සොඳුරු පේරාදෙනි සරසවියට පෑයූ තාරකාවක අන්දරය කොටස් වශයෙන් පල වන නව කතාවක් ලෙසින්...

https://www.facebook.com/sarasavisamaga

Friday, May 30, 2014

3. තෙවන කොටස: වදකයන් අතර…..



දෙවන කොටස : http://sarasavisamaga.blogspot.com/2014/05/2.html


දිවා ආහාරය සඳහා  සිසු සිසුවියන් සෙමෙන් සෙමෙන් කැන්ටින් කන්ද නැග වෛද්‍ය පීට ආපන ශාලාව වෙත පැමිණෙමින් තිබුණි. ඔවුන් කන්ද නගින්නේ බිම බලාගෙනය, සන්සුන් ගමනිනි, කෑ කෝ හඬ නැත

නවකයන් ලෙස සරසවි පැමිණි පළමු දිනයේ කවුරුත් හැසිරෙන්නේ එසේය. භය සහ චකිතය ඔවුන් ගේ මුහුණේ ඇදී තිබේ. නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සරසවි ජීවිතයේ  පළමු දිවා ආහාර විවේකය මෙයයි. අද සිට උදේ වරුවේ දේශනාත් දිවා අහරින් පසු එළඹෙන ප්‍රායෝගික පන්තිත් ඔවුන්ගේ දිනචරියාව වන්නේය.

තුන් වන වසරේ දන්ත වෛද්‍ය සිසුවෙකු වූ  දේවින්ද  සිටියේ කෑම කවුන්ටර වලට ඔබ්බෙන් තිබෙනා දැල් බිත්තියට හේත්තු කර තිබුණු ඇඳි පුටුවක වාඩි වී ගෙන ය. තෙවන වසර දෙවන වාර අවසාන විභාගය අත ළඟය. දේවින්ද කැන්ටිමට පැමිණ සිටියේ පාඩම් කිරීමටය.

හීන් සබ්දයක් වත් නැති පුස්තකාලයට වඩාසිසුන් එහෙ මෙහෙ දඟලන, ගුවන් විදුලිය සැමවිටම නද දෙන කැන්ටිමේ හිඳ පාඩම් කිරීමට දේවින්ද කැමතිය. කම්මලේ බල්ලාට හෙන සද්දේ ගානක් නැත්තාක් මෙන්, දේවින්දට ද සද්ද බද්ද මද පාඩම් කිරීම පුරුදුය. එකම ප්‍රශ්නය වන්නේ, ඉඳ හිට කැන්ටිමට ගොඩ වන මිතුරු මිතුරියෝ පොඩි පොඩි කතා බහට සෙට් වීමයදෙවින්දට මිතුරු මිතුරියන් බොහෝ දෙනෙකු වූ නිසා බාධා කිරීම් ද වැඩිය .

කෑම ගැනීමට තරම් කුසගින්නක් නොවූ හෙයින් කහට කෝප්පයක් බොන්නට සිතු දේවින්ද කලින් මුදල් ගෙවා අරගෙන තිබූ ටෝකන් කෑල්ල කැන්ටිමේ තේ හදන මල්ලීට දී කහට කෝප්පයක් ලබා ගෙන නැවත ඇඳි පුටුවට පැමිණියේ ඇඟ හිරි අරිමිනි.


පළමු වසරේදී වෛද්‍ය, දන්ත වෛද්‍ය සහ පශු වෛද්‍ය පීට වලට අයත් සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්හට කාටත් පොදු දේශනා සඳහා  උදය වරුවේද පීට  අනුව  වෙන්  වූ  ප්‍රායෝගික  ක්‍රියාකාරකම් සඳහා සවස් වරුවේද සහබාගී වීම අනිවාර්ය වන්නේය.

ඔවුන් දහවල් ආහාරය සදහා ලැබෙන කෙටි විවේකයේදී කැන්ටිම වෙත පැමිණියේද එකටමය. ඊයේ සවස සරසවි බිම පා තැබූ කොලු කෙලි රෑන බීත වී බිම බලාගෙනම පෝලිමේ යමින් සිටියේ ය.


ආයේ මොනවාද, දැන් ඉතින් උන්දැලාට කඳ හරහා හම්බුවෙයිදේවින්දට මේ කොල්ලන් කෙල්ලන් ටික ගැන දුකය.

