සොඳුරු පේරාදෙනි සරසවියට පෑයූ තාරකාවක අන්දරය කොටස් වශයෙන් පල වන නව කතාවක් ලෙසින්...

https://www.facebook.com/sarasavisamaga

Wednesday, July 9, 2014

14. දහ හතරවන කොටස :මගුල් කපුවෙක්

 
13 වන කොටස : රන් වන් රන් වන් මගේ රන් කිකිලී ... 

 

චූ ප්‍රැක්ටිකල් එක වෙලේ තාරුකා ගේ වැඩ බන්කුවට එහායින් වූ වැඩ බන්කුවේ පරීක්ශන කිරීම සඳහා කඩා පාත් වී තිබුනේ නවක කන්ඩායමේ වයසින්ම වැඩි ජෙශ්ටයාය. ඔහු වඩාත් ප්‍රසිද්දව සිටියේ "ආරෝපිත වෙටා" යන නමිනි.
ආරෝපිත වෙටා වනාහී තාල වර්ගයේ සතෙකි. එහෙම කියන්නේ ඔහු ගේ කතාව, ගමන, සිනහව සහ එකී මෙකී නොකී සියලුම චලනයන් සිදු වෙන්නේ ඔහුටම ආවේනික වූ අමුතුම තාලයකට නිසාය..
ඔහු තාරුකාලාට වඩා අවුරුදු හතරක් පමන වැඩිමහලුය. උසස් පෙල පලමු උත්සාහයෙන්ම පශු වෛද්ය පීටයෙන් සරසවියට ඇතුලත්වීමට ඔහුට වාසනාව ලැබුනි. ඒ උවද නෑදෑ හිතමිතුරන් ගේ අවවාද නිසා වෛද්ය පීටයට ඇතුල් වීම බලාපොරොත්තුවෙන් නැවත උසස් පෙල කලත් එවර ඔහු තේරුනේ විද්යා පීටයටයි.
එහිදී ඔහු කලේ ඊලඟ වසරේ උසස් පෙල මගහැර රස්තියාදු ගැසීමයි.
එලෙස රස්තියාදු ගසන කාලයේ දී දකිනා කියනා හැමෝටම තමා පේරාදෙනි සරසවියේ පශු වෛද්ය ශිශ්යයෙකු බව ඔහු කීවේ පපුව ඉස්සරහට දමා ය. මේසේ සම්පූර්න වසරක් ආඩම්බර කතා කියමින් රස්තියාදු ගැසූ ඔහු ගේ හැසිරීම දුටු සම කාලීන සිසුවෝ කීවේ මේකා "වෙට් ෆැකල්ටි සිලෙක්ට් උනු නිසා ආරෝපනයකට ලක් ව ඇති" යි කියාය.
ඊලඟ වසරේ නැවත තුන් වන උත්සාහයෙන් උසස් පෙල කර දන්ත වෛද්ය පීටයට තේරෙද්දී "ආරෝපිත වෙටා" යන නම රෙජිස්ටර් වෙලා අහවරය.
පේරාදෙනි විශ්ව විද්යාලයේ වෛද්ය, දන්ත වෛද්ය හා පශු වෛද්ය පීට වල ඉගෙනගන්නා බොහො ජේශ්ටයෝ තමන් ගේ පාසල් පන්ති මිතුරන් හා ටියුශන් මිතුරු මිතුරියන් නිසා ආරෝපිතයාට නවක වද ලැබුනේ නැත. ඒ නිසාම ඔහු තම සමාන්තර නවක සිසු සිසුවියන් හට පොඩි පොඩි ආඩම්බර කෑලි දැමීමට පුරුදුව සිටියේය.
නවකයන් ගේ පෞද්ගලික තොරතුරු ජේස්ටයන් වෙත පැවසීම ආරෝපිතයා විසින් ගෘහ කර්මාන්තයක් ලෙස පවත්වාගෙන ගිය බව අතනින් මෙතනින් කට කතා ද පැතිර තිබුනි.
