සොඳුරු පේරාදෙනි සරසවියට පෑයූ තාරකාවක අන්දරය කොටස් වශයෙන් පල වන නව කතාවක් ලෙසින්...

https://www.facebook.com/sarasavisamaga

Saturday, May 31, 2014

4. සතරවන වන කොටස: අනියම් සම්බන්ධතාවයක්....


තුන් වන කොටස :  http://sarasavisamaga.blogspot.com/2014/05/3.html



පස් වන කොටස : http://sarasavisamaga.blogspot.com/2014/06/5.html





චානක ගමගේ ගේ මුවින් නික්මෙන "සරසවි සාහිත්‍යයයි සරසවි මැට්ටන් විසින් හඳුන්වනු ලබන කුණුහරුප අසා සිටීම දේවින්ද ට මහා පිළිකුලක් විය.

චානක ගමගේ කෙල පෙරමින්, මහා හඬ නගමින්, දැරියන් ඉමහත් අපහසුවට ලක් වෙන අතිශය පොද්ගලික ශාරීරික ක්‍රියාකාරකම් ගැන ප්‍රශ්න නගනවා දේවින්ද බලා සිටියේ කනගාටුවෙනි.

ලජ්ජාවෙන් රතු වූ  දැරියෝ භ්රාන්තියට පත්ව සිටී .

පුංචි මල් කැකුළු වගේ ඉන්න මේ කෙලි පොඩිත්තියන්ට කුණුහරුප කතා කියමින් හිරිකිත දේවල් කරන්නට ඉඩ දිය යුතු  නැත.

සාමාන්‍යයෙන් එක ජෙෂ්ට සිසුවෙකු නවක වධය දෙද්දී වෙනෙකෙකු අත පොවන්නේ නැත. එහෙත් දේවින්ද හොඳහැටි නවක වධය වින්දෙකු බව සැවොම දනී.

එවන් කීර්තියක්ඇති සිසුවෙකුට තව ජෙෂ්ට සිසුවෙකු ගේ නවක වධයට අත පොවත හැකිය. එය සරසවියේ නොලියවුණු නීතියකි.

එවන් නීතියක් තිබ්බත් නැතත් දෙවින්දට කමක් නැත.

ඔහු නවක සිසුවෙකුව සිටියදීම තම කණ්ඩායමේ දැරියන් හට අමානුෂික වධ දෙන්නන්ට විරුද්ධව පෙනී සිටි කෙනෙකි. තම යෙහෙලියන් වෙනුවෙන් පෙනීසිටීමේ වරදට ජෙෂ්ටයන් ගෙන් අමානුශික දඬුවම් විඳි  කෙනෙකි.

පසුගිය වසරේ විද්‍යා පීට නවක සිසු සිසුවියන් පැමිණි කල සිදු වූ දෙයක් දේවින්ද ගේ සිහියට නැගිණි.

විද්‍යා පීට නවක සිසුවියන්  නේවාසිකව සිටියේ විජේවර්ධන සාලාවේය.

සමහර දිනෙක දේවින්ද සහ ඔහුගේ මිතුරෝ රාත්‍රී අහාරය සඳහා විජේවර්ධන සාලා කැන්ටිමට යති

අහාර ගැනීමට ආපන ශාලාවට පැමිනෙන නවක සිසුවියන් හට බරපතල වැඩය...

බොහෝ අවස්තාවල  දේවින්දලා දන්නා හඳුනන විද්‍යා පීට ජෙෂ්ට සිසුන්, අන්න අර ජෙෂ්ට උත්තමයාට කතා කරලා වරෙන්නැයි නවක ශිෂ්‍යාවන් ව ඔවුන් කෑම ගන්නා මේසයට පිටත් කර එවති.

දේවින්ද ගේ මිතුරන්  කෑම ගැනීම අවසන් වන තුරු ම තමන් ලඟට එවූ ගෑනු ළමයින් ට නොයෙක් විකාර කතා කියමින්, තම පිගානේ  ඉඳ හිට මතු වන කරපින්ච්චා කොළ කවමින් විනෝද වෙති....

එහෙත් නවක ශිෂ්‍යාවන් හට කරදර කිරීමට අකමැති වූ දේවින්ද සම්‍යක් ප්‍රයෝගයක් භාවිතා කරන්නට පුරුදු ව සිටියේය.

එනම් තමන් ඉදිරියේ  විද්‍යා පීට ජෙෂ්ට සිසුන් විසින් එවනා ලද බාලිකාවක් වාඩි වූ සැනින්,
ජෙෂ්ට උත්තමයා එක්ක අනියම් සම්බන්දයක් පවත්වා ගන්නා කැමති නම් හිටපන්, නැත්තනම් පලයන්යයි පැවසීමය.
 
අතිශය බියට පත් වන ගෑනු ළමයින්, මිටින් මුදා හල කිරිල්ලියන් සේ දේවින්ද ගෙන් ඈත් වන්නෝය.. එසේ පවසුව පසුවද රැඳී සිටින්නේ ඉතාමත්ම සුලු සන්ඛ්යාවකි..

