සොඳුරු පේරාදෙනි සරසවියට පෑයූ තාරකාවක අන්දරය කොටස් වශයෙන් පල වන නව කතාවක් ලෙසින්...

https://www.facebook.com/sarasavisamaga

Friday, May 30, 2014

2. දෙවන කොටස: අලුත් දවසක්….


පලමු කොටස : http://sarasavisamaga.blogspot.com/2014/05/1.html

දන්ත වෛද්‍ය සිසු සිසුවියන් හට පන්ති පැවතුනේ ද වෛද්‍ය පීටයේමය.

මිත්තා ශාලාවේ නවාතැන් ගෙන සිටි අනෙකුත් නවක දැරියන් සමග පෝලිමට කන්ද බැස ගලහා පර දිගේ වෛද්‍ය පීටයට තෙක් ඇවිදීම අලුත් ම අත්දැකීමකි.

අලුතෙන්  සරසවියට  පැමිණි  නැවඑනතුරු ජෙෂ්ට සිසුවන් දත කට මැදගෙන මග බලා සිටීමගදී දකින දකින ජේස්ට සිසුවන් ගෙන් අනේක ඇනුම් බැනුම් ඇසුවද  පින්නෙන් වැසී තිබූ මලින් බර සරසවි උයන මැදින් ගමන් කිරීම ට තාරුකා ආසා කළාය.

බැන්නට ඇඟේ ඇලෙන්නේ නැහැනේඇහෙන්නේ නැහැ  වගේ හිටියනම් ඉවරයිකෙල්ල තමාටම  කියා ගත්තාය.

වෛද්‍ය පීටයට ඇතුළු වූ  ඇය පළමුව දුටුවේ තමා වෙත දිව එන සිය ඥාති සොයුරිය වූ සඳුනියි.

සඳුනි, තාරුකා ගේ නෑනාය. එනම් ඇය ගේ මවගේ බාල සොහොයුරා  ගේ දියණියයි. මාමා පදිංචි වී  ඉන්නේ මහනුවරය. සඳුනි පාසල් ගියේ උසස් බාලිකා විද්‍යාලයටය. සඳුනිත් තාරුකාත් එක වයසේය. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් වෛද්‍ය පීට වරම් ලැබුවේ ප්‍රථම උත්සාහයෙන් මය.

මාමලා ගේ ගෙදර නැවතී සඳුනිත් සමග සරසවි එන්නයි අම්මා මහත් ආන්දෝලනයක් කළේය. එහෙත් මාමලාගේ ගෙදර සිට දිනපතා සරසවි එනු වෙනුවට තමාට නේවාසිකව සිට ඉගෙනගත යුතු බව තාරුකා මුල සිටම කීවාය. තාත්තා දියණිය ගේ කැමැත්තට ඉඩ දුන්නේය.

කොහොමද තාරු මිත්තා එක, හොඳට නිදා ගත්තද?සැපට රැග්  එක කෑවද?

මිත්තා එක හරිම හොඳයි, ඔයත් එන්න එහෙ නවතින්න සඳු..

කොහෙද මේ අම්මිලත් එක්ක, රැග් එකට බය වෙලානේ..

රැග් එක නැත්තෙත් නැහැ සඳු, ඔයා තාම දැක්කේ නැහැනේ, කෝකටත් පරිස්සමින්තාරුකා තම ඥාති සොයුරිය ගේ අතකින් අල්ලා ගත්තාය.
 
අසලින් ගිය ජෙෂ්ට සිසුවෙකු ගෝරනාඩුවක් දමන තෙක්ම තාරුකා සිටියේ සඳුනි හා ඇගේ පාසල් මිතුරියන් වූ තව ගෑනු ළමුන් හතර දෙනෙකු සමග ඊයේ මිත්තාවේ දී ලැබූ අත්දැකීම් විස්තර කරමිනි.

තාරුකාලා  ගේ පළමු දේශනය පැවැත්වුනේ කාය ව්‍යච්චේද විද්‍යාව සඳහාය. එය පැවැත්වූයේ ජෙෂ්ට ශල්‍ය වෛද්‍ය වරයෙකු විසිනි. කාය ව්‍යච්චේද විද්‍යාවේ ඉතිහාසයත්, වර්තමාන තත්වයත්, වෛද්‍ය සිසු සිසුවියන් වශයෙන් එය ප්‍රගුණ කල යුත්තේ මන්දැයි කරුණු කාරනා සහිතව කරන ලද එම දේශනය අසූ තාරුකා එවන් ශූර ගුරුවරුන් ගෙන් ඉගෙන ගන්නට වාසනාවක් ලැබීම ගැන මහත් සතුටට පත් වුවාය.

දේසනය අවසන් වන තුරුම ඉඳ හිට කුඩා සටහන් ලියාගනිමින් ඇය  ඉතා උනන්දුවෙන් ඇහුන්කම් දුන්නාය. පැයක් ගත වනවා දනුනේවත් නැත.
  
දෙවන දේශනය සඳහා කන්ද උඩ පිහිටි තවත් දේශන සාලාවක් වෙත දුවන්නට සියලු දෙනාට සිදු විය. එම දේසනය ජෛව රසායනය විෂය සඳහා විය. දේසනය පැවැත්වූ ගුරුවරයා පවසන කිසිම දෙයක් තාරුකාට තෙරුනේ නැත.

