සොඳුරු පේරාදෙනි සරසවියට පෑයූ තාරකාවක අන්දරය කොටස් වශයෙන් පල වන නව කතාවක් ලෙසින්...

https://www.facebook.com/sarasavisamaga

Wednesday, June 4, 2014

7. හත් වන කොටස: ඒ දිලිසෙන ඇස්…


හය වන කොටසට:   http://sarasavisamaga.blogspot.com/2014/06/6.html


නම් තැබීම අවසාන වෙද්දී අතුල ගේ කෑම ගැනීමද අවසාන විය.  

අතුල පාඩම් කරන්නේ පුස්තකාලයේ ය. එහෙයින් හැකි ඉක්මනින් නැවත පුස්තකාලය කරා ගොස් පාඩම් කිරීම පටන්ගැනීම ඔහු ගේ අභිප්‍රායයි

දැරියන් හට තදෙන් කතා කර තරවටු කල ඔහු ෆයිල් කවර වල ඉබි වල එක එක ඉබ්බිය ගේ නම ලියා, ඉබි වල ලෙස ලිපිනය සඳහන් කරනා ලෙස පවසා මින් පසු ඔවුන් ඉබි වලේ සාමාජිකයන් බව අමතක නොකරන්නැයි දන්වා, දේවින්ද ගෙන් සමු ගෙන යන්නට ගියේය.

දැන් මේ දැරියන් ටික දේවින්ද ගේ තනි වගකීමකි.

දැරියන් ටික පරිස්සම් කිරීමත් පාඩම් කිරීමත් දෙකම එක වෙලේ කල හැකි දේවල් නොවේඇස ගසන පරක්කුවෙන් දැරියන් ටික වෙන උකුස්සෙකු විසින් ඩැහැ ගැනීමේ ප්‍රවනතාවක් පවතී.

හා දැන් මෛත්‍රී භාවනාව පටන් ගනින්.. ජේස්ට උත්තමයා ගේ හඩ නැවත ඇසේ.

දැරියන් භාවනා කරන කල දෙවින්දට  හට ඔහුගේ වැඩක් කර ගත හැකිය.

තාරුකා කොහොමත්  සිටියේ බිම බලාගෙනය. චුට්ටක් වෙලා හිත  එක්තැන් කරගෙන විනාඩි කිහිපයකට පෙර තමා ට දුක් දුන් හිරිකිතයාට මෛත්‍රී කිරීම ඇරඹුවාය. එවන් පිළිකුල් සහගත කතා කියනා කබරයෙකුට වැඩි වෙලා මෛත්‍රී කල නොහැකි බව තාරුකා  තේරුම්ගත්තාය.

නැවත තම සිත පොල් පැලය පැත්තටම  ගමන් කරනා බව ඇයට තේරුණි.

විපතට පත් ගෑනු ළමුන් බේරාගෙන ඔවුන්ට  කුණුහරුප හෝ පිළිකුල් සහගත කතා  නොකියන ජෙෂ්ට උත්තමයා ගැන තාරුකා ගේ සිතේ පහල වූයේ අමුතුම හැගීමකි.

සති අන්තයට ගෙදර ගිය කල අම්මා සහ තාත්තා රැග් එක ගැන විමසනකල ඔවුන් ව පුදුමකිරීමට මේ කතාව ම ඇතිය.

මට එයාගේ මුහුණ ආපහු බලන්න ඕනේහදිසියේම තරුකාට සිතුණායඅද මගේ හිත “ඔටෝ පයිලට්”  ඒ එක්කම ඇයට සිතුනි.

තම වටේ සිදුවන කිසිම දෙයක් ගණනකට නොගෙන ඔහු තම සටහන් කියවයි.

පුදුම කොල්ලෙක් …..

ජෙෂ්ට  උත්තමයා ගේ මුහුණ දිහා කොපමණ වෙලා බලා සිටියේ දැයි ඇය ට නිච්ච්යක් නැත.

ගෑනු ළමුන් රැලක් ඉදිරියෙන් තබාගෙන සිත එකග කර ගෙන පාඩම් කිරීම අන්තිම අපහසු ක්‍රියාවකි.

කුතුහලය විසින් බලලා මරා දමනු ලැබීයයි කියමනක් ඇත.

නුවර කඩේ කෙල්ලන් ගේ භාවානව කෙසේ දැය් සොයා බැලීමේ කුතුහලයක් දේවින්ද  තුල ද මතු වූයේ විනාඩි පහක් වත් ගත වීමට පෙරය.

නරකම නැත, එක දැරියක් හැර සියලු දෙනා බිම බලාගෙන අත් බැඳගෙන ඍජුව ඉඳගෙන භාවනවේය.

භාවනාවේ නොයෙදෙන ගෑනු ළමයා අනිමිසලොචනයේය!

ගෝරනාඩුවක් දමන්නට නිසි වරදකි, එහෙත් ඒ දිලිසෙන ඇස් දේවින්ද දිහා නොව වෙන දිසාවකට යොමු වී තිබුනේ නම්….

දේවින්ද දෙස බලාගෙන් සිටියේ තාරුකා ය. නිතැතින් ම  ඔහු ගේ ඇසි බම දෙකම ඉහල ගියේ නිහඬ ප්‍රශ්නාර්ථ ලකුණක් නංවමිනි.

