සොඳුරු පේරාදෙනි සරසවියට පෑයූ තාරකාවක අන්දරය කොටස් වශයෙන් පල වන නව කතාවක් ලෙසින්...

https://www.facebook.com/sarasavisamaga

Sunday, August 17, 2014

18. දහ අට වන කොටස : චොක්ලට් සහ දවටන



 17. දහ හත් වන කොටස: ඩෙබර කෙල්ලකට පෙම් බැඳ....

http://sarasavisamaga.blogspot.com/2014/08/17.html

දේවින්ද ගේ ජීවිතයේ එක පැත්තක් පමණක් මනෝජා තාරුකා ගේ වසන් කළාය.....

එක අහල මේ චුටි කෙල්ල මොන හිතයිද දන්නේ නැහැනේ .....

**********************************

මනෝජා තාරුකා ගෙන් වසන් කලේ දෙවින්ද ඉගෙන ගන්නා ගමන් ම අර්ද කාලීන රැකියාවක නියුතුවීමයි...

උසස් පෙළ විභාගයෙන් පසුව දේවින්දට සිතුනේ ගෙදරට වී ඉන්නවාට වඩා රස්සාවක් කලොත් හොඳයි කියායඅම්මා සහ තාත්තා  ඔහු ගේ අදහසට කැමති වුනේ, ඔවුන් ද අනුන් ගේ මුදල් නොව, තම දාඩිය මහන්සියෙන් හම්බු කරන දේ අගය කල මිනිසුන් වූ නිසාය.

දේවින්ද ගේ අම්මා තම දරුවන් සිව් දෙනාම හැදු වැඩුයේ මත් පැන් බිඳක් කටේ නොතියන දුම් පානය නොකරන වැදගත් මිනිස්සු ලෙසය. නාස්‌ති කාරයෙකු  නොවුවද, කොල්ලා පුරුදු වී ඉන්නේ අවශ්‍ය විට හොඳින් වියදම් කරන්නටයපිළිවෙලකට අඳින්න  පළඳින්න ය.

ඔහු කැමති, ඔහුට ගැලපෙන "සන්නාමික" (branded) ඇඳුම් මිලෙන්  ද වැඩිය. කොල්ල හොර මැර වංචා නොකොට තමාගේ වර වෑයමින් මුදල් උපයා එය අවශ්‍ය වෙලාවට ලෝබ නැතිව වියදම් කරගන්නවා නම් තාත්තාත් අම්මාත් කැමතිය. එහෙම පාර්ට් "ටයිම් ජොබ්" එකක් කළා කියා තම දරුවා අද්යාපන කටයුතු අඩාල කර ගන්නේ නැති බවට දෙදෙනාටම හොඳටම විස්වාසය.

තම මිතුරෙකු ගේ පියාට අයිති, කොළඹ වූ තරු පන්තියේ හෝටලයක රැකියාව සොයාගන්නට කොල්ලාට පුළුවන් විය. හෝටල් ආධුනික සේවකයෙකු ලෙස වැඩ පටන් ගත්  දේවින්ද සරසවියට ඇතුළු වන විට වැඩ කරමින් සිටියේ ෆ්රන්ට් ඔෆිස් එකේය.

කඩවසම් නොවුවද, චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසරවීමේ හැකියාවත්, කොල්ලගේ  ආචාරසීලී පිළිවෙලත්, දැක්කාම ආසා හිතෙනා අධිෂ්ටාන ශීලී ස්වරූපයත්  දුටු හෝටල් අයිතිකරුට  දේවින්ද හොටල කළමනාකරණයේ යොදවන්නට ඕනා කළේය. එහෙත් දේවින්ද කලේ ෆ්රන්ට් ඔෆිස් රෙසේප්ෂනිස්ට් කෙනෙකු ලෙස දිගටම සේවය කිරීමය.

දේවින්ද ගේ දක්ෂ කම් දන්නා හෝටල් පාලකයෝ නුවර ආවාට පසුත් අවශ්‍ය නම් නිවාඩු දවස් වලට පැමිණ හෝටලයේ වැඩ කිරීමට ඔහුට අවස්තාව ලබා දුන්නේය.

නිර්මලා හා පෙමින් බැඳීමට පෙර  සති අන්තයට සැම දා ගෙදර එන දේවින්ද හෝටල් රැකියාව දිගටම කළේය. එයින් ඔහුට ලැබෙන මුදල නිසා ගෙදරින් සතයක් වත් අරගන්නේ නැතිව ඉගෙනගැනීමට ඔහුට හැකි විය.