වසර කීපයකට පෙර නවක සිසුවෙක් ලෙසින් මෙම ආපන ශාලාවේ දීම විඳි වධ වේදනා දේවින්ද ගේ සිහියට නැගුනේය. කවුරුන් කෙසේ කීවත් නවක වධය යනු රෞද්‍ර සහ ම්ලේච්ච මානසික රෝගීන් සමූහයක් විසින් සරසවිය තුල සිදු කරන වෛර පිරිමැහිල්ලකි.

තමන්ට වඩා යමක් කමක් තියෙන, තමන්ට වඩා හොද පාසලකට ගිය, තමන්ට වඩා රූ ලස්සන ඇති, තමන්ට වඩා හොඳින් අධ්‍යාපන කටයුතු වල  යෙදෙන  සිසු සිසුවියන් ගැන උපන් නොනිමෙන ඊර්ශ්යාවෙන් වියරු වැටී ඔවුන් හට   වධ හිංසා කරන්න පාවිච්චි කරනා පහත් ක්‍රියාදාමයකි.


නවක ශිෂ්‍යයෙකුව සිටියදී අන්තිම දරුණු ලෙස නවක වධයට භාජනය වී සිටි දේවින්ද ට ඔහු ඉදිරිපිට දිග හැරීමට යන මේ අසුන්දර අසබ්ය දර්ශනය මහා ඉසරදයකි, මානසික වධයකි. දහසක් බලාපොරොත්තු හදේ පොදි බැඳගෙන සරසවි ආ මේ කොල්ලන්ට කෙල්ලන්ට මෙසේ වද දෙන්නේ මොන හිතකින් ද? මෙවුන් කල වරද කුමක් ද?


*****

දවල් කෑම විවේකයේ දී තාරුකා, සඳුනි සහ මිතුරියෝ  නැවත කැන්ටින් කන්ද නැග්ගහ. සඳුනි තාරුකාටත් සමග කෑම පාර්සලයක් ගෙදරින් ගෙනවිත් තිබුණි.

වටපිට බලමින් දැරියන් සය දෙනා දේවින්ද ළඟ තිබූ රවුම් මේසය වෙත ආවේ අඩමානයට අඩිය තබමිනි. මෙතෙක් වෙලා පාඩමේ යෙදී අපහසුවට ලක් වූ ඇඟ හිරි අරිමින් දේවින්ද බලා සිටියේ ඔහු ගේ ඇඳි පුටුවට එහායින් තුබුණු රවුම් මේසය වටා ඉඳගත් කෙලි පොඩිත්තියන් රැල දෙසය.

ලස්සන ගැහැණු ළමයි ටිකක්… ඔහුට සිතුනේය.

අනෙක් සිසු සිසුවියන් මෙන් ඔවුන් කෑම මිල දී  ගැනීමට පෝලිමේ සිටියේ නැත.

තම නිවසේ සිට පැමිණෙන සිසු සිසුවියන්ට කෑම මිලදී ගන්නට කැන්ටින් පෝලිමේ සිටිය යුතු නොවේ. මේ මහනුවර නගරයේ පාසල් වලින් සරසවි පිවිසුම් ලද බොහෝවිට තමන් ගේම නිවසේ සිට දිනපතා සරසවියට පැමිණෙන, පිළිවෙලකට අඳින පළඳින, ඉංග්‍රීසි කතා කිරීමට හැකි සාමාන්‍යයෙන් අනිකුත් පළාත් වලින් පැමිණෙන උදවියට වඩා ඔප මට්ටම්වූ ගැහැණු ළමයින් . සරසවි ව්‍යවහාරයෙන්ම කියනවා නම් නුවර කඩේකට්ටියකි.


කණ්ඩායමේ අනෙකුත් සිසු සිසුවියන් මෙලෝ රහක් නැති, බොහෝවිට බල්ලන් උවත් පිළිකෙව් කරනා රස ගුණ සපිරි කැන්ටින් මුදලාලිගේ todays special වලින් කුස පුරවා ගන්නට පෝලිමේ සිටිද්දී, තමන්ගේ මවු උදෙන්ම අවදිවී, ආදරයෙන් පිස දෙන රසවත් කෑම අනුභවය සම්බන්දයෙන් පැන නැගි වරදකාරී චිත්තය නිසාදෝ නුවර දැරියන් ටික තම දවල් ආහාරය රස විඳිනා බවක් නම් දේවින්දට නොපෙනිණි.

ඒ වෙනුවට දිස්වූයේ සද්දයක් බද්දයක් නැතුව, වට පිට නොබලා, බිම බලාගෙන හැකි ඉක්මනින් කෑම කා අවසන් කිරීමට ගන්නා උත්සාහයකි.