කොහොමටත් තාරුකා හට ආරෝපිත වෙටා සමග කිසිම ගනු දෙනුවක් තුබුනේ නැත. එම නිසාම තම වැඩ බන්කුවට එහා බන්කුවට ඔහු ගේ ආගමනය ගැන ඇය දෙවරක් නොසිතුවාය.
තාරුකා චූ ප්‍රැක්ටිකල් එකේ අමාරුම කොටස වන osazone පරීක්ශාව පටන්ගනිත්දී ආරෝපිතයා කෙල්ල ලඟට ඇදී ආවේ තාලයටය. ඇය ආරෝපිතයාට මද සිනාවක් නගමින් ම ජෛවරසායන දෙපාර්තමේන්තුවෙන් සපයා දී තිබුනු අත් පත්‍රිකාවේ උපදෙස් අනුව පරීක්ශාව ඉදිරියටම ගෙන ගියාය..
ආරෝපිතයා සුපුරුදු පරිදි ඔහුටම ආවේනික තාලයකට අනුව රැල් බුරුල් හරීමෙන් පසුව කෙල්ලව කතාවට පටලවා ගන්නට උත්සාහ කලේය. සබාවෙන් අවසර ගෙන හරි බරි ගැසුනු ඔහු පාසැලේ පන්ති මිතුරෙකු ගැන පම්පෝරි ඇදබාන්නට පටන් ගත්තේය
එම මිත්‍රයා ඉගෙනීමට අති දක්ශයෙකි. දන්ත වෛද්ය පීට තුන් වෙනි වසරේ ඉගේනීම කරයි. ගොඩාක් හැන්ඩ්සම් ය. සරසවි බාසාවෙන් ම කියනවා නම් "බොග හැන්ඩියෙකි. මීටර සීය ධාවනයේ යෙදෙන ක්‍රීඩකයෙකි. තවම කෙල්ලෙක් ඇඟේ වත් ගෑවී නැති නාග කන්යාවකි.
දාහකින් වත් එහෙම කොල්ලෙක් හොයා ගැනීමට නොහැකිය. බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් ය.
අනේ ඉතින් එවන් පෙර පින් කල කොල්ලන්ටත් ප්‍රශ්න නැත්තේම නොවේ. ඇත්තටම කියනවානම් පොඩි ප්‍රශ්නයක් ඇත. කරුමෙකට වගේ පහුගිය දින දෙක තුන තුල මෙම උගත් ගුනවත් අහවල්වත් මිතුරා නොකා නොබී උගුඩුවෙකු සේ සිටී.
තාරුකා ආරෝපිත වෙටාට ඔහේ කියවන්නට දී තම පරීක්ශනය කරගෙන ගියාය. බොහෝ සිසු සිසුවියන් හට පලමු වරට ලබා ගත නොහැකි osazone ස්පටික තම පරීක්ශන නලයේ කහපාටින් දිලිසෙමින් ගොඩනැගෙනා අන්දම ඈ බලා සිටියේ අපමන සතුටකිනි.
ඇය නැවත පොලොවට වැටුනේ ආරෝපිතයා ඔහු ගේ මිතුරා ගැන කියූ අවසාන වැකියටයි. "මගෙ යාලුවාගෙ නම චානක ගමගේ.... ඌ නොකා නොබී ඉන්නේ ඔයා ගැන හිත හිත....."
තමන් ඇතුලු සෑම නවක ගැහැනු ලමයෙකුටම හිරිකිත කුනුහරුප කී හිරිකිතයා ගෙ නම චානක ගමගේ බව තාරුකා දැන ගත්තේ පලමු දිනයේමය.
ඊටත් වඩා ඔය කී නොකා නොබී ඉන්නා බෘන්ග රාජයා විනාඩි කිහිපයක පෙර දිවා ආහාර විවේකයේදී තම කන්ඩායමේම නවක සිසුවියක්ට හිරිකිත කතා කියනවා ඇයටද නොඇසුනා නොවේ.
චානක ගමගේ නැමති චරිතය තමා ගැන වැඩි අවදානයක් දක්වන බව මේ ටික දිනයේදීම ඇය දැන සිටියාය.