**************************

හෝටලයක වැඩ කරන කෙනෙකු ගෙන් යාලු මිත්‍රයෝ එක එක ඉල්ලීම් කරතිසමහරුන් හෝටල් කාමර වල තිබෙනා මිනි බාර් එකේ ඇති චූටි බීම බෝතල් රැගෙන එන ලෙස ඉල්ලයි. තව සමහරු ඉතිරි වෙන නෙස්කැෆේ  සැශේ ඉල්ලයි. තවත් සමහරු ඩිස්කවුන්ට් දමා දෙන්නයි ඉල්ලයි.

කිසිම දිනක හෝටලයේ බඩු භාණ්ඩ  සාක්කුවේ දමා නොගන්නා දේවින්දට එවැනි ඉල්ලීම් වලට උදවු කල නොහැකිය. ලඟම මිතුරු මිතුරියන්ට හැර අනෙක් අයට ඔහු ගේ හෝටල් රස්සාව ගැන නොකීමට දේවින්ද සිතුවේ ඒ නිසාය.

එහෙත් එය නිර්මලා ගෙන් හැංගීමට  ඔහුට උවමනාවක්  නොවීය. යාලු වී දින කීපයකින් ම ඇයට ඔහු ගේ හෝටල් රස්සාව ගැන කීවේ ඒ නිසාය.

ඔහු හෝටලයක වැඩ කරනවා යි දැනගත් දා සිට නිර්මලා දේවින්දට නොයෙක් ලෙස කරුණු කියා හෝටල් රස්සාවෙන් නතරකර ගැනීමට සමත් වුවාය.

එක හේතුවක් වුයේ  හෝටලයක වැඩ කරනවා යනු නිර්මලා වැනි පුහු ආටෝපයෙන්  යුත් අයට පහත් රැකියා වූ නිසාය. දෙවන කරුණ වන්නේ එවිට දෙවින්දව සති අන්තයේත් තම ටියුෂන් මාස්ටර් ලෙස යොදා ගැනීමට නොහැකිවීමය..

නිර්මලා අසතුටු කිරීමට අකමැති දෙවින්දත් ඈ උපදෙස් දුන් පරිදි ම හෝටල් රස්සාවට ආයුබෝවන් කීවේය.

මුලදී නිර්මලා දේවින්ද ගේ හවස පන්තිය සැමදාම කරන්නයි බල කළාය. දැන් දැන් ඇයට දේවින්ද ගේ ඉගැනිල්ල ටිකක් මදි වගේය.

චොක්ලට් එක කෑවාට පසු එය ඔතා තිබූ දවටනය කන්නේ මෝඩයෝය.

නිර්මලා වැනි නුවණැත්තෝ තමාට වැඩක් නැති අය ළඟ තබා ගැනීමට අකමැතිය. එම නිසාම මේ දිනවල හවසට පැමිණ උන්ගන්නැයි නිර්මලා දෙවින්දට බල නොකරයි. බැරිවෙලාවත් ඔහු ඈ දකින්නට ගියොත් ඔහු ව ආපසු හරවා යවයි... නැතිනම් විනාඩි දෙකතුනක් කතා කර පාඩම් කිරීමට ඇති බව කියා ඇය නැවත ඇගේ කාමරයට යයි. පල නොකියා පලා බෙදයි.

මුලදී එම කුඩම්මාගේ සැලකිල්ල දේවින්ද ගේ හදවත පැලෙන තරමට වේදනා ගෙනදුන්නේය. නමුත් පහු පහු වන විට නිර්මලා ගෙන් ඈත් ව සිටීම කොල්ලාට පුදුම අස්වැසිල්ලක් ගෙන දීමට පටන් ගත්තේය. දැන් දේවින්ද ට තමා කැමති දෙයක් කිරීමට සවස් කාලය ඉතිරිය.

ගෙදරින් මුදල් ඉල්ලීමට ඇති අකමැත්තත්, අලුත පටන් ගත් නිර්මලා ගේ පල නොකියා පලා බෙදිල්ලත් නිසා කොල්ලා තමා සමග කොළඹ හෝටලයේ වැඩ කල මිතුරෙකු  මගින් මහනුවර වූ හෝටලයක ෆ්රන්ට් ඔෆිස් රැකියාවක් නැවත සොයා ගත්තේය.

සති අන්තයේ හා නිවාඩු දිනවල රෑ කාලයේ වැඩ කිරීමට කවුරුත් කැමති නැත. දේවින්දට එය ගානක් නැත. එහෙත් එම රැකියාව ගැන සරසවියේ කාටවත් නොදන්වීමට ඔහු වග බලාගත්තේය.