අබග්යයකට මෙන් ඔවුන් ගේ වාසනාවගිලිහී ගිය හැඩය. …

ඉහල අහසේ කැරකි කැරකී කුඩා විහගුන් අල්ලා ගන්නා කුරුළු ගොයෙකු පරෙවි රෑනක් දෙසට පහත් වන්නා සේ, ගොදුරු සොයන්නෙකු නුවර කඩේ මේසය දෙස ඇදෙමින් සිටියේය. ඒ දේවින්ද ගේ ම කණ්ඩායමේ ම ශිෂ්‍යයෙකු වූ චානක ගමගේ නමැති ආලවකයාය!


සා මුව ගෝන ආදී සතුන් මරණ දඩයක්කරුවන් ගොදුරු පැමිණෙන තෙක් වනයේ වූ වතුර වලවල් ළඟ රැක සිටින්නේය. චානක ගමගේ සහ ඔහු වැනි අප්‍රමාන නවක වදකයන් ගේ ක්‍රමවේදය වූයේද ඊට සමාන උපක්‍රමයකි.

එනම් නවක සිසු සිසුවියන් කෑම ගැනීමට පෝලිමේ සිටිද්දී හෝ කෑම අනුභව කරත්දී දඩයම් කිරීමයි.

දේවින්ද ට අතකුත් වනාගෙනම චානක වෙනතක තිබූ පුටුවක් ඇදගෙනම නුවර කඩේ දැරියන් කෑම ගන්නා මේසයට ගොස් එහි විධායක බලයනිතරගයෙන්ම ලබා ගන්නවා දේවින්ද දුටුවේය.

නුවර කඩේ කෙලි පොඩිත්තියන් ගැන ඔහු ගේ සිතේ පහල වූයේ දුකකි. දැන් ඉතින් බබා හම්බ වෙන බව ඉර හඳ වගේ සිකුරුය.

දැරියෝ කොනක තිබූ ජාල කරාමයෙන් අත සෝදා ගෙන පැමිණ කෑම ගැනීමට පාර්සල විවෘත කළා පමණි. කොහෙන්දෝ සිට පැමිණි ජෙෂ්ට සිසුවෙකු පුටුවකුත් ඇද ගෙන මේසයට කඩා පාත් වූවා තාරුකා දුටුවාය.
මදැයි කොලා , අද කාලාත් ඉවරයි….. තාරුකාට සිතුනි.


හරි බරි ගා ඉඳගත් ජේස්ට සිසුවා තාරුකාලාට කටු කැවීම පටන් ගත්තේය. කටු කැවීම යනු  එක දැරියක ගේ බත් පතේ ඉතිරිවන මාළු කටු, කරපිංචා, කුරුඳු වැනි දෑ වෙනත් දැරියකට කන්නට කියා බල කිරීමය.

පාසලේදීපන්තියේ කෙල්ලන් සමග එක බත් පත බෙදා හදා ගෙන කා ඇති තාරුකාට එය ද එතරම් ගානක් නැත.


තාම ගොඩ, ඔහොම යං, ඔහොම යං, …..තාරුකා තමාටම කියා ගත්තාය.
 
තාරුකා කෑම ගන්නා මේසයට පැමිණ බලෙන්ම වාඩි වූ  ජෙෂ්ට සිසුවා නොනවත්වා කියවයි. කවි කියයි. ඒ මින් පෙර අසා නැති අමුතුම කුණුහරුප කවිය. තාරුකා ජෙෂ්ටයාගේ සාහිත්‍යයට සවන් දුන්නේ මහත් අප්පිරියාවෙනි. මේ වගේ ලෙඩ්ඩුත් දොස්තරලා වෙන්න ඉගෙන ගන්නවද… ?? තාරකා ට අදහා ගත නොහැකිය.


තාරුකා ගේ වාරය ආවේය. ජෙෂ්ට සිසුවා දිව එලියට දමා තොල් ලෙවකා අතිශය පෞද්ගලික ශාරීරික ක්‍රියාකාරකමක් විස්තර කරන්නයි කීවේය.

මේ හිරිකිත කතා කියනා මේකා පිරිමියෙක් ද  මෙවන් පිළිකුල්  සහගත තත්ත්වයකට කවදාවත් මූණ දී නැති කෙල්ලට කඳුළු ආවේය.
 
තාරුකාට හොඳටම වැරදී තිබුණිඅසරණ වූ කෙල්ලන්ගේ කඳුළු යනු පිළිකුල් කතා කියනා, හිරිකිත වැඩ කරනා, අමනයන් ගේ අමුර්ත පානය බව ආ දැන සිටියේ නැත.

