සොඳුරු පේරාදෙනි සරසවියට පෑයූ තාරකාවක අන්දරය කොටස් වශයෙන් පල වන නව කතාවක් ලෙසින්...

https://www.facebook.com/sarasavisamaga

Monday, June 2, 2014

5. පස් වන කොටස : නලා කාරයා පසුපස


හතරවන කොටස :http://sarasavisamaga.blogspot.com/2014_05_01_archive.html

සය වන කොටස: http://sarasavisamaga.blogspot.com/2014/06/6.html




හරියට පයිඩ් පයිපර්පිටිපස්සේ ගිය මීයෝ ටික වගේ

මෙහෙම ගිහින් අපේ නැටි ටික වත් ඉතුරු වෙයිද දන්නේ නැහැ.. තාරුකාට මතක් උනේ කුඩා කල කියවූ නලා කාරයා ගේ කතාවය.

මීයෝ නලාකාරයා පසුපස ගියහදැරියෝ දේවින්ද පසු පස ආහ

ජෙෂ්ට උත්තමයා පොඩ්ඩක් වත් හැන්ඩ්සම් නම් නැහැදේවින්ද ළඟ වූ පුටුවක වාඩිගත් තාරුකා ට සිතුනි. ...හැබැයි, හරි ලස්සනට ඇඳලා ඉන්නවා

දේවින්ද ඇඳ සිටියේ සුදු ටී ෂර්ට් එකකුත් නිල් ඩෙනිම් කලිසමකුත් ය. හම් පටියක් ඉනට බැඳ තිබේපළඳා සිටියේ අලුත් නයිකි ස්නීකර්ස් දෙකකි.

හඩ්ඩන් ලෙස පරන සහ ඉරුනු ඇඳුම් නොසෝදා දිගටම ඇඳීම බොහෝ සරසවි සිසුන් ගේ විලාසිතාවකි... දැලි රැවුල් නොකපා එවනි ඇඳුම් ඇඳ සිටීමට ඔවුන් ප්‍රිය කරන්නේ පිලිවෙලකට ඇඳ පැලඳ සිටියොත් විප්ලවයට කිලි අසු වන බැවිනි....

කවදත් පිරිසිදුව පිළිවෙලකට අඳින්නට පළඳින්නට පුරුදු වී සිටි දේවින්ද සරසවි ආවා කියා එම ප්‍රතිපත්තිය වෙනස් කලේ නැත.

කබලෙන් ලිපට ද දන්නේ  නැහැ මෙයත් ඉතින් ජෙෂ්ටයෙක් නේදේවින්ද පසුපස යන ගමන් තාරුකා සිතුවාය. …..

පවු, කෙල්ලෝ ටික හොඳටම බය වෙලා, දේවින්දට සිතුනේ එසේය..

මෙයා තවම රැග් කරන්න පාටක් ගන්න පාටක් නැහැ වගේඉක්මනටම එක සිද්දවෙයි තාරුකා තමාටම කියා ගත්තාය.

හැබැයි දේවින්ද ට සිතුනේ, මෙහෙම රැග් වුනොත් හෙට ඉඳන් කෙල්ලෝ ෆැකල්ටි එන එකකුත් නැහැ, කියාය .

දැරියන් හට බඩගිනි ඇතැයි සිතු දේවින්ද කලේ රැග් කරනු වෙනුවට  දැරියන්ට ඉක්මනින් කෑම ගන්නා ලෙස අණ කිරීමයි.

මං එයා ගැන හිතුව විදිය වැරදියි කොල්ලා  ගැන පූර්ව නිගමනයක් කිරීම ගැන තාරුකා අපහසුවක් දැනුනේය. වෙනත් ජෙෂ්ට උත්තමයන්ට  වඩා මේ ජෙෂ්ට උත්තමයා ගොඩක් වෙනස්  …. …

කෙල්ලට තමා හිරිකිතයාගෙන් බෙර ගත ජෙෂ්ට උත්තමයා ගැන නොසිතා සිටිය නොහැකිය

එත් කවදාවත් නැතුව  ඇයි මට මේ කොල්ලෙක් ගැන  හිතෙන්නේකෝලන්තාරකා  පළමු සිතුවිල්ල යට පත් කර ගැනීමට උත්සහා කරමින් සිතුවාය.

ඉක්මන් තීරණයක් ගෙන ගෑනු ළමුන් ටික එක්කන් ආවාට ඊට පස්සේ කරන දෙයක් ගැන අදහසක් දේවින්ද තුල තිබුනේ නැත .