මේ අසරණ  දැරියන් සමගත් “අනියම් සබඳතා” පටන්  ගැනීමට කාල වෙලාව එළඹ ඇත. ඔවුන් ඇත්තටම චානක ගමගේ ගේ වදයට අකමැති නම් තමා සමග එනු ඇත.


*********************


හදිසියේම සද්ද බද්ද නැති විය. ජෙෂ්ට සිසුවා තම “තොරණේ විස්තරය” එක්වරම  අවසන් කල බව බිම බලාගෙන හඬමින් සිටි තාරුකාට දැනුනේය.

හිරිකිතයට මොකද මේ හදිස්සියේ වුනේකෙල්ල සිතුවේ  බිම බලාගෙනමය...

ඒ සමගම, වෙනත් ගැඹුරු හඬකින්,
මේ ජෙෂ්ට උත්තමයා එක්ක අනියම් සම්බන්දතාවයක් පවත්වන්න කැමති එවුන් අත උස්සපල්ලායි යමෙකු පවසනවා තාරුකා ට ඇසුනි.

එම වචන වැලේ බරක් පතලක් කෙල්ලට දැනුනේ නැත… හිරිකිතයාගේ පිළිකුල් සහගත කතා අසමින් ඉන්නවාට වඩා ඕනෑම දෙයක් හොඳ බව සිතුන හෙයින්, එක්වරම ඇය අත එසෙව්වාය.

තාරුකා අත ඔසොවනු දුටු ඇගේ යෙහෙලියෝද එක රැළට අත එසේව්වෝය.

තොල් ලෙව කමින් හිරිකිත කතා කී ජෙෂ්ට සිසුවාට වචනයක් වත් නොදොඩාම මායාවකින් මෙන් අලුත් පැමිණි කොල්ලා පසුපස තමන් ඇතුළු යෙහෙලියන් යනවා  කෙල්ලට දැනුනි. 

Friday, May 30, 2014

3. තෙවන කොටස: වදකයන් අතර…..



දෙවන කොටස : http://sarasavisamaga.blogspot.com/2014/05/2.html


දිවා ආහාරය සඳහා  සිසු සිසුවියන් සෙමෙන් සෙමෙන් කැන්ටින් කන්ද නැග වෛද්‍ය පීට ආපන ශාලාව වෙත පැමිණෙමින් තිබුණි. ඔවුන් කන්ද නගින්නේ බිම බලාගෙනය, සන්සුන් ගමනිනි, කෑ කෝ හඬ නැත

නවකයන් ලෙස සරසවි පැමිණි පළමු දිනයේ කවුරුත් හැසිරෙන්නේ එසේය. භය සහ චකිතය ඔවුන් ගේ මුහුණේ ඇදී තිබේ. නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සරසවි ජීවිතයේ  පළමු දිවා ආහාර විවේකය මෙයයි. අද සිට උදේ වරුවේ දේශනාත් දිවා අහරින් පසු එළඹෙන ප්‍රායෝගික පන්තිත් ඔවුන්ගේ දිනචරියාව වන්නේය.

තුන් වන වසරේ දන්ත වෛද්‍ය සිසුවෙකු වූ  දේවින්ද  සිටියේ කෑම කවුන්ටර වලට ඔබ්බෙන් තිබෙනා දැල් බිත්තියට හේත්තු කර තිබුණු ඇඳි පුටුවක වාඩි වී ගෙන ය. තෙවන වසර දෙවන වාර අවසාන විභාගය අත ළඟය. දේවින්ද කැන්ටිමට පැමිණ සිටියේ පාඩම් කිරීමටය.

හීන් සබ්දයක් වත් නැති පුස්තකාලයට වඩාසිසුන් එහෙ මෙහෙ දඟලන, ගුවන් විදුලිය සැමවිටම නද දෙන කැන්ටිමේ හිඳ පාඩම් කිරීමට දේවින්ද කැමතිය. කම්මලේ බල්ලාට හෙන සද්දේ ගානක් නැත්තාක් මෙන්, දේවින්දට ද සද්ද බද්ද මද පාඩම් කිරීම පුරුදුය. එකම ප්‍රශ්නය වන්නේ, ඉඳ හිට කැන්ටිමට ගොඩ වන මිතුරු මිතුරියෝ පොඩි පොඩි කතා බහට සෙට් වීමයදෙවින්දට මිතුරු මිතුරියන් බොහෝ දෙනෙකු වූ නිසා බාධා කිරීම් ද වැඩිය .

කෑම ගැනීමට තරම් කුසගින්නක් නොවූ හෙයින් කහට කෝප්පයක් බොන්නට සිතු දේවින්ද කලින් මුදල් ගෙවා අරගෙන තිබූ ටෝකන් කෑල්ල කැන්ටිමේ තේ හදන මල්ලීට දී කහට කෝප්පයක් ලබා ගෙන නැවත ඇඳි පුටුවට පැමිණියේ ඇඟ හිරි අරිමිනි.


පළමු වසරේදී වෛද්‍ය, දන්ත වෛද්‍ය සහ පශු වෛද්‍ය පීට වලට අයත් සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්හට කාටත් පොදු දේශනා සඳහා  උදය වරුවේද පීට  අනුව  වෙන්  වූ  ප්‍රායෝගික  ක්‍රියාකාරකම් සඳහා සවස් වරුවේද සහබාගී වීම අනිවාර්ය වන්නේය.