කඳුළු දුටු ජෙෂ්ට සිසුවා ලුණු ඇඹුල් දමමින් තාරුකා ගේ එම ශාරීරික ක්‍රියාකාරකම ඔහුට සිදු වූ දෙයක් මෙන් විස්තර කරන්නට පටන් ගත්තේය..

එම විශේෂ දින වලදී  අඳින පළඳින දේවල් ගැන ලුණු ඇඹුල් ඇතිව කියන්නට පටන් ගත්තේය. අහිංසක කෙල්ලට හෝ ගා ඇඩුනේය. දුකකින් නොවේ, ගෑනු ළමයකුට මේ පිළිකුල් කතා කියන්නට තරම් පහත් ජෙෂ්ටයා ගැන වූ කේන්තියෙනි.


චානක ගමගේ ගේ මුවින් නික්මෙන සරසවි සාහිත්‍යයයි සරසවි මැට්ටන් විසින් හඳුන්වනු ලබන කුණුහරුප අසා සිටීම දේවින්ද ට මහා පිළිකුලක් විය. චානක ගමගේ කෙල පෙරමින්, මහා හඬ නගමින්, දැරියන් ඉමහත් අපහසුවට ලක් වෙන අතිශය පොද්ගලික ශාරීරික ක්‍රියාකාරකම් ගැන ප්‍රශ්න නගනවා දේවින්ද බලා සිටියේ කනගාටුවෙනි. ලජ්ජාවෙන් රතු වූ  දැරියෝ භ්රාන්තියට පත්ව සිටී .


සතර වන කොටස : http://sarasavisamaga.blogspot.com/2014/05/4.html

34 comments:

  1. සරසවියේ තියෙන ඇත්ත එකෙක්වත් කතා කරන්නේ නෑ.. ඒක ඒ දේ නිහඬව අනුමත කිරීමකද කියලා හිතෙනවා වෙලාවකට. මේ තරමින්වත් ඒ දේවල් ලියන් එක හොඳයි. හැබයි ආරම්බයේදීම පෝස්ට් දිග වැඩියි. අනික ඡේදයන් අතර හිස් පේලියක් තබන්න. සමහර ඡේද ළොකු වැඩියි.

    සුපැතුම්.. දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. ඔබේ යෝජනා සාදරයෙන් පිලිගනිමි.....තැන්කූ

      Delete
  2. සරසවියේ සුන්දරත්වය විතරක් පිටතට පෙන්නන ලෝකයක එහි ඇතුලාන්තය සහ එහි සැඟවුනු කුප්‍රකට කරුණු පිළිබඳ හොඳින් දැනගත් හැකි ඉතාම වටිනා අඩවියක්. පාර පෙන්නුවේ මාතලන්. නවක වදය ගැන කියවන්නම ඕනි.

    ලියාගෙන යමු. ඔබව ෆලෝ කරල බ්ලොග් රෝලටත් දාගත්ත.

    දිගු ගමනකට සුබ පතනවා!!

    ReplyDelete
    Replies
    1. අවාට ඉස්තුති...

      Delete
    2. ඔන්න දැනුයි ලිපි 3ම කියවල ඉවර වුනේ. නවක වදය කියන්නෙම විකෘති ලිංගික ආශාවල් තියෙන මානසික ලෙඩ්ඩු ටිකක් එකතුවෙලා කරන ඉතාම පහත් නින්දිත ක්‍රියාවක්. මේකට සාධාරණ හේතු විදියට මේ කාලකන්නි විවිධාකාර දේවල් ගෙනහැර පානව. නමුත් උන්ගේ සැබෑ පරමාර්ථය ඒ කියන දේවල් නෙවෙයි.

      ශිෂ්‍යන්ට සරසවි දිවියට සමුදෙන්න තරම් හිතෙනවානම්, ඔවුන්ට දිවි තොරකරගන්න තරම් හිතෙනවානම්, ඔවුන් අහිංසකව රැකගත් ලැජ්ජා බය, යහපත් ගති ගුණ, හැදියාව විනාස කරනවා නම්, මොකක්ද මේ නවක වදයෙ තියෙන ගත යුත්ත.

      දිගටම ලියාගෙන යමු.. ජයවේවා!

      Delete
    3. මනෝෂ්..........