ඉක්මනට කෑම කාල ඉවර කරපල්ලා, ජෙෂ්ට උත්තමයා ට උඹලා එක්ක ආශ්‍රය කරන්න තියෙනවා යි පැවසූ ඔහු  නැවත කහට කෝප්පය අතට ගත්තේ ඒ නිසාය.

ඇඟට දැනෙන ලෙස සුසුමක් පිට කල ගැහැණු ළමෝ, ළඟ තිබෙනා පුටු ටික දේවින්ද වාඩි වී සිටි පුටුව වටා ඇද ගෙන, ඉක්මනින් ඉක්මනින් කෑම ගැනීමට පටන් ගත්තේ ය.

ජෙෂ්ට උත්තමයා තනියම තේ බොන්නේඅඩු තරමින් කටු කවන්න වත් උනන්දුවක් නැහැ වගේ…. තාරුකා ට තවමත් පෙනෙන්නේ දේවින්ද ගේ ඇද කුද මය.

දැරියන් සය දෙනා කෑම ගන්නේ හැටට හැටේය….

ඔච්චර පෙරේත වෙන්න එපා, හෙමින් හෙමින් කාපං” යි දේවින්ද  කෑ ගැසුවේ ඇත්තටම ඔවුන් බත් ගුලියක් වත් උගුරේ හිර කරහෙන අනතුරක් වත් කර ගනී යන බියක් හදේ මතු වී ආ හෙයිනි
 
අපි ගැන හරි දුකයි, මෙයා අපේ තාත්තානේතාරුකාගේ සිතේ එක පැත්තක් කියයි

පුදුම කොල්ලෙක්තවම එක කුනුහරුපයක් වත් කීවේ නැහැඅනිත් පැත්තත් ඇත හරින්නේ නැති පාටය.

විනාඩි දෙකක් යන්න පෙර කීප දෙනෙක් ම කෑම කෑ ඉවරයඅත සෝදාගන්න යන්න දැයි අහන්න බයේ බිම බලා ගෙන සිටිති.

බත් ඔතන් ආපු කොලෙන් අත පිහදාගන්න තමා වෙන්නේකෙල්ලගේ හිතේ එක පැත්තක් කියයි. කරදරයක් නැතිව කන්න ලැබුන එකට පින් දෙන්න ඕනේඅනෙක් පැත්ත කියයි.

අත සෝදන්න යන්නත්  අවසර දෙනකන් ඉන්නවා වගේදේවින්ද ට සිතුනි

කෙල්ලෝ උනාම පිරිසිදුව ඉන්න ඉගෙන ගනිල්ලා, කෑවට පස්සේ අත් සෝදා ගන්න දැන් වත් පටන් ගනින්යි දේවින්ද කියනවා තාරුකාට අසුනේ තමන්ගේම  සිත දෙකට බෙදී කරන වාද විවාද වලට සවන් දෙමින් සිටියදීමය.

මෙයා රැග් දෙන රටේ පදින්චිකාරයෙක් නෙවෙයි ද කොහෙද…., පොතේ ගුරෙක් වගේමේ ගිනි දවාලේ, කන්ටිමටත් ඇවිත් පාඩමමයිඅත සෝදා ගෙන පැමිණි කල ඔහු සටහන් වගයක් කියවමින් සිටිනු දුටු කෙල්ලට සිතිනි.

දේවින්ද දිසානායක යයි ඔහු ලඟ වූ එක්සයිස් පොතක පිට කවරේ ලියා තිබුනා ඇය ගේ නෙතට හසු විනි. දේවින්දලස්සන නමවිකාර.. ඒ නම ලස්සන උනත් කැත උනත් මට මොකදඑකම සිත දෙපසට බෙදී ද්වන්ද යුධ්දයකය.

ඇයට තාවකාලිකව හිරිකිතයා කල කී දේ අමතකයදැන් ඇත්තේ මේ දේවින්ද කුමන වර්ගයේ සත්වයෙකු දැයි දන ගන්නා කුහුලය.   …

චානක ගේ අතොරයෙන් ගෑනු ළමුන් ටික මුදා ගත්තාට ඔවුන් වෙහෙස කරමින් විකාර කිරීමට දේවින්ද ගේ අදහසක් නොවීයඑපමණක් නොවේ, මේසය වටා දැරියන් පිරිවරා සිටිනු කවුරු හෝ හිතවතෙකු දුටුවොත් ලොකු ප්‍රශ්නයකි.