ඔවුන් දහවල් ආහාරය සදහා ලැබෙන කෙටි විවේකයේදී කැන්ටිම වෙත පැමිණියේද එකටමය. ඊයේ සවස සරසවි බිම පා තැබූ කොලු කෙලි රෑන බීත වී බිම බලාගෙනම පෝලිමේ යමින් සිටියේ ය.


ආයේ මොනවාද, දැන් ඉතින් උන්දැලාට කඳ හරහා හම්බුවෙයිදේවින්දට මේ කොල්ලන් කෙල්ලන් ටික ගැන දුකය.

වසර කීපයකට පෙර නවක සිසුවෙක් ලෙසින් මෙම ආපන ශාලාවේ දීම විඳි වධ වේදනා දේවින්ද ගේ සිහියට නැගුනේය. කවුරුන් කෙසේ කීවත් නවක වධය යනු රෞද්‍ර සහ ම්ලේච්ච මානසික රෝගීන් සමූහයක් විසින් සරසවිය තුල සිදු කරන වෛර පිරිමැහිල්ලකි.

තමන්ට වඩා යමක් කමක් තියෙන, තමන්ට වඩා හොද පාසලකට ගිය, තමන්ට වඩා රූ ලස්සන ඇති, තමන්ට වඩා හොඳින් අධ්‍යාපන කටයුතු වල  යෙදෙන  සිසු සිසුවියන් ගැන උපන් නොනිමෙන ඊර්ශ්යාවෙන් වියරු වැටී ඔවුන් හට   වධ හිංසා කරන්න පාවිච්චි කරනා පහත් ක්‍රියාදාමයකි.


නවක ශිෂ්‍යයෙකුව සිටියදී අන්තිම දරුණු ලෙස නවක වධයට භාජනය වී සිටි දේවින්ද ට ඔහු ඉදිරිපිට දිග හැරීමට යන මේ අසුන්දර අසබ්ය දර්ශනය මහා ඉසරදයකි, මානසික වධයකි. දහසක් බලාපොරොත්තු හදේ පොදි බැඳගෙන සරසවි ආ මේ කොල්ලන්ට කෙල්ලන්ට මෙසේ වද දෙන්නේ මොන හිතකින් ද? මෙවුන් කල වරද කුමක් ද?


*****

දවල් කෑම විවේකයේ දී තාරුකා, සඳුනි සහ මිතුරියෝ  නැවත කැන්ටින් කන්ද නැග්ගහ. සඳුනි තාරුකාටත් සමග කෑම පාර්සලයක් ගෙදරින් ගෙනවිත් තිබුණි.

වටපිට බලමින් දැරියන් සය දෙනා දේවින්ද ළඟ තිබූ රවුම් මේසය වෙත ආවේ අඩමානයට අඩිය තබමිනි. මෙතෙක් වෙලා පාඩමේ යෙදී අපහසුවට ලක් වූ ඇඟ හිරි අරිමින් දේවින්ද බලා සිටියේ ඔහු ගේ ඇඳි පුටුවට එහායින් තුබුණු රවුම් මේසය වටා ඉඳගත් කෙලි පොඩිත්තියන් රැල දෙසය.

ලස්සන ගැහැණු ළමයි ටිකක්… ඔහුට සිතුනේය.

අනෙක් සිසු සිසුවියන් මෙන් ඔවුන් කෑම මිල දී  ගැනීමට පෝලිමේ සිටියේ නැත.

තම නිවසේ සිට පැමිණෙන සිසු සිසුවියන්ට කෑම මිලදී ගන්නට කැන්ටින් පෝලිමේ සිටිය යුතු නොවේ. මේ මහනුවර නගරයේ පාසල් වලින් සරසවි පිවිසුම් ලද බොහෝවිට තමන් ගේම නිවසේ සිට දිනපතා සරසවියට පැමිණෙන, පිළිවෙලකට අඳින පළඳින, ඉංග්‍රීසි කතා කිරීමට හැකි සාමාන්‍යයෙන් අනිකුත් පළාත් වලින් පැමිණෙන උදවියට වඩා ඔප මට්ටම්වූ ගැහැණු ළමයින් . සරසවි ව්‍යවහාරයෙන්ම කියනවා නම් නුවර කඩේකට්ටියකි.


කණ්ඩායමේ අනෙකුත් සිසු සිසුවියන් මෙලෝ රහක් නැති, බොහෝවිට බල්ලන් උවත් පිළිකෙව් කරනා රස ගුණ සපිරි කැන්ටින් මුදලාලිගේ todays special වලින් කුස පුරවා ගන්නට පෝලිමේ සිටිද්දී, තමන්ගේ මවු උදෙන්ම අවදිවී, ආදරයෙන් පිස දෙන රසවත් කෑම අනුභවය සම්බන්දයෙන් පැන නැගි වරදකාරී චිත්තය නිසාදෝ නුවර දැරියන් ටික තම දවල් ආහාරය රස විඳිනා බවක් නම් දේවින්දට නොපෙනිණි.