      //ශිෂ්‍යන්ට සරසවි දිවියට සමුදෙන්න තරම් හිතෙනවානම්, ඔවුන්ට දිවි තොරකරගන්න තරම් හිතෙනවානම්//

      එහෙම නම් මනෝෂ් පාසලත් දරුවන්ට හොද තැනක් නෙමෙයි නේ... මොක ද පාසලේ ම එල්ලිලා මැරුණ ළමයි කීයක් ඉන්නව ද??? මෙතන තියෙන්නේ එහෙම දෙයක් නෙමෙයි. රැග් වෙන්න තරම් (මානසික රෝගීන් අතලොස්සක් කරන මෝඩ රැග් එක නෙමෙයි. සැබෑ රැග් එක) පෞරුෂයක් නැති, දරා ගැනීමේ ශක්තිය, පීඩනයක් යටතේ රැකී සිටීමේ හැකියාව නැති අයට නම් රැග් එක මහා වදයක්...

      අනික් පැත්තට දැන් දැන් රැග් එක සමාජය ඉදිරියේ එපා කරවන ආණ්ඩුවේ ඇමතිලා ඒ දවස් වල රැග් කරපු හැටි ඔබ දන්නවානම්... ඔවුන්ට දැන් තියෙන්නේ දේශපාලන ප්‍රශ්ණයක්. ජවිපෙ ට පසුබිම හැදෙන්නේ මේ කැම්පස් රැග් එකත් එක්ක. ඒ නිසා ඔවුන් දැන් රැග් එක නැති කරන්න හදන්නේ ජවිපෙ පාක්ෂිකයන් විදිහට තරුණයන් ඇතුලත් වීම වලක්වන්න. එතන තවත් බොහොමයක් දේශපාලනික කාරණා තියෙනවා. ඉතින් රැග් එකේ දරුණු කම පෙන්න පෙන්න ඒක සමාජය ඉදිරියේ බිහිසුනු දෙයක් කරනවා.

      අපේ අඩවියේ ඉන්න 10 දෙනාම හොදට රැග් වුණා. අපි රැග් එකට විරුද්ධ නෑ. හැබැයි අපි කවදාවත් කවුන්සිල් හෝ අන්තරේ සමග එකට හිටගත්තේ නෑ. ජවිපෙ දේශපාලනයට කඩේ ගියෙත් නෑ. ඒ නිසා අපි රැග් එකට විරුද්ධ නෑ. රැග් එක තුළ අපි නොදන්න බොහොමයක් කාරණා තියෙනවා. ඒ වයසේ තරුණ තරුණියන් නිදහසේ ජීවත් වෙන සමාජයක් තුළ මනාව රැකෙන්න අවශ්‍ය බොහොමයක් දේවල් ඒ තුළ තියනවා.. ඔවුන්ගේ ජීවිත ගොඩ නැගීමට අවශ්‍ය පදනම ඒ ඔස්සේ හදනවා.

      ඉතින් මානසික රෝගීන් දිහා බලලා රැග් එකට අනවශ්‍ය භයානක කමක් ආරූඩ කිරීමට අපි විරුද්ධයි. ඒ උපසංස්කෘතිය දේශපාලනික අවශ්‍යතාවයන් උඩ විනාශ කිරීමටත් අපි විරුද්ධයි...

      Delete
    4. ගී පවුර -
      මමත් රැග් වෙලා, ඊට පස්සේ රැග් නැති කැම්පස් එකක ඉගෙන ගත්ත කෙනෙක්. ඒ හින්ද රැග් ඇති, නැති වෙනසත් හොඳට තේරෙනවා. ඔබේ අදහසට එකඟයි. ඒ දවස් වල අල වෙන්න උත්සහ කරපු අයගේ දැන් ස්වභාවය බැලුවම තේරෙනවා- එයාලා හරියට මරන්න හදපු බ්‍රොයිලර් කුකුල්ලු වගේ කියල. මම රැග් එකට විරුද්ධ නැහැ. නමුත් සමහර පිස්සෝ හින්ද ඒකේ තියෙන බරසාර කම ගිලිහිලා ගිහිං සමාජගත වෙලා තියෙන්නේ දුඛාන්ත ටික විතරයි.

      Delete
    5. කුරුටු, මාත් කුරුටු කියන විදියෙ රැග්වලට එකඟයි. නමුත් වෙන උදාහරණ මොකුත් ඕනි නෑ. ඔය උඩින් කතාවෙ තියෙන විදියෙ රැග් එකක් ගෑණු ළමෙක්ට දෙන එක සාධාරණයිද? ඒව දිය යුතු රැග්ද? ඒකෙන් මතුවෙන ඔයාල කියන පෞර්ෂ්‍ය මොකක්ද?