පලමු දිනයේම ඔහු ගේ මුවින් පිටවූ අපමන පිලිකුල් සහගත කතා ඇසූවෙකුට ඔහුට පෙම් කිරීම පසෙකලා අඩු තරමින් ඔහු කෙරේ පහන් සිතක් ඇති කර ගන්නේ කෙලෙසද?
එවන් හිරිකිතයෙකු හට පෙම් කරනවාට වඩා මරනය යහපත්ය.
තම සිතේ චානක ගමගේ ගැන තිබෙනා සත්‍ය හැඟීම් ඔහු ගේ මිත්‍රයෙකු වූ ආරෝපිතයා සමග බෙදා හදා ගැනීමට තාරුකා කමති වුනේ නැත. ඒ වෙනුවට ඇය හිරිකිතයාගේ මිත්‍රයා වූ ආරෝපිතයාට කීවේ "එහෙනම් එයාට නොකා නොබී මැරෙන්න තමා වෙන්නේ " කියා පමනක්ය.
නොකෙරෙන මගුලකට තම වෙලාව කැපකල ආරෝපිතයා කෙල්ල ලඟින් නික්ම ගියේ බලහත්කාරයෙන්ම ඇයගේ osazone ස්පටික ටිකකුත් හිස් පරීක්ශන නලයකට දමාගෙනය.
සාමාන්‍යයෙන් චූ ප්‍රැක්ටිකල් එක මෙහෙයවන්නේ ජෛවරසායන මහාචාර්ය තුමාය. එතුමා ප්‍රායෝගික පන්තිය අවසානයේ සෑම වැඩ බන්කුවකටම පැමින ලකුනු දමනා බව මිතුරු ජේශ්ටයන් ආරෝපිතයා හට පවසා තිබුනි. එවැනි ගුරු මුශ්ටි නවකයෝ දන්නේ නැත.
තම සගයන් වූ ජේශ්ටයන් උගන්වා තිබූ ලෙසම තාරුකා ගෙන් පැහරගෙන ආ osazone ස්පටික වලින් ටිකක් වීදුරු ස්ලය්ඩ් එකක රුවා කවර් ස්ලිප් එකකින් වසා පරීක්ශන නල පේලිය ලඟින් තබන්නට ආරෝපිත වෙටා අමතක කලේ නැත.
එවැනි ප්‍රදර්ශන විජ්ජා ගැන නොදත් අනෙක් නවක සිසු සිසුවියෝ තමන් ගේ පර්යේශන ප්‍රතිපල වීදුරු නල වල ම තිබෙන්නට හැරියහ.
පරීක්ශනය අවසානයේ මහාචාර්ය තුමා සැම සිසු සිසුවියෙක් ලඟටම පැමින ඔවුන් ගේ පර්යේශන වල ප්‍රතිපල බලා ලකුනු සටහන් කලේය.
තාරුකා තම සරසවි දිවියේ පලමු කම්පනයට ලක් වූයේ එහිදීය.
පර්යේශන නොකලාට ආරෝපිතයා අනෙක් අය හට ප්‍රතිපල ලෙස ලැබුනු අවක්ශේප, වර්න වෙනස්වුනු ද්‍රාවන සහ නොයෙක් ස්පටික ටික ටික හොරා ගෙනවිත් තම වැඩ බන්කුවේ මනරම් ලෙස ප්‍රදර්ශනයට ලක් කර තිබුනි..
මහාචාර්ය තුමා ආරෝපිත වෙටා ගේ ප්‍රතිපල මහා ඉහලින් වර්නනා කලේය. ආරෝපිතයා තාරුකාගෙන් පහැරගෙනවිත් වීදුරු කදාවට රුවා තිබූ osazone ස්පටික අන්වීක්ශයකට නඟ්වා මුලු පන්තියටම පැමින එය නරඹන්නැයි ඔහු විධාන දුන්නේය.
තාරුකාට චූ ප්‍රැක්ටිකල් එකට ලකුනු 80ක් ලැබෙද්දී ඇගෙ ප්‍රතිපල හොරාගත් ආරෝපිතයාට ලකුනු 100ක් ම ලැබුනි.
අපි ඇත්තටම රැග් වෙන්නෙ සීනියර්ස් ලා ගෙන් ද ස්ටාෆ් එකෙන් ද? තාරුකා ගේ හිතට නැගුනේ එවැනි හැඟීමකි.