ඒ වෙනුවට දිස්වූයේ සද්දයක් බද්දයක් නැතුව, වට පිට නොබලා, බිම බලාගෙන හැකි ඉක්මනින් කෑම කා අවසන් කිරීමට ගන්නා උත්සාහයකි.


අබග්යයකට මෙන් ඔවුන් ගේ වාසනාවගිලිහී ගිය හැඩය. …

ඉහල අහසේ කැරකි කැරකී කුඩා විහගුන් අල්ලා ගන්නා කුරුළු ගොයෙකු පරෙවි රෑනක් දෙසට පහත් වන්නා සේ, ගොදුරු සොයන්නෙකු නුවර කඩේ මේසය දෙස ඇදෙමින් සිටියේය. ඒ දේවින්ද ගේ ම කණ්ඩායමේ ම ශිෂ්‍යයෙකු වූ චානක ගමගේ නමැති ආලවකයාය!


සා මුව ගෝන ආදී සතුන් මරණ දඩයක්කරුවන් ගොදුරු පැමිණෙන තෙක් වනයේ වූ වතුර වලවල් ළඟ රැක සිටින්නේය. චානක ගමගේ සහ ඔහු වැනි අප්‍රමාන නවක වදකයන් ගේ ක්‍රමවේදය වූයේද ඊට සමාන උපක්‍රමයකි.

එනම් නවක සිසු සිසුවියන් කෑම ගැනීමට පෝලිමේ සිටිද්දී හෝ කෑම අනුභව කරත්දී දඩයම් කිරීමයි.

දේවින්ද ට අතකුත් වනාගෙනම චානක වෙනතක තිබූ පුටුවක් ඇදගෙනම නුවර කඩේ දැරියන් කෑම ගන්නා මේසයට ගොස් එහි විධායක බලයනිතරගයෙන්ම ලබා ගන්නවා දේවින්ද දුටුවේය.

නුවර කඩේ කෙලි පොඩිත්තියන් ගැන ඔහු ගේ සිතේ පහල වූයේ දුකකි. දැන් ඉතින් බබා හම්බ වෙන බව ඉර හඳ වගේ සිකුරුය.

දැරියෝ කොනක තිබූ ජාල කරාමයෙන් අත සෝදා ගෙන පැමිණ කෑම ගැනීමට පාර්සල විවෘත කළා පමණි. කොහෙන්දෝ සිට පැමිණි ජෙෂ්ට සිසුවෙකු පුටුවකුත් ඇද ගෙන මේසයට කඩා පාත් වූවා තාරුකා දුටුවාය.
මදැයි කොලා , අද කාලාත් ඉවරයි….. තාරුකාට සිතුනි.


හරි බරි ගා ඉඳගත් ජේස්ට සිසුවා තාරුකාලාට කටු කැවීම පටන් ගත්තේය. කටු කැවීම යනු  එක දැරියක ගේ බත් පතේ ඉතිරිවන මාළු කටු, කරපිංචා, කුරුඳු වැනි දෑ වෙනත් දැරියකට කන්නට කියා බල කිරීමය.

පාසලේදීපන්තියේ කෙල්ලන් සමග එක බත් පත බෙදා හදා ගෙන කා ඇති තාරුකාට එය ද එතරම් ගානක් නැත.


තාම ගොඩ, ඔහොම යං, ඔහොම යං, …..තාරුකා තමාටම කියා ගත්තාය.
 
තාරුකා කෑම ගන්නා මේසයට පැමිණ බලෙන්ම වාඩි වූ  ජෙෂ්ට සිසුවා නොනවත්වා කියවයි. කවි කියයි. ඒ මින් පෙර අසා නැති අමුතුම කුණුහරුප කවිය. තාරුකා ජෙෂ්ටයාගේ සාහිත්‍යයට සවන් දුන්නේ මහත් අප්පිරියාවෙනි. මේ වගේ ලෙඩ්ඩුත් දොස්තරලා වෙන්න ඉගෙන ගන්නවද… ?? තාරකා ට අදහා ගත නොහැකිය.


තාරුකා ගේ වාරය ආවේය. ජෙෂ්ට සිසුවා දිව එලියට දමා තොල් ලෙවකා අතිශය පෞද්ගලික ශාරීරික ක්‍රියාකාරකමක් විස්තර කරන්නයි කීවේය.

මේ හිරිකිත කතා කියනා මේකා පිරිමියෙක් ද  මෙවන් පිළිකුල්  සහගත තත්ත්වයකට කවදාවත් මූණ දී නැති කෙල්ලට කඳුළු ආවේය.
 
තාරුකාට හොඳටම වැරදී තිබුණිඅසරණ වූ කෙල්ලන්ගේ කඳුළු යනු පිළිකුල් කතා කියනා, හිරිකිත වැඩ කරනා, අමනයන් ගේ අමුර්ත පානය බව ආ දැන සිටියේ නැත.

කඳුළු දුටු ජෙෂ්ට සිසුවා ලුණු ඇඹුල් දමමින් තාරුකා ගේ එම ශාරීරික ක්‍රියාකාරකම ඔහුට සිදු වූ දෙයක් මෙන් විස්තර කරන්නට පටන් ගත්තේය..