      Delete
    6. මනෝශ්..... මෙ කතාවේම තව කොටස් කීපයක් ගියාම හිතාගන්න බැරි තරම් නින්දිත රැගක් ගැන කියවන්න පුලුවනි......

      Delete
    7. හිතාගන්න පුලුවන්. මෙහෙම ප්‍රසිද්ධියේ ලියන්න බැරිතරම් පහත් රැග් ගැන මාත් අහල තියෙනවා.

      Delete
    8. @ උපේක්ෂා...

      බොහොම ස්තූතියි ඔබේ අත්දැකීම් නොසගවා බෙදා ගත්තාට... අපි කතා කරන්නෙත් ඔබ කියන දේ ගැනම තමයි... රැග් නොවුණ අය එක්ක ඉද්දි තේරෙනවා රැග් වුණ එකෙයි නොවුණ එකෙයි වෙනස... හැමදේකම හොද නරක තියෙනවා තමයි.. ඒ නිසා මානසික රෝගීන් රැග් කරන අය අතරත් ඉන්නවා කියන එක අපි ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඒවාට පිළියම් තියෙන්න ඕනේ කියන එක අපි ප්‍රතික්ෂේප කරන්නේත් නෑ..

      ඒත් රැග් එක කියන්නේ (වෛරී කෝණයකින් නොබැලුවා ම) පරම්පරා ගානක් විශ්ව විද්‍යාල තුළ රැකගෙන ආපු උප සංස්කෘතියක ආරම්භක පියවර... ඒ තුළ මුලින් ම පුද්ගලයන් දැඩි පීඩනයකට ලක් කරනවා. ඒ තුළින් පීඩනයක් තුළ නොවැටී ජීවත් වීමට ඔවුන් හුරුකරවනවා.... ඉන්පසු ව ඔවුන් වැරදි වලට එරෙහිව නැගී සිටීමට හැකි පෞරුෂයක් දක්වා ගොඩනගනවා....

      නමුත් මේ තුළ ඇති සුළුතරයක් වූ වැරදි අල්ලගෙන සමාජයට ඒක කාවද්දලා දැන් දැන් දේශපාලනික උවමනා වෙනුවෙන් මේ උපසංස්කෘතිය විනාශ කරලා ඉවරයි... මේක එක අතකින් අපරාධයක්.............

      Delete
    9. //ඒත් රැග් එක කියන්නේ (වෛරී කෝණයකින් නොබැලුවා ම) පරම්පරා ගානක් විශ්ව විද්‍යාල තුළ රැකගෙන ආපු උප සංස්කෘතියක ආරම්භක පියවර... ඒ තුළ මුලින් ම පුද්ගලයන් දැඩි පීඩනයකට ලක් කරනවා. ඒ තුළින් පීඩනයක් තුළ නොවැටී ජීවත් වීමට ඔවුන් හුරුකරවනවා.... ඉන්පසු ව ඔවුන් වැරදි වලට එරෙහිව නැගී සිටීමට හැකි පෞරුෂයක් දක්වා ගොඩනගනවා.//

      දුපත් මානසිකත්වයට උදාහරනයකට ගත හැක!!!

      //පරම්පරා ගානක් විශ්ව විද්‍යාල තුළ රැකගෙන ආපු උප සංස්කෘතියක ආරම්භක පියවර//

      ගෝත්‍ර වාදයට අගනා උදාහරනයකට ගත හැක.!!

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. @ Boo Pale :
      ඔබ හරි...
      ඔය කියන තරම් පරම්පරා ගනනාවක් අපේ රටේ සරසවි අද්යාපනය තිබුනෙ නැහැ.... අන්න පිරිවෙන් අද්යාපනය නම් රජ කලෙ පටන් පැවත එනවා කියල කියන්න පුලුවනි...
      අනික රැග් එක කියන්නෙ පොඋර්ශත්ව වර්දනය කරන ක්‍රමවෙදයක් නොවෙයි... තනිකරම අමානුශික වද හින්සා කිරිල්ලක්...
      සරසවි සිසුවෙක් විදියට වසර අටක් (ජෙප්පන් ට පින් සිදු වන්න) සහ ආචාර්ය මන්ඩල සාමජිකයෙක් විදියට ( සහය කතිකාචාර්ය, කතිකාචාර්ය සහ ජෙශ්ට කතිකාචාර්ය ලෙස) වසර දොලහක් විතර සේවය කල මා ඔය කියනා වදකයන් ගැන හොඳින්ම දන්නවා.... ඔනේ නම් තව විස්තර ගොඩාක් දෙන්න පුලුවනි....