අවශ්‍ය වුයේ නම් එක්වරම ඈගේ නෙත් දේවින්ද වෙතින්  අහක් කර ගන්නට තාරුකාට අවස්තාව හොඳහැටි තිබුණි. එහෙත් තප්පර කීපයකට ඈගේ දේවින්ද  ඇස් හා ගැටී පැවතිනි.

මට මේ මොකද්ද වෙන්න යන්නේතමාගේ පපුවට පහරක් වදිනවා වගේ හැගීමක් දේවින්දට දැනුනේය.

මට මේ මොකද්ද වෙන්න යන්නේතමාගේ පපුවට පහරක් වදිනවා වගේ හැගීමක් තාරුකාටත්  දැනුනේය.

21 comments:

  1. හරි හරි.. ඔහොම යං..ඔහොම යං..

    ReplyDelete
    Replies
    1. නොනැවතී ඉදිරියටම..... :)

      Delete
    2. දේවින්දයි යාලුවයි මේ කරන්නෙත් රැග් තමයි එහෙනම් ඉතින්.නම් දැමීම,පලයන්,වරෙන්,කාපන්,පිහදාගනින් කීම, ගෙදරදි අම්මලා එහෙම කතා කරෙත් නැහැනෙ.

      Delete
  2. දැන් ඉතින් ෆර්ස්ට් එකට දැම්මනේ ක්ලච් එකෙන් කකුල අරන් ටිකක් පාගලා යන්, එත් පොස්ට් දැමීමේ වේගය වැදී මචෝ, සමහර ඒවා බලන්න වෙන් නෑ මිස් වෙනවා, එක නිසා එක පොස්ට් එකකින් අනිකට පොස්ට් එකක් දාද්දි ඒ දෙක අතරේ පැහැදිලි ටයිම් ගැප් එකක් තියනවනම් හොඳයි. එතකොට බලන ඇයට පොස්ට් මිසින් වෙන් නැතිව බලන්න පුළුවන්. ඉල්ලීමක් විතරයි. ජය.

    ReplyDelete
    Replies
    1. ඉතාම වැදගත් point එකක්.... දින කීපයක ටයිම් ගැප් එකක් තියන්නම්...නැවතත් බොහොම ඉස්තුති....

      Delete
    2. Naha epa. Eehema karanna epa. Me dawas wala mathalange sindiyata goda wadunu gaman issellama balanne oya aluthin post ekak daalada kiyala. A nisa digatama me widiyata aluth kotas daanna. Pahu wena aya pasuwa kiyawaawi. 😊

      Delete
    3. Posts anu piliwelata link kalaama hari neh. Pahuwela ena ayatath awulak na ethakota 😊

      Delete
    4. අනේ පරක්කු කරන්න එපා,දිගට ලියන්න..හැමදාම..කියවන්න ආසයි

      Delete
    5. මම මීට පසු දින හතරකකට පහකට එක කොටස බැගින් පල කිරීමට අදිටන් කරගෙන සිටිමි...

      බ්ලොග් අවකාශයෙ විසිරී සිටින දාහතරක් පාලහක් පමන වූ මගෙ පාටක ජනතාව ඉවසත්වා....

      Delete
  3. කලින් පෝස්ටුවලටත් ලින්කුවක් දාන්න, මේක කතාවක් විදිහට යන නිසා.

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක්....මේක අත පත ගාල හොයා ගන්න ඕනෑ කොහොමද එක කරන්නෙ කියල...

      Delete
  4. මචන් මම පේරා ගිහින් පැණි බබරේ කරකවල වැටිලා මාස 3 icu හිටපු එකෙක් , මම රැග් කියන්නේ මොනවද කියල හොදට දන්නවා . මානසික රෝගීන් රැග් කරන උන්ට වඩා මනසින් නිරෝගී උන්

    ReplyDelete
    Replies
    1. එසේ නම් මෙය මගේ මෙන්ම ඔබේත් කතාවයි............

      Delete
  5. ආවෙ නැත්තේ සතියකි... අම්මෝ මෙයා ලියල තියෙන තරම...
    කතාව ආපහු කියවූවෙමි...
    ගලායන ආකාරය නම් අපූරුය...
    දිගටම ලියමු...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔහොම කියනවනම් ලියන්නද බැරි?...

      Delete
  6. පොඩි යෝජනාවක්......ඉක්මනින් ඉක්මනින් පෝස්ට් දානකොට ගොඩාක් අයට මිස් වෙන්න පුළුවන්. දවසකට බ්ලොග් පෝස්ට් සෑහෙන ගානක් අප්ඩේට් වෙනවා. අපරාදේ උඹ මහන්සි වෙලා ලියන එව්වා...මිස් වෙලා ගියොත්. ඒ නිසා ප්ලෑන් එකක් තියාගන්න. අදහසක් විතරයි මම කිව්වේ. සීරියස් ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. වටිනා අදහසකි...මීට පස්සෙ අලුත් පොස්ට් එකක් දැමීම දින හතරක හෝ පහක ප්‍රමාදයකින් පසු සිදු කිරීමට ඉටා ගතිමි....

      Delete
  7. ඇත්ත මටත් මිස් උනා..
    කොහොම උනත් එලට ලියනවා.. :)

    ReplyDelete
  8. හරි ලස්සනට කොටස් හතකට පස්සේ ගානට ගෙනල්ල තියෙනවා පීක් එකට.

    ReplyDelete