිත් කෙල්ල ගැන දුකය.
 
එක වරම කෙල්ල ගේ මුහුණ වෙනස් වී චූටි හිනාවක් මතු වනවා මනෝජා දුටුවාය….
 
හරිම ඩීසන්ට් සීනියර් අයියා කෙනෙක් අපිව බේරා ගත්තනේ අක්කාදැන් නම් කෙල්ලගේ මුහුණ හරිම සිරියාවන්ත පාටය.
 
මනෝජාට පුදුමයසරසවියේ  සිසුන් දහස් ගණනකි එහෙත් ඔය කියනා ඩීසන්ට් සීනියර් අයියලා නම් අතේ ඇඟිලි වලින් ගන්න හැකිය.
 
කවුද මෙයාව බේරාගත්තු “ඩීසන්ට් සීනියර් අයියා”මනෝජා තමාගෙන් ම ඇසුවාය.
 
ඉතින් ඒ ඩීසන්ට් සීනියර් අයියා ඔයාට එයා ගේ නම කිව්වේ නැද්ද?
 
මනොජාත් අත අරින්නේ නැතිව, පුංචි මුට්ටියක් දමා බැලුවාය.
 
මුට්ටියට පොලු පාර වැදුනි
 
ඒ අයියා නම කියනවා තියා අපි එක්ක හරියට කතා කළේවත් නැහැ
 
එයා අනෙක් සීනියර්ස්ලා වගේ කුණුහරුප කිව්වේ නැතුවාම අපට නිකන් මොනොවහරි අඩුයි  අඩුයි  වගේකෙල්ල සිනාසෙන්නීය.
 
එයා අපිව අර හිරිකිත කතා කිය කියා හිටිය සීනියර් බෝයි ගෙන් බේරාගෙන, එයාගේ නෝට්ස් පාඩම් කර කර හිටියේ
 
මනෝජා ට දැන් මේ ඩීසන්ට් සීනියර් අයියා කවුද කියා අනුමාන කල හැකියකැන්ටිමේ සිට පාඩම් කරන්නේ අතලොස්සකි.
 
මම ඒ අයියා ගේ පොතක නම ලියල තිබුනා දැක්කාකෙල්ල රහසින් වගේ  කොඳුරයි
 
දේවින්ද කියලා….??
 
කෙහෙල් කැනට  පෙර මනෝජා වැට පැන්නාය.
 
ඔවු, අක්ක කොහොමද දන්නේ? තාරුකා ඇසුවේ පුදුමයෙනි.

16 comments:

  1. ඊළග කොටස ඉක්මණට දාන්ඩෝ...
    කුතුහලය ඉවසා වදාරන්ට බැරියෝ

    ReplyDelete
  2. අට පත එකට සිඳවා දින හයකින් එල්ලන්නෝ.... එතකම් ඉවසන්නෝ

    ReplyDelete
  3. ඉක්මනට ඉක්මනට..ඊළඟ කෑල්ල තවත් රසවත් ඇති..

    ReplyDelete
    Replies
    1. අනිවා.... පස්ට රසවත්ය...

      Delete
  4. දවස් 6ක් වැඩියි පුතේ,හැකිනම් දවස් 3 කටවත් පොස්ටුවක් දැම්මොත් හොඳා.

    ReplyDelete
  5. //තමා ආදරය කරන කොල්ලා හෝ කෙල්ල ගේ විස්තර තම හොඳම මිතුරා හෝ මිතුරිය සමග කතා බස් කිරීමතරම් මිහිරි දෙයක් තව නැත// මේක නම් පට්ටම ඇත්ත.

    ඊළඟ කෑල්ලත් බලලම ඉමු.

    ReplyDelete
    Replies
    1. // මේක නම් පට්ටම ඇත්ත //සම්ප්‍රප්පලාපා වෙරමනී කියන්නෙත් ඕකටම තමා...

      Delete
    2. කියත්දි දිව පැටළුනොත් තමා වැඩේ. :)

      Delete
  6. ඊළඟ කොටස... ඊළඟ කොටස...ඊළඟ කොටස ඉක්මනට දාන්ඩෝ.............

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉවසන්ඩෝ....

      Delete
  7. lassana kathawa. kotas 9ma dan tama kiyewwe :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ.... ඔබතුමිය දන්න අඳුනන අයටත් කියවන්න එන්න කියන්න...

      Delete
  8. මටත් හුරුපුරුදු පරිසරයක් පසුබිමේ ළයාන්විතව ලියවුනු නවකතාව කියවමින් සතුටු වෙමි.

    ReplyDelete
  9. හොඳ හොඳ කෑලි තව ඉස්සරහට....

    ReplyDelete
  10. රසවත් කතාවක්. පරක්කුවෙලා ආව නිසා 10,11 හෙමිහිට කියවන්නම්.

    ReplyDelete