      Delete
    12. thanks Sa rasa

      @කුරුටු ගෑ ගී පවුර again

      //දැන් දැන් දේශපාලනික උවමනා වෙනුවෙන් මේ උපසංස්කෘතිය විනාශ කරලා ඉවරයි... මේක එක අතකින් අපරාධයක්.............//

      සන්ස්කෘතියන් විනාශ කරනා උප සන්ස්කෘතියේ සමාජීය අවශ‍ය තාවය පැහදිලි කරදෙන්න පුලුවන්ද.

      Delete
    13. @කුරුටු ගෑ ගී පවුර
      as a homework..

      ඔබ ඔය දක්වලා තියන මතයෙහි ඇති මහප්‍රාන වචන වෙනුවට, සරල පාරභාශිත වචන යොදල, නැවත කියවල බලන්න.
      කිසි වැදගත් තෙරුමක් නැති කතාවක් කියල ඔබටම තේරෙයි.

      ඇයි මට හැම වෙලාවෙම හිතෙන්නෙ, ලන්කාවෙ පාසල් ලමයින්ට වියාකරන, උපමා, රූපක, ගැටපද එක්ක හොන්ද සින්හල ඉගැන්නුවනම්,ඔය ජෙප්පන්ගෙ තෙලට අහුවෙන උන් 1% දක්වා අඩු කර ගන්න තිබ්බ කියලා.

      මට ලස්සනට ඉන්ගිරිසි කතා කොරන්න බැරි කාලේ මන් හිතන් හිටියේ.. ඩයලොග් කස්ටමර් සර්විස් එකේ ඉන්න අක්කලට මාරෙට කඩ්ඩ පුලුවන්, එයාල ගොඩක් දේවල් දන්නවා කියල.

      Delete
  3. දිගටම ලියන්න ආරාධනා ඔබට......
    වැල් වටාරම් කෙටි කරන්න බලන්න,,,,,

    ReplyDelete
    Replies
    1. ඔබේ යොජනා වලට සහ මෙහි ආවට ඉස්තුති... "තෙල" අඩු කරන්න අමාරුයි මහත්තයා....

      Delete
  4. සරසවියේ සුන්දරත්වය වගේම දුක කදුළු ...... අකුරු කරනට අවශ්‍ය ශක්තිය ලැබේවා.....

    ReplyDelete
    Replies
    1. කදුළු නැති සරසවි කොහෙද තියෙන්නෙ........? මෙහි ආවට ඉස්තුති...

      Delete
  5. සරසවිය ම ඉලක්ක කරලා බ්ලොගයක් ආරම්භ කරාට මුලින් ම ස්තූති වන්ත වන අතර දිගින් දිගට ම විශ්ව විද්‍යාල අත්දැකීම් ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....

    නමුත් අපි කුරුටු ගෑ ගී පවුර විදිහට ඔබෙන් ඉල්ලන්නේ විශ්ව විද්‍යාල ජීවිතයේ ඔබ විදි යම් වේදනාවක් ඇත්නම් ඒක විස්තර කරන අතර ම සරසවි ජීවිතයේ ඇති සුන්දරත්වයත් නිර්මාණකරනයට දායක කරගන්න කියලයි...

    ඉතින් උඩින් නිහිංසා කියපු දේම මට කියන්න තියෙන්නේ මේ විදිහටයි.........

    සරසවියේ දුක කඳුළු වගේ ම සුන්දරත්වයත් අකුරු කරන්නට ශක්තිය ධෛර්‍යය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. යන්න පේරාදෙනි සරසවියට..... ඔබ ගලහා හන්දියෙන් අතුලු වූ පටන් ම දැනෙන්නේ සුන්දරත්වය නොවේද? මා ලියන්නේ දුක හෝ සතුට ගැන පමනක් නොවේ..... සරසවි ජීවිතය ගැනයි...

      Delete
    2. /* සරසවි ජීවිතයේ ඇති සුන්දරත්වයත් නිර්මාණකරනයට දායක කරගන්න */

      තේරුමක් නැති කතාවක්.

      ඇඟට දැනෙන දේ නේ ලියන්නේ. ඕවාට නීති දාන්න බෑ.

      ජනරජ ගීයේ ගැම්ම මදි කීවාම, එහෙනං අර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට තනුවක් දාලා ගන්න කියලා මහගමසේකර කියපු කතාව මතක් වුණා!