එම විශේෂ දින වලදී  අඳින පළඳින දේවල් ගැන ලුණු ඇඹුල් ඇතිව කියන්නට පටන් ගත්තේය. අහිංසක කෙල්ලට හෝ ගා ඇඩුනේය. දුකකින් නොවේ, ගෑනු ළමයකුට මේ පිළිකුල් කතා කියන්නට තරම් පහත් ජෙෂ්ටයා ගැන වූ කේන්තියෙනි.


චානක ගමගේ ගේ මුවින් නික්මෙන සරසවි සාහිත්‍යයයි සරසවි මැට්ටන් විසින් හඳුන්වනු ලබන කුණුහරුප අසා සිටීම දේවින්ද ට මහා පිළිකුලක් විය. චානක ගමගේ කෙල පෙරමින්, මහා හඬ නගමින්, දැරියන් ඉමහත් අපහසුවට ලක් වෙන අතිශය පොද්ගලික ශාරීරික ක්‍රියාකාරකම් ගැන ප්‍රශ්න නගනවා දේවින්ද බලා සිටියේ කනගාටුවෙනි. ලජ්ජාවෙන් රතු වූ  දැරියෝ භ්රාන්තියට පත්ව සිටී .


සතර වන කොටස : http://sarasavisamaga.blogspot.com/2014/05/4.html

2. දෙවන කොටස: අලුත් දවසක්….


පලමු කොටස : http://sarasavisamaga.blogspot.com/2014/05/1.html

දන්ත වෛද්‍ය සිසු සිසුවියන් හට පන්ති පැවතුනේ ද වෛද්‍ය පීටයේමය.

මිත්තා ශාලාවේ නවාතැන් ගෙන සිටි අනෙකුත් නවක දැරියන් සමග පෝලිමට කන්ද බැස ගලහා පර දිගේ වෛද්‍ය පීටයට තෙක් ඇවිදීම අලුත් ම අත්දැකීමකි.

අලුතෙන්  සරසවියට  පැමිණි  නැවඑනතුරු ජෙෂ්ට සිසුවන් දත කට මැදගෙන මග බලා සිටීමගදී දකින දකින ජේස්ට සිසුවන් ගෙන් අනේක ඇනුම් බැනුම් ඇසුවද  පින්නෙන් වැසී තිබූ මලින් බර සරසවි උයන මැදින් ගමන් කිරීම ට තාරුකා ආසා කළාය.

බැන්නට ඇඟේ ඇලෙන්නේ නැහැනේඇහෙන්නේ නැහැ  වගේ හිටියනම් ඉවරයිකෙල්ල තමාටම  කියා ගත්තාය.

වෛද්‍ය පීටයට ඇතුළු වූ  ඇය පළමුව දුටුවේ තමා වෙත දිව එන සිය ඥාති සොයුරිය වූ සඳුනියි.

සඳුනි, තාරුකා ගේ නෑනාය. එනම් ඇය ගේ මවගේ බාල සොහොයුරා  ගේ දියණියයි. මාමා පදිංචි වී  ඉන්නේ මහනුවරය. සඳුනි පාසල් ගියේ උසස් බාලිකා විද්‍යාලයටය. සඳුනිත් තාරුකාත් එක වයසේය. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් වෛද්‍ය පීට වරම් ලැබුවේ ප්‍රථම උත්සාහයෙන් මය.

මාමලා ගේ ගෙදර නැවතී සඳුනිත් සමග සරසවි එන්නයි අම්මා මහත් ආන්දෝලනයක් කළේය. එහෙත් මාමලාගේ ගෙදර සිට දිනපතා සරසවි එනු වෙනුවට තමාට නේවාසිකව සිට ඉගෙනගත යුතු බව තාරුකා මුල සිටම කීවාය. තාත්තා දියණිය ගේ කැමැත්තට ඉඩ දුන්නේය.

කොහොමද තාරු මිත්තා එක, හොඳට නිදා ගත්තද?සැපට රැග්  එක කෑවද?

මිත්තා එක හරිම හොඳයි, ඔයත් එන්න එහෙ නවතින්න සඳු..

කොහෙද මේ අම්මිලත් එක්ක, රැග් එකට බය වෙලානේ..

රැග් එක නැත්තෙත් නැහැ සඳු, ඔයා තාම දැක්කේ නැහැනේ, කෝකටත් පරිස්සමින්තාරුකා තම ඥාති සොයුරිය ගේ අතකින් අල්ලා ගත්තාය.
 
අසලින් ගිය ජෙෂ්ට සිසුවෙකු ගෝරනාඩුවක් දමන තෙක්ම තාරුකා සිටියේ සඳුනි හා ඇගේ පාසල් මිතුරියන් වූ තව ගෑනු ළමුන් හතර දෙනෙකු සමග ඊයේ මිත්තාවේ දී ලැබූ අත්දැකීම් විස්තර කරමිනි.