*******************************

දේවින්ද රග්බි ලෝලියෙකි. ඔහුගේ නිවස තිබෙනා තිඹිරිගස්යාය පැත්තේ කොල්ලෝ සවසට සෙල්ලම් කරන්නේ ක්‍රිකට් නොවේ, රග්බි . දේවින්ද රග්බි ක්‍රීඩා කරන්නේ කුඩා කල සිටය. රග්බි කියන්නේ අමුතුම  ක්‍රීඩාවකි... මුලින් ම නරබන්නෙකුට එය පලකට නැති දරුණු  සෙල්ලමක් කියා පෙනේ. හැබැයි දින කීපයක් එක දිගට නැරඹුවොත් ඉවරය. එතැන් සිට සැමදාටම  රග්බි ලෝලියෙක් වන්නේය. වැරදිලාවත් එක දිනක් හෝ රග්බි ක්‍රීඩා කලොත් සැමදා එයත් සමග බැඳෙන්නේය

සරසවි පැමිණි මුල් කාලයේදී දේවින්ද ක්‍රීඩා පිටියට සවසට ආදී එන සරසවි කාර්ය මණ්ඩලයේ දරුවන් සමග ටැප් රගර් ක්‍රීඩා කළේය. ටැප් රගර් වල දී විරුද්ද පිලේ ක්‍රීඩකයන් ව බිම වැටී තුවාල වන ලෙස ටැකල් කිරීම සිදු නොවේ. ඒ වෙනුවට අතින් පුංචි තට්ටුවක් දැම්මාම පන්දුව අත හරිය යුතුය.

දේවින්දව මුලින්ම සරසවි කාර්ය මණ්ඩලයේ දරුවන් සමග ක්‍රීඩා කිරීමට කැඳවා ගෙන ගියේ වරුණ අයියාය.

වරුණ මොල්ලිගොඩ දේවින්ද ගේ ම පාසලින් පැමිණ දන්ත  වෛද්‍ය විද්‍යා පීටයේ ඉගෙන ගන්නා හතරවන වසරේ සරසවි ශිෂ්‍යයෙකි. ඉගෙනීමට ඉතා දක්ෂයෙකි. සැම වසරකම කණ්ඩායම් ප්‍රථමයා හෙවත් බැච් ටොප් වන්නේ වරුණය.

ඔහු තම මල්ලියෙකුට මෙන් දෙවින්දට ආදරේය. දේවින්ද නවකයෙකුව පැමිණි කාලයේ කොල්ලාට නොතේරන ලෙස දුරින් සිට බොහෝ වධ හිංසා වලින් බෙර ගත් හිත හොඳ මනුස්සයෙකි. රග්බි ලෝලියෙකි.

හවසට හවසට පොඩ්ඩක් ටැප් රගර් සෙල්ලම් කිරීමට පුරුදුව සිටි වරුණ, දෙවින්දවත් ඔහු සමග ගෙනගොස් අනෙක් ක්‍රීඩකයන්ට හඳුන්වා දුන්නේය. අද්යාපන වැඩ කටයුතු බොහෝ නිසාම දැන් දැන් වරුණ ටැප් රගර් සෙල්ලම් කරන්න එන්නේ එහෙමත් දවසකය

සරසවියේ  සේවක මහතුන් ගේ ළමයි ඉගෙන ගන්නේ සරසවි උයන, ගැටඹේ සාන්ත ජෝන් සහ කිංග්ස්වුඩ් වැනි පාසල් වලය. ඔවුන් රග්බි ක්‍රීඩාවට ඉතා ආසය.

ක්‍රීඩාවේ දක්ෂයෙකු වූ දේවින්ද අයියා තමන් සමග ක්‍රීඩා කිරීමට පැමිණීම කුඩා දරුවන් කැමතිය. නිර්මලා සමග පෙම් සබඳතාව අරඹන තෙක්ම දේවින්ද ඔවුන් සමග සවසට ටැප් රගර් ක්‍රීඩා කළේය. නිර්මලා හට පාඩම් කියා දීමට පටන් ගත්තාට පසු එය එහෙම්මම අත හැරී ගියේය.