*******************
එදා සවස තාරුකා මිත්තාවට පැමිණියේ පාවී ගෙන වගේය. ආරෝපිතයා තමන් ගේ osazone ස්පටික සොරා ගැනීම, නොයෙකුත් ජේශ්ටයන් කල නවක වද ආදිය ඇයට අමතකය.
චතු සමග දේවින්ද අයියා ගේ විස්තර කිව යුතුය. හැකි නම් මනෝජා අක්කා ගෙන් දේවින්ද අයිය ගැන තව විස්තර දැන ගැන යුතුය... සැම දේම කැරකෙන්නේ එකම නමක් කේන්ද්‍ර කරගෙනය...
**********************
නවක සිසු සිසුවියන් සඳහාම වෙන්වූ නොයෙක් අන්දමේ විකාර මැද සතියේ දින එකින් එක ගෙවී ගියේය.. දහවල් කෑම විවේකයේදී තමා සොයා එන නුවර කඩේ දැරියන් වදකයන් හට මුහුන දීමේ ආත්ම ශක්තිය සහ නිර්බීත භාවය සෙමෙන් සෙමෙන් ගොඩ නගා ගන්නවා දෙවින්ද දුටුවේය.
සෑම විටම කෙල්ලන් රැලක් වට කරගෙන ඉන්නා ජෝකරයෙකු වන්නට දේවින්ද කැමති නැත. මේ සතියෙන් පසු තාරුකා හා ඇය ගේ යෙහෙලියන් ගේ  "සිවිල් ආරක්ෂක භට" තනතුර අත හැරීමට දේවින්ද සිතා ගත්තේය. ගෑනු ළමයින් සය දෙනාගේ භය සහ චකිතය ටිකින් ටික අඩු වන ලකුණු ඔහුට දැනේ. එය හොඳ ආරම්භයකි.
මේ සුමානේ ඉවර වෙනකම් විතරයි මම ලන්ච් එක වෙලේ කැන්ටිමට යන්නේ. කෙල්ලන් ට ඔනෑ නම් මගේ ගාවට එවි නේ... දේවින්ද තීරණය කළේය.
දැරියන් ටිකද ඔහු දුටු හැම විටම දේවින්ද ළඟටම දුව එයි. ඒ එන අතරතුර නොයෙකුත් ජෙශ්ට සිසු සිසුවියන් ඔවුන් හට තමන් කෑම ගන්න මේස වල නවතින්න යයි විධාන කරති. ඒ හැම විධානයකින්ම බේරී දේවින්ද සිටිනා මේසය කරා පැමිනීමට තරම් දැන් ඔවුන් දියුනු වෙලාය.