තාරුකාලා  ගේ පළමු දේශනය පැවැත්වුනේ කාය ව්‍යච්චේද විද්‍යාව සඳහාය. එය පැවැත්වූයේ ජෙෂ්ට ශල්‍ය වෛද්‍ය වරයෙකු විසිනි. කාය ව්‍යච්චේද විද්‍යාවේ ඉතිහාසයත්, වර්තමාන තත්වයත්, වෛද්‍ය සිසු සිසුවියන් වශයෙන් එය ප්‍රගුණ කල යුත්තේ මන්දැයි කරුණු කාරනා සහිතව කරන ලද එම දේශනය අසූ තාරුකා එවන් ශූර ගුරුවරුන් ගෙන් ඉගෙන ගන්නට වාසනාවක් ලැබීම ගැන මහත් සතුටට පත් වුවාය.

දේසනය අවසන් වන තුරුම ඉඳ හිට කුඩා සටහන් ලියාගනිමින් ඇය  ඉතා උනන්දුවෙන් ඇහුන්කම් දුන්නාය. පැයක් ගත වනවා දනුනේවත් නැත.
  
දෙවන දේශනය සඳහා කන්ද උඩ පිහිටි තවත් දේශන සාලාවක් වෙත දුවන්නට සියලු දෙනාට සිදු විය. එම දේසනය ජෛව රසායනය විෂය සඳහා විය. දේසනය පැවැත්වූ ගුරුවරයා පවසන කිසිම දෙයක් තාරුකාට තෙරුනේ නැත.

එම   කතිකාචාර්ය තුමා ආචාර්ය උපාදිය ලබා ගෙන තිබුනේ ජපානයෙන් බව දෙපාර්තමෙන්තු දැන්වීම් පුවරුවේ සදහන් කර තිබුනා ඇයට මතකය. මම මේ වැරදිලා ජපන් භාෂාව උගන්වන ලෙක්චර්  එකකට  ගිහිල්ල වත්දතාරුකාට හිනාය

දේසනය තේරුනේ නැතැයි කියා කතිකාචාර්ය තුමා සමග  තරහ ගන්නවාට වඩා, සිනාවී සිටීම ඇඟටත් හොඳය. සටහන පසුව නිවී සැනසිල්ලේ  පාඩම් පොතක් බලාගෙන සකස් කර ගත හැකි බව තාරුකා දන්නේය.

නවත්වීමකින් තොරව, බිම බලාගෙන එක දිගට පැයක් ම අන්ඩර දෙමල කියාගෙන කියාගෙන ගිය ගුරුවරයා දේසනය හමාර කර පිටව යන විට සියලු සිසු සිසුවියන් සිතුවේ එය ද රැග්එකේම කොටසක් වත් දෝ කියාය.

එතැන් පටන් එකොළහේ දේශනය තෙක් පැයක විවේකයකි.
ඇති මෙයින් බේරුනාකෙල්ල ඇඟ හිරි අරිමින් සිතුවාය.

විවේකයනවකයන් සමග ගත කරන්නට, ජෙෂ්ට සිසුවෝ රැලක් ම දේසන  සාලාව අසල  බලා සිටියහ.

තාරුකා, සඳුනී ඇතුළු දැරියන් හය දෙනා අසු වූයේ දරුණු පෙනුමක් ඇති  ජෙෂ්ටයෙකුට ය. ඔහු ඒ විටත් බියෙන් මුසපත් ව සිටි දැරියන් සය දෙනා ආපන සාලාවට රැගෙන ගියේය.

තාරුකා එම ජෙෂ්ට සිසුවාගේ කටින් පිටවූ පරුෂ වචන එයට පෙර කිසි  දා අසා තිබුනේ නැත.

මල් මෙන් ගෙදරම හැදී වැඩෙනා මේ කුඩා කෙල්ලෝ පරුෂ වචන දන්නේ නැත. පරුෂ වචනයෙන් තර්ජනය කරමින් ගෑනු ළමයින් ගේ තොරතුරු අසමින් ජෙෂ්ට සිසුවා ලබන්නේ අපමණ ආනන්දයකි.

හරි ලස්සනයිහරිම ලස්සනයිහැසිරීමේ  තෑග්ග දෙන්නයි වටින්නේකෙල්ලෝ ටිකකට චන්ඩි පාට දාන වීරයෙක්…. කෙල්ල ගේ යටි සිත කියයි

තර්ජන ගර්ජන හමුවේ දැරියන් කිහිප දෙනෙකුටම කඳුළු ආවාය. එවිට ජෙෂ්ටයා  තව තවත් උද්යෝග සම්පන්නව කුණුහරුප කියයි. ඔහු ගේ කියමන් කෙතෙක් තද පරුෂ වුවද ඒවා ගානකට නොගෙන සිටීමේ ශක්තියක් තාරුකාට විය.

අපි බය වෙයි ඕවටකෙල්ල ආඩම්බරයෙන් සිතයි
එවන් පහත් ලෙස පරුෂ වචන කියමින් විකාර කිරීම ගැන තාරුකාට එම ජෙෂ්ට සිසුවා ගැන ඇති වූයේ භයක් නොව මහත් අප්පිරියාවකි.
අනේ මෙහෙමත් කොල්ලෝතුන් ලෝකෙටම වැඩක් නැහැතාරුකා සිතුවේ සංවේගයෙනි.


තුන් වන කොටස :http://sarasavisamaga.blogspot.com/2014/05/3.html

Tuesday, May 6, 2014

 

 

1.  සරසවියට “නැව” ඇවිත්!