වර්තමානයේ නිර්මලා පාඩම් කියා දෙන්න කියා බල නොකරන නිසා දේවින්ද නැවත ඔහු ගේ කුඩා මිතුරන් සමග ක්‍රීඩාව පටන් ගත්තේය.                                                                                                   හොඳටම මහන්සි වන තෙක් ටැප් රගර් ක්‍රීඩා කර මාර්ස් සාලාවට ගියාම සෝදා පිරිසිදුවී, රාත්‍රී ආහාරය ගෙන නින්දට යා හැකිය. නැතිනම් රෑ දෙගොඩහරියක් වන තුරුම නිර්මලා කරනා කුඩම්මා ගේ සැලකිලි ගැන සිත සිතා දොම්නස් වෙන්නට සිදු වෙයි.                                                                                                එම සති අන්තය තම මාමා ගේ ගෙදර ගතකිරීමට තාරුකා සිතුවාය. සඳුනි ගෙන් සැමදාම එහි එන්නැයි වදයකි. සෙනසුරාදා තාරුකාත් සඳුනිත් රැග් කතා කියා කියා ඉන්නාවිට සඳුනිගේ පියා වෝල්ටර් දුනුවිල  මහතා එදා සවස බෝගම්බර පිටියේ පැවැත්වෙන  කොළඹ CH කණ්ඩායමත්  මහනුවර කණ්ඩායමත් අතර රග්බි ෆුට්බෝල් තරගය නැරඹීමට කෙල්ලන් දෙදෙනාට අරාධනා කළේය.                                                                                                                                      දුනුවිල මහතා ප්‍රසිද්ද ව්‍යාපාරිකයෙකි. රග්බි ලෝලයෙකි. පාසල් සමයේ මහනුවර ත්‍රිත්ව විදුහල් රග්බි කණ්ඩායමට ක්‍රීඩා කර තිබේ. සඳුනිට  මීට පෙර ඔහුත් සමග රග්බි ෆුට්බෝල් තරග නරඹන්නට ගොස් පුරුදුය                                                                                     තාරුකාද තම පියා සමග බ්‍රැඩ්බි පලිහ රග්බි ෆූට්බෝල් තරඟ නරඹා එම ක්‍රීඩාව ගැන උනන්දුවක් ඇති කර ගත්තියකි. ඇත්තටම ඔවුන් දෙදෙනාම රග්බි ෆුට්බෝල් තරග නරඹන්නට අසා කලෝය.                                 නිර්මලා සමග යාලු වීමට පෙර දෙවින්දත් වරුණත් බෝගම්බර පිටියේ හෝ නිත්තවෙල පිටියේ පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරඟ නරබන්නට පුරුදු  ව සිටියේයහවස ටියුෂන් පන්ති පටන් ගත්තාට පසු දෙවින්දට ක්‍රීඩා තරඟ නැරඹීම අතහැරීමට සිදු විය. හතරවන වසරේ වැඩ අධික කම නිසාම දැන් වරුණ ද මැච් බැලිල්ල අතහැරලාය

සෙනසුරාදා රෑ දෙවින්දට හෝටලයේ නයිට් ශිෆ්ට් එකට යා යුතුය. දැන් නිර්මලා ගෙන් සවසට පැමිණ උගන්නන්යි කියා කරදර නැත. එම නිසා කොල්ලාට තම කැමති දෙයක් හවස් වරුවේ කල හැකිය.

ටිකක් කලින් ගියොත් කැන්ඩි, CH  මැච් එකත් බලන්න පුළුවනි….. දෙවින්දට සිතුනේය.
 
PS: දේවින්ද ගේ හෝටල රස්සාව ගැන ලියා තිබෙන දෑ එතරම් නොගැලපෙන ලෙස ලියා ඇත්නම්  හෝටල පිලිබඳ මහාචාර්ය අරූ මැතිඳුන් ඇතුලු සියල්ලන්ගෙන් ම සමාව අයදිමි...

24 comments:

  1. කව්ද අනේ ඔය නිර්මලාට අහු වෙලා ජොබ නැති කරගත්ත මෝඩයා..

    //දැන් දැන් ඇයට දේවින්ද ගේ ඉගැනිල්ල ටිකක් මදි වගේය.//

    මෙන්න මේක මොන පැත්තට හරවන්න පුළුවන්ද??

    ReplyDelete
    Replies
    1. එපාවෙන පැත්තට තමා හැරුනේ....

      Delete
  2. ඔහොම යමු ඔහොම යමු.

    ReplyDelete
  3. දේවින්ද හොදයි...
    ටිකක් අවුල් සහගතයි...
    අර වගේ ඇන්ටනාවකින් බේරුණානම් ඒකම ලොකු දෙයක්

    ReplyDelete
  4. අවුල් සහගත තමා.....