මොකා රැග් කරන්න ආවත් දැන් කෙල්ලෝ ටික භය වෙන්නේ නැහැ...දේවින්ද සිතුවේ උපේක්ශාවෙනි.
 



බොහෝ සිසු සිසුවියෝ කැන්ටිමට යද්දී එද්දී තාරුකා ඇතුලු නුවර කඩේ කෙල්ලන් තමා ලඟ තබාගනිමින් ආහාර ගන්නා දේවින්ද ළඟ නැවතී ඔහු හා කතා බහ කරති. එම ජෙෂ්ට සිසු සිසුවියෝ නැවත මහ මග දී දැරියන් දුටුවාම, කුණුහරුප හෝ කට කැඩෙන කතා නොකියාකෙල්ලන් ටිකට කරදර නොකර යන්නට හරිති.

සහෝදර සිසු සිසුවියන් අතර දේවින්ද ජනප්‍රිය පුද්ගලයකු බවත් ඔහුට ඔවුන් එක්තරා ලෙසකට ගෞරව කරන බවත් මේ දින කීපයේ දී  දේවින්ද අභියස සිටියදී කෙල්ලට තේරුනාය.







කුරුණෑගලින් පැමිණි තිවංක තාරුකා ගේ කණ්ඩායමේ ම සිටි නවක සිසුවෙකිවැඩි උස මහත නැති කුඩා කොල්ලෙකි. සරසවි පැමිණි මුල්  දවසේදී ඔහු ඉතා ලස්සනට ගීත ගායනා කරනවා තාරුකා අසා අත. දැන් කොල්ලා පන්තියේදී ගීත ගයන්නේ නැත. ඔහේ බලාගත් අත බලාසිටී.
දිනක් තිවංක ඉතාම කනගාටුවෙන් සිටිනවා දුටු තාරුකා ට දුක සිතුනි... ඇය ඔහුට කතා කළේ එහෙයිනි.මොකද තිවංක... ඔයාට කරදරයක් ද...
කියල වැඩක් නැහැ තාරුකා... මේ සීනියර් යක්කු මාර්ස් හෝල් එකේදී මාව මරාගෙන කෑවෙ නැති ටික විතරයි... තිවංක ගේ ඇස් කඳුලෙන් දිලිසෙයි.
අර දේවින්ද අයියා නැත්නම් මම මෙලහටත් මේක දාල ගිහිල්ලා...
එකනම් ඇත්ත මචං .... අසල සිටි දනුෂ්කත් කියයි... ඊයේ මහා රෑ මාව පැයක් විතර බාත් රූම් එකේ තියාගෙන නාවනකොට, දේවින්ද අයියා තමා ඇවිත් මාව ආපහු කාමරේට එක්කම් ගියේ....
මගේ කාමරේ ලයිට් එක පිච්චුනාම දේවින්ද අයියා සබ් වොර්ඩන් ට කියල අලුත් ලයිට් බල්බ් එකකුත් ගෙනත් දුන්නා.... නැත්නම් මම තවම අන්දකාරේ... පැත්තකින් පැමිණ සෙනකත් කතාවට සම්මාදම් වුනේය.
ගෑනු ළමයින් ට වඩා පිරිමි ළමයින්ට  වැඩිපුර නවක වධය ලැබෙන බවත්, බොහෝ නවකයන් ව දේවින්ද අයියා වධයෙන් බේරා ගන්න බවත් තාරුකාට පැහැදිලිය.
***********************************
පිහිනීමට නොදත්තෙකු මියෙම්වා රැකෙම්වා කියා ගැඹුරු දියට පනින්නේ යම් සේද, නවක සිසු සිසුවියන්ද ගැඹුරු දියට පැන පිහිනීම පුරුදු විය යුතුය. තමන්ගේ ආරක්ෂාව තමන්සලකා ගත යුතුය. නැත් නම් කම්මුතුය.
සතියේ අවසන් දිනය දේවින්දට කුඩා සාන්කාවක් ගෙන දුනි... නුවර කඩේ කෙල්ලන් ගේ සිකියුරිටි ජොබ් එක කරන අවසාන දවසයි. හිතුවාට වඩා තමන් කෙල්ලන් හය දෙනා ගේ සමාගමය ප්‍රිය කරනා බව දැන් ඔහුට සහතිකය. එයිනුත් දිලිසෙන ඇස් ඇත්තී ගැන ඔහුට නිතර නිතර සිහියට නැගේ. ලබන සතියේ සිට දැරියන් හමු නොවී සිටීම මේ හැම රෝගයකටම හොඳම ප්‍රතිකාරය බව දේවින්දට සිතේ.
සිකුරාදායින් පසු දිවා කල තමා කැන්ටිමට නොපැමිණෙන බවත්, පරෙස්සමින් සිටිය යුතු බවත් දේවින්ද දැරියන්ට දැනුම් දුන්නේය. එය ඇසු දැරියන් හය දෙනාගේම ඇස් වල කඳුළු ඉනුවේය. ඔවුන් සියලු දෙනාම දේවින්ද අයියාට ගරු කරති... වධයෙන් බේරා ගත්තාට පින් දෙති.