 
සරසවි බිමට හිරු රැස් වැටෙන්නට පටන් ගත්තා පමණි. ලා හිරු රැස් එබිකම් කලේ පේරාදෙණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයක් වූ සංගමිත්තා සාලාවේ ඉහල මාලේ වූ කාමරයක ටය. එහි සිටියේ පෙර දින සරසවියට ඇතුලත් වූ දැරියන් දෙදෙනෙකි
 
ඒ වෙන විටත් තාරුකා අවදි වෙලාය. චතු නම් සිටියේ අඩ නින්දේය
 
තරකා දන්ත වෛද්‍ය පීටයේ නවක ශිෂ්යාවකි. “චතු,” තාරුකා ගේ පාසල් මිතුරියකි. ඇය උසස් පෙලට කලේ ඉංග්‍රීසි සාහිත්‍යයි. පේරාදෙණිය කලා පීටයෙන් ඉංග්‍රීසි සාහිත්‍යය සඳහා උපාදියක් දිනාගැනීම චතු ගේ අරමුණ විය. එපමනක් නොවේ. සරසවි ජීවිතය හරි විදියට ගත කල යුතු යයි කියමින් තාරුකා මෙන්ම සරසවිය තුලම නේවාසිකව සිටීමට අදිෂ්ටාන කර ගෙන සිටියාය. පාසල් මිතුරියෝ දෙදෙනා එකම කාමරයක නවාතැන් ලබාගත්තේ එහෙයිනි.
 
පවු .. චතු තාම නිදිතාරුකා සිතිනි..
 
ඉංග්‍රීසි සාහිත්‍යය සහ යුරෝපීය භාෂා හදාරන කෙල්ලන්ට තාරුකාට මෙන් මුළු දවස පුරා වැඩ නැත. චතුට තව දවල් වී පීටයට යන්නට හැකිය.
 
ඇඳ ලගම වූ ජනේලය ඇරී තාරුකා එක්වරම කාමරයට වන් සීත සුලගින් තිගැස්සුනාය. උදෑසන කොළඹට  වඩා මහ නුවර කොහොමටත්  සීතලය. එහෙත් ඇයට ජනේලය  වසන්නට  හිත  දෙන්නේ  නැත.
 
ජනේලයෙන් එපිට ඈ දුටුවේ ඈතින් පෙනෙනා බාගෙට වලාකුළු වලින් වැසී ගිය හන්තාන  කන්දය. හන්තාන කඳු පන්තිය උඩබැලි අතට නිදා ගෙන සිටිනා යෝධයෙකු සිහියට නංවන  බව තාරුකාට කීවේ තාත්තාය. තාත්තා පෙරාදෙනි සරසවියේ විද්යා පීට ආදි සිසුවෙකි. මිත්තාවේ උඩුමහලට පෙනෙන්නේ යෝධයාගේ කොටසක් පමණකි.
 
මීදුම් ගලා කන්දේඉවසන්න බැහැ  සීතේ….. කෙල්ලට මිමිනිනි.
 
තාරුකා ගේ නිවස පිහිටා තිබෙන්නේ නාවලය. ඇය පාසල් ගියේ කොළඹ ඉහලම බාලිකා විද්‍යාලයකටය. පියා බහු ජාතික සමාගමක අද්යක්ෂක වරයෙකි. කොතෙක් සැප සම්පත් තිබුනද කෙල්ල ඉගෙනීම අත හැරියේ නැත. පළමු උත්සාහයෙන්ම ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වී දන්ත වෛද්‍ය පීට ප්‍රවේශය ලැබුවාය. නැවත උසස් පෙළ කරන්නට ඇය කැමති වුයේ නැත. මහනුවර වෙසෙන තම සොහොයුරා ගේ නිවසේ නැවතී සරසවි යන ලෙස තාරුකා ගේ අම්මා ඇයට බල කළේය. තාරුකා අකමැති වූවාය. ඇයට ඔනෑ වූයේ, පේරාදෙණි සරසවියේ නේවාසිකව ඉගෙන ගැනීමටය. පේරාදෙනි සරසවියේම නේවාසිකව සිට ශිල්ප හදාළ  තාත්තා කෙල්ලගේ කැමැත්තට ඉඩ දුන්නේය.
 
අද පටන්ගන්නේ තාරුකාගේ ජීවිතයේ අලුත් පිටුවකි. දන්ත වෛද්‍යවරියක් වීමේ දිගු ගමනේ මුල් පියවර තබන්නේ අදයඑවැනි සුභ දවසක පළමුවෙන්ම මෙවන් රමණීය දර්ශනයක් දැකීමට ලැබීම ඇගේ සිතට සතුටක් ගෙන ආවේය.
 
නිදන ඇඳුමට උඩින්, හවුස් කෝට් එකක් දමා ගත ඇය කාමර පේලිය කොනේ පිහිටි නාන කාමරය වෙත හෙමින් හෙමින්  පියමැන්නේ ජෙෂ්ට ශිෂ්‍යාවන් අවදි වේ යන සැකයනි..
 