එම   කතිකාචාර්ය තුමා ආචාර්ය උපාදිය ලබා ගෙන තිබුනේ ජපානයෙන් බව දෙපාර්තමෙන්තු දැන්වීම් පුවරුවේ සදහන් කර තිබුනා ඇයට මතකය. මම මේ වැරදිලා ජපන් භාෂාව උගන්වන ලෙක්චර්  එකකට  ගිහිල්ල වත්දතාරුකාට හිනාය

දේසනය තේරුනේ නැතැයි කියා කතිකාචාර්ය තුමා සමග  තරහ ගන්නවාට වඩා, සිනාවී සිටීම ඇඟටත් හොඳය. සටහන පසුව නිවී සැනසිල්ලේ  පාඩම් පොතක් බලාගෙන සකස් කර ගත හැකි බව තාරුකා දන්නේය.

නවත්වීමකින් තොරව, බිම බලාගෙන එක දිගට පැයක් ම අන්ඩර දෙමල කියාගෙන කියාගෙන ගිය ගුරුවරයා දේසනය හමාර කර පිටව යන විට සියලු සිසු සිසුවියන් සිතුවේ එය ද රැග්එකේම කොටසක් වත් දෝ කියාය.

එතැන් පටන් එකොළහේ දේශනය තෙක් පැයක විවේකයකි.
ඇති මෙයින් බේරුනාකෙල්ල ඇඟ හිරි අරිමින් සිතුවාය.

විවේකයනවකයන් සමග ගත කරන්නට, ජෙෂ්ට සිසුවෝ රැලක් ම දේසන  සාලාව අසල  බලා සිටියහ.

තාරුකා, සඳුනී ඇතුළු දැරියන් හය දෙනා අසු වූයේ දරුණු පෙනුමක් ඇති  ජෙෂ්ටයෙකුට ය. ඔහු ඒ විටත් බියෙන් මුසපත් ව සිටි දැරියන් සය දෙනා ආපන සාලාවට රැගෙන ගියේය.

තාරුකා එම ජෙෂ්ට සිසුවාගේ කටින් පිටවූ පරුෂ වචන එයට පෙර කිසි  දා අසා තිබුනේ නැත.

මල් මෙන් ගෙදරම හැදී වැඩෙනා මේ කුඩා කෙල්ලෝ පරුෂ වචන දන්නේ නැත. පරුෂ වචනයෙන් තර්ජනය කරමින් ගෑනු ළමයින් ගේ තොරතුරු අසමින් ජෙෂ්ට සිසුවා ලබන්නේ අපමණ ආනන්දයකි.

හරි ලස්සනයිහරිම ලස්සනයිහැසිරීමේ  තෑග්ග දෙන්නයි වටින්නේකෙල්ලෝ ටිකකට චන්ඩි පාට දාන වීරයෙක්…. කෙල්ල ගේ යටි සිත කියයි

තර්ජන ගර්ජන හමුවේ දැරියන් කිහිප දෙනෙකුටම කඳුළු ආවාය. එවිට ජෙෂ්ටයා  තව තවත් උද්යෝග සම්පන්නව කුණුහරුප කියයි. ඔහු ගේ කියමන් කෙතෙක් තද පරුෂ වුවද ඒවා ගානකට නොගෙන සිටීමේ ශක්තියක් තාරුකාට විය.

අපි බය වෙයි ඕවටකෙල්ල ආඩම්බරයෙන් සිතයි
එවන් පහත් ලෙස පරුෂ වචන කියමින් විකාර කිරීම ගැන තාරුකාට එම ජෙෂ්ට සිසුවා ගැන ඇති වූයේ භයක් නොව මහත් අප්පිරියාවකි.
අනේ මෙහෙමත් කොල්ලෝතුන් ලෝකෙටම වැඩක් නැහැතාරුකා සිතුවේ සංවේගයෙනි.


තුන් වන කොටස :http://sarasavisamaga.blogspot.com/2014/05/3.html

4 comments:

  1. හැටි නොවැ...
    එක එකාට එක එක ජාතියෙ මානසික ව්‍යාධි නෙව තියෙන්නෙ... ලෝක ස්වභාවය කියල අමතක කරල දාන එකයි හොදම දේ..
    ඒක නෙමේ මොකද මේ යලට මහට පෝස්ට් දාන්නෙ...
    සතියට එකක් වත් දාන්න
    නැත්තං කලිං කොටස අමතක වෙනව

    ReplyDelete
    Replies
    1. ෆලෝවර්ස් ගැජට් එක උඩට ගත්ත නං හොද නැද්ද... මාත් ඒක දැං දැක්කෙ...
      ගිය සතියෙ ලිංක් එකෙං පලෝ කලේ එතකොටත් තිබ්බද දන්නෙ නෑ

      Delete
    2. ඔන්න තව කොටසක් දැම්මා.

      Delete
  2. මෙච්චර ආදරේ කරන සරසවියෙ සිදුවෙන මේ වගේ නවක වද ක්‍රියාවලිය නිසා මහ පුදුම කළකිරීමක් දැනෙන්නෙ. දෙවන කොටසත් කියෙව්වා.

    ReplyDelete