    ReplyDelete
  5. ඔච්චර මොළේ ඇති කොල්ලෙක් අර වගේ ආත්මාර්ථකාමී අර ඔබ කිව්ව වගේම ඩෙබර කෙල්ලෙකුට අහු උනේ කොහොමද?ඇස් පියාගෙනද?

    ReplyDelete
    Replies
    1. පොල් මුඩ්ඩෙන් පොල් ගෙඩියේ ඇස් තුනම වැසී යන්නේ යම් සේ ද, ආදරයෙන් කොපමන උගත් බුද්දිමත් අය ගේ ඇස් ද වැසී යයි....

      Delete
    2. ඒක නං මාරම උපමාව ඈ...
      පට්ට

      Delete
  6. ආදරේ ලගදි ඉතින් හැමදේම අමතක වෙලා යනවනේ.. බලමුකො බලමුකෝ..

    ReplyDelete
    Replies
    1. කොච්චර බැලුවත් ආදරේ කරන කෙනා ගේ වැරැද්දක් පේන්නෙ නැති එකනේ ප්‍රශ්නේ...

      Delete
  7. මම ඉතිං ඔය ආදර මගුල් ඔලට අකමැති බුවා නෙ මචෝ.....
    දන්නව ...,නෙහ් ....හෙක්..... හෙක්....
    ලියපං ....මං නැතිවුනාට කොච්චර එවුං ඉන්නවද.....බං ...හෙහ්,,,හෙහ්,,,,

    ReplyDelete
  8. M..meka kathawak witharada naththan athtama kathawakda..m..kohoma unath lassanata liyanawa...

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවානම් මේක බොරු කතාවක්.... කාටවත් කියන්න එපා හොඳේ?

      Delete
  9. රායිට්...ඔන්න කොල්ල දැන් ටික ටික ට්‍රැක් එකට වැටීගෙන යනවා...ඔහොම් යන් ...ඔහොම් යන්...

    ඉස්සරහට ආයෙත් මොන මරාලයක් කඩා පාත් වෙයිද දන්නේ නැහැ...

    බලමු බලමු...

    ReplyDelete
    Replies
    1. හොඳයි බලමු දෙයියනේ ...

      Delete
  10. ඔයා හෝටල් ගැන කිසිවක් දන්නේ නැහැ , ඔය පොඩි බෝතල් කොෆි සැශේ වගේ දේවල් මාටියා ගහන්නේ හව්ස් කීපිං එකේ අයියලා. රෙසේප්ෂනිස්ට් ලට පුළුවන් ක්වික් ජොබ් එකකට කපල් එකක් ආවොත් කව්න්ටෙරේට යටින් කෑෂ් වලට කාමරයක් දීල ඒ සල්ලි මාටියා ගහන්න. යන විදියට මට පෙන්නේ දේවින්ද තාරුකාව හෝටලේට උස්සල හොඳට anatomy උගන්නයි කියල. මම හරිද ?

    ReplyDelete
  11. ඕනනම් අරූ ගෙන් අහන්න ඌ හොඳ මාටියා

    ReplyDelete
  12. හැබැයි දේවින්ද මැනේජර් කෙකෙන්ක් උනානම් ඌට ඕක සිටි ලෙජර් එකට දන්නා තිබ්බ , කොහෙද කාලකන්නියා රෝයල් එකට පස්සේ ආපු ස්කොලර්ෂිප් එකෙක් වෙන්න ඇති නැත්තම් රෙසේප්ෂන් එකට යයිද, මැනේජ්මෙන්ට් එකට ජෝයින් නොවී ජෙනුඉන් රෝයලිස්ට්ස් ල වගේ

    ReplyDelete
  13. මචෝ, පොඩ්ඩක් සයිබරෙන් මිසින් වෙලා හිටියා විබාගත් එක්ක, මුල ඉඳන් අයෙත් කියවන එන්නම්, කතාව මුල ඉඳලම හිත ගත්තා. ජය.

    ReplyDelete
  14. අම්මෙ ඇති යන්තම්..අන්තිමට හරි උන්දැගේ මොලේ පෑදුනා..අකමැති නම් මොකට පස්සෙන් යනවාද
    තමුන්ගේ වැඩක් බලගත්තම ඉවරයි. අදයි මේ පැත්තට ආවේ..සුබපැතුම් ඔබට ! දේවින්ද වගේ වෙන්ඩ
    ඔයත් ගනං පෙන්නනවා නම්, පාඩුවේ වැඩක් බලං ඉන්න :D

    ReplyDelete