දන්නා කියන හැම දෙනාම දෙවින්දත් මල් මාමාකෙනෙකු ලෙස සිතනු ඇත.

එහෙත් බැඳ ගත බෙරේ ගැසිය යුතුයදැන්මම කෙල්ලන් ටික ඇත හැර දැම්මොත්, ඔවුන් කැන්ටිම අවට හොර ගල් අහුලමින් ඉන්න චානක හෝ ඔහු වැනි අනන්ත විකාරකාරයන් ගේ ගොදුරු බවට පත් වෙන බව සහතිකය.

මේ වෙද්දී සියලුම ගෑනු ළමෝ අත සෝදාගෙන පැමිණ දේවින්ද  වටා වාඩී වී බිම බලා ගෙන එකත් පස්ව සිටිති. ඒ ඔහු ගෙන් මොනවා හෝ අණක් ලැබෙනා තුරුය.

ජෙෂ්ට උත්තමයා රැග් කරනාතුරු  නවක සිසුවියන් බලා සිටී”…. ලුහුඬු දැන්වීමකට හොඳ හෙඩිමතාරුකා ගේ මුවට මදහසක් පහලවුනේය.
 
දේවින්ද පෝලිමේ ගොස් කෑම පිඟානක් ද රැගෙන ඉඳගන්නට තැනක් සොයමින් වට පිට බලනා තම කාමර සගයා වූ අතුල ව දුටුවේය. තමා සමග එක වන්නැයි අතුලට ට අතින් සන් කල ඔහු, සැනසුම් සුසුමක් හෙලීය.

ජෙෂ්ට උත්තමයා තමා ඇතුළු  තම යෙලියන්ට රැග් කරනු වෙනුවට අතක් වනා කොහේදෝ යන තව ජේස්ට උත්තමයෙකු ගෙන්න ගත්තාට තාරුකා ගේ හිතට හරි නැත.

ඇයි, තනියම වධ දෙන්න ලැජ්ජදකෙල්ලට පහල වන්නේ නොමනා සිතිවිලිමය. … මේ මොන විකාරයක් දඑයා ලජ්ජා වුනත් නැතත් මට මොකද…… මමත් හිතන දේවල්

3 comments:

  1. දේවින්ද.. ඔහු වැනි අයනම් රැග් එකක් දෙනව නම් දෙන්නෙ අර කීව මානුශීය ගුණ දහම් අලුත් සිසුන්හට පාඩමක් කොට දෙන ලෙසයි. රැග් කලාට කමක් නෑ. ඒ ජීවනාබෝධය ලැබිය හැකි රැග් විය යුතුයි.

    ReplyDelete
  2. අපේ කට්ටිය teasing සහ ragging දෙක එකක් ලෙස සලකනවා.... ragging වලත් verbal සහ physical ලෙස වර්ග කරන්න පුලුවනි....

    මොන විදියට කවුරුන් කලත් ragging කියන්නෙ පිලිකුල් සහගත වයිර පිරිමැහිල්ලක්...

    ReplyDelete
  3. අපි රග එක කෑව සුපිරියටම දන බඩ ගාල ලේලියද්දි, හෙළුවෙන් කරපු අමන වැඩත් කරලා, ගොන් කොටලා මගුලක් උන් අපිට කරා, එත් අන්තිමී කිසිම හරයක් නෑ, අපිව බකට් කරලා හරියටම මාසෙකින් අපි උන්ට ගැහුවා රග එකෙන් පස්සෙත් උන් ඇවිත් අපිව ප්‍රෙෂර් කරන්න හදපු නිසා. ඕක මහා විකාරයක්. අපි රග එක කාල අනිත් බැදගෙ එක රග කලේ නෑ, එත් ඕනෑම බැදගෙ එකක තෙල වැදිච්ච උන් ඉන්නවනේ, උන් පරිවාස කමිටු අටවාගෙන කොලේ ඔය මගුලක්, රෙද්ද එත් අපි හිඳ ෆිසිචාල් මුකුත්ම නෑ. අපි අර ගල්ලෙන් බිඳලා සම්ප්‍රදාය වෙනස් කළා දැන් ඔය අපුරුවට ගලාගෙන යන්නේ ඒ සම්ප්‍රදාය. එත් අපි එලියට ගියපු කාලෙක අර විෂබීජ අයෙත් එලියට එයි. ඒවා එහෙමයි. එත් අපි වෙනසක් කළා.

    ReplyDelete