18 comments:

  1. පුදුමාකාර සත්ව නාම විශේෂන පදනේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. මීට කලින් අහලා නැතුවා වගේ....

      තැපෑල (post එක) කියෙව්වාටත් ප්‍රතිචාරයටත් ස්තූතියි..

      Delete
    2. මං කියවන්නේ නෑ බං.. කමෙන්කටු දානවා විතරයි සමහර අයගේ අදහසට අනුව... හැක්..

      Delete
    3. කොමෙන්ට්ටු නම් තම්බලා බොන්න වත් පුලුවන්නේ...

      Delete
  2. හම්මේ...
    අද නං හිත පිරෙන්නම ලියල...
    ඒත් මදිද මංද...
    ඒක නං මං හිතන්නෙ උප්පත්ති රෝගයක්...
    කොච්චර කියෙව්වත් මදි....

    ඊළග එකත් ඉක්මණට දාමුකෝ

    ReplyDelete
    Replies
    1. රෝග වලට බය වෙන්න එපා.... ආරෝග්‍ය සාලා පරමා ලාබා කියලා අහලා නැද්ද?

      Delete
  3. ආරෝපිත වෙටා පුදුම පොරක්නේ බන්. කොහෙද ඔය යකා ඉන්නේ දැන්...

    ReplyDelete
    Replies
    1. මම හිතන විදියට ආරෝපිත වෙටා මේ දවස් වල ඉන්නෙ කුරුනෑගල පැත්තේ.....

      අරූ, ඔයා දැක්කනම් ආරෝපිතයා ශර්ට් එකේ උඩ බොත්තම් දෙක ඕපන් කරලා පපුව ඉස්සරහට දාලා ඇවිදිනවා.... නියම කොමිටලේ.... අපෙ කටයා (DP) දැක්කනම් කනේ පාර තමා

      Delete
  4. ඔය ලියල තියෙන්නේ මදි නොකියන්නම.

    ReplyDelete
  5. සරල භාශා මාධ්‍යට ආසයි.මොකෝ ඕනි පිස්සෙක්ට තේරෙනවනේ( මං වගේ ).//ආරෝපිත වෙටා//මරු කාර්ඩ් එක. :D :D ඊලඟ කොටසත් ඉක්මනින් පොස්ට් කරන්න.

    ReplyDelete
  6. //සරල භාශා මාධ්‍යට ආසයි.//

    දන්නෙ ඔය බාසාව විතරයි නේ මල්ලි!

    ReplyDelete
  7. අදයි ආවේ මේ පැත්තට. එන්නම් දැන් දිගටම. මේ බ්ලොග ඔන්න මගේ බ්ලොග් රෝලටත් දාගත්තා

    ReplyDelete
    Replies
    1. පැමිනියාටත් නැවත පැමිනීමට හිතාගත්තාටත් බ්ලොග් රොලේ දමාගත්තටත් එක සේ ස්තූතියි

      Delete
  8. කීප සැරයක් ඇවිත් කියවල ගියාට කමෙන්ට් කරන්න බැරි වුනානෙ.අදත් වෙනද වගේම තමයි.රස උපරිමයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ සතුට මගේ සැපතයි...

      Delete
  9. අද තමයි මේ පැත්තේ ආවේ...ඔක්කොම කොටස් ටික කියෙව්වා.. දිගටම ලියන්න..ජය වේවා!!

    ReplyDelete