      Delete
    3. //ඇඟට දැනෙන දේ නේ ලියන්නේ. ඕවාට නීති දාන්න බෑ//

      කුරුල්ලො සිංදු කියන්නෙ ඇයි කියල අහන්න එපා මල්ලි.....

      ඒවට උත්තර නැහැ.........



      ස්තූතියි මගේ ලිවීමේ නිදහස වෙනුවෙන් පෙනී හිටියාට...

      Delete
  6. සරසවි අධ්‍යාපන ය ලබා නොමැති නිසා නවක වධය ගැන පැහැදිලි දර්ශනයක් මට නැහැ. එත් ජනමාධ්‍ය එක්ක නිතර ගැවසෙන නිසා ඒවායින් එන තොරතුරු පාදක කරගෙන මගේ හිතේ නවකවදය ගැන ඇඳිලා තියෙන චිත්‍රය හොඳ එකක් නෙමේ. අහල තියෙනවා කටක් ඇරලා කියන්නවත් බැරි නින්දිත ක්‍රියාකාරකම් නවකවධය නාමයෙන් සිද්ධ වෙනවා කියල. සමහරවිත අසීමාන්තික ඊර්ෂ්‍යාව නිසා ඔය දේවල් කරනවා ඇති..
    කොහොම හරි මාතලන් ගේ මග සලකුණු ඔස්සේ ගොඩවැදුණු තැන ටිකක් වෙනස් ආකාරයක අත්දැකීම් ගොන්නක එකතුවක් වගේ මට හැඟෙන්නේ..

    ඔන්න ෆලෝ කළා. දිගටම එන්නම්. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. බිත්තරේ කුනු වෙලාද කියන්න ඒක කන්නම ඔනේ නැහ නේද? ඔයා ගඳෙන්ම ඒක කුනු වෙලා කියල නිගමනය කලා.... ඔයා ගෙ නිගමනය හරියටම හරි... නවක වදය කියන්නේ හොඳටම ගඳ ගහන කුනු බිත්තරයක්... මෙ පැත්තේ ආවාට ඉස්තුති...

      Delete
  7. ප්‍රමිතියක් නැතිව වාත කිරිල්ලට මම නම් විරුද්දයි.. කලකට පෙර ඒ ක්‍රම හොදට තියෙන්න ඇති. නමුත් දැන් මිනිසුන්ගේ මනස විකෘති වීමත් එක්ක ඒ හැම තැනකම විකෘති අසාවල් ඉෂ්ට කරගැනීමක් දක්නට තියෙනවා..
    ඔබට සුබ පැතුම්..:)

    ReplyDelete
  8. මාතලන් දුන්න පාර දිගේ ආවේ..මම සරසවි ගියේ නෑ.. නමුත් සමහර සරසවි සිසුන්ගේ නින්දිත වැඩ මගෙ ඇස් දෙකට දැකල තියනවා..දිගටම ලියාගෙන යන්න. සුභ පතනවා !!

    ReplyDelete
    Replies
    1. මැක්සිම් ගෝර්කි ගේ මගේ සරසවි මතක් උනා.....

      නින්දිත වැඩ කරන පහත් සිසුන් අතර සුපිරි වැඩකරන උසස් සිසු සිසුවියන් ද සිටින බව තව කොටස් කීපයක් කියෙව්වොත් බලා ගන්න පුලුවනි...

      මෙහි ආවට ඉස්තුති...

      Delete
  9. දිගටම ලියමුකො, ඔය තියෙන්න අපිටත් උණු හරිය, මම නම් ලිව්වේ කෙටියෙන්, ඕකා ගැන ලියන එකත් මට එපා කරපු දෙයක්, ඒක ඒ තරම්ම හිරිකිතයි,

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ මන් මගේ අත්දැකීම් ලියපු හැටියි එකටත් සමහර තෙල් කාරයෝ අනන් මනං චොමෙන්ට් දාපු හැටියි තමා, ඔහොම යමුකෝ තෙල් කාරයෝ මොනවාද කියන්නේ බලන්න.
      මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්

      Delete
    2. තෙල් කරුවන්ට බය නැත....

      අපි ඔවුන් හැඳින්වූයේ අ.වි.මො.ක.ස (අන්තර් විශ්වවිද්යලීය මෝල් කලන්තකරුවන් ගේ සන්ගමය) ලෙසිනි....

      ඔවුන් හට අප සමදාම අන්තර් විශ්වවිද්යලීය කුඩා අල පාත්ති කරුවන් ගේ සන්ගමයේ සාමජිකයන් වීමු

      Delete