ඊයේ සවස අම්මා සහ තාත්තා නික්මගිය පසු, තම කාමරයට පැමිණි මිත්තා ශාලාවේ ජෙෂ්ට සිසුවියන් තර්ජන ගර්ජන කරමින් කල කී දෑ දේ තාරුකා ට හොඳහැටි මතකය. කිසිම ජෙෂ්ට ශිෂ්‍ය ශිෂ්‍යාවකට නම කියා කතා කිරීම තහනම් ය. ඇමතිය යුත්තේ ජෙෂ්ට උත්තමයා හෝ  ජෙෂ්ට උත්තමී කියාය. ගරු කල යුතුය. ප්‍රශ්නයක් අසූ කල පමණක් කට අරිය යුතුය. කෙටි පිළිතුරු දිය යුතුය. සිනා සීම තහනම්ය. ලස්සන ඇඳුම් ඇඳීම හෝ රබර් සෙරෙප්පු හැර වටිනා  පාවහන් පැළඳීම ද තහනම් ය. එකී මෙකී නොකී දහසක් නීතිය.
 
තාරුකාට එම තානාන්තර, ගරු නම්බු දීම හෝ යටහත් පහත් ලෙස සිටීම සිටීම ගණනක් නැත. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ සිනා නොසිටීමයතාරුකාට සිනා නොවී සිටීම අපහසු කාරණයකිඑහෙත් ඔව්වත් දේවල්ද කියා කෙල්ලට සිතුනේය. පෙනුමට කුඩාවට සිටියද අයගේ සිත ගොඩාක් හයියය
 
 
 
අයිස් වගේ සීතල වතුරෙන් ඇඟ සෝදාගෙන නැවත පැමිණෙද්දී ඊයේ නොදැක්ක ජෙෂ්ට උත්තමියක් නාන කාමරය දෙසට පැමිණෙනවා දුටු තාරුකා පසෙකට වී, සුභ උදෑසනක් වේවා ජෙෂ්ට උත්තමිය, යි සුභ පැතුවාය.
 
නංගි ගේ නම මොකද්ද?
 
සාමාන්‍යයෙන් ජෙෂ්ට ශිෂ්‍යාවන් නවක ශිෂ්‍යාවන් අමතන්නේ කුණු ප්‍රෙශීකියා බව තාරුකා ඊයේ ඉගෙන ගත්තේය. එහෙත් මේ ජෙෂ්ට උත්තමිය තමාට නංගි කියා අමතයි.
 
මට තවම නමක් ලැබී නැහැ  ජෙෂ්ට උත්තමිය.. දැරිය පිළිතුරු දුන්නේ පුදුමයෙනි
 
සරසවියේ, නම් තැබීම තද බල වැඩකි. නැකතට සිද්ද වන දෙයකිසාමාන්‍යයෙන් එය කරන්නේ ජෙෂ්ට සිසුවෙකි, නම් තැබෙනකම් තවම නමක් ලැබී නැහැ කියා පැවසිය යුතුය.
 
නංගි, මට ජෙෂ්ට උත්තමිය කියන්න එපා, මගේ නම මනෝජා, ඔයාගේ ඇත්ත නම කියන්න..
 
තාරුකා, ඇයට සෙමින් කියැවිණි…,
 
උදෑසනම හමු වූ ජෙෂ්ට ශිෂ්‍යාව ගේ කරුණාවන්තකම නිසා ම ඇගේ දෙනෙත් තෙත් වෙයි. ගහනවා බනිනවා වැනි දේ තාරුකා ට ඉවසන්නට පුළුවන. අවශ්‍ය නම් ගැහුවොත් ගහන්නට උවත් කෙල්ල සූදානම්ය. ඉවසීමට නොහැක්කේ කෙනෙකු විසින් ප්‍රතිඋපකාරයක් ලෙස  නැවත කිසි දෙයක් බලාපොරොත්තු නොවී  දක්වන දයාවය, කරුණාවය.
 
කෙල්ල ගේ ඇස් පුදුමයට පත් වනවාත් ඊට පසු කඳුලින් තෙත් වනවාත්  මනෝජා දුටුවාය.
 
දිලිසෙන ඇස් දෙකක්, මනෝජා ට සිතිනි.
 
නංගී, මම ඉන්නේ මේ කාමරේ, ඔයාට මොනවා හරි උදව්වුවක් අවශ්‍ය වුනොත්, ඕනා වෙලාවක මගේ කාමරේට එන්න …..මදක් දුරින් පිහිටි තම කාමරය පෙන්වා මනෝජා නාන කාමරය වෙත නික්ම ගියාය.
 
උණු උණුවෙන් යමක් උගුරේ හිර වූවා වැනි හැගීමක් තාරුකාට දැනිණි. වැලහින්නියන් මෙන් සැම විටම ඇඟට කඩා පනින්නට බලා සිටිනා  ජෙෂ්ට උත්තමියන් අතර මනෝජා වැනි කරුණාවන්ත යුවතියන් ද වීම තාරුකාට අදහාගත නොහැකි සතුටකි. මනෝජා ගේ කාරුණික වදන් පිළිගත් බව හිස වනා පෙන්වමින්, තාරුකා ඇගේ කාමරයට ගියේ ඉක්මනින් හැඳ පැළඳ අධ්‍යාපන කටයුතු වලට පිටත් වී යාමටය.